එකෝමත් එක කාලෙක
හිස් අහස දිහා බලාගෙන
අවුරුද්දක් පුරාවට හුල්ලපු
අපේ කාලයේ මීටර ටිකක්..
නා නා විධ ආයිත්තම් පැළඳ
තවත් අයෙක්
අතුල්ලා නූල් ගිය
දිය වී ගිය
රෙදි පෙරෙදි හැඳ
තැන් තැන් වල
වල බැස්සහ..
විසිරී ගිය උන් රැල
එක තැනකට එක් වී
ගත විය මාසයක්
ඉන් පසු තවත් එකක්..
දැන් උන්ගේ
කතාව කඩ්ඩෙනි..
මුවග
ඩිජිටල් සිනහවකි..
කවුරු කෙසේ කීවත්
දෙසියය ම එකා මෙනි..
කට්ට කා අවසන් වූ විට
මදය හමු වන බව
උහු දනිති...
මදය හමු වන තුරු
උහු කට්ට කති..
pattai machoo... keep it up.....
ReplyDeleteඅය්යේ මේ කෑම්පස් එක ගෑනනේ ලියලා තියෙන්නෙ.අෆොයි මට තේරෙන්නෙ නෑ නෙ
ReplyDelete@Srimal
ReplyDeleteThanks Buddy!!
@හිම හංසි
ඔයාලටත් තේරේවි ගියාම..දැන් results ආවම යනවා නේ!!
සරසවිය පුදබිමක්
ReplyDeleteයන දනා සුලුමනක්
ගියෝතින් එක් දිනක්
දිරිය එයි යන්නට සැම දිනක් :))).
එළිසමය හරි නැද්ද මන්දා
@වර්ණා
ReplyDeleteඇත්ත කතාව.. එළිසමය හරියට තියෙනවා..
madaya hamuwana thuru
ReplyDeletekatta kathi...
madaye rasa
danna nisa...!
@Bhagi
ReplyDeleteදැන් නම් අපට කට්ට ද රස ය..
යකෝ උබ නම් පට්ටයි මල්ලී....මම උබලගේ සීනියර් බැච් එකේ..
ReplyDeleteඩ්‍රෙස් කෝඩ් එකේ ෆෝට් එක නම් පට්ටයි බන් :ඩි
අදහසත් මාරයි!!!
දිගටම ලියපන්..
ඇතුලට ආවම හම්බවෙමුකෝ!! ;)
@ගිනි කුරුල්ලා
ReplyDeleteස්තුතියි අයියේ!
niyamaaaaaaaaaiiiiiiii :)
ReplyDelete@Chamindi
ReplyDeleteස්තුතියි!
තාම රැගද බන්..
ReplyDelete