Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

වරම් අයැදීම

Saturday, May 12, 2012

අද පෝස්ට් කරන කවිය නම් මම ලියපු එකක් නෙවෙයි. සමහර තැන් වලට පොඩි පොඩි දේවල් ටිකක් මම අලුතින් එකතු කළා. මගේ යාලුවෙක් හිතාගෙන ඉන්නේ එයාට ලියන්න බැහැ කියලා. මේ පෝස්ට් එක එයාට කියලා බලෙන් වගේ ලියවපු එකක්.
මතක ඇතිව  තමන්ට දැනෙන විදියට හොඳ-නරක කියලා යන්න.. ඒක එයාට ශක්තියක් වේවි..

අහඹුවකි
පිය සටහන්
නොඉඳුල් හද
වැලඳ ගත්..

උදා වූ කල,
ඒ පිය සටහන්
අහඹුවකින්ම
මැකී යන දින..

ආලය පිරි හද
වරම් අයදියි
කඳුලින්
පා දොවන්නට..

මෙන්න මෙහෙමයි සිද්ධිය.

අපි හිතමු X සහ Y කියලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කොල්ලෙක්. අනිත් කෙනා කෙල්ලෙක්. X ගේ ජීවිතයට Y එනවා. ඒ එන්නේ යාලුවෙක් විදියට. ඒ දෙන්නා හොඳ ම යාලුවෝ පමණක් බව දෙන්නා ම දන්නවා. නමුත් X, Y ට ආදරය කරනවා. ඒත් Y, Xට ආදරේ කරන්නේ නැහැ. ඒත් Yගේ ජීවිතයට X ගොඩක් වැදගත්. ඒ දෙන්න අතරේ නොගැළපීම් ගොඩක් තියෙනවා. කාලය ගත වෙද්දී Y කවදා හරි තමන් ව දාල යන්න ම යන බව X දන්නවා.  තමන්ට කවදාවත් හිමි නොවුණත් ඒ වෙන් වෙන දවසෙදී Y ගේ පාමුල වැටිලා හඬා වැළපෙන්න X අවසර ඉල්ලනවා..

මෙතැනදී කවුරු වැරදි ද, කවුරු හරි ද කියලා මට නම් හිතා ගන්න බෑ.. තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ ගැනත් සඳහන් කරන්න..

මෙතන දී මේ කවිය කොල්ලා කියන එකක් වෙන්නත් පුළුවන්, කෙල්ල කියන එකක් වෙන්නත් පුළුවන්. නමුත් වැඩි ඉඩක් ඇත්තේ කෙල්ල කියන එකක් වීමට. මොකද, කෙල්ලෙක් ගේ පාමුල සාමාන්‍යයෙන් කොල්ලෙක් වැටෙන්නේ නෑ නේ!! ඒ හින්දයි X සහ Y වෙන වෙන ම හැඳින්වුයේ නැත්තේ!!

17 comments

  1. ඒක ඒදෙන්නම තීරණේ කරන එක තමයි ගොඩක්ම වැදගත්......

    මොකද කාටවත් ඒ දැනෙන හැඟීම වචනවලට ගන්න බෑ.......

    ReplyDelete
  2. මේ ප්‍රශ්නෙටනම් නම් මල්ලී සමීකරණයක් ලියන්නම වෙනවා.
    :D
    මං හිතන්නේත් x කියන්නේ ගැණූ ළමයා වෙන්න පුළුවන්...
    අර පද පේළි ටික ලස්සනයි.

    ReplyDelete
  3. කෙල්ලෙක් ගේ පාමුල සාමාන්‍යයෙන් කොල්ලෙක් වැටෙන්නේ නෑ නේ!
    ඒ ඇයි?

    ReplyDelete
  4. I have no words... really true

    ReplyDelete
  5. පදපේලි ටිකනම් උපරිමයි.. ප්‍රශ්නේ නම් අනේ මන්දා... මං තාම පොඩි එකා..

    ReplyDelete
  6. ගොඩක්ම ප්‍රායෝගිකයි වගේ නේ

    ReplyDelete
  7. කෙල්ලෙක්ට නම් පද පේලිය ගැලපෙනවා :)

    ReplyDelete
  8. ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න නම් මමත් දන්නෙ නෑ.. ඒත් යාළුවට කියන්න කවි ටික නම් අපූරුයි කියලා...

    ReplyDelete
  9. මම දන්නව ලියපු කෙනා!;)
    සිරාවටම ලියල තියෙනව

    ReplyDelete
  10. මට මේක කියවද්දි මේ ගීය මතකයට ආවා. බලන්න ඒ මේ අදහසම නොවේද කියලා.

    "මේ ගඟ මේ දුර කතර ගෙවා
    ඇයි මෙතනින් සයුරේ වැටුණේ
    මේ හැටි දුර පියමං කරලා
    ඇයි මම ඔබ ළග නතර වුණේ"

    ReplyDelete
  11. ඇයි ඉතින් එයා වෙන්වෙලා යනදාට මෙයා කකුල් දෙක බදන් අඬන්න ඉල්ලන්නෙ?මට නම් ඒක තේරෙන්නෙ නැහැ...ඇයි එයාගෙන් වරදක් උනාද? නැහැ..ආදරේ කරපු එක වරදක් නෙවේ..එච්චර ආදරේ කරපු කෙනෙක් වෙනුවෙන් තමුන්ගෙ හිතේ ආදරයක් ඇති උනේ නැතුව එයාව දාල යන්න යන කෙනයි කකුල් දෙක ගාව වැටිල අඬන්න ඕනෙ......

    ReplyDelete
  12. කවිය ලස්සනයි.. හැබැයි වෙනස්කම් නොකරම දාන්න තිබ්බේ..

    ReplyDelete
  13. දැවෙන ප්‍රශ්න...

    ReplyDelete
  14. ඔය තියෙන්නෙ එළකිරි සහ ජලය වගේ...

    ReplyDelete
  15. ලියන්න බැරිය කියා පසුබසිනවා මිස උත්සාහ කලොත් මොනතරම් ලස්සනට ලියන්න පුලුවන්ද කියන එකට හොඳ උදාහරණයක් මේ පැදි පෙල.

    පද පේලිවල ලස්සන තවත් වැඩි වෙන්නේ දෙපැත්තටම හරියන්න හිතන්න සාධක අමුනා ඇති අපූරුව හේතුවෙන්. ඒ නිසා උත්තරයක් හොයන්න මහන්සි නොවුයෙමි.

    ReplyDelete
  16. සීමාව දැන දැනම සීමාවෙන් එහාට ගිය xගෙ හිතවැරදිද මන්ද...

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading