Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

කුමට ද මට?

Wednesday, October 3, 2012

දියක් බොන්ට සෙම්බු කුමට මට
දෝතටත් දිය පිරෙන්නේ
සා ගිනි නිවන්න රන් තලි කුමට මට
බෙලෙක් තලියෙත් බත් වැඩෙන්නේ..

දාහය නිවන්න පංකා කුමට මට
මද සුළඟක් මෙහි හමන්නේ
කඳුලැලි පිසින්න සළුවක් කුමට මට
පවනේ කඳුලැලි මැකෙන්නේ

කවක් ලියන්නට නින්දගම් කුමට මට
තේවාවට දුන් පරවේණි තිබෙන්නේ
නැතක් ගී වල තාල කුමට මට
කවිය තනිකම නිවන්නේ...

ප.ලි : නිකම් ම හොඳයි කියා යනවා ට වඩා ඔබට දැනෙන අඩුපාඩු පෙන්වා දෙන්නේ නම් වඩාත් සතුටුයි.

42 comments

  1. ඕ.. ලස්සනයි.හොද නිර්මාණයක්.

    ReplyDelete
  2. \\..සා ගිනි නිවන්න රන් තලි කුමට මට
    බෙලෙක් තලියෙත් බත් වැඩෙන්නේ..\\
    වචන දාහකින් කියන්න බැරි අදහසක්!

    අදාළ නැති උණත් මතක් උණා ගීතයක කොටසක්!

    ගත සරසන්නට සළු පිලි කුමටද
    වැරහැලි නැති උන් වෙසෙන රටේ!
    (ගීතය දයානන්ද අයියගේ)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ! අදහස් සියල්ලට ම..

      Delete
  3. නියමයි...නන්දා මාලිනියගේ "මගේ දේශය මගේ ජාතිය මගේ ආගම" සින්දුව මතක් උනා...

    ReplyDelete
    Replies
    1. අන්තරා කොටසේ යම් සමාන බවක් තිබෙනවා කියලා මටත් හිතුනා! :)
      බොහොම ස්තුතියි මානවක!

      Delete
  4. සිරා මචං මට නම් ඔකේ අවුලක් කියන්න තේරෙන්නේ නෑ මට තේරෙන තරමට මේක ලස්සනයි

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි! බොහොම ස්තුතියි මඩයෝ! :)

      Delete
  5. එහෙම අඩුපාඩුවක් මටත් කියන්න තේරෙන්නේ නෑ.
    ඊළඟ නිලාර් එන්. කාසිම් වෙන්න පුළුවනි ඔයාට.උණුසුම් සුබ පැතුම් සහෝ!!

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔයාත් ඒ කතාව කියන්න ගත්තා ද? දයානන්ද අයියා විතරයි කියලා මම හිතන් හිටියේ!
      අදහසට බොහොම ස්තුතියි ප්‍රමුදි! :)

      Delete
  6. අපූරු කවි පෙලක්..
    ඒත් සමාජයේ එක එක මට්ටම් වල ජීවත් වෙනකොට රන් තලි සෙම්බු ඕන වෙනවා මලේ..ඒක තමයි අවුල..

    ReplyDelete
    Replies
    1. ඔව්. සමහර වෙලාවට එහෙම වෙන්න පුළුවන්! එත් තමන්ගේ මුල් ඇදිලා තිබෙන තැන් මතක තබා ගත යුතුයි!

      Delete
  7. ෙහාද කවි පන්තියක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ. බොහොම කාලෙකින් වගේ මේ පැත්තේ ඇවිත් තියෙන්නේ!

      Delete
  8. එල එල....

    අඩුපාඩු කියන්න මම කවි ගැන දන්නෑ බං..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කවි කියලා හිතාගෙන එක එක දේවල් ලිව්වට මාත් කවි ගැන දන්නේ නෑ රජෝ! :)
      ජය වේවා..

      Delete
  9. අඩුවක් පාඩුවක් නම් පෙනෙන්නේ නෑ මම දන්නා තරමින්. සුන්දරයි ඒත් එකම දේ මාතෘකාව මොකක්ද කියලා හිතාගන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ මට හිතාගන්න බෑ මේක අඩු කුලේ කෙනෙක් තමන්ගේ අඩුවට හිනාවෙන අයට කියන එකක්ද නැතිනම් හුදකලා වූ අයෙක් ඒ තරම් හද වැඩ නැති කෙනෙක්ට කරන ඇරයුමක්ද කියලා. ඒ ගැන ඉඟියක් තිබ්බ නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. සමහර විට ලෝකයේ පැරණි ම වෘත්තියේ නියුතු කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන කියන දෙයක් වෙන්නත් පුළුවන් නේ ද? :)

      Delete
  10. අඩුපාඩු ගැන කියන්න නම් දන්නේ නෑ. අපූරු කවි පෙළක්..

    ReplyDelete
  11. අඩුපාඩු කියන්න තෙරෙන්නෙ නෑ...කවිය ගොඩක් හිතට ඇල්ලුවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි!
      සැහෙන්න කාලෙකින් අදහසක් පල කරලා.. හොරෙන් කියවලා කමෙන්ට් නොකර ම ගියා නේද?

      Delete
  12. හැම වෙලාවෙම කවියේ සිමාව ඉක්මවූ ගමන් ගීයේ රිද්මයට නිරායාසයෙන් පිවිසෙනවා. මේකත් එහෙමයි කවිය, කවියේ තිබිය යුතු ගුණය ඉක්මවා ගීයට ළංවෙනවා ෂ්ථායි සහ අන්තරා කොටස්වල මාත්‍රා ගනන සම විය යුතුයි නැතිනම් අවුල් පාද විදියට තියෙන්නේ. ඒවා ඒ වචනවලින්මයි නැවත හැදිය යුත්තේ.

    අදහස අවුලක් නෑ හොඳයි.

    ReplyDelete
    Replies
    1. මට ඒ කියපු දේ එතරම් පැහැදිලි වුණේ නැහැ අයියේ. නැවත හැදිය යුත්තේ කොයි කොටස ද?

      Delete
  13. මට සින්දු ගැන නම් දෙනුමක් නැ එත් මම ගොඩක් රස වින්දා අපුරුයි...

    ReplyDelete
  14. අදහස ලස්සනයි ගොඩක්.
    මල්ලි මන්දස්මිතය කියන එකෙන් අදහස් කළේ මොකද්ද? මන්දස්මිතය කියන්නෙ මද සිනහව ට නේද?

    ReplyDelete
    Replies
    1. එතන රුපකයක් විදිහට යොදන්නයි හැදුවේ. සිනහව පවනක් වෙලා වෙහෙස නිවනවා කියන එක කියන්න. නමුත් පොඩි නොගැලපීමක් මටත් දැනුණා. ඒ නිසා එතන වෙනස් කළා!
      බොහොම ස්තුතියි අක්කේ..

      Delete
  15. ලස්සනයි...

    ReplyDelete
  16. කවක් ලියන්නට නින්දගම් කුමට මට

    මේ කොටසින් අදහස් කලේ කුමක්දැයි දැනගනු රිසි වෙමි...

    ReplyDelete
    Replies
    1. ආදරය කරන්නට පෙළඹවීම් කුමකට ද යන්න ව්‍යංගව යෙදුවෙමි. කවිය ආදරයයි. නින්දගම ඒ වෙනුවෙන් ලැබෙන පෙළඹවීම යි!

      Delete
  17. මම මල්ලී ෙම් දවස් වල පුහුණු සංචිතෙෙය් ඉන්ෙන්.වැඩ ටිකක් වැඩියි.ඔයා අමතක නැ.මට ෙබෙහවින් උදව් කර ෙකෙනක් ඔයා මෙෙග් බ්ෙලාග් ඒක හදා ගන්න

    ReplyDelete
    Replies
    1. වැඩ රාජකාරි අහවර වුණාම මේ පැත්තේ ඇවිත් යන්නකෝ.. දිගට ම නොඅවා කියලා තරහක් නෑ. වැඩ ටික හොඳින් කර ගන්න අක්කේ! සුබ පැතුම්!
      ජය වේවා!

      Delete
  18. මට නම් දැනුනේ සමාජයේ පුහු අලංකාර වලින් හෙම්බත් වුනු සොඳුරු මනුස්සයෙකුගේ අවජ්‍ය ආත්ම කථනයක් කියලා.. අපූරුයි මල්ලියෝ..

    ReplyDelete
    Replies
    1. සමහර විට. එහෙමත් නැත්නම් සමාජය විසින් ප්‍රතික්ෂේප කරන ලද අයෙක් ඒ සමාජයේ ම අනුකම්පාව ප්‍රතික්ෂේප කිරීමක් වෙන්න බැරි ද?

      Delete
  19. Aduwak kiyanna deyak na malla. eth beat eka gana thawa poddak hithala wachana arrange karanna. sankalpanaawa athi wishishtai.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අක්කේ.. ඒ උපදෙස හිතට ගන්නම්.
      ජය වේවා!!

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading