අද මොකක් හරි පොස්ට් එකක් දාන්න ඕන.. ඒත් මට ලියන්න දෙයක් හිතෙන්නේ නෑ. ඒ හින්දා වෙනස් විදියේ පොස්ට් එකක් දාන්න හිතුවා.මෙහෙම කියන්නම් කෝ..
මම මේ ලඟදි පොඩි දෙයක් ලිව්වා.. ඒක ලියන්න හේතු උනේ මගෙන් කෙනෙක් අහපු දෙයක්. වැඩි දෙයක් නෑ.. පේලි දෙකයි. ඒ කොහොම උනත් මම කිව්ව දේ ඒක අහපු කෙනාට තේරුණේ නෑ. මට පැහැදිලි කරන්න තරම් හිතක් ඇති උනෙත් නෑ.. ඒ හින්දා අලුත් අවුරුද්දේ මේ ගැනත් හිතන්න. ගන්න දෙයක් තියෙනවා කියලා හිතෙනවා නම් ගන්න.. තේරුම් ගන්න බෑ වගේ නම් අතෑරලා දාන්න..
පිරී තිබුනත්
දොළොස් මාසේ..
පියුම් නොපිපෙයි
ඒ ජලාශේ.
මේ මම දාන අන්තිම පොස්ට් එක.(මේ අවුරුද්දට)
අරුණැල්ල පටන් අරන් තාම අවුරුද්දක් වත් නෑ. මේ අවුරුද්ද පුරාම අපිත් එක්ක හිටපු, පොස්ට් එකක් බලලා සතුටක් විඳපු, කමෙන්ට් එකකින් හරි ඒ අදහස් දක්වපු වගේ ම රහසේ ම හැංගිලා ගිය හැමෝට ම ගොඩාක් ස්තුතියි.ඒ හැමෝම අලුත් අවුරුද්දෙත් අපිත් එක්ක ම ඉඳීවි කියලා බලාපොරොත්තු වෙනවා..
ලබන අවුරුද්දේ අපි අලුත් බලාපොරොත්තු එක්ක අලුත් විදියට හමු වෙමු.
හැමෝට ම සුභ නව වසරක් වේවා.!!
මම,
~Nj~
නින්ද නැති කල
Wednesday, December 28, 2011
අවකාශ නැති කල,
රැඳෙන්නට
දෙනෙත් කෙවෙණි අග,
Labels:
Emotional,
ආදරය,
නිසඳැස්,
සාහිත්‍යමය
Location:
Gintota, Sri Lanka
නිහඬ වීම
Saturday, December 24, 2011
ජී. බී සේනානායකගේ නිශ්ශබ්දතාවය කවි පෙළ කියවලා නැති කෙනෙක් ඉන්නවා ද කියල කවුරු හරි ඇහුවොත් ඒ විදියේ කෙනෙක් හොයා ගන්න ගොඩක් අමාරු වෙයි කියලා හිතෙනවා. ඒ තරම්ම ඒ කවිය අපි කා අතරත් ජනප්‍රියයි.. මම හිතන විදියට පලි ගැනීම පොතේ තියෙන හොඳ ම නිසඳැස ඒක.. මම නිශ්ශබ්දතාවය කියෙව්වේ සා/පෙළ කරන කාලේ..මට දෙපාරක් කියවද්දී ම ඒ කවිය පාඩම් වුණා.. දැනටත් මට හැම පදයක් ම හොඳට මතකයි.. කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් බලා ගන්න..මේ ලඟදි දවසක් මට නිකමට හිතුනා ජී බී සේනානයක මහත්මයා අද කාලේ ජීවත් වුණා නම් නිශ්ශබ්දතාවය මීට වඩා වෙනස් වෙන්න තිබුණා කියලා.. මට හිතුනා අද කාලෙට ගැලපෙන විදියට ඒ පද පේලියේ මුඛ්‍ය අර්ථය ටිකක් වෙනස් කරන්න.. ඒ රසය මේ කවියෙන් නම් ගන්න බෑ.. ඒක මම පිළි ගන්නවා.. මම මේ කළ දෙය හින්දා එතුමාගේ නිර්මාණයට හානියක් වුණා කියලා කාට හරි හිතෙනවා නම් සමා වෙන්න.. මෙන්න මට හිතුනු විදිය..
ෆෝන් එක අතේ තියන්
විට්ටමට වාරු වී
උදේ ඉඳන්
රෑ වෙනකම්
ඇය සමග
චැට් කරන්නට වීමි...
නොනවත්වා ම
ඇගේ පණිවුඩ
ලැබෙන්නට වූ කළ
තිරය දෙස බලා හුන් මම
ඇසීමට දිගු කාලයක්
පුල පුලා සිටි
කිසිවක්
ඇසීමට සිතීමි..
කෙටූ පණිවුඩය
යවන්නට සැරසෙත් ම
දුරකථනය
දෙදරන්නට විය..
කොහේදෝ සිට
පියඹා ආ
කුරුමිණියෙක්
මා වටා කැරකී
තිරයෙහි වැසුවේ ය..
ඇගේ පණිවුඩය
කියවූ මම
වෙවුලන්නට වීමි..
තිරය දෙස
යලිත් වරක් බැලූ මම
කොට්ටය මත
හිස තබා
දෑස් පියා ගතිමි..
ෆෝන් එක අතේ තියන්
විට්ටමට වාරු වී
උදේ ඉඳන්
රෑ වෙනකම්
ඇය සමග
චැට් කරන්නට වීමි...
නොනවත්වා ම
ඇගේ පණිවුඩ
ලැබෙන්නට වූ කළ
තිරය දෙස බලා හුන් මම
ඇසීමට දිගු කාලයක්
පුල පුලා සිටි
කිසිවක්
ඇසීමට සිතීමි..
කෙටූ පණිවුඩය
යවන්නට සැරසෙත් ම
දුරකථනය
දෙදරන්නට විය..
කොහේදෝ සිට
පියඹා ආ
කුරුමිණියෙක්
මා වටා කැරකී
තිරයෙහි වැසුවේ ය..
ඇගේ පණිවුඩය
කියවූ මම
වෙවුලන්නට වීමි..
තිරය දෙස
යලිත් වරක් බැලූ මම
කොට්ටය මත
හිස තබා
දෑස් පියා ගතිමි..
මම
~Nj~
Labels:
ආදරය,
නිසඳැස්,
මට හිතුනු දේවල්
ආදරෙයි නුඹට, දිවි ඇති තුරාවට
Friday, December 23, 2011
උපේක්ඛා කියලා තිබුණා නුඹට බැඳි සෙනෙහස එකේ ඉතිරි ටිකත් දාන්න කියලා.. ඒ හින්දා කලින් නොදා ඉන්න හිටියත් ආයෙත් ඒ ටික දාන්න තීරණය කළා.. මේ ටික ගැන නම් මම මුකුත් කියන්න යන්නේ නෑ.. කියවන අය ම තීරණය කරන්න..
පුංචි කාලේ අපි
අත් පොඩි අල්ලා
මතක ද දිව්වා
සෙනෙහසින්..
ඒ යුග අවසන්
වී යළි එලෙස ම
කෙළිනු නොහැකි අද
ආදරෙන්..
ආදර ගඟුලක
ගිලී මියෙන්නට
නුඹේ රුව දකිනු රිසින්
නුඹේ හඬ අසනු රිසින්
බලා හිඳිමි මම
හද පිළි ගන්වන්න තොසින්..
මම,
~Nj~
මචං, උඹට ගොඩක් ස්තුතියි.!
Tuesday, December 20, 2011
හැමදාම එක එක විදියේ පොස්ට් දාපු එකේ මට හිතුනා අද ටිකක් වෙනස් විදියේ පොස්ට් එකක් දාන්න.. මේක කතාවක් නම් නෙවෙයි.. කැමති කෙනෙක් ට කැමති නමක් කියන්න පුළුවන්..
මම කතාව මෙහෙම පටන් ගන්නම් කෝ..මම කියවන්න ඉගෙන ගත්තේ ගොඩක් පොඩි කාලේ.. මට මතකයි මම පෙර පාසල් යද්දී මට ඉංග්‍රීසි හෝඩිය ම ලියන්න පුළුවන්. ඒ වගේ ම සිංහල සැලකිය යුතු තරම් කියවන්නත් පුළුවන්.(ඒ කිව්වේ ඉතින් අකුරු ටිකක් දහිරිය දාලා ගැට ගහලා කියව ගන්න පුළුවන් කියන එක හොඳේ!)
මම පාසල් යන්න පටන් ගත්තේ 1997 අවුරුද්දේ. ඒ උනත් මම විජය පත්තරේ කියවන්න ගත්තේ 1996 අවුරුද්දේ ඉඳන්. (කියෙව්වා කියන්නේ ඉතින් අකුරු ගැට ගහ ගහ කියවනවා.. කාගේ හරි උදවු ඇතිව පැයකට වචන දහයක විතර සීග්‍රතාවෙන්..) තවමත් ඒ කාලේ ගත්ත සමහර පත්තර අපේ ගෙදර තියෙනවා.. ඒත් ඒ කාලේ ගැන ලොකු මතකයක් නම් නෑ.. ඒත් 1998 වගේ ඉඳන් කියවපු ඒවා සමහරක් මට තාම මතකයි.ඒ කාලේ විජය පත්තරේ ගිය මලිත්තා කියන කතාව දවසක් විතර තියාගෙන කියවනවා මට යන්තමින් මතකයි.
1997 අවුරුද්දේ මම මුලින් ම ඇතුලත් උණේ ගිංතොට මහා විද්‍යාලයට. ඊට පස්සේ 1998 අවුරුද්දේ 2 වසරට හපුගල මහා විද්‍යාලයට ඇතුලත් උණා.
මම මේ පොස්ට් එක ලියන්න ගත්තේ ඒ දේවල් කියන්න නෙවෙයි. ඒත් ඒ දේවල් නොකිව්වොත් මම කියන්න යන දේට අදාල පසුබිම නිර්මාණය නොවෙන්න පුළුවන්. ඒකයි.
මම 2 වසරට අලුත් පාසලකට ගියාම අලුත් මිත්‍රයෝ කණ්ඩායමක් මුණ ගැහුණා. ඒ සමහර මිතුරුකම් තාමත් එහෙමමයි.. හපුගල දී මට මුණ ගැහුණු එක්තරා මිත්‍රයෙක් හිටියා.. ඒ කාලයේ මට වගේ ම ඔහුටත් හොඳට කියවන්න පුළුවන්. ඒ උනත් මම වැඩිපුර කියෙව්වේ කතන්දර පොත්. ඒත් ඔහු එක එක විදියේ පොත් කියෙව්වා.. ඔහු ඇසුරු කරද්දී මාත් ඒ විදියේ පොත් කියවන්න පටන් ගත්තා..
අපේ අත්තම්මා ගුරුවරියක්. ඒ නිසා අපේ ගෙදර විවිධ ශ්‍රේණි වලට අදාල පෙළ පොත් සමහරක් තිබුනා. ඒ වගේ ම මගේ මිත්‍රයාගේ ගෙදරත් ඒ විදියේ පොත් තිබුනා. අපි දෙන්නා ඒවා කියවලා ඉගෙන ගත්ත දේවල් ඉස්කෝලේ ආවම බෙදා හදා ගන්නවා.. මට මතකයි අපි 4 වසරේ ඉන්දෙද්දී 7,9 වසරේ සිංහල පොත් කියවනවා.. ඒ කාලේ හරියට ඒ දේවල් නොතේරුණත් අපි සැලකිය යුතු දේවල් ප්‍රමාණයක් ඒවායින් ලබා ගත්තා. උපමා, ප්‍රස්තාව පිරුළු, ආප්තෝපදේශ ගොඩක්. ඔහු වරක් මට කිව්වා "වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නා සේ" කියන පිරුළ. එකේ තේරුම අපිට හරියට තේරුම් ගන්න බැරි වුණා. ඒත් අපි කොහොම හරි තේරුම හොයා ගත්තා.. පසු කාලයක දී මම එක්තරා සාමාන්‍ය දැනීම තරඟයකට සහභාගී උණා. ඒ තරඟයේ එක වටයක (මතක විදියට පළමු වටයේ. නැත්නම් අවසන් වටයේ)ලිඛිත කොටසේ එක ප්‍රශ්නයක් උනේ ඒ ප්‍රස්තාව පිරුළේ හිස් තැනක් සම්පුර්ණ කිරීම. මම ඒ තරඟයෙන් ජයග්‍රහණය කළා. මට ඒ ප්‍රශ්නයට පිළිතුරු ලියද්දි එක් වර ම මට මතක උනේ මගේ මිත්‍රයව.
ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා මම සිරිධම්ම විද්‍යාලයට ඇතුලත් වුණා. මගේ මිත්‍රයත් සමත් වුනත් ඔහුට වෙන හොඳ විද්‍යාලයකට යන්න තරම් ඒ ලකුණු ප්‍රමාණවත් වුනේ නෑ. කොහොම හරි ඒ කාලයේ භාෂාව කෙරෙහි ඇති වුනු ආශාව නිසා ලබා ගත හැකියාව වෙනස් නොවී දිගට ම තිබුණු නිසා ද කොහෙද මට සිංහල විෂයය සඳහා නිතර ම ඉහල ලකුණු ලැබුණා.
සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ හදාරද්දී මට ඒ මිත්‍රයා නැවතත් හමු වුණා. සමහර නොතේරුණු කොටස් අපි එකතු වෙලා සාකච්ඡා කළා. ඒ වෙද්දී මම කියවීමෙන් ටිකක් විතර ඈත් වෙලා හිටියේ. වෙනදා තරම් කියවන්න වෙලාවක් තිබුනේ නෑ විභාගය නිසා. ඒත් ඔහු ඒ තරම් ම ඒකෙන් ඈත් වෙලා තිබුනේ නෑ. මම මිත්‍රයා එක්ක ගත කරන පැය කිහිපයක කාලය තුළ ගොඩක් දේවල් දැන ගත්තා. ඒ කාලේ බ්ලොග් ගැන මම දැනගෙන හිටියේ නෑ. මම මට හිතෙන දේවල් පොතක ලියලා තිබ්බා.
පහු වෙද්දී මම බ්ලොග් එකක් ලියන්න ගත්තා. මගේ බ්ලොග් එකේ හැම පෝස්ට් එකකට ම වගේ ඔහුගේ comment එකක් අනිවාර්යයෙන් ම වැටුණා. ඒ වගේ ම ඒ comment වලින් සහ කතා බහ කරද්දී මම ලිවිය යුතු ආකාරය සහ මගේ අඩුපාඩු පිළිබඳව ගොඩක් දේවල් තේරුම් ගත්තා.. ඔහුත් ටික දවසකින් බ්ලොග් එකක් ලියන්න ගත්තා. මගේ වගේ නිතර ම ඔහුගේ බ්ලොග් එකේ පොස්ට් වැටෙන්නේ නම් නෑ.. ඒත් කාලෙකින් හරි වැටෙන පොස්ට් එකක් ගොඩක් වැදගත් එකක්. අර්ථාන්විත සහ භාෂාව මනා ලෙස හසුරවපු එකක්.
අධ්‍යාපන මට්ටමෙන් අපි දෙන්නා තැන දෙකක ඉන්න පුළුවන්.. ඒත් ගොඩක් දේවල් වල දී ඔහු මට ගුරුවරයෙක් උණා.. මම කරන නිර්මාණයක යම්කිසි සාර්ථක බවක් තියෙනවා නම් ඒ වෙනුවෙන් ඔහුගෙන් වුණු දායකත්වය ඉතාම ඉහළයි.
මම මෙච්චර වෙලා විස්තර කිව්වට මිත්‍රයාගේ නම කිව්වේ නෑ.. ඒත් මාව සහ ඔහුව දන්නා අය නම් මේ වෙනකොට නම අනුමාන කරලා ඇති.. ඔහුගේ නම නුවන්. නුවන් තාරක.මේ පෝස්ට් එක ලිව්වේ ad එකක් දාන්න නෙවෙයි.. මගේ මිත්‍රයාගෙන් ලැබුණු දේවල් අමතක කරන්න බැරි නිසා..
මචං නුවන්.. උඹට ගොඩක් ස්තුතියි.!

ආ ගිය තොරතුරු,
මට හිතුනු දේවල්
Location:
Gintota, Sri Lanka
අයදින සිඟමන්
Monday, December 19, 2011
කැළණි පාලම
යටින් ඇදිලා
බසයට රිංගා
සිඟමන් යැද්දා
ලැබුන ද මන්දා..
ලැබුන ද මන්දා..
හඬන හින්දා
උරයෙහි රන්දා
නළවන බිළිඳා
කාගේද මන්දා...
මම
~Nj~
Labels:
Emotional,
ආ ගිය තොරතුරු,
නිසඳැස්,
මට හිතුනු දේවල්,
සමාජයීය
නුඹට බැඳී සෙනෙහස
Friday, December 16, 2011
මේ ලඟදි දවසක් මගේ මිතුරෙක්ගෙන් පොඩි ආරාධනාවක් ලැබුණා ගීතයක් ලියලා දෙන්න කියලා.. පොඩි සිද්ධියකුත් කිව්වා වස්තු බීජය නැත්නම් නිමිත්ත කර ගන්න කියලා. තව එකක්.. ලියන්න ඕන උනේ duet එකක්.. තේරෙන සිංහලෙන් කියනවා නම් යුග ගීතයක්. ඔන්න ඉතින් මාත් දෙයියනේ කියලා ලියන්න ගත්තා.. ඒත් මට ඒ තේමාවට අදාලව ලියවුනේ සරල ගීයක්.. නමුත් අන්තිම කොටස ටිකක් සංකීර්ණ කරන්න උත්සාහ දරපු නිසා ද කොහෙද වැඩේ අවුල් උනා.. මම ඒ කොලේ විසි කරලා දාලා අලුතෙන් ලියන්න ගත්තත් පස්සේ හිතුනා ඒ අන්තිම කොටස වෙනම නිර්මාණයක් විදියට පොස්ට් කරා නම් හොඳයි කියලා.. මේක ටිකක් බලලා හොඳ නරක කියන්න..
නුඹයි සදහට
මගේ මිතුරිය
පහදනු හැකි වේද
අප සිත බැඳී ලෙද
උපමා රූපක
විස්තීරණ කළ
විසිතුරු වූ නෙක
කවි කමින්....
නොකියමි සෙනෙහස
මා බැඳී නුඹ වෙත
අමිල නිකැළැල්
ප්රේ මය යැයි කියා
අරුතක් සොයනෙමි
ජීවන මං පෙත
මතු ජය ලබනු නියා...
ප.ලි.: මේක ටිකක් අප්සට් වගේ තමයි.. නිකම් හිතුණට දැම්මේ.. හිනා වෙන්න නම් එපා හොඳේ...
මම
~Nj~
අසිරිය
Tuesday, December 13, 2011
ඉරා අඳුරු කඩ
නැගෙන විට හිරු
ගිලිහෙන්නට පළමු
වියලෙන්නට වන
පත් අග රැඳී
පිනි බිඳක්
විඳ ගන්නේ
යම් සේ ද
එ හිරු කිරණින් ම
විකසිත වන
කැකුළක අසිරිය
කැකුළක අසිරිය
එපරිද්දෙන් ම...
Labels:
Emotional,
නිසඳැස්,
මට හිතුනු දේවල්,
සාහිත්‍යමය
අපේ එවුන්
Sunday, December 11, 2011
එකෝමත් එක කාලෙක
හිස් අහස දිහා බලාගෙන
අවුරුද්දක් පුරාවට හුල්ලපු
අපේ කාලයේ මීටර ටිකක්..
නා නා විධ ආයිත්තම් පැළඳ
තවත් අයෙක්
අතුල්ලා නූල් ගිය
දිය වී ගිය
රෙදි පෙරෙදි හැඳ
තැන් තැන් වල
වල බැස්සහ..
විසිරී ගිය උන් රැල
එක තැනකට එක් වී
ගත විය මාසයක්
ඉන් පසු තවත් එකක්..
දැන් උන්ගේ
කතාව කඩ්ඩෙනි..
මුවග
ඩිජිටල් සිනහවකි..
කවුරු කෙසේ කීවත්
දෙසියය ම එකා මෙනි..
කට්ට කා අවසන් වූ විට
මදය හමු වන බව
උහු දනිති...
මදය හමු වන තුරු
උහු කට්ට කති..
Labels:
ආ ගිය තොරතුරු,
නිසඳැස්,
මට හිතුනු දේවල්,
සමාජයීය,
සරසවියේ අත්දැකීම්
Location:
Gintota, Sri Lanka
විසිරාගේ වැඩ - නගුලේ ඇව්ළුම් බොහොම හොදයි
Wednesday, December 7, 2011
සමා වෙලා වදාරන්න ඕන ටිකක් පමා උනාට.. මේ දවස් වල තියෙන වැඩ කන්දරාව හින්දා බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න නෙවෙයි.. නිකමට ඇවිත් යන්න වත් බැරි උණා.. ඔන්න අද ඕන එකක් උනාවේ කියලා ආවා..
අද දාන්නේ කලින් ලියලා තිබ්බ එකක්..මේ කතාව කියන ශෛලිය කලින් ට වඩා වෙනස්.. හොඳ ද නැද්ද කියලා නම් මම දන්නේ නෑ.. පෞද්ගලිකව මගේ අදහස නම් මේ ලියන විදිය ටිකක් අවුල් කියලා.. ඒත් අනිත් අයගේ අදහස් විමසන්නත් එක්ක දාන්න හිතුව..
කියවලා හිතෙන දේවල් කියලා යන්නකෝ...
තමන්ගෙ "හාට් බීට්" එක ගැනවත් හිතන්න වෙලාවක් නැති කාලෙක අනුන්ගේ "හාට්" එකක් ගැන ෆුල් සෝදිසියක් දාන්න හිතිලද කොහෙද අයිස් දියවෙන්න තරම් ඉර පායපු දවාලක විසිරා ගෙදරින් අතුරුදහන් උනා.
"ල(ර්)නර්ස්ලා" වටරවුම් ගහනවා වගේ දවසෙම ඇවිදලා ගෙදර එන්න "රිවස්" කරද්දි මගදිම කළුවර වැටුනා.අලි මදිවට කොටි කිව්ව වගේ මහා වරුසාවක් වැටෙන්න පටන් ගත්තා.
හැම අදුරු වළාවක් අතරෙම රිදී රේඛාවක් තියෙනවා කිව්වා වගේ විසිරට ළගපාත තියෙන ගොවි ගෙදරක් "ෆෝකස්" උනා.ලැබුන අවස්ථාවෙන් උපරිම ඵල නෙළාගන්න ඕන කියල හිතපු විසිරා කාන්දමක් වගේ ගොවි ගෙදර පැත්තට ඇදුනා.
කොහොම කොහොමහරි විසිරගෙ හැගීම්බර "ස්ටෝරි" එක අහන් හිටපු ගොවියා අන්තිමට විසිරට අවසර දුන්නා එදා රෑ එහේ ඉන්න.ඒත් අතපය හොදට දිගෑරගෙන ගොවි ගෙදර ඇදක් උඩට වෙලා ගොරව ගොරව නිදාගන්න පෙරුම් පුරපු විසිරට අන්තිමට උරුම වුනේ මඩු ගෙයි ලගින්න.ඒත් ලද දෙයින් සෑහීමකට පත්නොවුනොත් මහ පාරෙ නිසා විසිරා මඩු ගෙයි රෑ ගත කරන්න තීරණය කරා.
හිරිගඩු පිපෙන්න තරම් හීතල දැනෙද්දී විසිරගේ අල ගෙඩියක් තරම් මොළ ගෙඩිය "කූල්' වෙන්න පටන් ගත්තා. ගිනිමැලයක් ගහන්න ඇත්නම් කියල විසිරට හිතුනා. හතර වටේටම ඇන්ටනාව කරකවලා මාර ගේමක් දීල පොල්ලෙලි ටිකක් එකතු කරල ගිනිමැලයක් ගැහුවා.ගින්නක් නැතුව දුමක් නොනගී කිව්වට විසිරගේ ගිනිමැලේ දුම විතරයි.ආයිමත් වටයක් කැරකිලා බලද්දී විසිරට ගලවපු නගුලක කෑලි ටිකක් "මීටර්" වුණා.
"නතින් එනිතින් මොනතින්" උනත් කමක්නෑ කියල හිතල විසිරා වරකට එක බැගින් කෑලි ටික අරපිරිමැස්මෙන් ගිනිමැලයට දම දම ගිනි ඇවිළුවා.
අනුන්ගේ හොද දේ හිතේ කහටක් නැතුව අගේ කරන්න විසිරට තියෙන පුරුද්ද නිසාම විසිරා ගොවියාට කතා කරල මෙහෙම කිව්වා."අපේ නිළමේ,නිළමේගේ නගුල නම් එළකිරි "
විසිරගේ කතාවෙන් "අප්" වුන ගොවියා විසිරට මෙන්න මෙහෙම කිව්වලු "ඔව් විසිරෝ,මේ නිළමේගෙ බඩු ගැන ආයෙත් අහල .ඕකෙ ඇවුලුම් (පොලවට කාවදින ගතිය ) කිරි ගහට ඇන්න වගේ.බොරුනම් බලාපන් "
අනේ මෙහෙමත් මැට්ටෙක් කියල හිතපු විසිරා "ඔව්,ඔව් ගල් පැලෙන ඇත්ත.ඒකෙ ඇවිලීම නම් පංකාදුයි .මේ ගිනි ගොඩෙන් ඒ බව හොදට පේනව"
රවියගෙ "ඇණේට "උදේම ජීවන චක්රෙ "රීස්ටාර්ට්" කරපු ගොවියා,නගුල "සෙට්" කරන් වැඩට බහින්න හැදුවලු.ගොවියට විසිරා "ඇවිලුම හොදයි" කියලා කියපු දේ "මීටර්" වුනේ මඩුවේ එතකනුත් ඇවිලෙමින් තිබුන ගිනිගොඩ දැක්කම.
ගොවියගෙ ඇගේ හිටපු මාළු ඔක්කොම"ඩිස්කො" නටන්න පටන්ගත්තා.නටන මාළුත් එක්කම ගොවියා විසිරව හම්බවෙලා විසිරගෙ ඇගට පැනපි. "යකෝ තෝ මගේ නගුල පිච්චුවේ අම්මගේ අප්පගේ බුදලේ කියල හිතලද ?"
විසිරත් "සෙකන්ඩ්"වෙන්න ගියේ නෑ "ඇයි යකෝ උඹේ ඔළුවට ඊයේ රෑ පිනිපිනිබෑවයි.එහෙනම් අහවල් මගුලකටද ඇවිලුම හොද ද බලන්න කිව්වේ "
"ඇයි ගොනෝ! මම කිව්වේ නගුල පුච්චන්නද?නගුලේ ලී වැලේ ඇවුලුම් හොදද කියල බලන්නනෙ බූරුවෝ මම තොට කිව්වේ ? "
"හාන්න කුඹුරක් නැති තැනකදී,ගිනිගොඩක් ලගදි නගුලේ ඇවිලීම හොඳ ද බලන්නට කිව්ව් උඹද නැත්තම් මම ද ගොනා?" කියල විසිරා ආඳා වගේ ලිස්සල ගියා.

කතන්දර,
ජන කතා,
සමාජයීය
විසිරාගේ වැඩ - කුකුළා මග දී හඬලයි..
Wednesday, November 30, 2011
ඔන්න මම අද කියන්න යන්නෙත් විසිරාගේ ම කතාවක් තමයි.. විසිරා කියන්නේ එක තැනක එක විදියකට ඉන්න බැරි මිනිහෙක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ..
ඔන්න ඉතින් දවසක් විසිරා තමන්ගේ ගමෙන් නික්මලා උඩ හේවාහැට ප්‍රදේශයේ ඇවිදින්න ගියා. ඇවිදින්න ගියා කිව්වේ මොකක් හරි වැඩකට යන්න ඇති.. කොහොම හරි ඔහු ගිය කටයුත්ත හිතපු තරම් ඉක්මනින් ඉවර කර ගන්න බැරි උන හින්දා එන ගමනේ මග දී ටිකෙන් ටික අඳුරු වැටුණා..
රෑ වෙද්දී ගමන් කරන එක ඒ ප්‍රදේශවල ටිකක් අමාරු කටයුත්තක්.. ගම් වටේට තියෙන මහා කැලය නිසා සතුන්ගෙන් සිදු විය හැකි උවදුරු වගේ ම, පාරවල් අද වගේ මනාව පිළිසකර කරලා නැති නිසා අනතුරු සිදු විය හැකි බව අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.. ඒ වගේ ම අද වගේ වීදි ලාම්පු එදා තිබුනේ නෑ..
ඔන්න ඉතින් විසිරා අමාරුවෙන් ටික ටික ඉදිරියට ආවා.. අලි මදිවට හරක් කියන්න වගේ එක පාරට ම මහා වැස්සකුත් කඩාගෙන වැටෙන්න පටන් ගත්තා.. විසිරාට තේරුනා දැන් නම් ගමන නවත්වලා කොහේ හරි රෑ ගත කරලා යන්න තියෙනවා නම් හොඳයි කියලා.. එහෙම හිතලා වට පිට බලද්දී ඔහු දැක්කා ළඟ තිබුණු ගෙදරක්..
අතේ තිබුණු බඩු පොට්ටනියත් කිහිල්ලේ ගහගෙන විසිරා ඒ පැත්තට ගියා..
විසිරාගේ ගමේ විතරක් නෙවෙයි.. අහල ගම් හතක අය උනත් විසිරා කියන්නේ කවුද කියලා හොඳින් දැනගෙන හිටියා.විසිරා දැක්ක ගමන් ගෙදර ඇයට ඇති උනේ පහන සිතිවිල්ලක් නම් නෙවෙයි..
ඒත් විසිරා එලවා දමන්න තරම් ඔවුන් තුල තිබූ සාරධර්ම පිරිහිලා තිබුනේ නෑ..සිංහල සංස්කෘතිය විසින් කාලයක් තිස්සේ පුරුදු පුහුණු කෙරුණු, බටහිර සිරිත් විරිත් වලින් ඉඳුල් නොවුණු අපේ ආගන්තුක සත්කාර දැක්වීම සහ ඒ ලකුණ විසිරා දුර්ජනයෙක් වීමෙන් යටපත් කරන්නට ඔවුන්ට හිත් නොදුන්නා වන්නට පුළුවන්.. ඒ කොහොම උනත් එදා රෑ විසිරා නවාතැන් ගත්තේ මම කියපු ගම ගෙදර..
විසිරා කවුරු උනත් ඒ ගෙදර අය ඔහුට බොහොම හොඳින් සත්කාර කරලා නිදා ගන්නත් ඉස්තෝප්පුවේ තැනක් පිළියෙළ කරලා දුන්නා. එදා ගම ගෙදරක අනිවාර්යයෙන් කුකුලෙක් හිටියා.. ආදී කාලේ ඉඳන් උදේ අවදි කිරීමේ කාර්යය භාරව තිබුනේ කුකුළාට කියලා දන්නවා නේ.. (මේ මේ.. මම කියන්නේ අර පිහාටු තියෙන සතා ගැන.. නැතුව වෙන වෙන අය ගැන නෙවෙයි හොඳේ..)
ඔන්න ඉතින් මේ කියන ගෙදරත් සුදු පාට තඩි කුකුළෙක් හිටියා..ඌ හිටියේ ඉස්තෝප්පුවේ ම එක කොනක.. ඉස්තෝප්පුවේ ම නිදා ගන්න ආව විසිරා ඌව දැක්කා... විසිරා ගැන ඉතින් දන්නවා නේ.. ඒ වගේ දෙයක් දැක්කම තියලා යන්න අ හිතෙන්නේ ම නැති කෙනෙක් නේ විසිරා.. විසිරාට උවමනා උනා මේ කුකුළා ගන්න..විසිරට දෙයක් ගන්න ඕන උනාම ඒ දේ ගන්න විදිය මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේ...
ඔන්න ඉතින් රෑ දෙගොඩ හරියේ විසිරා අවදි උණා.. අවදි උන ගමන් බැලුවේ කුකුළා දිහා..මෙන්න ඉන්නවා තඩි සුදු කුකුල් රාජයා. පැත්තකට වෙලා.. වටේ පිටේ අඳුර තාමත් අඩු වෙලා නැති හින්දා කුකුළා නිදි වගේ.. තාමත් වැස්ස හොඳට ම අඩු වෙලා නෑ..
විසිරා තමන්ගේ කරේ දාන තුවාය අතට ගත්තා.. අරගෙන වැහි වතුරෙන් ම තෙමා ගෙන ඒකෙන් කුකුළා වැහුවා.. තෙත රෙද්දකින් වැහුවම කුකුල්ලු කිසි ශබ්දයක් කරන්නේ නෑ කියලා පැරැන්නන් අතරේ මතයක් තියෙනවා. (ඒක හරි ද වැරදි ද කියලා මම දන්නේ නෑ..)
කොහොම හරි තෙත රෙද්දක් දාලා වපු කුකුලව කිහිල්ලේ ගහ ගත්ත විසිරා තමන්ගේ බඩු මුට්ටු ටික ඒක අතකට ගත්තා..අරගෙන ගෙදර ගෘහණියට කතා කළා..
"අපේ මැණිකේ..මම එහෙනම් ගිහින් එන්නම්"
"ඒ මොකද විසිරෝ මේ තරම් උදෙන්.? කුකුළා හඬලනකම් වත් ඉඳලා ගියා නම්"
"අනේ කමක් නෑ මැණිකේ.. ඌ මගදී හඬලාවි නේ.."
එහෙම කිවූ විසිරා වැස්සේ ම නික්මිලා ගියා..
'කුකුළා මගදී හඬලාවි නේ මැණිකේ' කියපු විසිරාගේ කතාව මැණිකේට තේරුනේ උදේ කුකුළා නැති බව දැන ගත්තාට පස්සේ..
විසිරාගේ වැඩ - වං ගෙඩියේ කතාව
Sunday, November 27, 2011
ඔන්න හා හා පුරා කියලා හොර වැඩකින් ම වැඩේ පටන් ගන්න හිතුවා..
මම මේ කියන්න යන සිද්ධියට පාදක වෙලා තියෙන්නේ 19 වන සියවසේ, ඒ කියන්නේ එක්දහස් අටසිය ගණන් වල උඩරට ප්‍රදේශයේ හරියටම කියනවා නම් පාත හේවාහැටේ එක්තරා ගමක ජීවත් වුනු එක්තරා පුද්ගලයෙක් හා බැඳුනු සිදුවීමක්..
නියම නමක් තිබුනත් ගමේ ලොකු කුඩා හැමෝම අපේ කථා නායකයා ව දැනගෙන හිටියේ "විසිරා" කියන නමින්.. විසිරා කියන්නේ ඒ කාලයේ ගමේ ප්‍රසිද්ධ චරිතයක්..ඇත්තට ම විසිරා ප්‍රසිද්ධ වෙලා හිටියේ හොඳ දේවල් වලින් නම් නෙවෙයි.. කෙලින් ම කියනවා නම් විසිරා කියන්නේ හොරෙක්.. ඒ වගේ ම ස්ථානෝචිතව කථා කරන්නත්, කවට කමක් කරලා ඕන ම තැනකින් බේරිලා යන්නත් ඔහුට සහහයෙන් ම හැකියාව ලැබිලා තිබුණා..
විසිරා ගැන ගමේ මිනිස්සුන්ගේ තිබුණු ආකල්පය කොයි විදියේ ද කියනවා නම්, විසිරා ගමේ ගෙදරකට ආවම ගෙදර මිනිස්සු ඒ ගෙදර තියෙන හැම පොඩි දෙයක් ගැනම හොඳ අවධානෙකින් හිටියා. මොකද ඒ අවධානය යන්තම් වත් පිට යාමෙන් ලොකු පාඩුවක් වන්න පුළුවන් කියලා ඔවුන් දැනගෙන හිටියා..
විසිරා වැඩියෙන් ම හොරකම් කළේ ගෙවල් වල තියෙන පොඩි පොඩි දේවල්.. ඒ විදියේ දෙයක් නැති උනත් ගෙදර මිනිස්සුන්ට ඒක දැනුනේ ටික වෙලාවකින්,එහෙමත් නැත්නම් වෙනත් දවසක ඒ උපකරණය අවශ්‍ය වෙලා හොයද්දි.. උදාහරණයක් විදියට ගිරයක්, බුලත් හෙප්පුවක් වගේ දෙයක් නම් විසිරාගෙන් බේරා ගන්න ගොඩක් අමාරු උණා..වැරදිලාවත් හොරකම අහු උනත් අවස්ථානුකුලව කවටමකමක් කරලා එතනින් ගැලවිලා යන්න විසිරා දක්ෂයෙක්..
තවත් දෙයක්..
විසිරා දෙයක් හොරකම් කලාම අදාල භාණ්ඩයේ අයිති කරුට ඒ පිළිබඳව පොඩි ඉඟියක් දෙන්න පුරුදු වෙලා හිටයා.. බොහෝ වෙලාවට අයිතිකරු ඒ ඉඟිය පිළිබඳව අවබෝධ කර ගත්තේ තමන්ගේ බඩු නැති වෙලා කියලා දැනගත්තට පස්සේ..
ඒ කොච්චර කොහොම උනත් කව්රුවත් විසිරා එක්ක අමනාප උනේ වත් ඔහුට තාඩන පීඩන කළේ වත් නෑ.. "ඒ විසිරාගේ හැටි නේ.." කියලා අමතක කරන්න ගමේ මිනිස්සු පුරුදු වෙලා හිටියා..සමහර විට ඒ අපේ සංස්කෘතිය හා බැඳුනු අනුකම්පා කිරීමේ ලක්ෂණයක් නිසා වෙන්නත් පුළුවන්. ඒ කොහොම උනත් ඔහු ගමේ කැපී පෙනෙන චරිතයක් උණා..අදටත් විසිරා පිළිබඳව ඔහුගේ ගම් ප්‍රදේශයේ කථා වෙන බව අහන්න ලැබෙනවා..
මේ කියන්න යන්නේ විසිරාගේ එක හොරකමක් ගැන..
ඔන්න එක්තරා දවසක දහවල් විසිරා කිසිම වාසියක් නැතිව ගෙදරට වෙලා අපේ භාෂාවෙන් කියනවා නම් "වේලි වේලි" හිටියා.. කීයක් හරි හොයා ගන්න විදියක් කල්පනා කර කර ඉන්දෙද්දී විසිරාගේ මොලේට නියම අදහසක් ආවා.. ඒක ක්‍රියාත්මක කරන්න හිතාගෙන විසිරා ගමේ තියෙන ටිකක් වත් පොහොසත් උදවිය හත් දෙනෙක්ගේ ගෙවල් වලට ගියා.. දහවල් වෙලාව හින්දා ගෙවල් වල පිරිමි කවුරුත් හිටියේ නෑ..
විසිරා ඒ හැම ගෙදරක ම පිළිකන්නෙන් ගෙට ගොඩ වෙලා ගෘහනීන් එක්ක රහසින් මොන මොනවා දෝ කතා බහ කරලා හිනා වෙවී යන්න ගියා.. ගෙවල් හතට ම ගිහින් එද්දී ටිකක් හවස් වෙලා..
ඒ උනත් විසිරා සතුටින්..
කව්රුවත් දැනගෙන හිටියේ නෑ වෙන්න යන්නේ මොකද්ද කියලා..
ටිකෙන් ටික රෑ උණා..
විසිරා හෙමින් හෙමින් ගමේ පොහොසත් වැසියෙකුගේ ගෙදරට රිංගුවා.. මේ ගෙදර නම් විසිරා දවල් ගිය ගෙදරක් නෙවෙයි..
හෙමින් හෙමින් මුළුතැන්ගෙට ගිය විසිරා ගෙදර තිබුණු තරමක් වටිනා අලුත් වංගෙඩිය කරට ගත්තා.. එහෙම වංගෙඩියත් අරන් හඬ නොනැගෙන්න ගෙදරින් නික්මිලා දවල් මුලින් ම ගිය ගෙදරට ගියා..ගිහින් ඒ ගෙදර පිටිපස්සේ දොරට හෙමින් දෙපාරක් තට්ටු කළා..
"මැණිකේ..මැණිකේ.."
ගෙදර ගෘහණිය හොරෙන් වගේ දොර ඇරියා.. විසිරා ගෘහණිය එක්ක හෙමින් මොනවද කතා උණා..
"ඔන්න මැණිකේ, දවල් කිව්වා විදියට ම බඩුව ගෙනාවා.."
මැණිකේගේ මුහුණේ ලස්සන හිනාවක් ඇඳුනා..
"කීයක් ඕන ද විසිරෝ.?"
"අනේ මැණිකේ මට තඹ දොයිතුවක් වත් වැඩිපුර එපා.. කියපු විදියට රුපියලක් තිබුනොත් ඇති.."
ඒ කාලේ හැටියට රුපියලක් ගොඩක් වටිනවා..ඒ උනත් ඇත්තට ම ඒ වංගෙඩිය රුපියලකට වඩා බොහොම වටිනවා.. ඒ හින්දා මැණිකේ කිසිම පැකිලීමක් නැතිව විසිරාට රුපියලක් දුන්නා..
"එහෙනම් විසිරෝ උඹව ඕක ගෙනිහින් මඩු ගෙට දාලා පලයන්.."
"හොඳමයි මැණිකේ.."
කොහොම උනත් විසිරා විශ්වාස කරන්න බෑ නේ..ඒ හින්දා මැණිකේ අවධානෙන් හිටියා..
විසිරා වංගෙඩිය ගෙනිහින් මඩු ගෙට දාන හඬ මැණිකේට ඇහුනා..
මැණිකේ මඩු ගේ දිහා හොරෙන් බලද්දී දැක්ක විසිරා වංගෙඩිය තියලා යනවා..
සැනසුම් සුසුමක් හෙලපු මැණිකේ පදුරට ගිහින් නිදා ගත්තා..
ඒ අතරේ කොහේදෝ හැංගිලා හිටපු විසිරා මිදුලේ කොස් ගහ ලඟින් මතු උණා.. හොරෙන් හොරෙන් මඩු ගේ පැත්තට ගිය විසිරා ටික වෙලාවකට කලින් තමන් ම ගෙනත් දාපු වංගෙඩිය ආයෙත් කරට ගත්තා..
එහෙම්ම ගිහින් ඊළඟට කථා කල ගෙදරට ගියා..
මුල් ගෙදර දී උන දේ ම මේ ගෙදරදීත් සිද්ධ උණා.. තවත් රුපියලක් සාක්කුවේ දා ගත්ත විසිරා ඊළඟ ගෙදරටත් ගියා..
පාන්දර වෙද්දී විසිරා ගෙවල් හතට ම ගිහින් ඉවරයි.. එක ම වංගෙඩිය හත් දෙනෙකුට විකිණුවා.. විසිර දැන් බොහොම සතුටින්..රුපියල් හතක් ම සාක්කුවේ දා ගත්ත විසිරා හත් වෙනි ගෙදරින් වංගෙඩිය අරන් ගිහින් අයිති කාරයාගේ ගෙදර තිබුණු විදියට ම තියලා උදේ පාන්දර තමන්ගේ ඇඟට කඩා පනින අංගනාවන් ගැන දන්නා නිසා හිමින් සීරුවේ ගෙදරින් පිට උණා..
පාන්දර නැගිටලා මඩුගෙට ගිය පළමු ගෙදර ගෘහණියට වංගෙඩිය නෑ කියලා දකින්න ලැබුනා.. විසිරාගේ කපටි කමකට තමන් ලක් උණා කියලා දැන ගත්ත ඇය එයින් කෝපයට පත් උණා.. තේරෙන බාසාවෙන් කියනවා නම් මළ පැන්නා.. ඇය කේන්තියෙන් ගෙදරින් එලියට ඇවිත් විසිරා හොයන්න නික්මුනා..මගදී ඇයට විසිරා හමු උණා.. විසිරා දැක්ක ගමන් ඇයට උන් හිටි තැන් පවා අමතක උණා..කාන්තාව තමන් දන්නා ඉහළ ම වචන වලින් විසිරාට බනින්න පටන් ගත්තා..
ටික වෙලාවක් බැණුම අහගෙන හිටපු විසිරා අනුකම්පා උපදවන විදියේ මුහුණක් මවා ගත්තා..
"අනේ මැණිකේ..මගේ වරදක් නෙවෙයි.. ඔය වංගෙඩිය අපේ කිරි බණ්ඩා නිලමේට අයිති ජීවං කරපු එකක්..ඒ හින්දා කොහේ ගෙන ගියත් ඒ ගෙදරට සෘදියෙන් යනවා.."
"අහා..ඒකත් එහෙම ද.? එහෙනම් මගේ රුපියල දියන් මෙහාට..." මැණිකේ ආයෙත් කා ගැහුවා..
"අනේ අපේ මැණිකේ..ඊයේ රෑ ගොස්තරේට බඩට රිංගුවේ ඒ රුපියල තමා.."කියලා හෙමින් එතනින් මාරු උණා..
මැණිකෙත් කෝපයෙන් ආපහු යන්න හැරෙද්දී අනිත් ගෙවල් හයේ කාන්තාවනුත් ඇයට මග දී හමු උණා... තමන්ට විසිරා හමු වුණු බවත්, තමන් බැන්න ආකාරයත්, ඔහු දුන් පිළිතුරත් ඇය අනිත් කාන්තාවන් ට පැවසුවා.. ඒ අහපු පිරිස අතරින් සමහරුන් කෙන්තියෙනුත් තවත් සමහරු එක ම වංගෙඩිය හත් දෙනෙකුට විකිණූ විදිය ගැන සිනා සෙමිනුත් විසිරී ගියා...

ජන කතා
Saturday, November 26, 2011
අරුණැල්ල කියවන හැමෝම කවි කියවනවාට වඩා කතා කියවන්න කැමති කියලා අපි දන්නවා..ඒ හින්දා අලුත් වැඩකට අත ගහන්න හිතුවා..ඒත් මේ වැඩේ මට තනියම කරන්න නම් බෑ.. පාඨක ඔබේ සහාය මේ කටයුත්තේ දී ගොඩාක් වැදගත් වෙනවා..
අපේ රටේ විවිධ ප්‍රදේශ වලට අදාල කටයුතු සහ ඒ ප්‍රදේශ වල අතීත සිදුවීම් ආශ්‍රිතව ජනකතා ගොඩ නැගී තියෙනවා..ඒ බොහොමයක් මුඛ පරම්පරා ගත ව මේ දක්වා නොනැසී රැඳිලා තියෙනවා..ඒත් වර්තමානයේ බොහෝ දෙනා මේ පිළිබඳව නිසි සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් අපේ ලකුණ නැති වෙලා යන්න පටන් අරන් කියලා මම අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.. ඒ නිසා අරුණැල්ල ඔස්සේ අපි දන්නා සහ නොදන්නා ජන කතා අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න උත්සාහයක් දරන්න හිතුණා..
ආරම්භය සටහන් කරන්න මම දන්නා කතා කිහිපයක් මෙතැන් පටන් post කරන්නම්... ඒ බොහොමයක් මම පොත් පත් වලින් සහ දන්නා කියන අයගෙන් අහලා දැන ගත්ත ඒවා..
තම තමන්ගේ ප්‍රදේශ හා සම්බන්ධ ජන කතා අපිත් එක්ක බෙදා ගන්න කැමති නම් අරුණැල්ලට ලියන්න..
මේ මගේ e-mail ලිපිනය.. එන්න අපි දන්න කතා බෙදා ගනිමු..
najathakram1@gmail.com
Orientation සහ අපි..
Tuesday, November 15, 2011
දිලෙන විදුලි එළි
යටින් එල්ලී
බමන පංකා
ඊටත් යටින්
නිදන අපි...
ලියවෙයි මැකෙයි
සුදු පුවරුවක
කළු පැහැයෙන්
තවත් විටෙක
නිල් පැහැයෙන්
වැදගත් නම්
රතු පැහැයෙන්..
තට්ට හිසෙන්
උපැස් යටින්
සම්ප්‍රේෂණය වෙයි
"ග්‍රැමර්"
කන කකියයි
පොත් ගෙන එයි
පියවෙන නෙත්
නොපියා අසනෙමු
උගන්වන හැටි
"රයිටින්"
"ඩෝන්ට් රයිට්,
අයිල් ගිව් යූ
ටයිම් ටු රයිට්..."
යටින් එල්ලී
බමන පංකා
ඊටත් යටින්
නිදන අපි...
ලියවෙයි මැකෙයි
සුදු පුවරුවක
කළු පැහැයෙන්
තවත් විටෙක
නිල් පැහැයෙන්
වැදගත් නම්
රතු පැහැයෙන්..
තට්ට හිසෙන්
උපැස් යටින්
සම්ප්‍රේෂණය වෙයි
"ග්‍රැමර්"
කන කකියයි
පොත් ගෙන එයි
පියවෙන නෙත්
නොපියා අසනෙමු
උගන්වන හැටි
"රයිටින්"
"ඩෝන්ට් රයිට්,
අයිල් ගිව් යූ
ටයිම් ටු රයිට්..."
Labels:
මට හිතුනු දේවල්,
සරසවියේ අත්දැකීම්
අලයන් හා අල වීම..
Thursday, November 3, 2011
වසර හතරක්
යහතින් වෙසෙනු පිණිස
මාස කිහිපයක්
වාත වීමට සිදු විය..
මාසයක්
යන්තමින් වාත වීමු..
යන්තමින් වාත වීමු..
හොඳ හරිය තවම නැත..
කොහේ දෝ ලොවකින්
හිටි වනම
ගසාගෙන ආ
ගිනි පුපුරකින්
වාතය රත් වී
ඉහළ නගින්නට විය..
නොහොත්
දෙපිටින් යන්නට විය..
වාත වූ මාසය අපරාදේ ය..
කවුරුන් කෙසේ කීවත්
වැඩේ අල විය...
ප.ලි: - අල වීම අහවර විය..දැන් අපි පැරණි පුරුදු දිවියට ම අනුගත් වී ඇත්තෙමු...
Labels:
මට හිතුනු දේවල්,
සමාජයීය,
සරසවියේ අත්දැකීම්
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්..
Wednesday, November 2, 2011
දෙනෝ දාහක් මැද
හුදෙකලා වෙමි
සරන පිරිවර
නික්ම නොයන හින්දා
අතීතය මම
සිතින් විඳින්නෙමි
ගෙවුණු කාලය
යළි නො එන හින්දා
සිතින් දිරි ගෙන
දුකට සිනාසෙමි
කඳුළු කැට උණු
නෙතට නුහුරු හින්දා..
Labels:
Emotional,
ආදරය,
නිසඳැස්,
මට හිතුනු දේවල්
Location:
Gintota, Sri Lanka
භාෂා සාහිත්‍ය කලා ඇකඩමිය ජනවාරියේ දී ඇරඹෙයි!
Thursday, October 20, 2011
කවි කිවිඳියන්, ලේඛක ලේඛිකාවන්, කලාකරුවන් කලාකාරියන්, මුද්‍රිත-විද්‍යුත් මාධ්‍යකරුවන් මාධ්‍යකාරියන්,සරසවි ඇදුරන්, වෘත්තීයවේදීන්, සරසවි සිසු සිසුවියන්, පාසල් ගුරුවරුන්, උසස් පෙළ සිසු සිසුවියන් ඇතුළු සිංහල භාෂාව පොදුවේ භාවිතා කරන අයගේ භාෂා භාවිතය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී, බොහෝ දුර්වලතා සහ භාෂාව අවභාවිත කිරීම් නිරීක්ෂණය කල හැකි ය. මෙයට මුලික හේතුව නිවැරදි භාෂා ඥානයක් නොමැති වීමයි.
මෙම ගැටළුව නිරාකරණය උදෙසා සාහිත්‍ය අවබෝධය ගැඹුරු කිරීමේත්,භාෂා නිපුණතාවය වැඩි දියුණු කිරීමේත්, නිර්මාණශීලී කලා ප්‍රකාශන හැකියාව තවත් ඉහලට ගෙන ඒම වෙනුවෙන් වූ භාෂා කලා ඇකඩමියක අවශ්‍යතාව ඇති ව තිබේ.
ශ්‍රී ලාංකේය කවීන් සියලු දෙනාගේ ම කවි ඇතුලත් කාව්‍ය සංග්‍රහයක් එලි දැක්වීමේ අරමුණෙන් පසුගිය දිනෙක එකොළොස්වෙනි පැය කාව්‍ය සංග්‍රහය දොරට වැඩුණි. ඒ හා බැඳුණු, මගේ අත්දැකීම් පිළිබඳව පෙර ලියූ ලිපියක සඳහන් වුවා ඔබට මතක ඇති බවට සැකයක් නැත. එහි ප්‍රධාන අරමුණ එසේ වුවත්, භාෂාව, සාහිත්‍ය සහ කලාව අධ්‍යයනය සඳහා වන ඇකඩමියක් ආරම්භ කිරීමේ පිඹුරුපත් සැකසීම, එකොළොස්වෙනි පැය කාව්‍ය සංග්‍රහය එලි දැක්වීමේ උත්සවයේ අරමුණක් වූ බව එම කටයුත්තට සහභාගී වූ බොහෝ දෙනා නොදන්නවා විය නොහැක.
මේ වන විට භාෂා සාහිත්‍ය කලා ඇකඩමිය ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සුදානම් කර අවසන් ය. මෙම ඇකඩමියේ අරමුණ භාෂාව සහ සාහිත්‍ය කලා අවබෝධයෙන් පිරිපුන් නිර්මාණකරුවන්ගෙන් සපිරි නව පරපුරක් මගින් අප රටේ සංස්කතෘතික ජීවිතය සාරවත් කිරීම සහ සුරක්ෂිත කිරීමයි.
2013 වසරේ ජනවාරියේ ඇකඩමියේ අධ්‍යයන කටයුතු ඇරඹීමට සැළසුම් කර තිබේ. ඔබ මේ පණිවුඩය සියළු දෙනා වෙත ගෙන යන්න. ඔවුන් සමග ඔබත් ඊට සම්බන්ධ වන්න. අපි සදා නොවෙනස් මිතුරු මිතුරියන් ලෙස එකට වැඩ කරමු!
මහාචාර්ය සුචරිත ගම්ලත් ප්‍රමුඛ විශේෂඥ ඇදුරු මඬුල්ලකින් මෙහෙයවෙන, භාෂා සාහිත්‍ය කලා ඇකඩමියෙහි අධ්‍යයන කටයුතු ජනවාරියේදී ඇරඹීමට නියමිත ය. මෙහි පාඨමාලා පහත පරිදි වේ.
පළමු පියවර (ඩිප්ලෝමා)
සම්භාව්‍ය සිංහල සාහිත්‍ය, සිංහල භාෂාව, නිර්මාණශීලී සිංහල කථනය හා ලේඛනය, සිංහල සාහිත්‍ය ඉතිහාසය
දෙවන පියවර (උසස් ඩිප්ලෝමා)-
ලෝක සාහිත්‍ය (රුසියානු,ඉංග්‍රීසි,ඉන්දියානු,අප්‍රිකානු) ,භාෂාවේ ඉතිහාසය,කලාවේ ඉතිහාසය, කලා විචාරය
ඉලක්කගත ඉගෙනුම් කණ්ඩායම්
කවි කිවිඳියන්, ලේඛක ලේඛිකාවන්, කලාකරුවන් කලාකාරියන්, මුද්‍රිත-විද්‍යුත් මාධ්‍යකරුවන් මාධ්‍යකාරියන්,සරසවි ඇදුරන් ඇදුරියන්,වෘත්තීයවේදීන් වෘත්තීයවේදිනියන්,සරසවි සිසුන් සිසුවියන්, පාසල් ගුරුවරුන් ගුරුවරියන්, උසස් පෙළ සිංහල සිසු සිසුවියන්,කලා රස වින්දනය අගයන වැඩිහිටියන්.
සති අන්තයේ එක් දිනක් බැගින් කොළඹ දී දේශන පැවැත්වේ. පුළුල් විෂයය සන්ධාරය හේතුවෙන් පාඨමාලා කාලය වසර දෙකකට වඩා වැඩි වනු ඇත.
පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනැමේ.මේ පාඨමාලාව සම්පූර්ණ කිරීම අනාගතයේදී මාධ්‍ය/කලා/අධ්‍යපාපන ක්ෂේත්‍ර වල,රැකියා සඳහා තෝරා ගැනීමේදීත් ඒවායේ උසස්වීම් දීමේදීත් පිළිගැනෙන ඉහළම සුදුසුකමක් වනු ඇත.
ආසන සීමිත ගනනක් බැවින් ඔබේ අයදුම්පත් නොපමාව එවන්න.
brahaspathi@ymail.com
Labels:
අපේ දැනුම,
අපේ සමාජ සත්කාර,
ආ ගිය තොරතුරු,
සමාජයීය,
සාහිත්‍යමය
ඉරබටු තරුව
Wednesday, October 19, 2011
ක්ෂිතිජයට ඉහළින් නැගී
කිරි සුදුව දිදුල
වළා කැරලි කළු පැහැ වී
පියා නොසලන වවුලන් සේ
ඊටත් වැඩියෙන් අඳුරු පැහැ වී
තැන් තැන් වල රැඳී
බියකරු වළා කැරලි මැද
නොනිවී දැල්වෙයි එක ම තරුවක්....
නෙක තරු නැගෙද්දී
සැගවෙන්නට අවසර යදියි
ඒ තරුව..
මිලාන වී දිදුලන සුදු පැහැයෙන්
කෙමෙන් කහ පැහැයටත්
අනතුරුව රත් පැහැයටත්
පසුව අඳුරු පැහැයටත්
ලං වී මළානිකව..
කොහෙන්දෝ පා වී ආ අඳුරු රැල්ලක
තරුව සැඟවී නොපෙනී යද්දී
ක්ෂිතිජයේ රැඳී දිදුලන එළි
බියපත් ව ඔබ මොබ
සරන්නට විය..
ගුළි ගැසුණු වළාව යළි
පා වී ගියේය..
එහෙත්..
ඉරබටු තරුව පෙනෙන්නට නොවීය..
තනි වූ මම නික්මුනෙමි
තරු බැස යද්දී
පහන් තරුව වී නැගෙද්දී
හමු වන අභිප්‍රාය ඇතිව...
සෙනෙහස
Friday, October 14, 2011
ඉඩෝරයට හසු වී
පසෙහි රැඳී පැල
කේඩෑරි ව යද්දී
හිත් පිත් නැතිව
නැගී පවුරු හිස
රැඳී හිඳියි..
සෙනෙහසින් ලංවී
එක් කළු ගලක
රැඳී මීවණ පැලයක්
නුහුරු නුපුරුදු බිමෙහි
පවුරු පදනම් නැතිව
හුරු පුරුදු සේයාවෙන්...
නිමිත්ත :- සරසවි බිමෙහි තනි වූ වියළි ශිඛරයක් හිස රැඳී එක් මීවණයක් දුටිමි...
Labels:
Emotional,
නිසඳැස්,
සරසවියේ අත්දැකීම්
වෙරළ
Saturday, October 8, 2011
හුදෙකලාවේ වෙරළ දිහා බලාගෙන ඉන්දෙද්දී මට හිතුන අපේ ජීවිතත් හරියට වෙරළ වගේ කියලා..
උදේ ඉදන් දවල් වෙනකම් අහු මුළු වලට වෙලා පෙම් සුව විඳපු පෙම් යුවළවල් දවල් වෙද්දී නික්මිලා යනවා..එතකොට තනි වෙන වෙරළට පුංචි එවුන් ඇවිත් කෙළිදෙලෙන් ගත කරනවා...වෙරළේ තනිකම මකනවා..ඒ වගේ ම ටික ටික හවස් වෙද්දී පවුල් පිටින් ඇවිත් වෙරළ හරිම කලබලකාරී කරනවා..ඒත් ටික වෙලාවකින් ඒ හැමෝම නික්මිලා යනවා..උදේ ඉඳලා නිල් පාට වතුර දිදුලවපු ඉර හෙමින් හෙමින් අවරට යනවා.. ඒත් මහ මුහුදට ම බැඳිලා ඉන්න වෙරළට කවුරු නැතත් ඒ මහ මුහුද ඉන්නවා කියල වෙරළ දන්නවා..මුහුදේ රැළි බිඳෙන්නේ වෙරළේ හැපිලා විතරක් නෙවෙයි..
මුහුද ලඟින් නොඉඳ මුහුදට ගිහින් ඒ පුරාම සැරිසරන නැව් බෝට්ටු වල බඳේ හැපිලා රැළි බිඳිලා ගියත්,මහා උසට නැගුනු රළ වෙරළේ හැපිලා කිරි සුදු පාටට පෙණ නංවද්දී ඒ පෙණ පිඬු සීරුවට වැලි තලාව තෙත් කරලා,ඒ වැල්ලට ම උරා ගන්න බව දන්න හින්දා කවදාවත් ම වෙරළට තනියක් නෑ.. ඒක වෙරළ දන්නවා...
හරියට අපේ ජීවිතත් මේ වගේ නේද??
සමාචාර අභිනන්දන - 2010
Sunday, September 25, 2011
සැඩ ඔය
අපි තරණය කළෙමු
පහුර සේ නුඹ
අප එතෙර කළ නිසා..
සරුංගල් සේ
මිහිර වින්දෙමු
සුළඟ සේ නුඹ
අප ඉහළ නැංවූ නිසා..
ගගන තරු සේ
දිදුලන්නට වීමු
රෑ අහස සේ නුඹ
අඳුර පැතිරූ නිසා..
නුඹේ දිරියෙන්
අපි විශිෂ්ටයෝ වීමු
සමාචාර අභිනන්දන
ඒ නිසා....
(සිරිධම්ම විද්‍යාලයෙන් 2010 A/L සමත් ව සරසවි වරම් ලද්දවුන් සිය ප්‍රනාම පුද කිරීමේ උළෙලේ දී ගුරුවරුන්ට පිරිනැමූ සමරුවේ අඩංගු සිතුවිල්ල..)
තනි වී..
Friday, September 16, 2011
කුරහන් යායට
අටවක පිරිලා
කරල් වැනෙනවා
හඳ පානේ..
තරු නැති පැහැදිළි
හැඩි වී නැති
නිල් ආකාසේ..
එක තනි තරුවක්
බලා හිඳිනවා
හොරෙන් වගේ..
හමනා හුළඟට
හිත හිරි වට්ටන
වෙනදා වාගේ
තනිය දැනේ..
තරුවට සඳ ඇත..
මට අද නුඹ නැත
තරුවට එය
වැටහිලා වගේ...
පා වී ආ කළු
වලාකුලක් මැද
සැඟවී යන්නේ
හොරෙන් වගේ...
ප.ලි.: තනි වී දැන් ගීතයක් ලෙසින් ශ්‍රවනය කිරීමේ හැකියාව තිබෙනවා.. ඒ සඳහා පහත link එක භාවිත කරන්න..
http://nj-a.net84.net/thaniwee.mp3
පිනි බිඳ..
Sunday, September 11, 2011
දිරියෙන් නුඹ..
Thursday, September 8, 2011
කරගැට මතු වී
නුඹේ අත් රළු වී
විඩාව විඳි
වත කමල මිලින වී...
වියලි දෙතොල් අග
සිනහව වියැකී
වයසට වැඩියෙන්
නුඹ වියපත් වී..
දා බිඳු පිසින්න
පමා නොවී නුඹ
දරු දිවි රකින්න
දරනා වීරිය
මතු බුදු වන්නට
පුරනා පෙරුමන් වේවා..
Subscribe to:
Posts (Atom)