කරගැට මතු වී
නුඹේ අත් රළු වී
විඩාව විඳි
වත කමල මිලින වී...
වියලි දෙතොල් අග
සිනහව වියැකී
වයසට වැඩියෙන්
නුඹ වියපත් වී..
දා බිඳු පිසින්න
පමා නොවී නුඹ
දරු දිවි රකින්න
දරනා වීරිය
මතු බුදු වන්නට
පුරනා පෙරුමන් වේවා..
-පිනිබිඳු වියලන්නට නොව කැකුළු විකසිත කරන්නට..
සඳෙන් තුන් කාලක්ම නුඹට
ReplyDeleteලෝබ නැත මට ඉතුරු කාලත් නුඹට!
වල්ගයේ ලොම් හැලෙනකම්
ඉසිමි හෝ ගාන පොකුණ!
කඩන්නේ මේ කළුගල අද
නුඹේ සුරම්‍ය මැදුර හදන්නට
අත්තිවාරම තනන්ටයි !
http://swayaththa.blogspot.com/
සඳෙහි තුක් කාලෙත්
ReplyDeleteවල්ගයේ ලොම් වලත්
කඩන කළු ගලෙහිත්
ඇති සබැඳියාව
නොවැටහෙයි මට...
මුළු හඳ පුතුට දී දුරලන්නේ ලෝභයයි
ReplyDeleteලොම් හැලෙනකම් මුහුද හිඳ පුරන්නේ පාරමිතාවයි
කළු ගලත් සමග කැඩෙන්නේ නීවරණයි
පුතුගේ මැදුරත් සමග හදන්නේ බුදුවෙන්නයි!
ane mata lassanata comments danna nam therenna a unata najathge nisadas lassanai jaya wewa
ReplyDeleteපෙර කල පවට විදිනා දුක දැක දැක
ReplyDeleteකියනුම කෙලෙස බුදු වෙය් ඈ මතුදාක
සසරෙ හැටි මෙයැය් කැරකෙය් ලෙසට සක
මිනිසුනි බලව් අපි එහි සිට විදින දුක
අනෙ මට නම් ඔව්ව ඔච්චර ලස්සනට ලියන්න තේරෙන්නෙ නෑ.
ReplyDeleteමොනා උනත් මේක සිරා
රජ මැදුරේ ද
ReplyDeleteකටු මැටි පැල්පතේ ද
මහා වාලුකා කතරේ ද
කප නස්නා මහ වැස්සේ ද
වෙනසක් නොතේරේ මට...
මවුනි ඔබේ සෙනෙහසේ...
@China|
ReplyDeleteවිඳිනා දුක කෙළවර
ඈ සසර ඉම දැක
මතු නිවන් දකින්නට
මවක සේ දරු සා සිඳ
පතන පාරමිතා දැක
කෙලස කියන්නද
මතු බුදු නොවන බව..
මතු බුදු වෙන්නට
ReplyDeleteපෙරුම් පුරන ඈ
ඇයි මේ හැටි දුක් ඉවසන්නේ..
දරු දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ...
කවියක් නැත තවත්
ReplyDeleteපබදින්නට නුඹ නමින්.....
ලියා ගැන්මට කියාගැන්මට නොහැකිව
හදෙහි තෙරපෙන
මේ සියල්ල නුඹටයි... නුඹේ නමටයි....