Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

වියැළුණු සිතක්

Wednesday, May 14, 2014

හිරුට පෙම් බැඳී - කතරක් මිහි ඇති
කිසිවෙකුත් තව - පය ගසා නැති
දුඹුරු පැහැ වුණු - කොළ තුනක් ඇති
පතොක් ගසුත් පණ ගසනවා සකි

කටුක ගිරි හිස - වලාකුළු ඇති
සොඳුරු වැස්සක - පැතුම් පිරී ඇති
විටින් විට වැහි - වැටෙනවා ඇති
හැඟුම් ළපටි දළු - දමනවා ඇති

පතොක් ගස් යට - මිණි ද බොහෝ ඇති
පෙම්වත් යුගයක - වැටුණු කඳුළු ඇති
විෂ පතොක් කටු - ඇනුණු සිදුරු ඇති
බිඳුණු සිහිනවල - කැබලි ද එහි ඇති

නියගෙටත් නොසිඳෙන - උල්පතක් ඇති
උණුසුම් කඳුලැලි - ඉන් උනනවා ඇති
මකා දමනු රිසි - කඳුලැලි සිත ඇති
නිහඬ රැයක සඳ - නැගෙනවා ඇති



7 comments

  1. ලස්සනයි බං, හැමදාම වගේම..

    ReplyDelete
  2. අගෙයි .... හරිම අගෙයි ....

    ReplyDelete
  3. 6 billion, or 7 percent of $223 billion, of first-home loans are tagged late or nonaccrual, a charmingly opaque euphemism for
    bust my website lloyds claimed that
    this agreement would have been a "voluntary" and "proactive".

    ReplyDelete
  4. "මකා දමනු රිසි - කඳුලැලි සිත ඇති
    නිහඬ රැයක සඳ - නැගෙනවා ඇති"

    ලියමු ආයෙම..

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading