Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ධරණීය නොවූ සංවර්ධනය

Thursday, May 17, 2012




මහා ගස් පෙරළලා
කැලෑ බිම් එළි කළා
සොබා දම වනසලා
"සංවර්ධනය(??)" නම් කළා..

වැහි පොදක් නො වැටිලා
කාලයක් ගත වෙලා
වන සතුන් මියැදිලා
මහ පොළොව වියැළිලා..

බොහෝ කල් ගත වෙලා
වර්ෂාව නැති වෙලා
සංයෝග කළඹලා
ඔවුන් වැසි ඇති කළා..

වැහි ලිහිණි හඬ සලා
අහස් කුස ඉගිලිලා
වැසි වැටෙන සන් වෙලා
ගම්මාන හිනැහිලා..

සතන් සිත් තුටු වෙලා
වර්ෂාව ඇති වෙලා
පස් තට්ටු සේදිලා
මඩ වතුර යයි ගලා..

මහ සුළං පැතිරිලා
ගස් මුලින් ඉදිරිලා
වැට කඩුලු බිම් තලා
ගං වතුර යයි ගලා..






28 comments

  1. ඇත්ත කතාව නේද...
    තිබුන සංවර්ධනයවත් නැති
    ඒත් සංවර්ධනයක්.

    ReplyDelete
    Replies
    1. නාමික සංවර්ධනය නේ අක්කේ.. මෙලෝ රහක් නෑ..

      Delete
  2. ඇත්ත සහෝ. සංවර්ධනය කිය කිය කරන්නේ ලෝකෙ වනසන එක.. වෙලාවකට හිතෙනව නොදියුනු සත්ව කොට්ටාශයක් විදියට කැලෑවැදිලා හිටියනම් හොඳයි කියලා

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව! 100%ක් එකඟයි. එතකොට මීට වඩා හිතේ සතුටින් ඉන්න තිබුනා..

      Delete
  3. මහා ගස් පෙරළලා
    කැලෑ බිම් එළි කළා
    සොබා දම වනසලා
    "සංවර්ධනය(??)" නම් කළා..

    දැන් ඉතින් විදෝපන් :-(

    ReplyDelete
  4. සංවර්දනේ... ඇතුවත් බැරි නැතුවත් බැරි සංවර්දනේ.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ අයියේ කතා කරලා!

      Delete
  5. තියෙන දේ නැති කරලා කරන සංවර්ධනෙන් වැඩක් නෑ කියලා කවදානම් තේරෙයිද?

    ReplyDelete
    Replies
    1. කවදා තේරුම් ගත්තත් ඒ වෙද්දී පරක්කු වැඩි වෙලා තියෙයි!

      Delete
  6. කතාකරලා වැඩක් නෑ අමූලික ඇත්ත :(

    ReplyDelete
  7. කාට කියන්නද මේ දුක.......:(

    ReplyDelete
    Replies
    1. වැටත්, නියරත් ගොයම් කා නම්, කාට කියම් ද ඒ අමාරුව??

      Delete
  8. සැටිෆිකෙට් ඇත්ත

    ReplyDelete
  9. හ්ම්ම්ම්ම්ම්..ඇතුවත් බෑ නැතුවත් බෑ......ඒත් ඒක කරන පිළිවෙලක් තියනව නේද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම.. පණ්ඩිත කමට ගොන් වැඩ කරන එකේ විපාක තමයි මේ!

      Delete
  10. සංවර්ධනේ කියන්නේ හැමදේකම සංවර්ධනය. කොටින්ම ආධ්‍යාත්මික සංවර්ධනයත් ඇතුළුව

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අයියේ.. ඒ දේ තේරුම් ගන්න තව කොච්චර කල් යාවි ද කියන එක තමයි ගැටලුව..

      Delete
  11. "අපි පරිසර හිතකාමියෝ"කියල කෑගහනවට වඩා වචනයකින් හරි අනිත් අයටත් ආදර්ශමත් වෙන එක නම් හුගාක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කියනවා ද? සමා වෙන්න කියනවා ද කියලා හිතා ගන්න බෑ..
      ජය!

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading