තනි වී..
Friday, September 16, 2011
කුරහන් යායට
අටවක පිරිලා
කරල් වැනෙනවා
හඳ පානේ..
තරු නැති පැහැදිළි
හැඩි වී නැති
නිල් ආකාසේ..
එක තනි තරුවක්
බලා හිඳිනවා
හොරෙන් වගේ..
හමනා හුළඟට
හිත හිරි වට්ටන
වෙනදා වාගේ
තනිය දැනේ..
තරුවට සඳ ඇත..
මට අද නුඹ නැත
තරුවට එය
වැටහිලා වගේ...
පා වී ආ කළු
වලාකුලක් මැද
සැඟවී යන්නේ
හොරෙන් වගේ...
ප.ලි.: තනි වී දැන් ගීතයක් ලෙසින් ශ්‍රවනය කිරීමේ හැකියාව තිබෙනවා.. ඒ සඳහා පහත link එක භාවිත කරන්න..
http://nj-a.net84.net/thaniwee.mp3
Subscribe to:
Post Comments (Atom)
තනි තරුව දිහා
ReplyDeleteබලාන උන්නාම
හිත ඉගිලෙනවාද
දුර ඈත අතීතෙට?
ඒ හැම මොහොතකම
තනියට ලඟ ඉන්න
සඳවතිය සොයාන
පැමිණේවි නුඹ ලඟට....
@සඳුනි
ReplyDeleteබොහොම ස්තුති වේවා...!!
thnikama paluwa
ReplyDeletedanena welawata
obe duka ahanna
tharuwa langa indiwi..
hamadama..
එල එල
ReplyDeleteඑල එල !නියම වචන ටික music කරානම් හරි !
ReplyDeleteමම එහෙම හිතාගෙන ලිව්වේ...
ReplyDeleteGreat Work Bro....
ReplyDeleteKeep it up............!!!
Thanks Ano...
ReplyDeleteNice... keep it up.... :)
ReplyDeletethanks dr..
ReplyDeletenice bro...
ReplyDeleteWadi kal tharu walakulu walata hangena1k na..
කළු වලාවෙ වැසී ගියේ එක තනි තරුවක් වුවද මලේ
ReplyDeleteඒ වලාව නැතිවු දිනේ,අහසේ තරු රුසක් මැවේ...
එදිනට තනි තරුව නොවේ,නෙක තරු ඔබ ලඟ තනි රකිනු ඇතේ.කළු වලාවෙ වැසී ගියේ එක තනි තරුවක් වුවද මලේ
ඒ වලාව නැතිවු දිනේ,අහසේ තරු රුසක් මැවේ...
එදිනට තනි තරුව නොවේ,නෙක තරු ඔබ ලඟ තනි රකිනු ඇතේ.
@Nishadi
ReplyDeleteඒක නම් එහෙම තමයි.. අපි බලමුකෝ..
@ඇනෝ
තරු රැසකින් පලක් නැත..
ඒක තනි තරුවක් ප්‍රමාණවත් ය..
Owu. 1ka tharuwak(a kiyanne apita oone tharuwa) tibunama hodatama ati.
ReplyDeleteEtin a tharuwa labaganna try karana 1ka watinawa neda?
...."all I can do is try
every day of my life"....
දුක් වෙන්න එපා.. වලාකුලට තනි රකින්න තරුවක් ඒවි.. :))
ReplyDeleteඑල එල.....
ReplyDelete