Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ගෙවී යන දවස!

Tuesday, May 15, 2012

නුඹ හා හුන්
තවත් දවසක්
ගෙවී යන යුරු
බලා හිඳිනෙමි
අන්තිම පැන්සයත්
පරාද වූ
සූදු අන්තුවෙකුගේ
බැල්මෙන්...





ප/ලි:
මේ ටිකේ මම ගොඩක් අයගේ බ්ලොග් වලට ආවේ නෑ කියලා ඇති වෙන්න නෝක්කාඩු ඇහුව නේ.. ඔන්න තව පැය කිහිපයකින් ඔලුව පිරිලා තිබුණු මගේ වැඩ ටික ඉවර වෙනවා.. ඊට පස්සේ ආපු නැති බ්ලොග් වලට එනවා.. කාගේ හරි බ්ලොග් එකක් මග හැරිලා නම් කියන්න හොඳේ!!

36 comments

  1. ගෙවී යන දවසක් කියන්නේ ජීවිතේ මහා ලොකු කාලයක්..

    ReplyDelete
  2. බලන් රෑ අහස
    කළුවරේ ගිලෙන
    විරාමයක් මිස
    අඳුර නොවේ
    උදාවෙන තුරු
    තව අරුණැල්ලක්

    ReplyDelete
    Replies
    1. මේ උදා වෙන්නේ
      ඒ අරුණැල්ල යි..

      Delete
  3. ලස්සනයි රැන්ගො..:) ඔයාගෙ බ්ලොග් එකෙ ෆොන්ට් සයිස් එක තව ටිකක් ලොකු කරා නම් හොඳයි කියලා හිතෙනවා...කියවන්නන්ට පහසුවෙන් කියවන්න...තරහ නැ නෙ එහෙම කිව්වට..:))

    ReplyDelete
    Replies
    1. මටත් ඒක හිතුණා.. මේ තීම් ඒකෙ පොඩි අවුලක්.. මම උත්සාහ කරන්නම්.. ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට Reeza!!

      Delete
  4. අන්තිම පැන්සයටම පරදින්න
    ඇයි දිවිය තබන්නේ සූදුවක
    ආදරය යයි නම් ලද..

    බොහොම අගෙයි කොල්ලා

    ReplyDelete
    Replies
    1. කවිය තේරුම් අරගෙන වගේ!!!
      ස්තුතියි අයියා!

      Delete
  5. Iwarai kiwwata iwarama na hnde..this is just 1 out of 8 or may be more than 8....

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින්.. තව මේ වගේ 7ක් ලියද්දි හොඳ පණ ගිහින් තියේවි!

      Delete
  6. අද දවස ගෙවුනට හෙට ආයේ හිරු පායාවි..... :D

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ වෙන දවසක් නේ..
      ජීවත් වෙන්න තියෙන දවස් ගණන එන්න එන්න ම අඩු වෙනවා!

      Delete
  7. "නුඹ හා උන් තවත් දවසක්" මිස
    උන් අන්තිම අවසන් දවස නොවේනම්...
    ඇයිද බැසයන හිරු දැක හඬන්නේ
    හෙට අළුත් දවසක් අරන් ඒ නම්...

    ReplyDelete
    Replies
    1. ඒ දවසේ
      නුඹ
      මා හා
      නොවේ නම්??

      Delete
  8. නොසැලෙන්, නොවැටෙන්
    ඔබටත් දවසක ඉරපායනු ඇත
    එදාට මල් පැණියෙන් නා ගනු මැනවි :D
    ජය පතමි !!!

    ReplyDelete
    Replies
    1. නාමි නාමි..
      එදාට හිටු කියා
      නා ගනිමි!!

      Delete
  9. ආයෙමත් හෙට සූදුවෙන් දිනන්නත් පුලුවන්. බලාපොරොත්තුව අත්හරින්න නරකයි.

    ReplyDelete
    Replies
    1. ඒත් අන්තිම පැන්සයත් ඉවරයි නේ..

      Delete
  10. වැඩ ඉවර වුනාම ටිකක් හිත නිදහස් කරගන්න ඈත බලන ඉන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට අහස දිහා බලන් ඉන්නේ එකයි!

      Delete
  11. පට්ටයි ඈ.. රැන්ගෝ..

    ReplyDelete
  12. දුක හිතෙන හැන්දෑව
    ඇවිත් මා ළගටම
    හිස් අතින්
    ඈ උන්නු උණුසුමත්
    අරගෙන
    හිතුවක්කාර ලෙස
    යන්න ගිය
    සීතල සුළඟ..

    ReplyDelete
    Replies
    1. ලස්සන ගීතයක
      සුන්දර පද පෙලක් මතක වුණා!
      ස්තුතියි අයියේ!

      Delete
  13. කියන්නෙ,ලඳක් ගැනනම්ගෑනියි,සූදුවයි සමකරන්නෙ?

    ReplyDelete
    Replies
    1. සූදුවට සම කළේ ගැහැණිය නෙවෙයි.. ආදරය!

      Delete
  14. ජිවිතේ හැටි ඔහොම තමයි මල්ලියෝ..ජිවිතේ හැමදාම පැරදීමක් නෑ කවදා හරි ජයග්‍රහණයක් තියනවා...ජය..!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ.. ඒත් ජයග්‍රහණය කරන වෙලාව එද්දී, අපිට ලබා ගන්න දෙයක් නැති වෙලා නම්??

      Delete
  15. ෂෝට් ඇන්ඩ් ස්වීට්...නියමයි රැංගෝ හිතට වදින්නම ලියලා තියෙනවා..ඔබට ජය!!!

    ReplyDelete
  16. ඇය යන්න ගියා මැකිලා.....

    මට ටක්ගාලා මතක් වුනේ අමරසිරි පීරිස්ගෙ එම ගීතය...

    සරලයි...පැහැදිලියි....අර්ථය දැනෙනවා මල්ලි....

    ReplyDelete
  17. අන්තිම පැන්සෙත් හිදෙනකම් බලන් හිටියද ආදරේ වෙනුවෙන්...
    :)

    ReplyDelete
    Replies
    1. බලා හිඳීම අවසන් වෙද්දී අතේ පැන්සේ නෑ...

      Delete
  18. මොනවා කියන්නද මන්දා :)

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading