Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

දිරියෙන් නුඹ..

Thursday, September 8, 2011





කරගැට මතු වී
නුඹේ අත් රළු වී
විඩාව විඳි
වත කමල මිලින වී...
වියලි දෙතොල් අග
සිනහව වියැකී
වයසට වැඩියෙන්
නුඹ වියපත් වී..
දා බිඳු පිසින්න
පමා නොවී නුඹ
දරු දිවි රකින්න
දරනා වීරිය
මතු බුදු වන්නට
පුරනා පෙරුමන් වේවා..




10 comments

  1. සඳෙන් තුන් කාලක්ම නුඹට
    ලෝබ නැත මට ඉතුරු කාලත් නුඹට!
    වල්ගයේ ලොම් හැලෙනකම්
    ඉසිමි හෝ ගාන පොකුණ!
    කඩන්නේ මේ කළුගල අද
    නුඹේ සුරම්‍ය මැදුර හදන්නට
    අත්තිවාරම තනන්ටයි !

    http://swayaththa.blogspot.com/

    ReplyDelete
  2. සඳෙහි තුක්‌ කාලෙත්
    වල්ගයේ ලොම් වලත්
    කඩන කළු ගලෙහිත්
    ඇති සබැඳියාව
    නොවැටහෙයි මට...

    ReplyDelete
  3. මුළු හඳ පුතුට දී දුරලන්නේ ලෝභයයි
    ලොම් හැලෙනකම් මුහුද හිඳ පුරන්නේ පාරමිතාවයි
    කළු ගලත් සමග කැඩෙන්නේ නීවරණයි
    පුතුගේ මැදුරත් සමග හදන්නේ බුදුවෙන්නයි!

    ReplyDelete
  4. ane mata lassanata comments danna nam therenna a unata najathge nisadas lassanai jaya wewa

    ReplyDelete
  5. පෙර කල පවට විදිනා දුක දැක දැක
    කියනුම කෙලෙස බුදු වෙය් ඈ මතුදාක
    සසරෙ හැටි මෙයැය් කැරකෙය් ලෙසට සක
    මිනිසුනි බලව් අපි එහි සිට විදින දුක

    ReplyDelete
  6. අනෙ මට නම් ඔව්ව ඔච්චර ලස්සනට ලියන්න තේරෙන්නෙ නෑ.
    මොනා උනත් මේක සිරා

    ReplyDelete
  7. රජ මැදුරේ ද
    කටු මැටි පැල්පතේ ද
    මහා වාලුකා කතරේ ද
    කප නස්නා මහ වැස්සේ ද
    වෙනසක් නොතේරේ මට...
    මවුනි ඔබේ සෙනෙහසේ...

    ReplyDelete
  8. @China|
    විඳිනා දුක කෙළවර
    ඈ සසර ඉම දැක
    මතු නිවන් දකින්නට
    මවක සේ දරු සා සිඳ
    පතන පාරමිතා දැක
    කෙලස කියන්නද
    මතු බුදු නොවන බව..

    ReplyDelete
  9. මතු බුදු වෙන්නට
    පෙරුම් පුරන ඈ
    ඇයි මේ හැටි දුක් ඉවසන්නේ..
    දරු දුක දන්නා අම්මාවරුමයි
    යම් මතු දිනයක බුදු වන්නේ...

    ReplyDelete
  10. කවියක් නැත තවත්
    පබදින්නට නුඹ නමින්.....
    ලියා ගැන්මට කියාගැන්මට නොහැකිව
    හදෙහි තෙරපෙන
    මේ සියල්ල නුඹටයි... නුඹේ නමටයි....

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading