හුදෙකලාවේ වෙරළ දිහා බලාගෙන ඉන්දෙද්දී මට හිතුන අපේ ජීවිතත් හරියට වෙරළ වගේ කියලා..
උදේ ඉදන් දවල් වෙනකම් අහු මුළු වලට වෙලා පෙම් සුව විඳපු පෙම් යුවළවල් දවල් වෙද්දී නික්මිලා යනවා..එතකොට තනි වෙන වෙරළට පුංචි එවුන් ඇවිත් කෙළිදෙලෙන් ගත කරනවා...වෙරළේ තනිකම මකනවා..ඒ වගේ ම ටික ටික හවස් වෙද්දී පවුල් පිටින් ඇවිත් වෙරළ හරිම කලබලකාරී කරනවා..ඒත් ටික වෙලාවකින් ඒ හැමෝම නික්මිලා යනවා..උදේ ඉඳලා නිල් පාට වතුර දිදුලවපු ඉර හෙමින් හෙමින් අවරට යනවා.. ඒත් මහ මුහුදට ම බැඳිලා ඉන්න වෙරළට කවුරු නැතත් ඒ මහ මුහුද ඉන්නවා කියල වෙරළ දන්නවා..මුහුදේ රැළි බිඳෙන්නේ වෙරළේ හැපිලා විතරක් නෙවෙයි..
මුහුද ලඟින් නොඉඳ මුහුදට ගිහින් ඒ පුරාම සැරිසරන නැව් බෝට්ටු වල බඳේ හැපිලා රැළි බිඳිලා ගියත්,මහා උසට නැගුනු රළ වෙරළේ හැපිලා කිරි සුදු පාටට පෙණ නංවද්දී ඒ පෙණ පිඬු සීරුවට වැලි තලාව තෙත් කරලා,ඒ වැල්ලට ම උරා ගන්න බව දන්න හින්දා කවදාවත් ම වෙරළට තනියක් නෑ.. ඒක වෙරළ දන්නවා...
හරියට අපේ ජීවිතත් මේ වගේ නේද??
No comments:
Post a Comment