අද මොකක් හරි පොස්ට් එකක් දාන්න ඕන.. ඒත් මට ලියන්න දෙයක් හිතෙන්නේ නෑ. ඒ හින්දා වෙනස් විදියේ පොස්ට් එකක් දාන්න හිතුවා.මෙහෙම කියන්නම් කෝ..
මම මේ ලඟදි පොඩි දෙයක් ලිව්වා.. ඒක ලියන්න හේතු උනේ මගෙන් කෙනෙක් අහපු දෙයක්. වැඩි දෙයක් නෑ.. පේලි දෙකයි. ඒ කොහොම උනත් මම කිව්ව දේ ඒක අහපු කෙනාට තේරුණේ නෑ. මට පැහැදිලි කරන්න තරම් හිතක් ඇති උනෙත් නෑ.. ඒ හින්දා අලුත් අවුරුද්දේ මේ ගැනත් හිතන්න. ගන්න දෙයක් තියෙනවා කියලා හිතෙනවා නම් ගන්න.. තේරුම් ගන්න බෑ වගේ නම් අතෑරලා දාන්න..
පිරී තිබුනත්
දොළොස් මාසේ..
පියුම් නොපිපෙයි
ඒ ජලාශේ.
මේ මම දාන අන්තිම පොස්ට් එක.(මේ අවුරුද්දට)
අරුණැල්ල පටන් අරන් තාම අවුරුද්දක් වත් නෑ. මේ අවුරුද්ද පුරාම අපිත් එක්ක හිටපු, පොස්ට් එකක් බලලා සතුටක් විඳපු, කමෙන්ට් එකකින් හරි ඒ අදහස් දක්වපු වගේ ම රහසේ ම හැංගිලා ගිය හැමෝට ම ගොඩාක් ස්තුතියි.ඒ හැමෝම අලුත් අවුරුද්දෙත් අපිත් එක්ක ම ඉඳීවි කියලා බලාපොරොත්තු වෙනවා..
ලබන අවුරුද්දේ අපි අලුත් බලාපොරොත්තු එක්ක අලුත් විදියට හමු වෙමු.
හැමෝට ම සුභ නව වසරක් වේවා.!!
මම,
~Nj~
Subscribe to:
Post Comments (Atom)
ඔබටත් සුභම සුභ නව වසරක් වේවා..
ReplyDeleteඑසේම වේවා!
ReplyDeleteජයෙන් ජය !
එසේම වේවා
ReplyDeleteAra q we, godak dewal tibunath, apita oona de ethana na kiyalada?
සුභ නව වසරක් වේවා!
ReplyDelete@වැලි මැඩියා
ReplyDeleteආදරෙන් අරුණැල්ලට පිළි ගන්නවා..
@Sineth
ReplyDeleteතරමක් නිවැරදියි.. නමුත් සම්පුර්ණ අදහස නෙවෙයි!!
සුභ අළුත් අවුරුද්දක් වේවා..
ReplyDeleteහ්ම්ම්!!
ReplyDeleteසුභම සුභ නව වසරක් වේවා මල්ලි.
ReplyDelete@ඔබ නොදුටු ලොවක්
ReplyDeleteඅරුණැල්ලට ආදරයෙන් පිළි ගන්නවා.!!