
ගසක් අතු රිකිලි ලා
මහත් තේජසින්
හාත්පස විහිදී
සිය රිකිලි හිස පැළඳි
මලක් දකිනු රිසින්
ඔබ මොබ සැලෙද්දී
එහි රැඳී එක් පිනි බිඳක්
පත් අගින් ගිලිහී
මහත් වෙහෙසක් දරා
මුල සිප ගනු දුටිම්
මලක් සොයා
වෙහෙසට පත් ගස
සෙමෙන් පිනි බිඳ දෙසට හැරී
පවස සංසිඳුවා ගති..
-පිනිබිඳු වියලන්නට නොව කැකුළු විකසිත කරන්නට..
lovely!
ReplyDeletemalak soya wehesa wee
ReplyDeleteMalak nolabena kala
Pinibinduwen sanasena
Wrukshayen athi pala kima..???
@nishadi KD
ReplyDeleteපිණි බිඳෙන් සැනහෙමි අද,දරනු පිණිස ඵලයක් හෙට
බොරු මලක් දරා හිස් මුදුනේ නොවිදින්න අවමන්
දිය නැති මුත් පොලව ගැබ සංචිතව යෙමි
මල්වර දිනය බෝ දුර නොම නිසා !
තැන්කු වේවා...
ReplyDeletemenna adahas
ReplyDeletechathuri
මල්ලි, ලස්සනයි නිසදස.
ReplyDeleteඒත් ප්‍රශ්නයක් තියෙනව අහන්න.... මලයි, පිණි පිදයි එකම ජාතියෙ ද?
නෑ..ඒ වගේ ම ගහයි මලයි ත් එක ම ජාතියේ නෙවෙයි...
ReplyDeleteගහයි, මලයි එක ජාතියෙ නෙවෙයි කියල පැහැදිලියි. ඒත් මලයි, පිනි බිදයි එක ජාතියෙ නෙවෙයි නම්....... අනේ මන්ද
ReplyDelete@nuwan tharaka
ReplyDeleteපිනිබිඳෙන් සැනසෙන්නේ
හෙට ඵලයක් දරන්නට නම්
මලක් සොයන්නට ප්‍රථම
පිනිබිඳුවෙන් සැනසෙනු විනා
මලක් සොයා වෙහෙසට පත්වී
පිනිබ්ඳ කරා යාම
කොතෙක් නම් සාධාරන වේද?????
@nishadi KD
ReplyDeleteවැඩිවිය නොපැමිණි කෙල්ලක්
දරු ගැබකට පෙම් කරනු කෙතරම්ද!
අන්න එපමණක් !