Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ඇගෙයි වරද (සත්‍ය සිද්ධියක් ඇසුරෙනි)

Friday, May 18, 2012


අඩවන් වූ නෙත් සඟලේ
නුරා ගින්න ඇවිලිලා,
ඊට යටින් කඳුලැල්ලක්
යාන්තමට වියළිලා,
තව ටිකකින් අන්ධකාරේ 
සැඟවෙයි ඇය නික්මිලා,
ඒ එක්ක ම කඳුලැල්ලත්
මැකී යාවි වියළිලා..

අපේ අතේ නෑ වරදක්
ඇයයි වරදේ බැඳෙන්නේ,
මැකී ගියත් කඳුළු බිඳුව
යළි නෙතගට උනන්නේ,
මහ ගඟකින් දිය දෝතක්
බිව්වට නැහැ දැනෙන්නේ,
ගඟෙන් වතුර බී යන උන්
මුහුදට ආවඩන්නේ!!





47 comments

  1. මොකො උඹ මාට්ටු උනාද ? :D

    "අපේ අතේ නෑ වරදක්
    ඇයයි වරදේ බැඳෙන්නේ,"

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. තව පොඩ්ඩෙන් මාට්ටු වෙන්නේ!!

      Delete
  2. හැඟුම් සිරකර
    සිතුම් බර කර
    පැතුම් බොඳ කර
    සිතින් ලතැවෙන
    ලඳ..
    ගත පුදා දී
    නෙතු විඩා දී
    රැය අඳුරේදී
    සලෙළුන්ට..
    සොයනා කාසි
    ගණිනා කිසි
    අපුල් නොරිසි
    දනෝ
    කියාවිද..
    ඇගේ කාසි
    පිලිකුල්ය කියා?
    ඈ පිළිකුල කෙරුවාට,
    සුදන පිළියෙන්
    ගත වසාගෙන.....

    ReplyDelete
    Replies
    1. True machan.. people afraid to face the truth and very selfish.

      Delete
    2. ඒ සුදන පිලි යට, කලින් දවසේ පැල්ලම් තැවරුණු පිලි ඇති බව අමතකයි..

      Delete
  3. 100% යි... :-)

    සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!!

    ReplyDelete
  4. ඔය කාගේවත් අතේ වරදක් නැතුව ඇති. එක පාරක් නැව ගියාට පස්සේ එතනින් නැව් කියක් ගියත් පාරවල් හිටිනවද බං. ගගෙන් වතුර බීල මුහුදට ආවඩන එක අපේ ගතිය තමා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම.. නැව් ගියාට මුහුදේ පාරවල් හිටින්නේ නෑ නේ..
      ස්තුතියි අයියේ!

      Delete
  5. අපේ අතේ නෑ වරදක්
    ඇයයි වරදේ බැඳෙන්නේ,

    හරිම ආත්මාර්ථකාමී කතාවක්...
    :)

    ReplyDelete
    Replies
    1. කොල්ලා මොක කලත් නාල ගෙට ආව ගමන් එයා සුද්දයි. ඒත් අසාදාරණයි කියලා කෑ ගැහුවට කෙල්ලට ඒක එහෙම කරන්න හම්බ වෙන්නේ නෑ. මේ සමාජේ එදා ඉදන් පිලි ගත්ත ක්‍රමේ තමා ඒක. පුළුවන් කමක් තියේ නම් ඔය ගෑනු ළමයි කට්ටිය හරි එකතුවෙලා සමාජ සම්මතේ වෙනස් කරන්න උත්සාහ කරනවා හොදා....

      Delete
  6. බිව්වට නැහැ දැනෙන්නේ,
    ගඟෙන් වතුර බී යන උන්
    මුහුදට ආවඩන්නේ!!

    ඒකනෙ ඉවසන්න බැරි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක නේ.. ගඟෙන් වතුර බිව්වට කමක් නෑ ප්‍රසිද්දියේ ඒ බව පිලි ගන්නවා නම්.. ඒත් මෙතැන වෙන්නේ ඒක නෙවෙයි නේ!

      Delete
  7. තනි අතින් අප්පුඩි ගහන්නත් බැහැනෙ....ඒ රස්සාව කරන එක එයාගෙ වැඩක්... කැමති අය එයත් එක්ක යයි..අවශ්‍ය නැති අය අහක බලන් යයි.. ඔබට ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඒත් එහෙමයි කියලා අපිට ඇත පිහිදාගෙන අයින් වෙන්න බෑ.. එතන සමස්ත සමාජය ම වග කිව යුතු වැරද්දක් වෙලා තියෙනවා නේ..

      Delete
  8. අපේ අතේ නෑ වරදක්
    ඇයයි වරදේ බැඳෙන්නේ,

    හ්ම්ම්ම්ම්ම්ම්.... අනේ මංදා...

    ReplyDelete
  9. ඇය වරදේ බඳවන්නේ
    අපිම නේද මිනිස්සුනේ,
    ඇගේ ඇසේ කඳුළු බිදුව
    අපිම නේද මකන්නේ,
    ගගේ වතුර හොඳයි හිතා
    නොවේද අපි දිය‍ බොන්නේ,
    ‍ගගෙන් වැඩක් නැති නිසානේ
    මුහුද‍ට ආ වඩන්නේ...!!!

    ReplyDelete
    Replies
    1. ගඟෙන් වැඩක් නැත්නම් ඇයි ගඟේ වතුර බොන්නේ? ඇයි මුහුදෙන් නොබොන්නේ? මුහුදෙන් වතුර බොන්න බැරි නිසා ගඟෙන් බීලා අන්තිමට ගඟ වැඩක නෑ කියන්න තරම් ආත්මාර්ථකාමී වෙන්න පුළුවන් ද?

      Delete
  10. වටින අදහසක්.. ලස්සන පද වලට පෙරළුනු...

    ReplyDelete
  11. මහ ගඟකින් දිය දෝතක්
    බිව්වට නැහැ දැනෙන්නේ,

    ඒක නම් සිරා කතාව

    ReplyDelete
  12. ඔය වගේ අයගේ සත්‍ය ජීවිත කතා අසා ඇත්තෙමි...මම නම් ඔවුන්ට අනුකම්පා කරමි...

    ReplyDelete
    Replies
    1. නමුත් ඒක විසඳුමක් නෙවෙයි අක්කේ!

      Delete
  13. "අපේ අතේ නෑ වරදක්
    ඇයයි වරදේ බැඳෙන්නේ,"

    ඔතන දෙපැත්තම වැරදියි මලයා..

    ReplyDelete
    Replies
    1. ඒත් කවුරුවත් වරද පිලි ගන්න සුදානම් නෑ නේ...

      Delete
  14. ,"අපේ අතේ නෑ වරදක්
    ඇයයි වරදේ බැඳෙන්නේ," :/ කාට කියන්නද
    පට්ටම කවියක්
    ජය !!

    ReplyDelete
  15. අසාධාරනයි නේද එහෙම කියන එක. මොකද අර කතාවක් තියනවනේ තනි අතින් අත්පුඩි ගහන්න බැ කියලා.

    හොඳ කවි සිතුවිල්ලක්. හැබැයි අර්ථයට නම් එකඟ නැහැ

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මම නම් කියන්නේ වැරැද්ද තියෙන්නේ සමාජ ක්‍රමයේ මිසක්, 'ඇගේ' නෙවෙයි...

      Delete
  16. ඇය සේවය සපයයි
    ඔහු සේවය ඉල්ලයි
    ඉල්ලුම සැපයුම
    එයින් තීරණය වෙයි...
    ඉන් එහා තීන්දුව කුහක කමක් මැයි...

    ReplyDelete
    Replies
    1. කුහක කමක් වෙන්නේ ඇය එතැනට ඇද දැමූ සමාජ ක්‍රමය ගැන කතා නොකර සිටීම නෙවෙයි ද?

      Delete
  17. අවසාන පද දෙක ගැන කියනන් දෙයක් නැහැ. වෙන්නෙම ඒ වගේ දේවල්.

    ReplyDelete
  18. //අපේ අතේ නෑ වරදක්
    ඇයයි වරදේ බැඳෙන්නේ//

    හරිම ආත්මාර්තකාමි අදහසක්.....

    ReplyDelete
  19. ලස්සනයි පද වැල.
    කතාවත් ඇත්ත

    ඈ වරදෙ බැදෙන්නෙ ඈගෙ වුවමනාවටම නෙමෙයි කියලයි හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙත් එහෙමයි.. ස්තුතියි සහෝ!

      Delete
  20. Replies
    1. සහතික ඇත්ත අක්කේ.. එතන තියෙන්නෙත් Econ!

      Delete
  21. "අපේ අතේ නෑ වරදක්
    ඇයයි වරදේ බැඳෙන්නේ"
    මේක දැක්ක ගමන් මට මතක් වුනේ සිංදුවක කොටසක්...
    "පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ...ළඳුනේ...."

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නේජා! අරුණැල්ලට ආදරෙන් පිළි ගන්නවා!!

      Delete
  22. එල එල................ "අපේ අතේ නෑ වරදක්
    ඇයයි වරදේ බැඳෙන්නේ" ඒ කියමනනම් අසාධාරණයි

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading