Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

අනිත්‍යය, මල සහ සමීකරණය

Thursday, June 7, 2012

"කුසුමක් නම්
පිපී,
සුවඳ විහිදා,
පර ව යා යුතුමැයි.."

නැත නැත..
අද තාක්ෂනය 
බොහෝ දියුණු ය...
තොපේ ඔය අනිත්‍යය 
අපේ අලුත් නිර්දේශයේ නැත..

දරුවෙනි බලව..
අපේ දැනුම ඉහල ය
විද්‍යාව අතැඹුලකි මට
වර..
සුත්‍ර ගත කරමු අපි මල..

පුදුමයකි,
කැපී ගියේය
සුළු වී,
දෙපස වූ සුවඳ..


48 comments

  1. "සුත්‍රයකට නැගූ මලකින් මල් සුවඳ නිසැකවම බැහැර වෙයි"
    තරු ලකුණ -රත්න ශ්‍රී විජේසිංහ

    ReplyDelete
    Replies
    1. මුලය වුනේ ඒ වාක්‍යය..
      ස්තුතියි සහෝ!!

      Delete
  2. ත්‍රිලක්ෂණය ජයගත හැකි සමතෙක් හෝ දෙයක් මෙලොව නැත

    ReplyDelete
  3. ඒකනං මාරයි...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා!!
      එසේ ම වේවා!!

      Delete
  4. සියලුදේ අනිත්යය්
    ලස්සන අර්ථයක්..

    ReplyDelete
  5. ස්වභාව ධර්මයට අනුව මලක් පරවිය යුතුමය.ඒත් ජීවය සූත්‍රගත කිරීම මුලු ජීවයේම අවසානයයි.මන්ද යත් මිනිසා එවිට කරනුයේ ස්වභාව ධර්මයෙන් ඉපිද ස්වභාව ධර්මයම කෘතිම කිරීමයි.කෘතිමත්වය තුල ඇතිකිරීමක් විනා ඇතිවීමක් නොමැත.ඇති කිරීමක් තුල ක්‍රියාවලියක් විනා විකාශනයක් නොමැත.විකාශනයක් නොමැති තැන පැවැත්මක් විනා උන්නතියක් නැත.උන්නතියක් නැති තැන වර්ථමානයක් විනා අනාගතයක් නොමැත.අනාගතයක් නැති තැන අවසානයක් නියතය :p

    ReplyDelete
  6. මට නම් මෙව්වා තේරෙන්නේ නැහැ

    ReplyDelete
  7. මල්ලි ඔයා සිංහලද මුස්ලිම්ද කියලත් ටැපලෙනවා දැන් නම් මට.... :(((

    මොනා උණත් නිසදැස නම් හරි අගෙයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ!!
      මටත් වෙලාවකට පැටලෙනවා ඒක නම්!!

      Delete
  8. ගතියක් තියෙනවා නිසදැසේ..

    ReplyDelete
  9. හොද නිර්මාණයක් නොවැ. අලුත් තේමාවකින්. ජය...!

    ReplyDelete
  10. හොද නිර්මාණයක් නොවැ. අලුත් තේමාවකින්. ජය...!

    ReplyDelete
  11. කුසුමක් නම්
    පිපී,
    සුවඳ විහිදා,
    පර ව යා යුතුමැයි.."

    මේත් රත්න ශ්‍රීගේ "සුබඋදෑසන හෝ මට මතක හැටියට "සල් ගහ යට" පොත් දෙකෙන් එකක තිබුණා.
    ඒ කවියට ගත්ත අදහස නියමයි

    ReplyDelete
    Replies
    1. අදහස එක ම යි නේ!! කවියට පාදක කර ගත්තේ නම් නුවන් කොමෙන්ටුවේ යොදපු කවි පදය..

      Delete
  12. හැමදේම කෘතිමව් කරන්න බැහැ නේන්නං

    ReplyDelete
    Replies
    1. ඒක නේ...
      අපි ඒක තේරුම් ගන්නේ නෑ නේ!

      Delete
  13. කොමෙන්ට් ටික බලලා තේරුම් ගත්තා.. අම්මේ මේ බර සාර එව්වා මේ නිදිමත අස්සේ ඔළුවට එන්නේ නෑ කීයටවත්..

    ReplyDelete
    Replies
    1. නිදිමත නැති වෙලාවක කියවලා බලන්නකෝ අයියෙ!!

      Delete
  14. Replies
    1. අතෑරලා දාන්න.!!
      ස්තුතියි සිතූ මේ පැත්තට ආවට!

      Delete
  15. මමත් ටියුබ්.. මෝඩත් එක්කලා.. තෙරුන් නැනේ මල්ලි...

    ReplyDelete
    Replies
    1. කවියක් නොතේරුණා කියන්නේ මෝඩයි කියන එක නෙවෙයි අක්කේ!! ජය!

      Delete
  16. අති විශිෂ්ටයි ඇරෙන්න මොනව කියන්නද?

    ස්වභාව් දහම වෙනස් කරන්න මිනිසුන් උත්සාහ කරන හැම විටම ස්වභාව දහම මිනිසාට යමක් අහිමි කරයි....

    ReplyDelete
  17. අම්මපා පට්ට.....

    ReplyDelete
  18. හනේ හට තේරෙන්නෙ නෑනේ......:(

    ReplyDelete
  19. මේකනම් සිරා ආ..

    ReplyDelete
  20. හරි ලස්සනයි මල්ලි.
    -සිඳු-

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ!!
      අද ඩයිනමයික් ඇවිත් නෑ නේ..

      Delete
  21. විශිෂ්ටය්.ඔයා ලියපු එකක් කියල විශ්වාස කරන්නත් අමරුය්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා. විශ්වාස කළත් නැතත් ලිව්වේ නම් මම.

      Delete
  22. මනිපත්‍ර කීලය කලංකය දළවලින් එකමුතු කෙරෙයි..
    පුෂ්ප එකිනෙක සමූහනයව එකම මංජරියක් සැදෙයි
    එහෙත් විච්ඡේදනය කළ තැන පුෂ්පයක් නම් හමු නොවෙයි
    සූත්‍රයකට නැගූ මලකින් සුවද නිසැකව බැහැර වෙයි..

    රත්න ශ්‍රී විශිෂ්ට ලෙස නිසදැසට නැගීමක්-මට නම් හිතෙන්නෙ එහෙමයි.
    අපූරුයි!

    ReplyDelete
    Replies
    1. තරු ලකුණ
      පළමු මුද්‍රණය - 26 පිටුව
      ස්තුතියි නංගෝ!!

      Delete
  23. ඔන්න මමත් පෝස්ට් 150 පසු කළා

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading