Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 4 කොටස

Thursday, May 24, 2012

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අන්තරාදායක ම භුමි කලාපය වන රත්ගමයාගේ කාමරයේ වාසයට පැමිණ මේ වන විට දින 4 ක් ගෙවී ගොස් ඇති අතර මම තවමත් ආරක්ෂිතව, පසුවෙමි. ඒ ශුභ ආරංචියත් සමග මේ දිග හැරෙන්නේ එකී මෙහෙයුම් වාර්තාකරණයේ සිව් වන දිග හැරුමයි..


මාකස් ප්‍රනාන්දු ශාලාව

අද උදේ රත්ගමයාට ලෙක්චර්ස් තිබුණේ නැතත්, මට උදෙන් ම අවදි වෙන්න සිද්ධ වුණේ ඊයේ රෑ අපේ කාමරයේ නවාතැන් ගත් අනෙක් එකා කුකුළා අතේ අරං ගමේ යන්න තීරණය කරලා තිබුණු නිසා! රත්තා අවදි කිරීමේ තේරුමක් නැති වැඩේට කිසිම උත්සාහයක් නොදරා ම පිට වී යන්න ඒකා තීරණය කරලා තිබුණා! ඒ හින්දා මම උදේ 6 ට විතර අවදි වෙලා ආයෙත් ටික වෙලාවකට නිදා ගත්තා! අද ප්‍රැක්ටිස් තිබුණු නිසා රත්තා උදේ 9 වෙද්දී යන්න සුදානම් වුණා. විශේෂ වැඩක් නැති වුණත් මාත් ඒ වෙලාවේ ම අවදි වෙලා මුණ කට සෝදා ගත්තා!
අපේ බැචා ලා තුන් දෙනෙකුත් වල බලන්න එන බව ඊයේ කියලා තිබුණු නිසාත්, කරන්න විශේෂ වැඩක් තිබුණේ නැති නිසාත් මම පැංචා ට කතා කළා. ඒ වෙද්දී උන් හිටියේ ගමනේ අතර මග! තනියම ඇවිදින්න කම්මැලි නිසා රත්තාගේ ලැප අරගෙන ෆිල්ම් එකක් දිග ඇර ගත්තා! ඒක බලද්දී අපේ එවුන් තුන් දෙනා ගෙන් දෙන්නෙක් පේරාදෙණිය කරා ළඟා වෙලා තිබුණා.
පේරේ ඇවිත් දවස් හතරක් ම හිටපු හින්දා, පොර වගේ අද ම පෙරට ගොඩ බැහැපු එවුන් දෙන්නට, රට තොට පෙන්නන්න කියලා ගියා! දවස් හතරේ පුරුද්ද හින්ද ම ද කොහෙද එක පාරකට දෙපාරකට වඩා පාර වරද්ද නොගෙන යන්තම් පැංචාගේ අක්ක හිටපු රාමනාදන් එක වෙත යන්න පුළුවන් වුණා! ඒ යන ගමන යෙදුණේ විරු සිසු ස්මාරකය අසලින්.. 

විරු සිසු ස්මාරකය


ඊට පස්සේ අපි ගියේ උන් තුන් දෙනා නවාතැන් ගන්න නියමිත මාකස් එකට! මාකස් එකේ දී, අපිත් එක්ක නායකත්ව පුහුණු කඳවුරේ හෙවත් කෑම්ප් එකේ හිටපු එවුන් කිහිප දෙනෙක් ම හමු වුණා! ගාල්ලේ ඉඳන් ආවට පස්සේ කතා කරන්න පුළුවන් විදියට පිසාචයා හමු වුණෙත් එතන දී! 

මාකස් ප්‍රනාන්දු ශාලාවේ බරාදයක්
ආ ගිය තොරතුරු වලින් පස්සේ ගමන වල දිහාවට! අද පෙන්නන්න නියමිතව තිබුණේ ජයලත් මනෝරත්නයන්ගේ ‘තල මල පිපිලා’ නාට්‍යය. එහි ජනප්‍රියත්වය නිසා ම හවස 7.30 ට පටන් ගන්න නියමිත නාට්‍යයට පැමිණි අයගෙන් හවස 6 වෙද්දී මුළු වල ම පිරී ගිහින් තිබුණා.5. 45 වෙද්දී එතැනට ගිය අපටත් සිදු වුණේ සෙනග වැඩි නිසා අන්තිම පේලියේ අසුන් ගන්න යි.

7.30දර්ශනය සඳහා 5.45 වෙද්දී පැමිණි පිරිස

බටහිරයන්ගේ  අත පෙවීම් නිසා සහ උන්ට ගැති අපේ එවුන්ගේ ක්‍රියා කලාපය නිසා සංස්කෘතිය පරිහානියට ලක් වීම සහ අවශෝෂණය යැයි පටලවා ගත් සංස්කෘතික අනුකරණය බොහොම සියුම්ව නිරූපිත නාට්‍යයක් විදියට එය හඳුන්වන්න පුළුවන්. නාට්‍යයේ ළමා චරිතය නිරුපනය නම් අති විශිෂ්ටයි. කිසිසේත් ම කුඩා දරුවෙකුගෙන් අපි බලාපොරොත්තු නොවන රංගනයක් දැකගන්න ලැබුණා. නාට්‍යය අවසානයේ ඒ කුඩා දරුවා වෙනුවෙන් නැගුණු අත්පොලසන් නාදය ඊට සාක්ෂි සපයනවා. 

හැම දේක ම හොඳ සහ නරක කියලා පැති දෙකක් තියෙනවා වගේ ම, මේ නාට්‍යයේත් සමහර දුර්වලතා කිහිපයක් දකින්න ලැබුණා. ප්‍රධාන වශයෙන් ම නාට්‍යයේ දර්ශන කාලය ටිකක් වැඩියි. ඒ වගේ ම යොදා ගත් සමහර හාස්‍යෝත්පාදක කොටස් වලින්, අදාල කාර්යය නිසි ආකාරයට සිදු වුණේ නැහැ කියලයි මගේ හැගීම. ඒ හේතු දෙක නිසා ම අවසාන භාගයේ දී රසය නිසි ආකාරයට විඳින්න බැරි වුණා. ඒ වගේ ම සංස්කෘතිය විනාශ වීම, මිනිසාගේ පැවැත්ම අවසන් වීම ට හේතු වන බව පෙන්නන්න යොදා ගත් රොබෝ ගේ කොටස ඊට වඩා සාර්ථකව කරන්න තිබුණා.. ඒ වගේ ම නාට්‍යය අතර මග දී ලබා දුන් විවේකයේ දී වේදිකාවේ තිබූ භාණ්ඩ වෙනස් කිරීම කෙරුණා සාර්ථක මදි කියල යි මගේ හැගීම. 

කොහොම වුණත් නාට්‍යය අවසානයේ කුඩා දරුවාගේ රංගනය සුපිරි මට්ටමක තිබුණා.. විශේෂයෙන් ම අවසාන දර්ශනයේ දී.. සමස්තයක් විදියට ඉතා හොඳ නාට්‍යයක්. සෑම කෙනෙක් ම නැරඹිය යුතු නාට්‍යයක්. විශේෂයෙන් ම තරුණ සහ ළමා පරපුර වෙනුවෙන් ඉතා සුදුසු යි..

තල මල පිපිලා අතර මැද
අද වැඩිය ඇවිද්දේ නැති නිසා ලියන්න දෙයක් නැහැ. ඒත් හෙට නම් ලියන්න දේවල් තියේවි කියලා විශ්වාස කරනවා! හෙට පොස්ට් ඒකෙන් හමු වෙමු!

ප/ලි:
ගේ හිත කැලණිය පැත්තට ගිහින් වගේ..  හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ආදරයට වයස ප්‍රශ්නයක් වෙනවා ද? ඒකට කරන්න පුළුවන් දෙයක් තියෙනවා ද?

ප/ප/ලි:
ගේ හිත ගිය තැන රත්ගමයාත් මාලිගාවක් හදන්න උත්සාහ කරනවා. ඒ වගේ ම මට තරඟයකට ආරාධනා කරනවා.ඒ හින්දා යාලුවා එක්ක වුණත් සෑහෙන්න තරඟයක දෙන්න වෙයි වගේ! මොකද කට්ටිය කියන්නේ? යාළුවා නිසා වැඩේ අතැරලා දාන්න ද?

ප/ප/ප/ලි:
කලින් පොස්ට් එකේ මයිනන් ගැන කතාවට ඇනෝ කෙනෙක් දාපු කමෙන්ට් එකට පිළිතුරු දීම සඳහා මේ වැඩ ටික ඉවර වෙලා ගෙදර ගිය ගමන් ම ඉක්මනින් ම පොස්ට් එකක් දානවා. 

රොබට්

සිත ඇදී ගිය තැනක්


අවසාන කොටස





7 comments

  1. මේ මහ පාන්දර නින්ද යන්නෙ නැතිද මේ ලමයට..? නැත්නම් ගමය ගොරවන වද..??
    කෝම උනත් හරිම වැදගත් ගමනක් ඔයාට..අපිට හොඳ විස්තරයක් ලස්සනම පොටෝස් එක්ක...ස්තූතියි..!!
    ආආආඅ..අරක තාම හරි ගියෙ නැද්ද..???

    ReplyDelete
  2. ආදරයට වයස ප්‍රශ්නයක් නැලු...ඒත් වයස ගෙදර මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ලු...:)
    ලස්සනයි අප්පා තැන් ටික...ඉතුරු දවස ටික වෙද්දී වැඩේ සෙට් වෙයි වගේ..;)

    ReplyDelete
  3. ආදරයට මොන වයස් බේද ද?

    ReplyDelete
  4. වයස ප්‍රශ්නයක් නැ..ගේමක් දීලා බලන්න.....

    ReplyDelete
  5. මල් හතයි.. විවේකය ගතකරන්න තෝරාගත් තැන නියමයි.

    ReplyDelete
  6. පේරාදෙණියේ ලස්සන තැන් වලට අරන් යන මේ පොස්ට් පෙළ මුලසිටම කියෙව්වේ හරිම කැමැත්තෙන්. නිකමට වගේ මේ පැත්තට ආවේ, වාසනාවට කොමන්ට් බොක්ස් එක මතුවෙලා තියෙන්නේ!

    (මල්ලී, කලින් පොස්ට් එකේ ඇනෝ කොමන්ටුව යහපත් විදියට බාර ගන්නවා නම් ඉන් ගන්න පුළුවන් සුහඳ උපදෙස් බොහෝමයි.)

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading