Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

තනි වී..

Friday, September 16, 2011

Night Gypsy Half Moon


කුරහන් යායට
අටවක පිරිලා
කරල් වැනෙනවා
හඳ පානේ..
තරු නැති පැහැදිළි
හැඩි වී නැති
නිල් ආකාසේ..
එක තනි තරුවක්
බලා හිඳිනවා
හොරෙන් වගේ..
හමනා හුළඟට
හිත හිරි වට්ටන
වෙනදා වාගේ
තනිය දැනේ..
තරුවට සඳ ඇත..
මට අද නුඹ නැත
තරුවට එය
වැටහිලා වගේ...
පා වී ආ කළු
වලාකුලක් මැද
සැඟවී යන්නේ
හොරෙන් වගේ...




















ප.ලි.: තනි වී දැන් ගීතයක් ලෙසින් ශ්‍රවනය කිරීමේ හැකියාව තිබෙනවා.. ඒ සඳහා පහත link එක භාවිත කරන්න..
http://nj-a.net84.net/thaniwee.mp3

16 comments

  1. තනි තරුව දිහා
    බලාන උන්නාම
    හිත ඉගිලෙනවාද
    දුර ඈත අතීතෙට?
    ඒ හැම මොහොතකම
    තනියට ලඟ ඉන්න
    සඳවතිය සොයාන
    පැමිණේවි නුඹ ලඟට....

    ReplyDelete
  2. @සඳුනි
    බොහොම ස්තුති වේවා...!!

    ReplyDelete
  3. thnikama paluwa
    danena welawata
    obe duka ahanna
    tharuwa langa indiwi..
    hamadama..

    ReplyDelete
  4. එල එල !නියම වචන ටික music කරානම් හරි !

    ReplyDelete
  5. මම එහෙම හිතාගෙන ලිව්වේ...

    ReplyDelete
  6. Great Work Bro....
    Keep it up............!!!

    ReplyDelete
  7. Nice... keep it up.... :)

    ReplyDelete
  8. nice bro...
    Wadi kal tharu walakulu walata hangena1k na..

    ReplyDelete
  9. කළු වලාවෙ වැසී ගියේ එක තනි තරුවක් වුවද මලේ
    ඒ වලාව නැතිවු දිනේ,අහසේ තරු රුසක් මැවේ...
    එදිනට තනි තරුව නොවේ,නෙක තරු ඔබ ලඟ තනි රකිනු ඇතේ.කළු වලාවෙ වැසී ගියේ එක තනි තරුවක් වුවද මලේ
    ඒ වලාව නැතිවු දිනේ,අහසේ තරු රුසක් මැවේ...
    එදිනට තනි තරුව නොවේ,නෙක තරු ඔබ ලඟ තනි රකිනු ඇතේ.

    ReplyDelete
  10. @Nishadi
    ඒක නම් එහෙම තමයි.. අපි බලමුකෝ..

    @ඇනෝ
    තරු රැසකින් පලක් නැත..
    ඒක තනි තරුවක් ප්‍රමාණවත් ය..

    ReplyDelete
  11. Owu. 1ka tharuwak(a kiyanne apita oone tharuwa) tibunama hodatama ati.
    Etin a tharuwa labaganna try karana 1ka watinawa neda?

    ...."all I can do is try
    every day of my life"....

    ReplyDelete
  12. දුක් වෙන්න එපා.. වලාකුලට තනි රකින්න තරුවක් ඒවි.. :))

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading