පෙර එක් කාලෙක
පිය පොඩි ඔසවා
ඇවිදින්න තතනද්දී
ආදරෙන්
මගේ හිතට දිරි දුන්නා
අද වාගේ මතකයි
අප්පච්චි..
පුංචි වේදනාවක් දැනුනත්
මට වඩා
නුඹට රිදුනු බව
මට දැනුණා
මගේ අප්පච්චි..
නුඹේ සවියෙන්
මට දිරි දුන්නත්
පැතුවේ නෑ නුඹ
ඉන් යළි කිසිවක්
සෙනෙහස දුන්
මගේ අප්පච්චී..
කැදැල්ල හැර දා
ඉගිලෙනු දැනුනත්
කඳුලැලි නොහෙලූ
අප්පච්චී..
ආදරය කරන්නට
යළි නොපතන්නට
කියා දුන්නේ මට
නුඹයි මගේ අප්පච්චී...
අපේ,... හැම දේකටම ඉන්නෙ තාත්තා තමයි....
ReplyDeleteමගෙත් ආයු ගෙන ...
මටත් වඩා කල් ජිවත් වේවා...
හ්ම්ම්..that's true මචන්.. :)
ReplyDeleteso true .....:)
ReplyDeleteThat's True!!!!
ReplyDeleteNice words.....
ReplyDeleteඇත්තම ඇත්ත....තාත්තාගෙ ආදරේ ගැන කියන්න වචන නෑ.
ReplyDeleteහරිම ලස්සන නිසදැසක්...