Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

නුඹට බැඳී සෙනෙහස

Friday, December 16, 2011



මේ ලඟදි දවසක් මගේ මිතුරෙක්ගෙන් පොඩි ආරාධනාවක් ලැබුණා ගීතයක් ලියලා දෙන්න කියලා.. පොඩි සිද්ධියකුත් කිව්වා වස්තු බීජය නැත්නම් නිමිත්ත කර ගන්න කියලා. තව එකක්.. ලියන්න ඕන උනේ duet එකක්.. තේරෙන සිංහලෙන් කියනවා නම් යුග ගීතයක්. ඔන්න ඉතින් මාත් දෙයියනේ කියලා ලියන්න ගත්තා.. ඒත් මට ඒ තේමාවට අදාලව ලියවුනේ සරල ගීයක්.. නමුත් අන්තිම කොටස ටිකක් සංකීර්ණ කරන්න උත්සාහ දරපු නිසා ද කොහෙද වැඩේ අවුල් උනා.. මම ඒ කොලේ විසි කරලා දාලා අලුතෙන් ලියන්න ගත්තත් පස්සේ හිතුනා ඒ අන්තිම කොටස වෙනම නිර්මාණයක් විදියට පොස්ට් කරා නම් හොඳයි කියලා.. මේක ටිකක් බලලා හොඳ නරක කියන්න..



නුඹයි සදහට
මගේ මිතුරිය
පහදනු හැකි වේද
අප සිත බැඳී ලෙද
උපමා රූපක
විස්තීරණ කළ
විසිතුරු වූ නෙක
කවි කමින්....



නොකියමි සෙනෙහස
මා බැඳී නුඹ වෙත
අමිල නිකැළැල්
ප්රේ මය යැයි කියා
අරුතක් සොයනෙමි
ජීවන මං පෙත
මතු ජය ලබනු නියා...


ප.ලි.: මේක ටිකක් අප්සට් වගේ තමයි.. නිකම් හිතුණට දැම්මේ.. හිනා වෙන්න නම් එපා හොඳේ...

මම
~Nj~






15 comments

  1. අප්සෙට් නම් නෑ... හොඳයි

    ReplyDelete
  2. කිසිම අප්සට් එකක් නැහැ, හරිම ලස්සනයි..

    ReplyDelete
  3. අප්සෙට් නෑ ඕයි.. ගීතයක්ද මන්දා.. පද පේලි නම් නියමයි..
    කොහොමත් මට ඔහොම තියෙනකොට සින්දුවක්ද නිසඳැසක් ද කියල හිතාගන්න බෑ.. එල.

    ReplyDelete
  4. 1st stanza eke last lines 4ra, 2nd stanza eke 3,4 lines.......

    A tika tikak saralawa qwoth hodayi kiyala hithanawa.

    ReplyDelete
  5. ගීතයකටනම් වචන බර වැඩියි වගේ...

    ReplyDelete
  6. ගීතයකට සුදුසු මදි කියල මටත් හිතෙනවා!
    ඒත් පද පෙළ සකස් කරන්න පුළුවන් වගේ!
    (ගීතයකට සුදුසු විදියට)

    ReplyDelete
  7. wow lassanai.bt last 2 lines change kara nam hndai.e tka soft madi.

    ReplyDelete
  8. lassanai.but sinduwakata hari naa wage ne.

    ReplyDelete
  9. ගීතයක ට සුදුසු නෑ තමයි.. ඒත් පද පෙළ ලස්සනයි. කිසි අප්සට් එකක් නෑ.... :)

    ReplyDelete
  10. මම හිතුවේ නෑ ඒ පද පෙළ සාර්ථක වේවි කියලා.. හැමෝටම ස්තුතියි..
    ගැටලුව මතු උණේ විස්තීරණ කියන වචනය බර වැඩි හින්දා.. ගීතයකට සුදුසු මදි කියලා.

    ReplyDelete
  11. mul tikanam marama lassanai
    eth anthima tike podi awulak thiyenawa wage thamai
    koma wunath samasthayak wasayen gaththama nam lassanai..... :)

    ReplyDelete
  12. @Chamindi
    පද වල අවුල තියෙනවා කියපු තැන ගැන මොකද හිතන්නේ?

    ReplyDelete
  13. @හිතුවක්කාරී
    ස්තුතියි!අරුණැල්ලට ආදරයෙන් පිළි ගන්නවා..!!

    ReplyDelete
  14. I am sure this piece of writing has touched all the internet viewers, its really really good piece
    of writing on building up new blog.

    Look into my webpage: vakantiehuisjes frankrijk

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading