Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ආදරණීය ඔබා මාමේ!

Sunday, May 13, 2012



ලෝකේ පෙරලුනත් අඟහරුවාදාට කලින් පෝස්ට් එකක් දාන්නේ නෑ කියලා හිතාගෙන උන්නට
හිතුවේ නෑ කවදාවත් උඹ හින්දා මට පෝස්ට් එකක් දාන්න වෙයි කියලා.. ඒ කාලකන්ණි ආරංචිය අද උදේ එද්දී මම බ්ලොග් එකක් වත් කියවන මානසිකත්වයකින් නෙවෙයි හිටියේ. ඒත් ඒ මොහොතේ ම ඇවිත් බලද්දී සයිබරය පුරා ම ඔබා මාමගේ ගැන පෝස්ට් වැටිලා..



ජීවිතේට එක ම වරක් විතරක් හමු වෙලා කතා කරලා තිබුණට, ඔබා මාමේ, කමෙන්ට් සහ බුකියේ චැට් වලින් අපි අතරේ ගොඩනැගිලා තිබුණේ පුදුමාකාර යාලු කමක්..

බ්ලොග් ලියන්න ආපු කාලේ, ලොකු ලොකු බ්ලොග් වල Observer කියලා පොරක් කමෙන්ට් කරලා තියෙනවා දැක්කම, ඒ හැමෝම ගරු කරන ලොකු පොරක් බව දැනුනම, ඔබා මාමේ උඹ ගැන මහා ලොකු ගෞරවයක් හිතේ ඇති වුණේ මට වත් නොදැනීම.

ඒ පොර එක දවසක් මගේ බ්ලොග් එකෙත් පෝස්ට් එකකට කමෙන්ට් කරලා තියෙනවා දැක්කම,  Facebook request එක accept කරලා මාත් එක්කත් chat කරන්න ගත්තම, මාත් බ්ලොග් ලියන සැහෙන්න පොරක් වෙලා කියලා දැනෙන්න ගත්තා..

සිහින උළෙලේදී හමු වෙලා අතට අත දුන්නට මාමා, මාව අඳුන ගත්තේ නැහැ. ඒත් නම කියපු ගමන් මාව වැළඳගෙන බොහොම ලෙන්ගතුව කතා කළා.. මට සැඟවුණු පෙට්ටියේ තරගෙන් ලැබුණු ටිකට් එක ඔබ තුමාටයි මම ඉස්සෙල්ල ම ඕන ද ඇහුවේ! ලබන පාරත් සිහින උළෙලට එන්න බලනවා, ආයෙත් ආයෙත් ආපු වෙලාවක ගාලුත් ඇවිත් යනවා කියාගෙන ගිය මාමා, ආයෙත් කවදාවත් දකින්න නොලැබේවි කියලා තුන් හිතකින් වත් මට හිතුනේ නැහැ..



අනිත් එවුන් හැමෝම මාමා නිවන් දකින්න කියලා ප්‍රාර්ථනා කළත්, නිවන් දකින්න කලින් ආයෙත් අපි අතරට ඇවිත් යන්න.. ආයෙමත් ඔබා මාමගේ කමෙන්ට් එකක් වැටෙනකම් අපේ බ්ලොග් බලාගෙන ඉන්නවා.. ඒ අඩුව මකන්න වෙන කාටවත් බෑ..

24 comments

  1. ඔබ මෙලොව හැර ගියත් ඔබගේ මතකය සදා කල් අප සමග රුදෙනු ඇත ඔබට අජරාමර නිවන් සුව අත් වේවා!

    ReplyDelete
  2. හිතාගන්නවත් බැරි සමුගැනීමක්. මම මුලින්ම දැනගත්තෙ මාරයගෙ බ්ලොග් එකෙන්. තවමත් ඒ කම්පනය දැනෙනව දැනෙනව වගේ. මම වසර ගණනාවක් සිංහල බ්ලොග් ෆලෝ කරත් මෑතක් වනතුරුම කමෙන්ට් කරේ නෑ. ඔබා මාමා බ්ලොග් එක පටන් ගන්නත් කලින් ඉඳලම අන්තිම පේළියට ලියපු ලිපි කියවල රස වින්ද. ඒ වගේ සරල සුන්දර අත්දැකීම් බහුල මනුස්සයෙක් ආයෙත් අපිට ලැබෙනකන් නෑ. ඔබ නැති අඩුව හැමදාම අපිට දැනේවි. ඔහුව මුණගැහෙන්නත් අවස්ථාවක් ලැබිල ඒක මිස් වෙච්ච එක ගැන මට එදාටත් වැඩිය අද කණගාටුවක් ඇති වෙනව. ජීවිතේ මහ පුදුමාකාරයි. අපි හිතන පතන දේවල් නෙවෙයි වෙන්නෙ. ඔබ අද අපෙන් සමු අරන් නොඑනගමන් ගිහින්. මේ සංසාරගමනේ කවදා හරි නැවත ඔබ මුණ ගැහේවි. එතෙක් සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  3. එතුමාට නිවන් සුව පතමි :-(

    ReplyDelete
  4. ඔබා අයියාට සුව අත්වේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.

    ReplyDelete
  5. පෙරේද මම එයාට විහිලුවකුත් කලා..එයා දාපු කමෙන්ට් එකකට..හ්ම්ම්ම්ම් ජීවිතය..!! අද උන්න හෙට ගියා...මට අද උදේ පාන්දරම මහාම මහ කළකිරීමක් දැනෙනව....ආයෙත් අපි අතර ඉපදෙන්න ඔබා මාමේ..!!

    ReplyDelete
  6. ඔබා මාමේ ඔබට නිවන් සුව...!!!

    ReplyDelete
  7. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

    ReplyDelete
  8. එතුමාට නිවන් සුව

    ReplyDelete
  9. ඔබා මාමේ ඔබට නිවන් සුව...!!!

    ReplyDelete
  10. ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  11. ඔබා අයියාට නිවන් සුව! තවත් දහසක් දේ කීමට ඇතත් පසුවට කල් දමමි.
    henryblogwalker the Dude

    ReplyDelete
  12. එතුමාට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  13. ඔබට නිවන් සුවම අත්වේවා මාමෙ!!

    ReplyDelete
  14. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ReplyDelete
  15. Sanath,jeevithaya sada himi novana bawa apata pahada oba samugena atha.Obata nivan suva!

    ReplyDelete
  16. මොනවා කියන්නද මන්ද :-/
    ඒ ආරංචියෙන් මම නම් තාම සිහි එළවාගත්තේ නෑ!

    ReplyDelete
  17. ඔහු මියගියේ ද සිත සතුටින්. එයින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.

    ReplyDelete
  18. ඔබා මාමේ ඔබට මොක් සුව

    ReplyDelete
  19. අද උදේ සිට නෙත ගැටුණු මේ පුවත අනුව නම් එතුමා කවුරුත් ආදරය කළ ඉතාම සරළ සහ සුන්දර මිනිසෙක් බව හැඟුණා.

    "සුවඳැති මල් ඇයි මේ හැටි හනිකට පරවන්නේ"

    සදාකාලික නොවූ ලෝකයේ සදාකාලික කිසිවක් නැති බව පමණක් කියා නොකියාම නික්ම ගිය නොදුටු සුහදයාණෙනි ඔබට සුබ රාත්‍රියක්.

    ReplyDelete
  20. අඩන්න එපා යකුනේ.ඔබා මාම දන්නවනම් අපි මෙහෙම අඩනවා කියලා එයාට ගොඩක් දුක හිතේවි.කරන්න තියන එකම දේ ඒ සුන්දර මනුස්සයා අපිට ඉතුරු කරලා ගිය මතක එක්ක සතුටින් ඔබා මාමා ඉක්මනටම අපි අතරේ ඉපදෙන්න කියලා ඉල්ලන එක විතරයි.මෙය නැවතුමක් නොවෙයි ඉසිබුවක්‌ පමණයි.

    ------ ඔබා මාමාට බුදුසරණයි ----------

    ReplyDelete
  21. ඔබට නිවන් සුව ඔබා මාමේ...

    ReplyDelete
  22. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  23. විස්වාස කරන්නත් අමාරුය් :( ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා!!

    ReplyDelete
  24. සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......
    රාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
    අලුත් දවසක් උදාවේවි.....
    එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading