කැලෑ බිම් එළි කළා
"සංවර්ධනය(??)" නම් කළා..
වැහි පොදක් නො වැටිලා
කාලයක් ගත වෙලා
වන සතුන් මියැදිලා
මහ පොළොව වියැළිලා..
බොහෝ කල් ගත වෙලා
වර්ෂාව නැති වෙලා
සංයෝග කළඹලා
ඔවුන් වැසි ඇති කළා..
වැහි ලිහිණි හඬ සලා
අහස් කුස ඉගිලිලා
වැසි වැටෙන සන් වෙලා
ගම්මාන හිනැහිලා..
සතන් සිත් තුටු වෙලා
වර්ෂාව ඇති වෙලා
පස් තට්ටු සේදිලා
මඩ වතුර යයි ගලා..
මහ සුළං පැතිරිලා
ගස් මුලින් ඉදිරිලා
වැට කඩුලු බිම් තලා
ගං වතුර යයි ගලා..
ඇත්ත කතාව නේද...
ReplyDeleteතිබුන සංවර්ධනයවත් නැති
ඒත් සංවර්ධනයක්.
නාමික සංවර්ධනය නේ අක්කේ.. මෙලෝ රහක් නෑ..
Deleteඇත්ත සහෝ. සංවර්ධනය කිය කිය කරන්නේ ලෝකෙ වනසන එක.. වෙලාවකට හිතෙනව නොදියුනු සත්ව කොට්ටාශයක් විදියට කැලෑවැදිලා හිටියනම් හොඳයි කියලා
ReplyDeleteඇත්ත කතාව! 100%ක් එකඟයි. එතකොට මීට වඩා හිතේ සතුටින් ඉන්න තිබුනා..
Deleteමහා ගස් පෙරළලා
ReplyDeleteකැලෑ බිම් එළි කළා
සොබා දම වනසලා
"සංවර්ධනය(??)" නම් කළා..
දැන් ඉතින් විදෝපන් :-(
:D
Deleteසංවර්දනේ... ඇතුවත් බැරි නැතුවත් බැරි සංවර්දනේ.
ReplyDeleteවැඩක් නෑ අයියේ කතා කරලා!
Deleteහයියෝ
ReplyDeleteඅනේ අපොයි!
Deleteඔන්න සංවර්ධනේ....
ReplyDeleteඔන්න ඕකයි තත්වේ!
Deletesaovardane
ReplyDeleteනමට විතරයි ඉතින්!
Deleteතියෙන දේ නැති කරලා කරන සංවර්ධනෙන් වැඩක් නෑ කියලා කවදානම් තේරෙයිද?
ReplyDeleteකවදා තේරුම් ගත්තත් ඒ වෙද්දී පරක්කු වැඩි වෙලා තියෙයි!
Deleteකතාකරලා වැඩක් නෑ අමූලික ඇත්ත :(
ReplyDeleteස්තුතියි මල්ලි!
Deleteකාට කියන්නද මේ දුක.......:(
ReplyDeleteවැටත්, නියරත් ගොයම් කා නම්, කාට කියම් ද ඒ අමාරුව??
Deleteසැටිෆිකෙට් ඇත්ත
ReplyDeleteස්තුතියි අයියේ!
Deleteහ්ම්ම්ම්ම්ම්..ඇතුවත් බෑ නැතුවත් බෑ......ඒත් ඒක කරන පිළිවෙලක් තියනව නේද?
ReplyDeleteඅනිවාර්යයෙන් ම.. පණ්ඩිත කමට ගොන් වැඩ කරන එකේ විපාක තමයි මේ!
Deleteසංවර්ධනේ කියන්නේ හැමදේකම සංවර්ධනය. කොටින්ම ආධ්‍යාත්මික සංවර්ධනයත් ඇතුළුව
ReplyDeleteසහතික ඇත්ත අයියේ.. ඒ දේ තේරුම් ගන්න තව කොච්චර කල් යාවි ද කියන එක තමයි ගැටලුව..
Delete"අපි පරිසර හිතකාමියෝ"කියල කෑගහනවට වඩා වචනයකින් හරි අනිත් අයටත් ආදර්ශමත් වෙන එක නම් හුගාක් වටිනවා.
ReplyDeleteස්තුතියි කියනවා ද? සමා වෙන්න කියනවා ද කියලා හිතා ගන්න බෑ..
Deleteජය!