Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

සබඳ..

Thursday, April 12, 2012




දෙතොලේ

මදහස්‌ රැළි නැංවේ
මියුරු සිනහවක
හඬ පැතිරේ
කලක් සෙවූ
පදරුත් ගැළපේ
අපේ මිතුදමේ
කව ලියවෙයි..

ගලා හැලෙන
නිල් දියරැළි මත රැඳී
සුළඟට විසිරෙන
පිනි බිඳු සේ දිළි
මනුසත් උයනක
සිරි අසිරිය රැඳී
සොඳුරු ම මිතුදම
අපේ ම වෙයි සකි..

සවිය නුඹයි මා
ළඟ හිඳ දිරි දුන්
හසරැල්ල නුඹයි මා
කඳුළැලි පිස දුන්
වෙන් වී නොයනෙමු
අපි මියැදෙන තෙක්
එක කුස උපදිමු
මතු භවයක යම්..

                                    ~Nj_A~

24 comments

  1. සවිය නුඹයි මා
    ළඟ හිඳ දිරි දුන්
    හසරැල්ල නුඹයි මා
    කඳුළැලි පිස දුන්
    වෙන් වී නොයනෙමු
    අපි මියැදෙන තෙක්
    එක කුස උපදිමු
    මතු භවයක යම්..

    මේ පැදි පෙළ තදින් ම මගේ හිත ට දැනුණා. ලස්සන නිසදැසක් මල්ලි....

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  2. මිතුදමක් ගැන අපූරු කවි පෙලක්.. ලස්සනයි..

    ReplyDelete
  3. ලස්සන කවියක් මචං

    ReplyDelete
  4. සවිය නුඹයි මා
    ළඟ හිඳ දිරි දුන්
    හසරැල්ල නුඹයි මා
    කඳුළැලි පිස දුන්
    වෙන් වී නොයනෙමු
    අපි මියැදෙන තෙක්
    එක කුස උපදිමු
    මතු භවයක යම්..

    හරිම ලස්සනයි මල්ලියෝ.. හිතට වැදුනා ගොඩාක්ම

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ අක්කා මේ පැත්තෙදි දැක්කේ.. ස්තුතියි!

      Delete
  5. Replies
    1. ඉට්ස් නොට් අ දැට් කයින්ඩ් ඔෆ් තින්ග්..

      Delete
  6. \\...මනුසත් උයනක
    සිරි අසිරිය රැඳී
    සොඳුරු ම මිතුදම
    අපේ ම වෙයි සකි..\\

    මේ ටිකට තමයි කැමතිම :)
    ගලාගෙන යන අදහසක්,වෙනද වගේම හොදයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ.. පෞද්ගලිකව මාත් වැඩියෙන් ම කැමති ඒ කොටසට.!

      Delete
  7. හසරැල්ලක් වන්නට නොහැකි මුත්
    වෙන් වි නොයනෙමි
    කඳුලැලි සිඳෙන තුරා.....

    ReplyDelete
    Replies
    1. නුඹේ වෑයම අගය කරනු මිස
      කළ හැකි අන් කිසිවක් නැත..

      Delete
  8. “සුළඟට විසිරෙන
    පිනි බිඳු සේ දිළි
    මනුසත් උයනක
    සිරි අසිරිය රැඳී“

    මේටික ඇත්තටම පුදුම ලස්සනයි...:)
    ලස්සන නිසඳැසක් යාලූ.....ජය වේවා...!

    ReplyDelete
  9. යාළුවෙක් තමන්ට කොයිතරම් වටිනවද කියන එක මම නම් හොඳටම දන්නවා . ලස්සන පද කීපයක් .. තරු යායේ ඈතින් ඈතට කියන සින්දුව මතක් වුණා

    ReplyDelete
    Replies
    1. මම ඒක නම් දැක්කේ නෑ.. ඒත් මට ඉන්න සියලු ම යාළුවන් අතරින් සැහෙන්න වටිනා මිත්‍රයින් කිහිප දෙනෙක් ඉන්නවා.. ඒ අය වෙනුවෙනුයි ලිව්වේ..

      Delete
  10. ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා ඕන තරම් හමු වෙනව වෙන් වෙනව... ඒත් බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ල හැමදාම ඉන්නවා............

    ReplyDelete
    Replies
    1. අන්න ඒ අය වෙනුවෙනුයි අක්කේ මේක ලිව්වේ!!

      Delete
  11. බිතු සිතුවම් රූ වැනි මිතුරෝ පිටු නොපා යති කිසිදිනක

    ReplyDelete
    Replies
    1. මිතුරු තුමු නම් දුක සැප දෙකෙහි දී ම බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාති!
      මම ඒක කොහේදී හරි දැකලා තියෙනවා. ඒත් මතක නැහැ කොහෙද කියල..

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading