Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 3 කොටස

Wednesday, May 23, 2012

රත්ගමයා සමග සතියක් පේරාදෙණියේ ගත කිරීමේ මහා මෙහෙයුමේ තුන් වන දිනය අවසානයේ දිගහැරෙන සිංහාවලෝකනය යි මේ... මෙතෙක් සිදු වූ දෑ පිළිබඳව නොදන්නා යමෙකු වේ නම් පහත ලින්කු ඔබා දැන ගන්නා මෙන් කරුණාවෙන් යුතුව ඉල්ලා සිටිමි! ස්තුතියි! හෙක් හෙක්!!


 


ඊයේ පෝස්ට් එකේ විදියට ම අද නිවාඩු දවසක්.. ඒ හින්ද ම කොහොම හරි කැම්පස් එක වටේ රවුමක් ගහන්න ඕන කම තිබුණා. සුපුරුදු බාධාව වුණු රත්ගමයාගේ නින්ද බොහොම අමාරුවෙන් මැඩ පවත්වන්න පුළුවන් වුණේ උදේ පාන්දර 10 පහු වෙලා.. 

“අනේ මචං.. අද වත් යමන්කෝ... මට මේකේ තනියම ඇවිදින්න ගිහින් අතරමං වෙන්න බෑ බං!”
සැහෙන්න වෙලාවක් ඇඩුවට පස්සේ රත්ගමයාගේ දෑස් විවර වුණා..

“හා හා.. යමන්! හැබැයි මට 12 ට ප්‍රැක්ටිස් බං..අපි 11 ට විතර යමන්!”

ඔන්න ඔය විදියට පේරාදෙණිය විශ්ව විද්‍යාලය පුරා කෙරෙන මගේ කුළුදුල්  සැරි සරියට අවකාශ සැලසුණා..

අක්බාර් එකෙන් එලියට ඇවිත් මුලින් ම ගියේ කඩොලාන ගහ ළඟට! වලට ගිහින් එද්දී නිතර ම දැකලා තිබුණත්, එතැන ටිකක් නැවතිලා වෙලාව ගත කරන්න පුළුවන් වුණේ අද.. ( කඩොලාන ගහ ළඟ නැවතුනා කිව්වේ ගහ යටට ගිහින් නම් නෙවෙයි! හරි ය!! ගහට ටිකක් මෙහා පාරෙයි අපි හිටියේ) මේ ගහ සැලකෙන්නේ ලංකාවේ, මුහුදු මට්ටමෙන් ඉහළින් ම පිහිටි කඩොලාන ශාකය විදියට ලු! නිකම් හිතුනු හින්දා ඒ ගැන හොයලා බලලා මතක තියා ගත්ත කියලයි රත්තා නම් කිව්වේ! :P ඒ වගේ ම හිච් වෙලා නැති අය තනියම ගහ යට රැඳෙන්නේ නෑ කියලයි අහන්න ලැබුනේ..




ඊළඟට ගමන යෙදුණේ පිට්ටනිය දිහාවට! පාපන්දු ක්‍රීඩා පිටිය පහු කරලා ක්‍රිකට් පිටියට ත්, එතැනින් ගල අඟුරු ධාවන පථය හරහා කිරි හල දිහාවටත් අපේ ගමන් මාර්ගය වැටී තිබුණා.  අද සකස් වෙන බොහොමයක් ධාවන පථ සකස් කෙරෙන්නේ තාර යොදා ගනිමින්.. එහෙත් මේ ධාවන පථය සකස් වෙලා තියෙන්නේ කළු ගල් අල්ලන ලද පොළොවට ගල් අඟුරු යෙදීමෙන්. ඒ හින්දා ම මේකත් විශ්ව විද්‍යාලයේ වැදගත් තැනක් විදියට හැඳින්වෙනවා!


අද වැඩ වර්ජනය නිසා කිරි හල වහලා තිබුණා. ඒ හින්දා එතන තිබුණු මහා විශාල ගහ යට ට වෙලා ටිකක් වෙලා කාලය ගත කළා. තාම හිච් වෙලා නැති හින්දා වැඩක් නැති වෙලාවට මෙතනට ඇවිත් ඉඳලා ගියාට කමක් නෑ කියලයි දැනගන්න ලැබුණේ. ඉක්මනින් හිච් කර ගන්න ඕන කමකුත් තියෙන නිසා හෙටත් ඒ පැත්තේ යන්න හිතෙනවා! (ඒ අතරේ හිච් වුණොත් දැනගන්න සලස්වන්නම්!!) අපි එතන ඉන්දෙද්දී තමන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමී ව මයිනන් විසින් සංවිධානය කරන ලද පා ගමනක් අපේ ඉදිරියට ආවා!


ටික වෙලාවක් ගත කරලා ආයෙත් අපි ගමන පටන් ගත්තා. කලාගාරය, ශාස්ත්‍ර පීඨය පහු කරගෙන ආයෙත් අපි වල දිහාවට ඇවිත් තිබුණා. කලින් දවස් දෙකේ දී ම ඇවිත් තිබුණු තැන නිසා එතැන නම් මටත් අඳුන ගන්න පුළුවන් වුනා. ටික වෙලාවක් එතන කරක් ගහද්දි පරණ මිත්‍රයෙක් වුනු ‘දිගා’ හමු වුනා. කදේ දාගෙන එයා එක්ක ම WUS එක පැත්තට ආවා! ටික වෙලාවකින් අපි දවල් කෑම ගත්තා. එහෙම්ම රත්තා බේස් බෝල් ගහන්න පිටත් වෙලා ගිය නිසා එහේ මෙහෙ කරකැවෙමින් කෙරෙන දේවල් නිරීක්ෂණය කරන්න මට මොහොතකට අවස්ථාව සැලසුණා.

AHS එකේ එවුන්ගේ උපාධිය වසර 4 සිට වසර 3 දක්වා අඩු කිරීමට තීරණය කිරීමට එරෙහිව ඔවුන් පෝස්ටර් කැම්පේන් එකක් සංවිධානය කරලා තිබුණා. එතනට වෙලා ටික වෙලාවක් ගත කරද්දී අපේ බැචෙක් වුනු පැංචාගේ ආදරණීය අක්කණ්ඩිය හමු වුණා. ආගිය තොරතුරු කතා බහ කරමින් ඉඳලා ටික වෙලාවක් ඉඳලා ඇය නික්මුණා. (තව පොඩ්ඩෙන් මම අක්කාගේ හිච් එක කියලා එතන හිටපු එවුන් හිතනවා! යන්තම් අක්කා මම කවුද කියලා කිව්වා හින්දා  වැඩේ ශේප් වුණා!!) ඊළඟට අපේ පාසලේ හිටපු අපේ අක්කා කෙනෙක් හමු වුණා.. බොහොම කාලෙකින් දැකලා තිබුණු නිසා ගොඩක් වෙලා කතා බහ කළා..අපිත් එක්ක චෙස් කරපු තවත් අයියා කෙනෙක් (කුබෝටා) පේරේ ඉන්නවා කියලා මට මතක ක් කරලා දුන්නේ එයා.(එවෙලාවෙත් තව පොඩ්ඩෙන් මට ඒ අක්කගේ හිච් එකේ චරිතය රඟන්න වෙනවා! හොඳ වෙලාවට ඒකත් අක්කා ශේප් කළා..)



ඊළඟට කෙලින් ම කෝල් එක කුබෝටා ට.

“හලෝ මචං කොහොම ද?”

“මම දැන් උඹලගේ කැම්පස් එකේ. WUS එක ලඟට වරෙන්”

“හරි මචං.. මට විනාඩි 20ක් දීපන්. එන්නම්!”

අන්තිමට කොහොම හරි මට කුබෝටා ව අක්බාර් පාලම ළඟ දී හමු වුණා. එතන ඉඳං ආයෙත් සවාරිය පටන් ගත්තා.. පරණ කතා, ආගිය තොරතුරු, කැම්පස් ජීවිතේ ගැන කතා ඉවරයක්‌ නෑ. අතරමග දී මම,

“කොහෙද බං අර යකා පාලම තියෙන්නේ?”

“ආ.. උඹ එකට ගිහින් නැද්ද? ඒක තියෙන්නේ ස්ටේෂන් එක ගාව..යමන් බලන්න”
ගමන ඊළඟට යකා පාලම දිහාවට!

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් තුල තියෙන එක ම දුම්රිය ස්ථානය හෙවත් පේරාදෙණියේ ‘සරසවි උයන’ දුම්රිය ස්ථානය අපි යන පාරේ දකින්න ලැබුණා. මොහොතකට ඒ ලඟට ගිහින් ආයෙත් හැරෙද්දී ම නලා හඬක් ඇහුණා. පිටිපස්සෙන් කෝච්චියක්.. හනිකට පාරෙන් ඉවතට පැන ගත්ත අපි කෝච්චිය යනකම් හිටියා..

“අපරාදේ මචං.තව විනාඩි 5කට කලින් ආවා නම් පාලම උඩට වෙලා කෝච්චිය යන ෆොටෝ එකක් ගන්න තිබුණා.”
ඒ කුබෝටා!


යකා පාලම කියන්නේ ඇත්තට ම පිස්සු හැදෙන තැනක්. පාලම උඩින් යද්දී පහළින් පෙණ විසිරුවමින් බොහොම ලස්සනට ගලාගෙන යන ගඟ පෙනෙනවා.. එක පැත්තක ගඟේ දිය කෙලින පිරිසක්. අනෙක් පැත්තේ හන්තාන කඳු වැටිය! ඒ ලෝකයේ තියෙන ලස්සන ම තැන් වලින් එකක් කියලයි හිතුණේ!



ටික වෙලාවක් යකා පාලමේ සුන්දරත්වය විඳපු අපි, ආයෙමත් එන්න පිටත් වුණා. පළමු වන වතාවට මාකස් එක පැත්තට ගියේ අද.. මාකස් එකේ කැන්ටිමෙන් තේ එකක් බීලා, ටික වෙලාවක් කුබෝටා එක්ක කයියක් ගහලා වල දිහාවට ඇදුනා.. ඒ එද්දී සංඝමිත්තා, හිල්ඩා වගේ කලින් නම් අහලා තිබුණට දැකලා නොතිබුණු නේවාසිකාගාර කිහිපයක් ම දැක ගන්න පුළුවන් වුණා.. වල ළඟ දී අපේ ගම් පලාතෙන් ම ගියපු එකෙක් හමු වුණා. අද රෑ නවතින්න ඌ අපේ කාමරය ට ආවා! මේ මොහොතේ කාමරේ අපි තුන් දෙනෙක් ඉන්නවා!

කතාවෙන් කතාවෙන් අද නාට්‍යය ගැන කියන්න අමතක වෙනවා.. අද රාජ්‍ය සම්මානලාභී කෙටි නාට්‍ය 3ක් පෙන්නුවා..
  • ඩයිනොසර්  ප්‍රේමය
  • බොක්ස්
  • තනියෙක් විශිෂ්ටයි

ඒ අතුරින් නුවන් දර්ශන ගේ ‘ඩයිනොසර් ප්‍රේමය’ නාට්‍යය නම් අති විශ්ෂ්ඨයි.. සෙසු නාට්‍ය දෙක සමග සසඳද්දී අනිවාර්යයෙන් ම පළමු තැන හිමි වෙන්නේ ඒ නාට්‍යයට! මට හිතුනු විදියට නම් දෙවන තැන ‘තනියෙක් විශිෂ්ටයි’ නාට්‍යයට ලැබිය යුතුයි. නමුත් සමස්තයක් වශයෙන් නාට්‍ය තුන ම හොඳ තත්වයේ තිබුණා.(නැත්නම් ඉතින් සම්මාන දේවි යැ?)



කුබෝටා හමු වෙන්න ගිය වෙලාවේ, මාකස් එකේ 14 වෙනි කාමරේ තිබුණු එක්තරා කවි පද කිහිපයක් හිතට බොහොම සංවේදී වුණා. කාලෙකට කලින් ලියවුණු බවක් තිබුනත්, දිනයක් නම් දකින්න තිබුණේ නැහැ..

ඔබට එළිය ඕන කිව්වා හින්දයි
මම අහසට සඳ අරගෙන ආවේ..
ඔබට සුවඳ ඕන කිව්වා හින්දයි
මම නටුවට මල අරගෙන ආවේ..

ඒ සඳ එළියේ
ඔබ තවත් මලක් සිඹීන කොට
මා සඳ ගන්නේ කොහොමද?
අහසින් ඉවතට..

ඒ මල සුවඳේ
ඔබ තරු රැසක් විඳින කොට
මා මල් ගන්නේ කොහොමද?
නටුවෙන් ඉවතට..

ඊට ටිකක් පහළින්, වෙනස් අත් අකුරු වලින් මෙහෙම එකක් ලියලා තිබුණා..

ආදරය විශ්වාස නොකරන්න.
ඒත්, විශ්වාසයෙන් යුතුව ආදරය කරන්න..
2006/01/06



අද නාට්‍ය නරඹලා කාමරයට ආවේ දැන් ටිකකට කලින්. අද සටහන ටිකක් දිග වුණා. ඊයේ වැඩි දෙයක් කිව්වෙත් නැති නිසයි අද දිග වුණේ. හෙට තවත් සිදුවීම් ටිකක් එක්ක හමු වෙමු!













4 කොටස




17 comments

  1. මේවා මෙහෙම බලනකොට දුකයි බං. මටත් ඔහේ ඇවිත් යන්න හිතෙනවා බං. මොනවා උනත් උබට GOOD LUCK

    ReplyDelete
  2. හැච් එක නෙවෙය් බන් හිච්(hitch) එක, එතකොට අරකට කියන්නේ හිච් ගහ කියල

    ReplyDelete
  3. ඔව් ඔව් හිච් (hitch) එක...

    ReplyDelete
  4. Ela ela... Inna dawas deka thune puluwn taram than balanna palayan. :)

    ReplyDelete
  5. මරු ගමන මචං...

    ReplyDelete
  6. කලින් ලිපි ටිකත් කියෙව්වා...පින්තූර ටික හරිම ලස්සනයි.

    ReplyDelete
  7. Malli, ube lipiye "mainan" kiyala kiyanne university Non Academic Staff eka wenna ethi neda. Academic herunama anith hemoma eeye saha ada token strike ekak karana nisa. mamath malli uba oya kiyana "mainan" godata ayath ekek thami. hebei mama inne peradeniya newei. ube yalu rathgamaya wage 1998 de peradeniya science faculty eken out wunu ekek thamai math. eeta passe nikan inna beruwata Japuren MSc ekakuth goda da gaththa. ubala kiyana widiyata api minor staff ne. minor satff inna mage basic salary senior lecturer ge basic salary ekata wediya wedi. eta amatarawa vehicle permit & sabbatical leave th mata tiyenawa. ee madiwata mage gedara telephone bill eken 1/2 university eken ewanawa thawa 3B free mobitel dongle ekakuth deela tiyenawa. onna ohomai minor staff apita university salakanne. puluwan nam BSc out wela aduane ape salary eka wath ganna puluwan job ekak ublata lebenna kiyala mama prarthana karanawa. eka eka job karana ayawa adu thakseru karanna epaaaaa. hema profession ekakatama garu karanna purudu weyan malli. mewa ubatala iskolen uannala nehe gedarin uannalath nehe.

    ReplyDelete
    Replies
    1. ඒ.. සහෝදරයා... ඔච්චර දේවල් නොලැබෙන එත් ඔබ තරම්ම උගත් කොටසක් තවත් ඉන්නවා නේද? ඔබේ කමෙන්ට් එකෙන්ම ඒ බව කියනවා නේ. ඉතින් මේ රටේ එහෙම කොටසකුත් ඉන්නකොටද තවත් මේ පිකට් කරන්නේ? සල්ලි මුදල් ඉල්ලන්නේ? ඕනෙම කෙනෙක් තමන්ට වැඩියෙන් ලැබෙනවට කැමතියි තමයි, ඒත් ඔච්චර දේවල් ලැබිලත් තවත් ඇයි ඉල්ලන්නේ? අසාධාරණයි සහෝ.

      Delete
  8. නියමයි නියමයි..

    ReplyDelete
  9. පෝස්ට් එක නම් සුපිරි. සිරා ‍ෆොටෝ ටික.
    පේරාදෙණි සරසවිය මන් ආසා තැනක්.

    කවදා හරි යන්න හිතන් ඉන්නෙ

    ReplyDelete
  10. අපි‍ට නම් ජීවිතේට ඔය පැත්තේ සවාරි ගහන්න වෙන්නේ නැහැ :(

    ReplyDelete
  11. තවදිනක් ගෙවුනා ... පේරාදෙනියේ..
    මල් කඩනවා වගේ..

    ReplyDelete
  12. ලස්සන තැන් ටික..කවදා හරි දකින්න ලැබුනොත් හොදයි..:)

    ReplyDelete
  13. මම හිතන්නේ මයිනන් කියන වචනේ පාවිච්චි කරන්න ඇත්තේ කාටවත්‍ අගවුරව කරන්න නෙමේ මගේ හිතේ.මයිනන් කියන ගනයට registar වගේ ගොඩක් ලොකු පෝස්ට් දරන අයත් අයිති වෙනවා.අපි දොස්තරලට වුනත් ඩොකා කියලා කියනවා ඒත් අගවුරව කරන්න බලාන කියන එකක් නෙවේ.

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading