අඩවන් වූ නෙත් සඟලේ
නුරා ගින්න ඇවිලිලා,
ඊට යටින් කඳුලැල්ලක්
යාන්තමට වියළිලා,
තව ටිකකින් අන්ධකාරේ
සැඟවෙයි ඇය නික්මිලා,
ඒ එක්ක ම කඳුලැල්ලත්
මැකී යාවි වියළිලා..
අපේ අතේ නෑ වරදක්
ඇයයි වරදේ බැඳෙන්නේ,
මැකී ගියත් කඳුළු බිඳුව
යළි නෙතගට උනන්නේ,
මහ ගඟකින් දිය දෝතක්
බිව්වට නැහැ දැනෙන්නේ,
ගඟෙන් වතුර බී යන උන්
මොකො උඹ මාට්ටු උනාද ? :D
ReplyDelete"අපේ අතේ නෑ වරදක්
ඇයයි වරදේ බැඳෙන්නේ,"
නෑ නෑ.. තව පොඩ්ඩෙන් මාට්ටු වෙන්නේ!!
Deleteහැඟුම් සිරකර
ReplyDeleteසිතුම් බර කර
පැතුම් බොඳ කර
සිතින් ලතැවෙන
ලඳ..
ගත පුදා දී
නෙතු විඩා දී
රැය අඳුරේදී
සලෙළුන්ට..
සොයනා කාසි
ගණිනා කිසි
අපුල් නොරිසි
දනෝ
කියාවිද..
ඇගේ කාසි
පිලිකුල්ය කියා?
ඈ පිළිකුල කෙරුවාට,
සුදන පිළියෙන්
ගත වසාගෙන.....
True machan.. people afraid to face the truth and very selfish.
Deleteඒ සුදන පිලි යට, කලින් දවසේ පැල්ලම් තැවරුණු පිලි ඇති බව අමතකයි..
Delete100% යි... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!!
ස්තුතියි රජ තුමනි!
Deleteඔය කාගේවත් අතේ වරදක් නැතුව ඇති. එක පාරක් නැව ගියාට පස්සේ එතනින් නැව් කියක් ගියත් පාරවල් හිටිනවද බං. ගගෙන් වතුර බීල මුහුදට ආවඩන එක අපේ ගතිය තමා.
ReplyDeleteඅනිවාර්යයෙන් ම.. නැව් ගියාට මුහුදේ පාරවල් හිටින්නේ නෑ නේ..
Deleteස්තුතියි අයියේ!
අපේ අතේ නෑ වරදක්
ReplyDeleteඇයයි වරදේ බැඳෙන්නේ,
හරිම ආත්මාර්ථකාමී කතාවක්...
:)
කොල්ලා මොක කලත් නාල ගෙට ආව ගමන් එයා සුද්දයි. ඒත් අසාදාරණයි කියලා කෑ ගැහුවට කෙල්ලට ඒක එහෙම කරන්න හම්බ වෙන්නේ නෑ. මේ සමාජේ එදා ඉදන් පිලි ගත්ත ක්‍රමේ තමා ඒක. පුළුවන් කමක් තියේ නම් ඔය ගෑනු ළමයි කට්ටිය හරි එකතුවෙලා සමාජ සම්මතේ වෙනස් කරන්න උත්සාහ කරනවා හොදා....
Deleteකිසිත් නොකියමි!
Deleteබිව්වට නැහැ දැනෙන්නේ,
ReplyDeleteගඟෙන් වතුර බී යන උන්
මුහුදට ආවඩන්නේ!!
ඒකනෙ ඉවසන්න බැරි.
අන්න ඒක නේ.. ගඟෙන් වතුර බිව්වට කමක් නෑ ප්‍රසිද්දියේ ඒ බව පිලි ගන්නවා නම්.. ඒත් මෙතැන වෙන්නේ ඒක නෙවෙයි නේ!
Deleteතනි අතින් අප්පුඩි ගහන්නත් බැහැනෙ....ඒ රස්සාව කරන එක එයාගෙ වැඩක්... කැමති අය එයත් එක්ක යයි..අවශ්‍ය නැති අය අහක බලන් යයි.. ඔබට ජය වේවා
ReplyDeleteඒත් එහෙමයි කියලා අපිට ඇත පිහිදාගෙන අයින් වෙන්න බෑ.. එතන සමස්ත සමාජය ම වග කිව යුතු වැරද්දක් වෙලා තියෙනවා නේ..
Deleteඅපේ අතේ නෑ වරදක්
ReplyDeleteඇයයි වරදේ බැඳෙන්නේ,
හ්ම්ම්ම්ම්ම්ම්.... අනේ මංදා...
අනේ මන්දා අක්කේ!
Deleteඇය වරදේ බඳවන්නේ
ReplyDeleteඅපිම නේද මිනිස්සුනේ,
ඇගේ ඇසේ කඳුළු බිදුව
අපිම නේද මකන්නේ,
ගගේ වතුර හොඳයි හිතා
නොවේද අපි දිය බොන්නේ,
ගගෙන් වැඩක් නැති නිසානේ
මුහුදට ආ වඩන්නේ...!!!
ගඟෙන් වැඩක් නැත්නම් ඇයි ගඟේ වතුර බොන්නේ? ඇයි මුහුදෙන් නොබොන්නේ? මුහුදෙන් වතුර බොන්න බැරි නිසා ගඟෙන් බීලා අන්තිමට ගඟ වැඩක නෑ කියන්න තරම් ආත්මාර්ථකාමී වෙන්න පුළුවන් ද?
Deleteවටින අදහසක්.. ලස්සන පද වලට පෙරළුනු...
ReplyDeleteස්තුතියි තාරා!
Deleteමහ ගඟකින් දිය දෝතක්
ReplyDeleteබිව්වට නැහැ දැනෙන්නේ,
ඒක නම් සිරා කතාව
ස්තුතියි අයියා!
Deleteඔය වගේ අයගේ සත්‍ය ජීවිත කතා අසා ඇත්තෙමි...මම නම් ඔවුන්ට අනුකම්පා කරමි...
ReplyDeleteනමුත් ඒක විසඳුමක් නෙවෙයි අක්කේ!
Delete"අපේ අතේ නෑ වරදක්
ReplyDeleteඇයයි වරදේ බැඳෙන්නේ,"
ඔතන දෙපැත්තම වැරදියි මලයා..
ඒත් කවුරුවත් වරද පිලි ගන්න සුදානම් නෑ නේ...
Deletelassana pada pelak. :)
ReplyDeleteස්තුතියි අයියේ!
Delete,"අපේ අතේ නෑ වරදක්
ReplyDeleteඇයයි වරදේ බැඳෙන්නේ," :/ කාට කියන්නද
පට්ටම කවියක්
ජය !!
ස්තුතියි මලයා!
Deleteඅසාධාරනයි නේද එහෙම කියන එක. මොකද අර කතාවක් තියනවනේ තනි අතින් අත්පුඩි ගහන්න බැ කියලා.
ReplyDeleteහොඳ කවි සිතුවිල්ලක්. හැබැයි අර්ථයට නම් එකඟ නැහැ
ඇත්ත.. මම නම් කියන්නේ වැරැද්ද තියෙන්නේ සමාජ ක්‍රමයේ මිසක්, 'ඇගේ' නෙවෙයි...
Deleteඇය සේවය සපයයි
ReplyDeleteඔහු සේවය ඉල්ලයි
ඉල්ලුම සැපයුම
එයින් තීරණය වෙයි...
ඉන් එහා තීන්දුව කුහක කමක් මැයි...
කුහක කමක් වෙන්නේ ඇය එතැනට ඇද දැමූ සමාජ ක්‍රමය ගැන කතා නොකර සිටීම නෙවෙයි ද?
Deleteඅවසාන පද දෙක ගැන කියනන් දෙයක් නැහැ. වෙන්නෙම ඒ වගේ දේවල්.
ReplyDeleteස්තුතියි අයියා!
Delete//අපේ අතේ නෑ වරදක්
ReplyDeleteඇයයි වරදේ බැඳෙන්නේ//
හරිම ආත්මාර්තකාමි අදහසක්.....
සහතික ඇත්ත!
Deleteලස්සනයි පද වැල.
ReplyDeleteකතාවත් ඇත්ත
ඈ වරදෙ බැදෙන්නෙ ඈගෙ වුවමනාවටම නෙමෙයි කියලයි හිතන්නෙ
මම හිතන්නෙත් එහෙමයි.. ස්තුතියි සහෝ!
DeleteDemand & supply malli
ReplyDeleteසහතික ඇත්ත අක්කේ.. එතන තියෙන්නෙත් Econ!
Delete"අපේ අතේ නෑ වරදක්
ReplyDeleteඇයයි වරදේ බැඳෙන්නේ"
මේක දැක්ක ගමන් මට මතක් වුනේ සිංදුවක කොටසක්...
"පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ...ළඳුනේ...."
ස්තුතියි නේජා! අරුණැල්ලට ආදරෙන් පිළි ගන්නවා!!
Delete