Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

භාෂා සාහිත්‍ය කලා ඇකඩමිය ජනවාරියේ දී ඇරඹෙයි!

Thursday, October 20, 2011


කවි කිවිඳියන්, ලේඛක ලේඛිකාවන්, කලාකරුවන් කලාකාරියන්, මුද්‍රිත-විද්‍යුත් මාධ්‍යකරුවන් මාධ්‍යකාරියන්,සරසවි ඇදුරන්, වෘත්තීයවේදීන්, සරසවි සිසු සිසුවියන්, පාසල් ගුරුවරුන්, උසස් පෙළ සිසු සිසුවියන් ඇතුළු සිංහල භාෂාව පොදුවේ භාවිතා කරන අයගේ භාෂා භාවිතය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී, බොහෝ දුර්වලතා සහ භාෂාව අවභාවිත කිරීම් නිරීක්ෂණය කල හැකි ය. මෙයට මුලික හේතුව නිවැරදි භාෂා ඥානයක් නොමැති වීමයි.

මෙම ගැටළුව නිරාකරණය උදෙසා සාහිත්‍ය අවබෝධය ගැඹුරු කිරීමේත්,භාෂා නිපුණතාවය වැඩි දියුණු කිරීමේත්, නිර්මාණශීලී කලා ප්‍රකාශන හැකියාව තවත් ඉහලට ගෙන ඒම වෙනුවෙන් වූ භාෂා කලා ඇකඩමියක අවශ්‍යතාව ඇති ව තිබේ.

ශ්‍රී ලාංකේය කවීන් සියලු දෙනාගේ ම කවි ඇතුලත් කාව්‍ය සංග්‍රහයක් එලි දැක්වීමේ අරමුණෙන් පසුගිය දිනෙක එකොළොස්වෙනි පැය කාව්‍ය සංග්‍රහය දොරට වැඩුණි. ඒ හා බැඳුණු, මගේ අත්දැකීම් පිළිබඳව පෙර ලියූ ලිපියක සඳහන් වුවා ඔබට මතක ඇති බවට සැකයක් නැත. එහි ප්‍රධාන අරමුණ එසේ වුවත්, භාෂාව, සාහිත්‍ය සහ කලාව අධ්‍යයනය සඳහා වන ඇකඩමියක් ආරම්භ කිරීමේ පිඹුරුපත් සැකසීම, එකොළොස්වෙනි පැය කාව්‍ය සංග්‍රහය එලි දැක්වීමේ උත්සවයේ අරමුණක් වූ බව එම කටයුත්තට සහභාගී වූ බොහෝ දෙනා නොදන්නවා විය නොහැක.

මේ වන විට භාෂා සාහිත්‍ය කලා ඇකඩමිය ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සුදානම් කර අවසන් ය. මෙම ඇකඩමියේ අරමුණ භාෂාව සහ සාහිත්‍ය කලා අවබෝධයෙන් පිරිපුන් නිර්මාණකරුවන්ගෙන් සපිරි නව පරපුරක් මගින් අප රටේ සංස්කතෘතික ජීවිතය සාරවත් කිරීම සහ සුරක්ෂිත කිරීමයි.

2013 වසරේ ජනවාරියේ ඇකඩමියේ අධ්‍යයන කටයුතු ඇරඹීමට සැළසුම් කර තිබේ. ඔබ මේ පණිවුඩය සියළු දෙනා වෙත ගෙන යන්න. ඔවුන් සමග ඔබත් ඊට සම්බන්ධ වන්න. අපි සදා නොවෙනස් මිතුරු මිතුරියන් ලෙස එකට වැඩ කරමු!

මහාචාර්ය සුචරිත ගම්ලත් ප්‍රමුඛ වි‍ශේෂඥ ඇදුරු මඬුල්ලකින් මෙහෙයවෙන, භාෂා සාහිත්‍ය කලා ඇකඩමියෙහි අධ්‍යයන කටයුතු ජනවාරියේදී ඇරඹීමට නියමිත ය. මෙහි පාඨමාලා පහත පරිදි වේ.









පළමු පියවර (ඩිප්ලෝමා)


සම්භාව්‍ය සිංහල සාහිත්‍ය, සිංහල භාෂාව, නිර්මාණශීලී සිංහල කථනය හා ලේඛනය, සිංහල සාහිත්‍ය ඉතිහාසය



දෙවන පියවර (උසස් ඩිප්ලෝමා)-


ලෝක සාහිත්‍ය (රුසියානු,ඉංග්‍රීසි,ඉන්දියානු,අප්‍රිකානු) ,භාෂාවේ ඉතිහාසය,කලාවේ ඉතිහාසය, කලා විචාරය



ඉලක්කගත ඉගෙනුම් කණ්ඩායම්


කවි කිවිඳියන්, ලේඛක ලේඛිකාවන්, කලාකරුවන් කලාකාරියන්, මුද්‍රිත-විද්‍යුත් මාධ්‍යකරුවන් මාධ්‍යකාරියන්,සරසවි ඇදුරන් ඇදුරියන්,වෘත්තීයවේදීන් වෘත්තීයවේදිනියන්,සරසවි සිසුන් සිසුවියන්, පාසල් ගුරුවරුන් ගුරුවරියන්, උසස් පෙළ සිංහල සිසු සිසුවියන්,කලා රස වින්දනය අගයන වැඩිහිටියන්.


සති අන්තයේ එක් දිනක් බැගින් කොළඹ දී දේශන පැවැත්වේ. පුළුල් විෂයය සන්ධාරය හේතුවෙන් පාඨමාලා කාලය වසර දෙකකට වඩා වැඩි වනු ඇත.

පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනැමේ.මේ පාඨමාලාව සම්පූර්ණ කිරීම අනාගතයේදී මාධ්‍ය/කලා/අධ්‍යපාපන ක්ෂේත්‍ර වල,රැකියා සඳහා තෝරා ගැනීමේදීත් ඒවායේ උසස්වීම් දීමේදීත් පිළිගැනෙන ඉහළම සුදුසුකමක් වනු ඇත.

ආසන සීමිත ගනනක් බැවින් ඔබේ අයදුම්පත් නොපමාව එවන්න.
brahaspathi@ymail.com


වැඩි විස්තර සඳහා 

11 comments

  1. ස්තූතියි රැංගො...ලොකු උදව්වක් කලෙ ඔයා මේක මෙහෙම කියල........

    ReplyDelete
  2. අනේ මටත් මේකට එන්න හරිම ආසයි රැ0ගෝ,
    ඒ වුනාට ලබන අවුරුද්දේ ඉඳං කරන්න තියෙන වඩාත් එක්ක බැලුවම එන්න පුලුවන්වෙයිද මන්දා..:(
    කෝකටත් ඇප්ලිකේෂන් එකක් දාලා බලනවා.
    ගොඩක් පින් මේක ගැන කිව්වට.

    ReplyDelete
  3. ස්තුතියි දැනුවත් කිරීමට රැංගෝ..

    ReplyDelete
  4. මමත් ලැබුනොත් එන්න බලන්නම්. සතිඅන්තය සාමාන්‍යයෙන් අව්වේකි නිසා ඔක්කොම වැඩ සති අන්තයට වැටෙන්නේ. ඒකය් අවුල

    අනෙක් අතට මේක සද්භාවයෙන් කරන වැඩක් නම් අලුතින් ලියන අයට හොඳයි. හොඳ අත්දැකිමක් වේවි.

    ReplyDelete
  5. ලංකාවේ හිටියනම් මම අනිවාර්‍යෙන් මේකට යනවා...

    ReplyDelete
  6. දයාරත්න මහත්මයා,
    ඇත්තටම සද්භාවයෙන් කරන කටයුත්තක් මේක. සැඟවුණු පුද්ගලික සහ දේශපාලන න්‍යායපත්‍ර කිසිවක් මෙහි නැහැ..මේ ගුරුවරුන්ගෙ තත්වයත් එක්ක මේ පාඨමාලාව අවසන් එක වෙන්නත් පුළුවන්..එයාලගෙ වැඩ කිරීමේ හැකියාව අඩු වෙමිනුයි යන්නෙ..සහභාගි වෙන්න හැකිනම් අගෙයි!

    ReplyDelete
  7. දයාරත්න මහත්මයා..
    සත්තකින්ම මෙය සද්භාවයෙන් කරන කටයුත්තක්!
    සැඟවුණු පුද්ගලික හෝ දේශපාලන න්‍යායපත්‍ර කිසිවක් මෙහි අඩංගු වන්නේ නැහැ.
    සමහරවිට මේ පළමු සහ අවසන් පාඨමාලාව වන්නත් පුළුවන්..
    ගුරුවරුන්ගෙ වයස නිසා ඔවුන්ගෙ වැඩ කිරීමේ හැකියාව වේගයෙන් අඩුවෙමින් යන්නෙ!
    සම්බන්ධ වෙන්න හැකිනම් අගෙයි.

    ReplyDelete
  8. දයාරත්න මහත්මයා..
    සත්තකින්ම මෙය සද්භාවයෙන් කරන කටයුත්තක්!
    සැඟවුණු පුද්ගලික හෝ දේශපාලන න්‍යායපත්‍ර කිසිවක් මෙහි අඩංගු වන්නේ නැහැ.
    සමහරවිට මේ පළමු සහ අවසන් පාඨමාලාව වන්නත් පුළුවන්..
    ගුරුවරුන්ගෙ වයස නිසා ඔවුන්ගෙ වැඩ කිරීමේ හැකියාව වේගයෙන් අඩුවෙමින් යන්නෙ!
    සම්බන්ධ වෙන්න හැකිනම් අගෙයි.

    ReplyDelete
  9. යුගයේ අවශ්‍යතාවය සපුරාලන වටිනා වැඩක්..

    ReplyDelete
  10. ස්තුතියි දැනුවත් කිරීමට..!මමත් මේ ගැන උනන්දුවක් ඇති අයව දැනුවත් කරන්නම්

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading