Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

සොලොස් කලා සපිරි සඳ..

Sunday, May 6, 2012

රන්වන් ව දිදුලයි..
ලං ව බැලූ විට,
අඳුරු පැහැති,
ආවාට පෙනෙයි!!

34 comments

  1. තෙරවිල්ලක්නම් ඉතින් ගැහැණිය තමයි :D

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම.. ස්තුතියි මිත්‍රයා මේ පැත්තේ ආවට!!

      Delete
  2. නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

    ReplyDelete
  3. එහෙත් එය සිසිලයි
    අඳුර දුරලයි
    සිත නිවා පහන් කරයි..
    ඔබේ ගෙපැලත්,
    මගේ ගෙපැලත්,
    එළිය කළ සඳ
    මගෙ සරාසඳ...

    ReplyDelete
    Replies
    1. හිරුගේ කිරණින්
      ලොව එලිය කරවන
      සඳ,
      ඒ එළිය
      හිරුගෙන් ගත් බව
      තවම කියා නැත..
      ඉදින් සඳක් ව
      දිලෙනවාට වඩා
      තරුවක් ව
      නිවී නිවී
      දැල්වීම
      මනා නොවන්නේ වේ ද

      Delete
  4. කොපමණ පෙම්වත්ද සදකැන්
    ඈතින් දිලී උන් කල..
    ආදරෙන් ළගට ගත් කල,
    පෙනෙයි නොදුටුව ආවාට!

    ReplyDelete
    Replies
    1. හයිකුව සහ නිසඳැසෙහි වෙනස..

      ආවට නැති සඳක් සොයනවාට වඩා, ආවාට පිරි සඳට ආදරය කළ හැකි නම් ගැටළු බොහොමයක් මග හරවා ගත හැකි වේවි කියලා හිතනවා!

      Delete
  5. පේවිලා
    ආවත්
    පරවෙලා
    බෝ මල්

    ReplyDelete
    Replies
    1. පර නොවේ නම්
      මලක් නොවේ මැයි
      ආවාට නොවේ නම්
      සඳක් නොවේ මැයි..

      Delete
  6. නියමය් හොඳේ ඇත්ත කතාව ඉතින් :)

    ReplyDelete
  7. හාවා ගැනත් ලියපං.. ආවාට ගැනම ලියන්නෙ :D

    ReplyDelete
    Replies
    1. හාවා, ආවාට ඇති කරයි ----1
      ආවාට නිසා හඳ කැත වෙයි ----2
      1 සහ 2 න්
      හාවා, හඳ කැත කරයි!!

      Delete
  8. ඈතින් දකින කල
    නොපෙනුනත් ආවාට සඳ මත
    ළඟින් හිඳ පේවෙන කල
    පොල් කෙන්දත් මොල්ගහක් වෙන රඟ!

    ReplyDelete
    Replies
    1. ඈතින් හිඳ බලන කළ
      පෙනෙයි ආවාට සසයෙකු විලස
      මෑත් වූ කළ
      එයම මකරෙකු වන හැඩ..

      Delete
  9. ළංවෙලා බැලූවිට
    ආවටද දු‍ටුවේ සදේ
    දැනුනේ නැද්ද
    ඉන් විහිදෙන සිසිලස...

    ReplyDelete
    Replies
    1. සිසිල දැනුණි
      ඈත් ව හිඳින කළ ද,
      ආවාට දුටුවේ
      ලංව බලන කළ ය..

      Delete
  10. හික්ස්ස්.. තේරවිල්ලක්ද?? :D

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමයි.. හි හි!! කොහොමත් ඉතින් හිරු එළිය කිව්වා වගේ "තේරවිල්ලක් නම් ඉතින් ගැහැණිය තමයි!"

      Delete
  11. හඳට විතරමද මේක කිවුවේ??

    ReplyDelete
  12. අනේ පව් අසරණ සඳ........

    ReplyDelete
  13. ඕනෙවට වඩා ලං වෙලා බලන්න එපා...

    ReplyDelete
  14. කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ. තීම් එක නම් ආයෙ මුකුත් නෑ සුපිරි මචන්. මාර professional look එකක් තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා. තේරීම රත්ගමයා මහතාගේ.. හෙක් හෙක්!!

      Delete
  15. වෙසක් හඳ ගැනද,රාමලාන් සඳ ගැන ද??

    ReplyDelete
    Replies
    1. කොහොම කිව්වත් එක ම හඳ නේ!!

      Delete
  16. Nothing is perfect neeee......!!!!

    ReplyDelete
  17. හද දිහා බලන්නවත් වෙලාවක් නැ මේ දවස් වල නම්....

    මොනවා උනත් ඇත්ත කතාව

    ReplyDelete
    Replies
    1. මම හිතුවා හඳත් එක්ක තරහා වෙලා කියල!! ස්තුතියි අයියේ!!

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading