Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

යෞවනය, ආදරය සහ සියදිවි නසා ගැනීම

Thursday, May 31, 2012

අද දවසේ සිදු වුණු එක්තරා සිදුවීමක් නිසා තුන් හිතකින් වත් නොහිතපු මාතෘකාවක් යටතේ post එකක් දාන්න සිදු වුණා.. මේ, ඒ පිළිබඳව..



ස්ථානය : University of Ruhuna - Faculty of Engineering, LT 01
වේලාව  : දහවල් 12.30 

අද දවසට නියමිත දේශන අවසන් වෙලා, අපි දේශන ශාලාවෙන් (LT 01) පිටතට පැමිණෙමින් සිටියා. ශාලාවේ දොරට ලං වෙනවාත් එක්ක ම කවුදෝ එකෙක් "රැංගෝ" කියවා ඇහුණු නිසා ටිකක් පස්සට ඇවිත් මොකාද මේ කියලා බලද්දී කොහේදෝ ඉඳලා දුවගෙන ආවේ චොකා. 

"මචං. පොඩි අවුලක්. ටිකකට ගාලු ගිහින් එමු ද?"

මළා..ගෙදරට වාත වෙලා වෙලා පැට්‍රොල් ටික ගහ ගත්ත ගමන් මොකෙක් හරි හෙනහුරෙක් පහත් වෙනවා නේ.. මොනවා කරන්න ද! බැචා නේ..

"මොකෝ මචං සීන් එක?"

"නෑ බං.. අපේ අක්කගේ යාලුවෙක් අද ගාලු ඇවිත්. එයාට ටිකක් අසනීපයි ලු. Faint වෙනවා කියල කිව්වා. පොඩ්ඩක් බලන්න ලු. ධර්මපාල පාක් එකේ ලු දැන් ඉන්නේ"

ලෙඩකට දුකකට නැති බයික් එක ගිනි තියපිය කිව්වලු!

"අඩේ.. එහෙම ද? එහෙනම් යමන්.. "

පහළට ඇවිත්, නවත්තලා තිබුණු බයික් එකකින් හෙල්මට් එකකුත් ගත්ත අපි ගාල්ල දිහාවට ඇදුණා. ටික වෙලාවක් යද්දී චොකා ආයෙත් එයාගේ අක්කට කෝල් එකක් දුන්නා. දෙන්නා මොන මොනවදෝ කතා වෙනවා ඇහුණත් අනුන්ගේ කතා වලට කන් නොදෙන හොඳ ළමයෙක් හින්දා රැංගෝ ඒ පැත්තට කන දැම්මේ නෑ..

"මචං.. වැඩේ ටිකක් දරුණුයි ලු. මේ අක්කගේ යාලුවෙක්ගෙ යාලුවෙක් ලු. පැරෙක් (parallel batch එකක කෙනෙක්) ලු.. කොල්ලගේ සීන් එකක් හින්දා පැනඩෝල් බීලා කියලා කිව්වා..දැන් එතන යාළුවො දෙන්නෙක් ඉන්නවා ලු. හැබැයි ඒ එයාගේ යාළුවෙක්ගේ යාළුවො දෙන්නෙක් ලු.. එයා අඳුනන්නේ නෑ ලු.. අපිට පුළුවන් නම් hospital එකට admit කරන්න කිව්වා"

කිරි අප්පට බල්ලෝ බුරාපිය.. මේ මොකද්ද බොලේ මේ වෙන්න යන්නේ.. සිය දිවි නසා ගැනීමට තැත් කිරීම.. අපරාධ නීතිය යටතේ නඩු දාන්න පුළුවන් වැරද්දක්.. විශ්වාස නැති කෙනෙක් ඉන්නවා නම් අපේ දයානන්ද රත්නායක අයියාගෙන් අහ ගන්න පුළුවන්!!

"කලින් කියන්න එපයි බං. එහෙනම් ලත වෙන්න බෑ නේ.. " 

මම දෙන්න පුළුවන් උපරිමෙන් ම gas දීලා බයික් එක. ධර්මපාල පාක් එක පැත්තට ගත්තා.. පාරේ හිටපු එවුන් බනිනවා වගේ යන්තමින් ඇහුණත් ජීවිතයක ඉරණම විසඳෙන්න තියෙන වෙලාවේ මාර්ග නීති ගැන සැලකිලිමත් වෙවී ලත වෙන්න හිත දුන්නේ නෑ. 

අන්තිමට අපි ධර්මපාල උද්‍යානය ළඟ.. ඇතුලට යන්න හදද්දී ම දොරටුව ළඟ හිටපු කෙනා කතා කළා.. 

"අයියේ.. අපේ යාලුවෙක් අසනීප වෙලා.. එයාව hospital එකට ගෙනියන්න ආවේ. ඇතුළට ගියාට අවුලක් නෑ නේ?"

"එයාට එලියට එන්න කියන්න. නැත්නම් ටිකට් එකක් ගන්න"

ඒක කියපු විදියට හොම්බ කට සමතලා වෙන්න දෙකක් දෙන්න හිතුනත්, වාද කර කර අපතේ යවන්න වෙලාවක් නොවුණු නිසා රුපියල් 20 ක් දීලා ටිකට් දෙකක් අරගෙන ඇතුළට ගිහින් යන්තම් අදාල පුද්ගලයෝ තුන් දෙනා හොයා ගත්තා. හිටපු යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක් නම් මම දන්නා කියන නංගි කෙනෙක්.ඒ වෙද්දීත් පැනඩෝල් බීපු අක්කා වමනය දාලා තිබුණා. ටිකක් අසනීප ගතියක් තිබුණත් වෛද්‍යවරයෙක් හමු වීම ප්‍රතික්ෂේප කරපු ඇය, මහරගම බස් එකකට නග්ගන්න කියලා විතරක් කිව්වා.. අපි කොච්චර උත්සාහ කළත් ඇය අපේ මතයට එකඟ වුනේ නැහැ. නගරය මැද දී කෙල්ලෙක්ව බලෙන් ඇදගෙන යන්නත් බැහැ. පාරේ හැම තැන ම සේවයේ නියුතු පොලිස් නිලධාරීන්. එහෙම වුනොත් අනිවාර්යයෙන් ම ප්‍රශ්නය දුර දිග යනවා. ඒ හින්දා අපි එයාට යන්න දුන්නා. නමුත් බෑග් එකේ තිබුණු, ඉතිරි බෙහෙත් ටික ඉවත් කර ගත්තා.. ඒ වෙද්දී ඇය මිලදී ගත්ත පැනඩෝල් කාඩ් හතරෙන් එකකුත් තවත් පෙති 5ක් පමණ ප්‍රමාණයක් විතරයි ඉතිරි වෙලා තිබුණේ. ඊට අමතරව පිරිටන් පෙති කිහිපයකුත් තිබුණා. තව මහා ගොඩක් පෙති වර්ග තිබුණා. ඒ හැම එකක් ම ඉවත් කරගෙන ඇයට යන්න දීලා, ඇගේ දුරකථන අංකය ඉල්ලා ගත්තා. ඊළඟට චොකාගේ අක්කට කතා කරලා, බස් එක මහරගමට එන වෙලාව වෙද්දී එතැනට ඇවිත් ඇය ව ගන්න කියලා කිව්වා.. ඒ කටයුතු ටික ඉවරයක්‌ කරලා අපි ගාල්ලෙන් එද්දී පැය දෙකකටත් වඩා ගත වෙලා.




මේ පොස්ට් එක ලිව්වේ ඒ සිද්ධිය ගැන කියන්න ම නෙවෙයි. අපි ඒ අත්වින්දේ එක සිද්ධියක් විතරයි. ආදර සම්බන්ධතා බිඳ වැටීම නිසා දිනපතා කී දෙනෙක් නම් සියදිවි නසා ගන්න පෙළඹෙනවා ද? මේ කතාවේ කතා නායිකාව, ලංකාවේ ප්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාලයක දෙවන වසරේ ශිෂ්‍යාවක්. ඇය අද ගාලු ඇවිත් තිබුණේ ඇගේ පෙම්වතා මුණ ගැහෙන්න.. ඔහුත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. දෙදෙනා අතර ඇති වුණු කුමක් හෝ ප්‍රශ්නයක් නිසා ඇය සියදිවි නසා ගන්න තීරණය කළා. ඒ බව ඇගේ හොඳ ම මිතුරියකට දැනුම් දීම හරහා යි අපි මේ කතාවට සම්බන්ධ වුනේ. අර මිතුරියන් දෙදෙනා අපට කලින් එතැනට නොඑන්නට සමහර විට ඇය අද ජීවතුන් අතර නොසිටින්නට තිබුණා. 

හෙට සමාජයේ වගකිව යුතු තැන් වලට පත් වෙන්න සුදුසුකම් සපුරන්නන් මීට වඩා වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවයි මගේ හැගීම. පෙම්වතාගේ හෝ පෙම්වතියගේ ආදරය කියන්නේ ජීවිතයේ එක් දෙයක් පමණයි. ජීවිතයේ විශාල වෙනස්කම් සිදු කරන්නට සමහර විට ඒ ආදරය හේතු වෙන්න පුළුවන්. ඒ වගේ ම ජීවිතය සාර්ථකත්වය සඳහා ගෙන යන්න ආදරය එක් හේතුවක් වෙන්න පුළුවන්. නමුත් ආදරය නිසා ජීවිතයක් නැති කර ගන්නට යෙදෙනවා නම්, එතන පැහැදිලිව ම වරදක් තිබිය යුතුයි.. 

ආදරය වෙනුවෙන් ජීවිතය නැති කර ගැනීම සාධාරණීකරණය කරන්නන් දක්වන එක් උදාහරණයක් වන්නේ රෝමියෝ ජුලියට් කතාන්දරය. මෙය කිසිසේත් ම තර්කානුකුල නැහැ. ජුලියට් මිය ගියා යි සිතු රෝමියෝ කලබල වී සිය දිවි නසා නොගන්නට, ඔවුන් දෙදෙනාට සතුටින් ජීවත් වන්නට ඉඩ තිබුණා.. 

වසර ගණනාවක් ගෙවූ ජීවිතය නැති කර ගත යුතු යි තීරණය කරන්නට මිනිත්තු කිහිපයකින් හෝ පැය කිහිපයකින් බැරි බව අප වටහා ගත යුතුයි. ආදරය වෙනුවෙන් සියදිවි නසා ගන්නවාට වඩා ඒ ආදරය වෙනුවෙන් ම ජීවත් වීම උතුම් දෙයක්. අප ආදරය කරන කෙනා අපට අහිමි වීම නිසා අපි ජීවිතය අහිමි කර ගැනීමෙන් අපි රිද්දන්නේ ඒ පුද්ගලයාට පමණක් නොවෙයි. 

බඩගින්නේ හඬද්දී ලේ කිරි කර පොවා උස් මහත් කළ, යන්තම් ඇවිද ගන්නටවත් බැරිව සිටියදී නැගිටින්න වාරු දුන්,අපේ ජීවිත කාලය පුරාවට ම අපි වෙනුවෙන් කැප වුණු ආදරණීය දෙමාපියන්ට, අවුරුදු කිහිපයක්, එහෙමත් නැත්නම් මාස කිහිපයක් හෝ දින කිහිපයක් හඳුනා ගත් අයෙකුට වඩා අපේ වියෝව දැනෙනවා. රිදෙනවා. ඔබට යමෙක් හෝ යමක් නැති වුණා යැයි සිතෙනවා නම්, ඒ මොහොතේ ම ඔබ සතුව තිබෙන දේ ගැන සිතන්න.. සෑම තත්පරයක දී ම මිනිසුන් 1.8 ක් මිය යන ලෝකයක තවමත් ජීවත් වීමට තරම් ඔබ භාග්‍යවන්ත බව සිතන්න..



ජීවිතය නැති කර ගන්න හිතෙනවා නම්, හිතෙන හැම දේ ම ලියන්න.. එපා වෙනකම් ම ලියන්න.. ඔබට ආයෙත් ජීවත් වෙන්න හිතෙන තුරු ම ලියන්න.. සමහර විට එයින් බොහොම වටිනා නිර්මාණයක් බිහි වේවි! මගේ මිතුරියක්‌ වරක් මට දුන්නු සටහනක, මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ මේ කවිය තිබුණා. මෙතැනට එය අදාල ද දන්නේ නැහැ. නමුත් මට එහෙම හිතෙනවා..

ලෝ වැසි සැමගෙන් සැඟවුණු
ඔබේ සොඳුරු මුදු සෙනෙහස
මා හද ගැබ සුරැකෙන බව
සබඳෙනි ඔබ නොදන්නෙහි ය..
හෙළනා දිගු සුසුමෙන් මිස
බැහැර හොයන මගෙ සෙනෙහස
කවියක් සේ බිහි වන බව
සබඳෙනි ඔබ නොදන්නෙහි ය..


ඔබ හැර ගිය ආදරවන්තයා ගැන සිතීමෙන් පලක් නැහැ.. මේ ළඟදී වෙනි අයියා බුකියේ share කරලා තිබුණු photo එකක තිබුණා, "අප ආදරය කරන උන්, අප ළඟ රැඳීය යුතු යැයි නීතියක් නැත. සිදු විය යුත්තේ ඔවුන් කොහේ හෝ හොඳින් සිටීම පමණි." ඒ ගැන මොහොතක් සිතන්න.. ඔබ ඇත්තට ම ආදරය කළ අයෙක් නම්, කවදාවත් ජීවිතය නැති කර ගන්න තීරණය කරන්නේ නැහැ.. 

ඒ, ආදරය වෙනුවෙන් මිය යාමට වඩා, ආදරය වෙනුවෙන් ජීවත් වීම උතුම් නිසා!!




77 comments

  1. ඒ අවස්ථාවට ඇතිවෙන දුක වේදනාව ආවේගය දරා ගන්න බැරි උනාම වෙන විකල්පයක් හිතට එන්නෙ නැතුව ඇති..මම නම් හිතන්නෙ ගොඩාක් හිත් දුර්වල අය ඔය විදියෙ දේවල් කරන්නෙ..කෝමත් ජීවිතය නැති කර ගත්ත කෙනෙකුගෙ අවමගුල් උත්සවයකට උනත් මම නම් යන්න කැමති නැහැ.......:(

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ.. සමහර විට දුක දරා ගන්න බැරි වෙනවා ඇති. ඒත් සියදිවි නසා ගන්න එක පිළිතුරක් නෙවෙයි නේ!!

      Delete
  2. මොනව වුනත් මල්ලීලා කරලා තියෙන්නේ නම් හොද වැඩක්. ඊට පස්සේ ඒ ගෑණු ළමයා මහරගමට කරදරයක් නැතිව ගියා ද...

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. එයා කරදරයක් නැතිව ගිහින් බැස්සා කියලා කිව්වා..

      Delete
  3. ඔයාගෙ බ්ලොග් එක එල....අකුරු කියවන්න අමාරුයි, ෆොන්ට් එක පොඩ්ඩක් කලු කරලා ලොකු කරනවනං ලොකු උදව්වක්!

    ReplyDelete
    Replies
    1. මටත් ඒක දැනුණා. ඒත් template designer එකෙන් කරන්න බෑ.. HTML එක ඉක්මනින් ම edit කරන්නම්. බැරි වුනොත් අලුත් template එකක් දාන්නම්..

      Delete
  4. කොහෙවත් තියන ආදරයක් හින්දා නහින්න යන්නේ මෙච්චර උස මහත් වෙනකම් බලාගත්ත දෙමව්පියන්වත් අමතක කරලනෙ මුං...

    ReplyDelete
    Replies
    1. ඒක නේ කියන්නේ.. ඒ ගැන හිතන්න බැරි තරම් මෝඩ ද??

      Delete
  5. එක එක බුද්දි මට්ටම් වල මිනිස්සු ප්‍රෂ්න බාරගන්නෙ විවිධ විදියට... මොනව උනත් රැන්ගො හරි විදියට ගේම හැඩල් කරලා තියනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මී ගොඩයා..
      පුළුවන් විදියට උදවු කරනවා හැරෙන්න මැරෙන්න ඕන ඒකා මැරියන් කියලා ඉන්න හිත් දුන්නේ නෑ..

      Delete
  6. රටේ අනාගතය භාරගන්න ඉන්න බුද්ධිමත් කියලා කියන මිනිස්සු ඇයි මේ වගේ මෝඩ වැඩ කරන්නේ ?? පවු...

    තමන්ගේ අම්මා තාත්තා ගැන හරි හිතන්න තිබුණා නේද ??? මෙහෙම දේවල්වලට සිය දිවි නසාගන්න ඕනේ නම් මේ කමෙන්ට් එක කොටන එකාට කමෙන්ට එක කොටන්න වෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහෝ!
      එහෙම වුණා නම් ඉතින් මේ පෝස්ට් එක දාපු එකාටත් පෝස්ට් එක දාන්න වෙන්නේ නෑ!!

      Delete
  7. හෑ ඒ අක්කාට මොකෑ ඊට පස්සේ වුනේ?අනේ මන්දා පැනඩෝල් බොන්න හිතන් හිටියා මාත් ඒ කෙල්ලෙක් නිසා නම් නෙවේ ඒත් කෙල්ලෙක් නිසාම ඒක නැවතුනා.අපරාදේ නැවතුනේ කියලත් දැන් හිතෙනවා.ඒත් පැනඩෝල් බිව්වට මැරෙන්නේ නැහැ කියලා සාතන් අයියා නම් කිව්වා.ඌ කිව්වේ මැරෙන්න ඕනම නම් එල්ලිලා මැරියන් කිව්වා.එල්ලිලා මැරෙන උන් හොල්මන් කරනවලු මම නම් හොල්මනක් වෙලා,ඉන්න උන්ට කරදර කරන්න කැමති නැහැ ඒක නිසා මැරෙන අදහස කල් දැම්මා.

    පස්සේ ආයේ ට්‍රයි කරන්න ඕන, උබ කිව්වා වගේ මට අම්මා තාත්තා ගැන හිතන්න දෙයක් නැහැ වෙලාවට :)

    ReplyDelete
    Replies
    1. හැම කෙනෙක්ට ම ප්‍රශ්න තියෙනවා නේ අයියේ.. ඒවාට සාර්ථකව මුහුණ දීලා ජීවිතේ පුළුවන් විදියට ජය ගන්නවා මිසක්, තමන්ට තියෙන ප්‍රශ්න ගැන හිතලා ජීවිතේ නැති කර ගන්න එක වත්, අසාර්ථක කර ගන්න එක වත් ඒ ප්‍රශ්න වලට පිළිතුරක් වෙන්නේ නැහැ!
      ජය!!

      Delete
  8. සියදිවි නසාගැනීම මෝඬ වැඩක තමයි.... ඒත් ඒක තමන්ගෙ අයිතියක්... ඒකට මුකුත් කියන්න කාටවත් බෑ...

    ReplyDelete
    Replies
    1. දිවි නසාගන්න ගෙනා මත රඳාපවතිය අය නැත්තං!. එහෙම නැති අය ඉන්නවද?

      Delete
    2. යුතුකම් ඉටු නොකර අයිතිය ගැන කතා කරන්න බෑ, පොඩි මෑන්ගේ කතාවට එකඟ නොවෙමි!

      Delete
  9. //ආදරය වෙනුවෙන් සියදිවි නසා ගන්නවාට වඩා ඒ ආදරය වෙනුවෙන් ම ජීවත් වීම උතුම් දෙයක්//
    සිරා මචන්..

    ReplyDelete
  10. අාදරය ගොංපාට් එකකි! එ් මත ගොඩනැගෙන සියල්ලද එසේමය!

    ReplyDelete
    Replies
    1. අත් දෙක ම ඔසවා එකඟ වෙමි!!

      Delete
    2. හෑ????? එහෙමද?

      එතකොට අම්මලාගේ තාත්තලාගේ ආදරෙත් එහෙමදෑ?

      Delete
    3. මේ කතා කරන්නේ ඊනියා ආදරේ ගැන නේ අයියේ!! අර සියදිවි නසා ගන්න පොළඹවන්නේ.. අන්න ඒක!!

      Delete
  11. සිරාම කතාවක් මල්ලි.. හැමෝම ඔහොම හිතන්නේ නෑනේ.. අමුතු අත්දැකීමකුත් වෙන්නැති.. කවුරු උනත් තමන්ගේ හො අනුන්ගේ අත්දැකීම් වලින් යමක සිතන්න පෙළඹිය යුතුයි කියලයි මට හිතෙන්නේ..

    අවස්ථාවේ හැටියට කරපු වැඩේ ගොඩක් වටිනවා...
    එල.!!!

    ReplyDelete
    Replies
    1. අමුතු අත්දැකීමක් ද ත් අහනවා!! තව පොඩ්ඩෙන් මහා විනාශයක් වෙන්නේ!
      වෙලාවේ හැටියට කරන්න ඕන කියලා හිතුනු දේ කළා අයියේ! අගය කිරීමට ස්තුතියි!!

      Delete
  12. පොලීයිට ගියානම් සිද්දිය වැඩේ ගස්. "සියදිවි හානි කරගැනීමට තැත් කිරීම" දඬුවම් ලැබිය හැකි වරදක්.

    කවුද ආදරේ පැරදිලා සිය දිවි නසාගන්න කෙනා. ඇහි අහපං ඔය ආදර මූදේ හිටියෙ එක මාලුවාද කියලා

    ReplyDelete
    Replies
    1. කතා කරලා වැඩක් නෑ අයියේ!
      මට මතක විදියට අපරාධ නඩුවක් ද කොහෙද වැටෙන්නේ.. මම හරි නේ??

      Delete
  13. දරාගන්න බැරිකම තමා..

    පිස්සු මචං ආදරේට මැරෙනව කියන්නේ එතන ආදරයක්ද තණ්හාවක්ද කියල හිතෙනවා..

    ජය!!

    ReplyDelete
  14. aiyoo salli.marenna tharam adare ochcharatama vatinawada jeewithe anith dewal walata wada.

    ReplyDelete
    Replies
    1. සමහර විට එහෙම වෙන්න පුළුවන්.. අනිත් හැම දේට ම වඩා ආදරේ වටින්න පුළුවන්.. ඒත් ආදරේ නැති වීම මැරෙන්න හේතුවක් වෙන්නේ කොහොමද කියලා තමයි හිතා ගන්න බැරි!

      Delete
  15. කාලෙකට කලින් සාතන් අයියා ලියලා තිබුනු පෝස්ට් එකක් මතක් උනා..එකේ කිව්වේ මැරෙන එකාට මැරෙන්න දෙන්න ...කියලා.. අනේ මන්දා.. ජිවත් වෙන එක අමාරුයි මැරෙනවාට වැඩිය ..එත් ඉතින් ප්‍රශ්න ඉස්සරහා දුවන්නේ හිත් දුර්වල මිනිස්සු..

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ මැරෙන එකාට මැරෙන්න දෙන්න නෙවෙයි. පුළුවන් දෙයක් කරලා, මානසික තත්වය ගොඩ නගලා සමාජ ගත කරන එකයි කරන්න ඕන!

      Delete
  16. " ඒ, ආදරය වෙනුවෙන් මිය යාමට වඩා, ආදරය වෙනුවෙන් ජීවත් වීම උතුම් නිසා!!"

    සම්පූර්ණයෙන්ම එකගයි...

    ReplyDelete
    Replies
    1. අයියා ඒ වෙනුවෙන් ආදර්ශයක් වෙලා තියෙනවා.. ඒ හින්දා ම අයියාට මාත් බොහොම ගරු කරනවා!

      Delete
  17. ඒ, ආදරය වෙනුවෙන් මිය යාමට වඩා, ආදරය වෙනුවෙන් ජීවත් වීම උතුම් නිසා!!

    වටින කථාව..
    මචෝ රැංගො.. මේ සයිට් එකට එද්දිම නොඩ් වයිරස් ගාඩ් එක තව co.cc සයිට් එකක් බ්ලොක් කලා කියනවා.. මොකද්ද සීන් එක??

    ReplyDelete
    Replies
    1. මම තව ඩොමේන් එකක් ගත්තා.. ඒත් මේකට එද්දී ඒක හරහා නම් නෙවෙයි එන්නේ..
      www.arunalla.co.cc

      සමහර විට ඒ හින්දා ද දන්නේ නෑ!

      Delete
  18. ආදරයේ ඇතිවෙන ඔය වගේ ගැටලුවලින් ඉලිප්පෙන්නේ ආත්මාර්තකාමිත්වය..අන්න එදේ මිනිසුන්ව පොළඹවනවා විවිධ ප්‍රතිචාරයන් ක්‍රියාවට නගන්න....ඔය දිවිනසා ගැනිමට පෙළඹිමත් ප්‍රතිචාර දැක්විමේ එක් ලක්ෂණයක්....
    ආදරය කියන දේ මොකද්ද කියන එක ටිකක් හරි තෙරුම් ගැනිමට අද තරුණ පරපුර පොළබවනවානම් ඔවුන්ව හරිවිදිහට දැනුවත් කරනවානම් මේවගේ දෙවල් සිදුවෙන්න තියෙන ඉඩකට අවම කරවන්න පුලුවන් වේවි..

    මල්ලි විශ්ව විද්‍යාල සිසුන් විදිහට ඔයාලට පුලුවන් ඔය දැනුවත් කිරිම් වලට දායක වන්න අවම වශයේන් කැම්පස් එක තුල..උදාහරන විදිහට විදි නාට්‍ය කෙටි දැනුවත් කිරිම් වගේ ඔයාලටම හරියන විදිහේ ක්‍රම යොදාගෙන පුලුවන්නම් වැඩේ ගොඩ දාන්න..
    පුලුවන් කමක් තියෙනවනම් බ්ලොග් ලොකේ ඉන්න ඔවට කැමති අයව එකතුකරන් උනත් ඔයවගේ දෙවල් කරන්න පුලුවන්..අපිත් ඉන්නව සපොර්ට් එකට පොඩ්ඩක් හිතන්න

    ReplyDelete
    Replies
    1. මටත් ඊයේ හිතුණා අයියේ එහෙම දෙයක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා.. බ්ලොග් ලෝකේ අයවත් එකතු කර ගන්න පුළුවන් නම් ලොකු දෙයක් කරන්න පුළුවන්. ස්තුතියි අයියේ අදහසට!!

      Delete
  19. @දයානන්ද.
    අයියෝ ඔයාගෙන් අහන්ට කිව්වාම ඔයා දීලා තියන උත්තරේ..
    :D

    @රැංගෝ,
    මෙතන තියෙන්නෙ බුද්ධිමත්බව පිළිබඳ ප්‍රශ්නයක් නෙවි. හදිසි තීරණ ගැනීමේ හැකියාව හා සංවේදීබව පිළිබඳ ප්‍රශ්නයක්..කොච්චර බුද්ධිමත් වුනත් ඉගෙන ගෙන හිටියත් ගොඩක් දුක හිතුන වෙලාවට අප හැමෝටම ඒක අමතක වෙනවා..(තරහ ගිහාමත් එහෙමයි)
    මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න මූලික හේතුව අවබෝධ කර ගැනීම අවශ්‍යයි..

    ReplyDelete
    Replies
    1. අනිත් රිප්ලයි බට්න් වැඩ නෑනේ..ඇයි දන්නෑ..

      Delete
    2. අනිවාර්යයෙන් ම.. තමන්ට තමන් ව පාලනය කර ගන්න බැරි වීම මේ සඳහා ලොකු හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේ ම නිසි අවබෝධයක් නොමැති වීම. කැම්පස් වල නම් උපදේශනය (counselling) සඳහා වෙන ම මණ්ඩලයක් ඉන්නවා. ඒ අය හමු වෙලා ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. ඒත් ඒ අයගෙන් ප්‍රයෝජන ගන්නේ බොහොම අතලොස්සක් විතරයි..

      කමෙන්ට් වලට රිප්ලයි වැටෙන්නේ නැති ගැටලුව දැන් විසඳුනා මම හිතන්නේ..

      Delete
  20. //ඒ, ආදරය වෙනුවෙන් මිය යාමට වඩා, ආදරය වෙනුවෙන් ජීවත් වීම උතුම් නිසා!!//

    සහතික ඇත්ත!!! නියමම ලිපියක්!! මමත් ඔය මාතෘකාවෙන්ම මීට කලින්ජ් ලිපියක් ලිව්වා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ! මම ඒ ලිපිය නම් තාම කියෙව්වේ නෑ.. අවස්ථාවක් ලැබුණු ගමන් කියවන්නම්!

      Delete
  21. අනේ මන්දා බං.... :-(

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  22. දරාගන්න බැරිවෙන්න ඇති.. එහෙම දේවල්වලට කලින් මුහුනදීල නැතුව ඇති, ඔය කෙහෙල්මල් ආදරේ තමයි මිනිස්සුන්ව විනාශම කරන්නේ.. චාටර් කරවන්නේ මටනම් පේන්න බෑ
    //බඩගින්නේ හඬද්දී ලේ කිරි කර පොවා උස් මහත් කළ, යන්තම් ඇවිද ගන්නටවත් බැරිව සිටියදී නැගිටින්න වාරු දුන්,අපේ ජීවිත කාලය පුරාවට ම අපි වෙනුවෙන් කැප වුණු ආදරණීය දෙමාපියන්ට, අවුරුදු කිහිපයක්, එහෙමත් නැත්නම් මාස කිහිපයක් හෝ දින කිහිපයක් හඳුනා ගත් අයෙකුට වඩා අපේ වියෝව දැනෙනවා. රිදෙනවා. ඔබට යමෙක් හෝ යමක් නැති වුණා යැයි සිතෙනවා නම්, ඒ මොහොතේ ම ඔබ සතුව තිබෙන දේ ගැන සිතන්න.. සෑම තත්පරයක දී ම මිනිසුන් 1.8 ක් මිය යන ලෝකයක තවමත් ජීවත් වීමට තරම් ඔබ භාග්‍යවන්ත බව සිතන්න..//

    තම්න්ගෙ ජීවිතය නැතිකරගන්න එක විෂාල පවක්.. (ස්වීඩනේනම් නිතියෙන් අවසර තියෙනව.)

    ReplyDelete
    Replies
    1. මොකක් හරි රටක අවසර තියෙන බව අහලා තිබුණා. නමුත් ස්වීඩනය බව දැන ගත්තේ මේ කමෙන්ට් එකෙන්.. ස්තුතියි මිත්‍රයා මේ පැත්තේ ආවට! අරුණැල්ලට ආදරෙන් පිළි ගන්නවා!!

      Delete
  23. අනේ මන්ද ඉතින්.අපි මොකක්හරි දරාගන්න බැරි තත්වයකට පත් උනොත් අපි මොකක් කරාවිද කියල අපිවත් දන්නෙ නෑ!අපි ඒක අන්තයක ඉඳල දිවිනසාගන්න යන කෙනෙක්ගේ තත්වය දිහා බලන 1 නම් සාධාරණ නෑ!එත් මරණය කියන්නෙ විසදුමක් නෙමෙයි කියන 1 නම් මම පිලිගන්නවා!

    ReplyDelete
    Replies
    1. අපි හැම කෙනෙක්ට ම ජීවිතේ එක පාරක් හරි සියදිවි නසා ගන්න හිතිලා තියෙනවා.. එහෙම නෑ කියනවා නම් ඒක බොරුවක්. මටත් කිහිප වරක් යම් යම් ප්‍රශ්න නිසා එහෙම හිතිලා තියෙනවා. නමුත් අපි ඒ සිතුවිල්ල ක්‍රියාත්මක කළේ නැති නිසයි මේ පෝස්ට් එක සහ මේ කොමෙන්ටුව කියවන්නේ. තමන් ගන්න තීරණයක් හොඳට හිතලා බලලා ගන්න එක මිනිස්සු විදියට අපේ වගකීමක්!

      Delete
  24. ඕවා තෙරෙන්නෙ පස්සට ගියාම හැබැයි වැඩිහිටියෝ පොඩිහිටියන්ව හරියාකාරව දැනුවත් කලානම් ඔයවගෙ දෙවල් සිදුවෙනවා අඩුයි කියලයි මට හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම.. දැනුවත් කිරීමේ අඩුවත් ලොකු හේතුවක් අයියේ..සමහර විට දැන් දෙමාපියන් සහ දරුවන් අතරේ සම්බන්ධතාව අඩු වීමත් මේකට හේතුවක් වෙන්න පුළුවන්.

      Delete
  25. මුලින්ම උඹල කරලා තියෙන්නේ ගොඩාක් පින් අතේ වැඩක්.එත් එච්චර කැම්පස් යන්න පුළුවන් තරම් මොලයක් තියෙන කෙනෙක් ඇයි ප්‍රශ්නයක් තේරුම ගන්න බැරි. ඒක පැත්තකින් බුද්ධිමත් වෙද්දී තව පැත්තකින් මෝඩයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ!
      සමහර විට දරා ගන්න බැරි වෙන්න ඇති ඒ හැගීම! හදිස්සි වෙලා ඒ තීරණය ගත්ත එක ගැන ඒ අක්කා දැන් පසුතැවෙනවා.

      Delete
  26. පිස්සු... පිස්සු කියන්නේ පිස්සු පීකුදු.. අනේ බං මන් හිටියනම් උන්දැට කණට එකක් දෙනවා.. ජීවිතේ ගන්න බෑ එත් කෙල්ලෙක්ට ඕනේ තරම් කොල්ලෝ ගන්න පුළුවන්.. එකේ අනිත් පැත්තත් එහෙමයි..

    ReplyDelete
  27. යකෝ උබලයි එකෙකුත් පැනඩෝල් බිවුවා කියලා දන්නවද?. DEEN ට වත් control කරගන්න බැරි උනා කියලා දන්නවා ඇතිනේ. engineering වලත් මේ වගේ හරක් ඉන්නවා. ඒක කාටත් පොදුයි.

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපන මට්ටම මත කෙනෙක් සංවේදී අවස්ථාවක දී ගන්න තීරණය ගැන පෙරයීමක් කරන්න බැහැ.. ඒ පුද්ගලයා ඉංජිනේරු පීඨයේ වුණත්, කලා පීඨයේ වුණත්, විශ්ව විද්‍යාලයට නොගියත් එකයි. නමුත් සාමාන්‍යයෙන් අපි උගත් අය බුද්ධිමත් විය යුතුයි කියලා අපේක්ෂා කරනවා. අයියා කියපු කතාවේ ගැටලුව ඇත්තේ එතන යි!

      Delete
    2. හැගීම් දැනෙන්නේ උගත්කම් බලල නෙවෙයි නේ. එත් තීරණ ගන්නකොට උගත්කම බලපානවා. තීරණේ බුද්ධිමත් නොවුනොත් ඒ උගත්කමේ අගය බිඳ වැටෙනවා. ඕකයි සරලම සිද්ධාන්තය.

      Delete
  28. අනේ මන්දා මෝඩකමද මන්දා...

    ReplyDelete
    Replies
    1. මෝඩකම කියන්න බෑ අක්කේ! සංකීර්ණ ප්‍රශ්නයක්!

      Delete
  29. සිය දිවි නසාගන්නෙ තමන් ගැන විශ්වාසයක් නැති මිනිස්සු...ඕක ඉතින් අද ඊයේ ඇතිවුනු දෙයක් නෙවිනේ..ඒ කාලේ කනේරු ඇට, නියගලා අල වලින් පටන්ගත්තු දේ තමයි අද වෙද්දිත් දිගින් දිගටම සිද්දවෙන්නෙ...
    සිය දිවි නසාගන්න හිතෙන කෙනෙක් ඉන්නවනම් මේ කියන්නෙ එයාට, සිය දිවි හානි කරගත්තු අයගෙන් 99.9%ක්ම තමන්ගේ අන්තිම හුස්ම පොද හෙලන මොහොතේ ඒ තීරණය ගැන පසුතැවෙනව.ඉතුරු 0.1%ට පසුතැවෙන්නවත් කාලයක් ඉතුරු වෙන්නෑ. අපේ ඉස්කෝලෙත් ළමයෙක් අවුරුදු කීපෙකට උඩදි ඉස්කෝලේ ඇතුලදිම තට්ටු 5කින් පැනල ජීවිතේ නැති කරගත්ත.ඒ මොහොතෙම එයා ලඟට දුවගෙන ආව ළමයින්ට මෙයා කියල තියෙන්නෙ, "අනේ, මාව බේරගන්න" කියල.එයාත් අන්තිම මොහොතේදි ගත්තු තීරණය ගැන පසුතැවිල තියෙනව.ඒත් අල්ලපු වැටේ තියෙන ඉස්පිරිතාලෙට ගෙනියනකන්වත් එයාගේ පණ තිබ්බෙ නෑ......
    අවසාන වශයෙන් නම් කියන්න තියෙන්නෙ "මැරෙන්න පෙර සිතා බලනු!" කියල තමා... :)

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. බොහොමයක් දෙනා තමන් ගත්ත තීරණය ගැන පසුතැවෙනවා. අක්කත් ඒ ගැන පසුතැවුනා. මට ඒ කරුණ ගැන පෝස්ට් එකේ කියන්න අමතක වුණා..

      එහෙනම් ඉතින් මීට පස්සේ, "මැරෙන්න පෙර සිතා බලනු!!"

      Delete
  30. සිය දිවි නසා ගැනීම ගැන මටත් තියෙන්නේ ප්‍රසන්න අත්දැකීම් නෙවෙයි බං!උඹ විස්වාස කරනවද මං දන්න තෙවෙනි වසරේ වෛද්‍ය සිසුවියකුත් පැනඩෝල් බීලා ඔය හදියම කරගන්න හදපු වග! මේ දේවල් ඉස්සර බොලඳ විදිහට හැසිරෙන්නේ නූගත් මිනිස්සු විතරක් නෙවෙයි බං! ඊට එහා ගිය සෑහෙන්න දෙයක් මේක ඇතුලේ තියනවා! සිය දිවි නසා ගන්නා රටවල් අතින් ලංකාව ටොප් ටෙන් එක ඇතුලේ! මේ ප්‍රශ්න වහාම ආමන්ත්‍රනය කල යුතු ඒවා!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සහෝ! තවත් දෙයක්. පැනඩෝල් බීමෙන් මැරෙන්න බැහැ. වැරදිලා වත් මැරුණත්, එය බොහොම වේදනාකාරී මරණයක්. ඒ හින්දා මැරෙන්න ම ඕන නම් ඊට වඩා හොඳ ක්‍රමයක් හොයා ගන්න වෙනවා!!

      Delete
  31. ගොඩක් දෙනෙක් ගොඩක් සාරගර්භ විදිහට සේහෙන දාර්ශනික දේවල් කියල තියෙනවා... එත් මේ කිසිම කෙනෙක් ඒ කෙනා එහෙම කලේ කියන හරිම හේතුව කියල නෑ. ඒ ගැන හොයල බලල නෑ. අපි හෙමෝම ඔහොම දෙයක් උනාම කියන්නේ ඕව තම. මේ කිව්වා දේවල් වල කිසි වෙරෙද්දක් නේ. නමුත් කවුරුත් තේරුම් නොගන්න ප්‍රශ්නේ තියෙන්නේ මිනිහෙක් ඉවසල් ඉවසල් බේරීම තෙන මේ වගේ දේවල් වලට පෙළඹෙනවා කියන එක.මෙතන හෙමොම් කතා කරලා තියෙන්නේ.. කෙලෙස් ඔක්කොම නසල වගේ.. පිළිගන්නවානම් පිළිගන්න අපි කව්රු හරි ජිවිහ්ටේ ඔඉට වැඩ ප්‍රශ්නයක් අවොත් මීට වැඩ දේවල් කරන්න ඉඩ තියෙනව.. කවුරුත් නොදන්නා කතාවකුත් මන් කියන්නම්... මේ සිද්දියට් හේතු උන ප්‍රේමවන්තය මේ බ්ලොග් එක ලියන මල්ලිගේම විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසර ශිෂ්‍යයෙක්.. හිතක් පපුවක් නැති විදිහට වැඩ කරපු කෙනෙක්.. මේ ගෙනු ළමය ඔයාල දන්නවට වැඩ සේහෙන ඉවසුව... දුක් වින්ද... එහෙමි කියල එය කරපු වේදේ සදරනීකරණය කරන්න හදනවා නෙමෙඉ මම ... මන් කියන්නේ අපි කවුරුත් ප්‍රශ්නයක් එවිත් එකේ අන්තිම අඩියට වැටුනම වැඩ කරන්නේ සදාචාරයට හරි දේට අනුව නෙමෙයි.. ඒ වෙලාවට හිතට එන දේ අනුව.. ඒ නිසා මේ බ්ලොග් එක ලියන පුංචි මල්ලියා ඒ දේ ගෙනත් හිතල මේ සිද්දිය ලිව්වා නම් තම වැඩ හොඳ...

    ReplyDelete
    Replies
    1. එකඟ වෙනවා! හැබැයි බොහොමයක් දේවල් ප්‍රතික්ෂේප කරන්න වෙනවා!

      මෙතන කමෙන්ට් කරපු බොහෝ දෙනෙක් මම පෞද්ගලිකව හඳුනන අය. බ්ලොග් අවකාශේ ඉන්න මගේ යාළුවො. ඔවුන්ගෙන් බහුතරයක් (මා ද ඇතුළුව) ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම නිසා හෝ ආදරයෙන් පරාජය වීම නිසා බ්ලොග් ලියන්න ගත්ත අය. සමහර අයගේ වසර ගණනාවක සම්බන්ධතා.

      මා දන්න එක්තරා බ්ලොග්කරුවෙක් ආදරය කළේ ඔහුගේ කුඩා කළ සිට ම මිතුරියකට. ඇයත් පෙරලා ඔහුට ආදරය කළා. ඔවුන්ගේ හිතවත්කම වසර 15 ක් පමණ පැරණියි. නමුත් යම් යම් හේතුන් නිසා පසුව ඇය ඒ සම්බන්ධතාව නවතා වෙනත් කෙනෙක් සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇරඹුවා. ඒ හේතුව නිසා ඔහුට පිස්සු නොහැදුනා පමණයි. බ්ලොග් එකක් නොලියන්න අද ඔහු පිස්සෙක් වන්නට තිබුණා. කොහොම වුණත් ඒ පුද්ගලයා සියදිවි නසා ගත්තේ නැහැ. මේ වන විට ඔහුගේ බ්ලොග් එක සයිබරයේ සැලකිය යුතු තැනක පවතිනවා. එය කමෙන්ට් 50 කට වඩා ලැබෙන බ්ලොග් එකක්. ඒ වගේ ම දිගින් දිගට ම ලිවීම නිසා දැන් ඔහුගේ ලේඛනය බොහොම දියුණු මට්ටමක පවතිනවා. ඒ පුද්ගලයා සියදිවි නසා ගත්තා නම් මහා විශාල පාඩුවක් වන්නට තිබුණා.

      ප්‍රේමවන්තයා අපේ විශ්ව විද්‍යාලයේ ම ශිෂ්‍යයෙක් බව දන්නවා. මෙතන දී වැදගත් වන්නේ විශ්ව විද්‍යාලය කුමක් ද කියන එක නෙවෙයි. ඒ බව මම මනෝජ් ප්‍රියංකරගේ කමෙන්ට් එකට පිළිතුරු දීමේදී සඳහන් කළා.

      කෙනෙක්ට ප්‍රශ්නයක් ආවම, පෙනෙන තෙක් මානයක විසඳුමක් නැති වුණාම, මුලින් ම හිතෙන්නේ සියදිවි නසා ගන්න. ඒක ස්වාභාවිකයි. නමුත් අප සතුව තර්කන බුද්ධියක් තියෙන්නේ, හිතෙන දෙයින්, කළ යුතු දේ වෙන් කර හඳුනා ගන්න. අප එය භාවිත කළ යුතුයි. සියදිවි නසා ගන්න හිතෙන අඩියට වරක් මාත් වැටුණා. ඒ වගේ ම මම සියදිවි නසා ගන්න ගිය අයෙක් සම්බන්ධ සිද්ධියකට මැදිහත් වුණු දෙවන අවස්ථාව මෙය. ඒ අත්දැකීමෙනුයි කියන්නේ. සියදිවි නසා ගැනීම මහා මෝඩ වැඩක්.

      අදහස් වලට බොහොම ස්තුතියි සහෝ!!

      Delete
  32. jiwithe iwasana simawa panalath e ganu lamaya iwasuwa. uguth kiyala buddimath kiyala campus giya e pirimi lamayata thirisanek wenna puluwan una. ganu lamayatama wena kellek inna 4to ekak pennuwama daraganna bari wenawa. mulu lokema kolla kiyala hithan inna ganu lamayekta ehema deyak unama daraganna puluwanda. boru gethu masa 7k thisse kiyala kiyala minissu widiyata samakamiwa wen wenna bariwa tirisan widiyata ahinsaka ganu lamaynta banina kollo me loke innakan mehema dewal karawi thawath ganu lamai.e lamaya dan jiwath wenawa. hospital ekedi nosahena duk winda. call ekak dila ahala na dan oyata sanipada kiyala.kollage gedara minissuth ehemamai. mewage thirisan gathi minissunta thiyenne ay kiyala e ganu lamayatath e ganu lamayage demawpiyantatth thama prashnayak. mewan minissu yali me loke noipadewa. man pathanne echcharai.hangim danim adaraya wihiluwak newei.manussa jiwitha aye ganna ba. e pirimi lamayata e ganu lamaya thamath adarei issara wagema. adre hithin makanna ba. me mallila dennai ethanata awa ganu lamai denna nathnam asarana unu ganu lamaya jiwathun athara na. hamotama pin

    ReplyDelete
    Replies
    1. කෙනෙක්ට තමන් ආදරය කළ කෙනා වෙනුවෙන් ඕන ම දෙයක් කරන්න පුළුවන්. එහිදී ඒ කොල්ලෙක් ද? කෙල්ලෙක් ද? කියන එක ඒ තරම්ම වැදගත් නැහැ. නමුත්, එහෙමයි කියලා කාට වත් වැඩක් නොවෙන දෙයක් වෙනුවෙන්, තමන්ට ආදරය කරන අයට දුකක් දෙන එක පොඩ්ඩක් වත් සාධාරණ නැහැ නේද? ආයෙත් වරක් නම් ඒ මෝඩ වැඩේ කරන එකක් නැහැ කියලා හිතනවා! හැම ප්‍රශ්නයකට ම කාලය සතුව විසඳුමක් තියෙනවා. ඒ විසඳුම ලැබෙන තෙක් ඉවසීමයි අප කළ යුත්තේ!

      ජය!!

      Delete
  33. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස ඉතාමත් වැදගත් එකක්. මා දන්නේ නැහැ ඒ කොමෙන්ටුව ඉවත් කරන්නට හේතු වුණු කරුණ කුමක් ද කියලා. නමුත්, පුළුවන් කමක් තිබෙනවා නම් යළිත් එය සටහන් කරන්න. නැතිනම් ඒ අදහස මෙහි යොදන්න මට අවසර ලබා දෙන්න!

      Delete
  34. හේතුව මොකක් උනත් ජීවිතයක් නැති කරගන්න එක පවක්...එහෙම වෙලාවට හොඳම ද් අම්මා ,තාත්තා ගැන හිතන එක.....

    ReplyDelete
    Replies
    1. අත්දුටුයි.. ප්‍රත්‍යක්ෂයි!!

      Delete
  35. kisima hethuwak nisa siya diwi nasa ganna eka hodai kiyalawath sadaranai kiyalawath mama kiyanne na. mama pennanne pirimi kamatath manushshyathwayatath lajjawak una me kathanaikawage prema wanthaya mona jathiyeda kiyana eka. ee pudgalayage amma wisinma me katha naikawata kiyala thiyana paridi eya wisin ohuta dun adum paladum nawatha gaththoth ohuta ithiriwenne denima witharai. ohu danata pawichchi karana jangama durakathanaya pawa eya wisin ohuta thagi dun ekak. namuth me kiyana pemwatha eya dun durakathanayenma eya amatha tharjanaya kirimata tharam pahath gathi pawathum athi ayek. mage adahasa nam ewan pahath adama minisun wenuwen kadulak ho salimath moda kamak bawai.. kesewethaht mallila denna karagaththe lokuma pinak. eya wenuwen mama sthuthiwantha wenawa..

    ReplyDelete
    Replies
    1. e mallila denna nathnam ada eganu lamaya jiwathun atharath natiwa athi. nathnam sadahatama wakugadu rogiyek wewi. dipu thagi boga nisa e ganu lamayata gathi wenna ona kiyala deyak na. namuth manussakama keleheguna shishtathwaya kiyana eka minissu unama apata thiyenna ona. e ganu lamayawa epanam eya dipu thagi ona une kohomada kiyana eka prashnayak. ganu lamayama dipu 4n eken wenath kellek ekka prema sambandayak patan ganima koi tharam pahath wadakda? e sambandaya oppu karanna hari ujaruwata e 4n ekenma folders godak athule hangala tiyena aluth joduwage 4tos pennanna tharam thirisan gathi aya me loketa bihi karapu ammalatath saapa wenawa. e pirimi lamayage demawpiyoth as wahagena puthage waradi walata anubala di puthata dastata nona kenek genna udaw dima amma thaththa yana gaurawaniya namwalatath nigaruwak. kohoma unath e ganu lamayata e pemwatha gana tiyena adare hithin amathaka nowena ekath puduma wadak. 4tos, denna katha karapuwa record karan tiyaththa ewa aha aha e ganu lamaya dawasa gewanna uthsaha karanawa aye suicide karaganna nohithenna ona nisa? puduma adara kathawak mekath. pemwathage saha ohuge demaupiya sourange ugulata asu wi wiyo ginnen pichchena ganu lamayek jiwath wenna ona nisa jiwath wenawa.

      Delete
  36. අරුණැල්ල ගැන අහලා තිබුනත් ලින්ක් එක ගත්තෙ ‍රැංගොගෙ එකෙන්.ආදරේ වෙනුවෙන් අනන්ත දුක් විඳගෙන ජීවත් වෙන අය මම දැකල තියනවා.ඒ හින්දා මෙහෙම අයට මම කියන්නෙ මෝඩයො කියලා.කෙනෙක් මොන තරම් ඉගන ගත්තත් ජීවිතේ එන ප්‍රෂ්නවලට මූණ දෙන්න හයියක් නැත්නම් ඒ උගත්කමින් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ugathkama hama prashnekatama wisadumak newei. meka hangim pilibanda prashnayak. just imagine. kenekge amma ho thaththa thamange daruwawa darukamen us karala oya ape daruwek newei qwoth danena de hithaganna puluwanda? anna e wage deyak thamai methanat wela thiyenne.

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading