Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ආදරය කරන්න කියා දුන්නේ නුඹයි

Sunday, August 21, 2011


නුඹේ අත ගෙන
පෙර එක් කාලෙක
පිය පොඩි ඔසවා
ඇවිදින්න තතනද්දී
ආදරෙන් 
මගේ හිතට දිරි දුන්නා
අද වාගේ මතකයි 
අප්පච්චි..


පුංචි වේදනාවක් දැනුනත්
මට වඩා 
නුඹට රිදුනු බව
මට දැනුණා 
මගේ අප්පච්චි..


නුඹේ සවියෙන්
මට දිරි දුන්නත්
පැතුවේ නෑ නුඹ
ඉන් යළි කිසිවක්
සෙනෙහස දුන්
මගේ අප්පච්චී..

කැදැල්ල හැර දා
ඉගිලෙනු දැනුනත්
කඳුලැලි නොහෙලූ 
අප්පච්චී.. 

ආදරය කරන්නට
යළි නොපතන්නට
කියා දුන්නේ මට
නුඹයි මගේ අප්පච්චී...



6 comments

  1. අපේ,... හැම දේකටම ඉන්නෙ තාත්තා තමයි....
    මගෙත් ආයු ගෙන ...
    මටත් වඩා කල් ජිවත් වේවා...

    ReplyDelete
  2. හ්ම්ම්..that's true මචන්.. :)

    ReplyDelete
  3. ඇත්තම ඇත්ත....තාත්තාගෙ ආදරේ ගැන කියන්න වචන නෑ.
    හරිම ලස්සන නිසදැසක්...

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading