Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

සාගර වෙරළේ සොඳුරු සැදෑවක..

Monday, April 9, 2012



බිඳී විසිරෙයි - රැළිති නංවයි
සයුර පෙර වාගේ..
එදා එහි වූ - තාලය අද නැත
අපේ සිනා හඬ
නොඇසෙනා හින්දා..

අඳුරු ගල් කුළු - පුපුරු නංවයි,
චණ්ඩ හිරු රැස් - වලින් තැවෙමින්,
ම' ලයට තුරුළු වූ - නුඹ පහස යළි
නොලැබෙනා හින්දා..

හඬක් නොනගා - අප පසු කර ගිය
දුම්රිය අද එයි - මා පසු කර යයි.
ශෝකී හඬ නංවා
අපේ දෑත් යළි
එක් නොවෙනා හින්දා..

මම,
~Nj~

16 comments

  1. කෝච්චී හූ කියන්නේ ඒකයි එහෙනම්.
    ඕක නවත්තන්නත් එක්ක පනින්නයි තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ ඒක තමයි හේතුව.. සමහර එවුන් බූට් වැදුනම කෝච්චියට පනින්නේ ඒ හූව නවත්තන්න වෙන්න ඕන..

      Delete
  2. bindi wisirena
    ralithi nanwana
    maha sayurata
    thalaya musukaranna
    sinasee pera wage....

    ReplyDelete
    Replies
    1. ඇය හා මා එක්ව මිස
      වෙන ම සිනාසී
      දැක නුපුරුදු සයුර
      මගේ සිනහවේ
      තාලය හඳුනා
      නොගනු ඇත..

      Delete
  3. අම්මටසිරි
    බලන යද්දී උඹත් හෙන වැඩකාරයෙක්නෙ :D
    හෙන හෙන සෙල්ලම් දාලනේ!;)

    ReplyDelete
    Replies
    1. හුදු අදහසක් පමණි!! සැබෑ ජීවිතය හා සම්බන්ධ නොවේ!

      Delete
  4. අපි හමු උන සයුරු තෙර
    නිසොල්මන් නුඹ නැතිව
    ඉදහිට නැගෙන රළ පෙල
    අහන්නේත් නුඹේම නම..

    ReplyDelete
    Replies
    1. මිහිර ස්වරයෙන්
      ගැයුණු හඬ නොමැතිව
      සුපුරුදු සංගීතය මුසුව
      තනුව වරදවා වැයෙන
      අපේ පෙම් ගීය
      අසමි මම තනිවම..

      Delete
  5. බූට් කාපු එකෙක්වත් ඔය විදියට කියන එකක් නෑ....
    ලස්සනයි මලයො

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට බූට් එකක් නොකෑවේ.. කාලෙකින් මේ පැත්තේ ආවට ස්තුතියි පිසාචයා...

      Delete
  6. ලස්සන කවි ටික...ඇත්තටම බූට් සීන් එකක් නොවේවා...!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අක්කේ.. බූට් එකක් නෙවෙයි!!

      Delete
  7. හොඳට බූට් වැදිල තියෙන පාටයි!

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading