මේ ලඟදි දවසක් මගේ මිතුරෙක්ගෙන් පොඩි ආරාධනාවක් ලැබුණා ගීතයක් ලියලා දෙන්න කියලා.. පොඩි සිද්ධියකුත් කිව්වා වස්තු බීජය නැත්නම් නිමිත්ත කර ගන්න කියලා. තව එකක්.. ලියන්න ඕන උනේ duet එකක්.. තේරෙන සිංහලෙන් කියනවා නම් යුග ගීතයක්. ඔන්න ඉතින් මාත් දෙයියනේ කියලා ලියන්න ගත්තා.. ඒත් මට ඒ තේමාවට අදාලව ලියවුනේ සරල ගීයක්.. නමුත් අන්තිම කොටස ටිකක් සංකීර්ණ කරන්න උත්සාහ දරපු නිසා ද කොහෙද වැඩේ අවුල් උනා.. මම ඒ කොලේ විසි කරලා දාලා අලුතෙන් ලියන්න ගත්තත් පස්සේ හිතුනා ඒ අන්තිම කොටස වෙනම නිර්මාණයක් විදියට පොස්ට් කරා නම් හොඳයි කියලා.. මේක ටිකක් බලලා හොඳ නරක කියන්න..
නුඹයි සදහට
මගේ මිතුරිය
පහදනු හැකි වේද
අප සිත බැඳී ලෙද
උපමා රූපක
විස්තීරණ කළ
විසිතුරු වූ නෙක
කවි කමින්....
නොකියමි සෙනෙහස
මා බැඳී නුඹ වෙත
අමිල නිකැළැල්
ප්රේ මය යැයි කියා
අරුතක් සොයනෙමි
ජීවන මං පෙත
මතු ජය ලබනු නියා...
ප.ලි.: මේක ටිකක් අප්සට් වගේ තමයි.. නිකම් හිතුණට දැම්මේ.. හිනා වෙන්න නම් එපා හොඳේ...
මම
~Nj~
අප්සෙට් නම් නෑ... හොඳයි
ReplyDeleteකිසිම අප්සට් එකක් නැහැ, හරිම ලස්සනයි..
ReplyDeleteඅප්සෙට් නෑ ඕයි.. ගීතයක්ද මන්දා.. පද පේලි නම් නියමයි..
ReplyDeleteකොහොමත් මට ඔහොම තියෙනකොට සින්දුවක්ද නිසඳැසක් ද කියල හිතාගන්න බෑ.. එල.
1st stanza eke last lines 4ra, 2nd stanza eke 3,4 lines.......
ReplyDeleteA tika tikak saralawa qwoth hodayi kiyala hithanawa.
ගීතයකටනම් වචන බර වැඩියි වගේ...
ReplyDeleteගීතයකට සුදුසු මදි කියල මටත් හිතෙනවා!
ReplyDeleteඒත් පද පෙළ සකස් කරන්න පුළුවන් වගේ!
(ගීතයකට සුදුසු විදියට)
wow lassanai.bt last 2 lines change kara nam hndai.e tka soft madi.
ReplyDeletelassanai.but sinduwakata hari naa wage ne.
ReplyDeleteගීතයක ට සුදුසු නෑ තමයි.. ඒත් පද පෙළ ලස්සනයි. කිසි අප්සට් එකක් නෑ.... :)
ReplyDeleteමම හිතුවේ නෑ ඒ පද පෙළ සාර්ථක වේවි කියලා.. හැමෝටම ස්තුතියි..
ReplyDeleteගැටලුව මතු උණේ විස්තීරණ කියන වචනය බර වැඩි හින්දා.. ගීතයකට සුදුසු මදි කියලා.
mul tikanam marama lassanai
ReplyDeleteeth anthima tike podi awulak thiyenawa wage thamai
koma wunath samasthayak wasayen gaththama nam lassanai..... :)
@Chamindi
ReplyDeleteපද වල අවුල තියෙනවා කියපු තැන ගැන මොකද හිතන්නේ?
ලස්සනයි
ReplyDelete@හිතුවක්කාරී
ReplyDeleteස්තුතියි!අරුණැල්ලට ආදරයෙන් පිළි ගන්නවා..!!
I am sure this piece of writing has touched all the internet viewers, its really really good piece
ReplyDeleteof writing on building up new blog.
Look into my webpage: vakantiehuisjes frankrijk