උපේක්ඛා කියලා තිබුණා නුඹට බැඳි සෙනෙහස එකේ ඉතිරි ටිකත් දාන්න කියලා.. ඒ හින්දා කලින් නොදා ඉන්න හිටියත් ආයෙත් ඒ ටික දාන්න තීරණය කළා.. මේ ටික ගැන නම් මම මුකුත් කියන්න යන්නේ නෑ.. කියවන අය ම තීරණය කරන්න..
පුංචි කාලේ අපි
අත් පොඩි අල්ලා
මතක ද දිව්වා
සෙනෙහසින්..
ඒ යුග අවසන්
වී යළි එලෙස ම
කෙළිනු නොහැකි අද
ආදරෙන්..
ආදර ගඟුලක
ගිලී මියෙන්නට
නුඹේ රුව දකිනු රිසින්
නුඹේ හඬ අසනු රිසින්
බලා හිඳිමි මම
හද පිළි ගන්වන්න තොසින්..
මම,
~Nj~
This is really better than the 1st one mchn.
ReplyDeleteමට නම් හිතුනේ කලින් එක මීට වඩා හොඳ ඇති කියලා..
ReplyDeleteMata nam hithune arahema bn.
ReplyDeleteඅදහස නම් හොදයි !
ReplyDeleteතව හැඩ කරන්න පුළුවන් කියලයි මට නම් හිතෙන්නේ !
ලස්සනයි....
ReplyDeleteහ්ම්
ReplyDeleteකලින් එකයි මේක දෙකම දැනුයි කියවුවේ.. මටනම් මේ දෙකම ලස්සනයි...
ReplyDelete@All
ReplyDeleteහැමෝටම බොහොම ස්තුතියි!!