Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ජීවිතය පිළිබද ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 1 කොටස

Monday, May 21, 2012

ඔන්න ඔහේ ගෙදරට වෙලා වේලි වේලි ඉන්දෙද්දී නිකම් ඉන්න බැරුවට බුකිය පැත්තේ රවුම් ගහන්න ගිය වරදට, පේරා කැම්පස් එකේ වල ගැන තිබුණු පෝස්ට් එකක් දකින්න ලැබුණා..රැංගෝ ට ඉතින් ඒ වගේ එකක් දැක්කම නිකම් ඉන්න බෑ නේ.. සතියක් ම දිග නිවාඩුවක් තියෙන හින්දා කොහොම හරි යන්න ඕන කියලා පත සයිස් එකේ ආසාවක් ආවේ මට නොදැනීමයි!කාටද කතා කරන්නේ? පේරේ අම්බානක් දන්න එවුන් හිටියට මුලින් ම මතක් වුනේ මේ ඊයේ පෙරේදා ඩ්‍රීම් ෆෙස්ටිවල් යන්න ගිහින් අම්බානක් චාටර් වුනු එකාව! රත්ගමයා!
 සල්ලි සල්ලි කියලා නොබලා ගත්තා කෙලින් ම කෝල් එක!

"හලෝ.."
අපෝ.. අර (අ)ප්‍රසන්න කටහඬ ආයෙමත්.. මේ නම් අනිවා රත්තා තමයි..


"හලෝ මචං.. කොහොමද?"

"ඒ.. කවුද බං ඔය??"

"නෙද්දකින් අලුගුත්තෙරුවා... තොගේ ළඟ නම්බර් එක තිබිලත්, මගෙන් කවුද කියල අහන්න ලජ්ජ නැද්ද? !@#$"

"අනේ සොරි බං.. මේ අලුත් ෆෝන් එකක් බං.. අපේ මල්ලි රට ගිහින් එද්දී මට ෆෝන් එකක් ගෙනාවා නේ! උඹ දන්නේ නෑ නේ! ඒක පට්ට එකක් බං... පොඩි අවුලකට තියෙන්නේ ඒකෙ ඔබන්න බොත්තම් නෑ බං.. එපා වෙනවා! "

මට තේරුනා නම්බර් නැති කතාව මූ ඇදබාපු කෙබ්බයක් බව! කමක් නෑ ඉතින්.. පොඩි එකා ආසාවෙන් ඇරපු නයා නේ!


"අහා.. එහෙම ද මචං.. එල නේ! ඒක නෙවෙයි.. උඹලගේ වල සතිය තියෙනවා නේ..මටත් නිකමට වගේ එන්න හිතෙනවා.. මොකද කරන්නේ?"

"අයියෝ වරෙන් මචං.. මගේ කාමරේ ඕන තරම් ඉඩ තියෙනවා.. වරෙන් වරෙන්.. මම දැන් ගාල්ලේ ඉන්නේ.. 20 නුවර යනවා. උඹට අපිත් එක්ක ම යන්න පුළුවන්.."

බයත් හිතෙනවා..අහලා  තියෙන විදියට රත්ගමයා ගේ කුරුල්ලන්ගේ සංගමයේ සාමාජිකයෙක් නේ. ඒ හින්දා පරිස්සම් වෙයන් කියලා මගේ හිත කොඳුරන්න පටන් ගත්ත..කමක් නෑ.. වෙන දෙයක් වෙද්දෙන්.. ඔන්න ඔහේ යනවා!


"එහෙනම් මචං මම එනවා...20 උඹලා යනවා නේ!  එහෙනම් යන වෙලාව කියලා මට මෙසේජ් එකක් දාපන්!"

"හරි මචං.."

ඔන්න  ඔහොමයි පේරා යන වැඩේ සෙට් වුනේ... දෙයියනේ කියලා අද උදේ 10.30 ට විතර ගාල්ලෙන් එන්න හිතාගෙන බස් ස්ටෑන්ඩ් එකට ගියත්, ගාල්ලෙන් එද්දී 12 ත් පහු වෙලා තිබුනේ! ඉතාම අවාසනාවන්ත ලෙස ගාල්ල කොළඹ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු කිහිපයක් කරන්න කියලා මහාමාර්ග ඇමති තුමා හදිස්සියේ නියෝග කිරීම නිසා පාර වහලා.. ඒ හින්දා කොළඹට බස් එකෙ ඇවිත්, කොළඹින් නුවරට කෝච්චියේ ආවා..



මග තොට විස්තර නම් කියන්න දෙයක් නෑ නේ. නුවර කෝච්චියේ යනවා කියන්නේ ඉතින් සුන්දර භුමි දර්ශන  නරඹමින් යන සුන්දර චාරිකාවක් නේ.. ඒ රසය උපරිමෙන් විඳිම්න් පේරාදෙණියට ම ආවා.. ඔය තියෙන්නෙ පේරේ දී ගත්ත ෆොටෝ ටිකක්..




කැම්පස් එකේ සුන්දරත්වය නම් ඉතින් කියන්න වචන නැහැ! විශිෂ්ටයි!සොබාව සෞන්දර්යය අතින් උපරිමයි!



අක්බාර් එකට එද්දී වෙලාව 6.30 පහු වෙලා.. යන්තම් මුණ කට සෝදා ගෙන කෙලින් ම වලට ගියා.. අද පෙන්නුවේ "බර්නාඩාගේ සිපිරි ගෙදර " නාට්‍යය.. 
සම්භාව්‍ය නාට්‍යයක් වුණත් තේරුම් ගන්න පුළුවන් මට්ටමක තිබුණා! 

අද පටන් සතියක් මට ගත කරන්න වෙන්නේ අක්බාර් එකේ.. රත්ගමයාගේ කාමරේ! සැහෙන්න භයානක අඩවියක ජීවත් වෙන බවක් මගේ පුංචි හිතට දැනෙනවා.. ඒ හින්දා හිතට එන හැම දේ ම ලියනවා.. මේ සතියේ ම හැම දා ම වෙන දේවල් පුළුවන් විදියට සටහන් කරන්න උත්සාහ කරනවා!

යම්කිසි හේතුවක් මත මගේ ලිවිල්ල එක පාර ම නතර වුණොත් මගේ ජීවිතයට අනතුරක් සිදු වී ඇති බව ස්ථිරයි. ඒ නිසා කට්ටිය නිවාඩු එහෙම වෙන් කර ගන්න! මේ පෝස්ට් එක දාන්න යොදා ගත්තේ රත්තාගේ ලැප.. ඒ වෙනුවෙන් රත්තා මගෙන් පොඩි උපකාරයක්‌ බලාපොරොත්තු වෙනවා..එයාගේ ෆෝන් එකේ ෆොටෝ එකක් අරුණැල්ලේ දාන්න ලු!මෙච්චර උදව් කළ එකාගේ ඉල්ලීමට පිටු පාන්න බැරි නිසා ෆොටෝ එක දානවා! කාට හරි ඒක චීනයේ නිෂ්පාදිත එකක් කියලා හිතෙනවා නම්, ඒ අදහස වෙනත් කෙනෙක් ට දැනගන්න දෙන්න එපා කියලා රත්ගමයා මහතා කරුණාවෙන්ඉල්ලා සිටිනවා..


අදට නවතිනවා! හෙට තත්වය ගැන පෝස්ට් එකක් දාන්නම්! අනිවාර්යයෙන් ම ඇවිත් යන්න එන්න!





ප/ලි:
බ්ලොග් එක දිනපොතක් කර ගන්න එකට මගේ එච්චර කැමැත්තක් නෑ.. ඒත් මේ වාරයේ විතරක් මේ දවස කිහිපයේ වෙන දේවල් ලිව්වට කවුරුත් අහිතක් හිතන එකක් නෑ කියලා හිතනවා!



ප/ප/ලි:  
පෝස්ට් එක ලියලා ඉවර වෙද්දී ම  රැංගෝ ගේ නංගිගෙන් කෙටි පණිවිඩයක් ආවා!
"අයියේ.. මේ පාර එද්දී අඩු ගානේ ඔය පැත්තෙන් වත් නෑනා කෙනෙක් හොයාගෙන එන්න.."
අපේ නංගි මගෙන් දෙයක් ඉල්ලුවේ බොහොම කාලෙකට පස්සේ!ඒ හින්දා ඒ ඉල්ලීම ඉෂ්ඨ කරන්න පුළුවන් තරම් උත්සාහ කරනවා!



2 කොටස



26 comments

  1. ane yako nanagi pita dala godayanna kalpanava hihihih koikatath oya rathgamayagen parissam veyan
    mama chandana

    ReplyDelete
  2. රත්තා මේක කියවලා බෙල්ලෙවැල එහෙම දාගත්තෙ නැතෙයි..? අනේ දැන්මම මොකවත් කරගන්න එපා කියපං. දිගටම සුදුකොඩි දාගෙන ඉන්න බෑනෙ...

    ReplyDelete
  3. ඔහොම කිව්වට ඉතින් කාට ජීවිත ආශාව අතැරලා දාන්න වෙයිද දන්නෙ නැනෙ.....:D
    හොඳ වෙලාවට නංගි මතක් කරේ නේ......

    ReplyDelete
  4. නංගිගේ ඉල්ලීම(පමණක්වත්) ඉටු කරන්න ලැබේවා !! ජය

    ReplyDelete
  5. නොදකින්!
    ඇයි යකෝ ගාල්ලේ කෙල්ලෝ නැතුවද තෝ පේරාදෙණියෙන් 1ක් හොයාගන්න හදන්නේ??:p
    නංගිටම කියපන් බියුටිෆුල් කෑල්ලක් සෙට් කරන්න කියල ;)
    (මටත් එක්ක)

    ReplyDelete
  6. වල සතිය නම් සරසවි ජීවිතේ ෆන් උපරිම කාලේ..
    අපි බලන කාලේ සතියෙම මරු වැඩක් වුනා...
    නාට්‍ය පටන් ගන්න කලින් හැමදාම වේදිකාවෙ බල්ලෙක් ඇවිත් කැරකි කැරකි ඉන්නවා..ඌට කොච්චර සූ පාර දුන්නත් කෑ ගැහුවත් යන්නෑ..
    ඇතුලෙ ඉන්න නළුවො නිළියො එළියට එන්නෙම මානසිකව වැටිලා දණහිසේ දූවිලි ගාගෙන..මොකද අපි නාට්‍ය පටන් ගන්න කලින්ම බල්ලට දුන්න සූ පාර නිසා..හික්ස්

    කොහොම වුනත් රැංගෝ බ්ලොග් අවකාශෙ ඉන්න අනිත් පේරා අයට කියලා තියන එක හොඳයි වගේ..

    ReplyDelete
  7. ආහ්.. ඒ කියන්නෙ උඹට නංගියෙක් ඉන්නවා

    ReplyDelete
  8. හපුයි ඩෙයියනේ.........:O

    ReplyDelete
  9. වල කියුවේ මොකක්ද? දන්නේ නැති නිසයි අහන්නේ...
    නුවර යද්දී අක්බාර් එකනම් දැකලා තියෙනවා

    ReplyDelete
  10. හි හි..... නංගිගේ ඉල්ලීමට තැනක් දෙන්ඩෝ..!!! පව් නේ නංගා...:)))

    ReplyDelete
  11. පේරා රුහුණ හමුවක් වගේ!

    ReplyDelete
  12. නංගිගේ ඉල්ලීම අහක දැනත් හොද නැනේ...;) කොහම හරි නංගිව ඉස්සරහට දාලා හරි නංගිට නැනා කෙනක් අරන් ගියොත් හොදයිනේ...:)

    ReplyDelete
  13. මොනව වුනත් නංගී පව් නේද...
    :)

    ReplyDelete
  14. නංගීගේ ඉල්ලිම රත්තා මාර්ගයෙන් ඉටු කර ගන්නේ නැතුව වෙන ඕන එකක්.. :)

    ReplyDelete
  15. නංගිගෙ ඉල්ලීම ඉටුවේවා...!!

    ReplyDelete
  16. කොලුකාරයන්ගෙන් පරිස්සම් වේවා!
    නංගිගේ ඉල්ලීම සැබෑ වේවා!
    :D

    ReplyDelete
  17. malli oayth apiya nana kanek ganawoth ape ahithak na.

    ReplyDelete
  18. එල එල අනේ අපටත් වෙඩින් කේක් කෑල්ලක් කන්න ලැබේවා!!!
    මේ එක නෙමි නංගි කීය වසරේද බන් :ඩ
    පරිස්සමින් හිටු,ජය!!

    ReplyDelete
  19. ආ..එහෙනම් පේරාදෙණි වලටත් බැස්සා නේද...

    එහෙනම් මොනව ලියන්නද අර එහා පැත්තෙ පේන්නේ කදුවැටිය

    එහෙනම් ඉතින් "හන්තානේ කඳු මුදුන සිසාරා පවනක්වී එන්නම්" කියාගෙන සතියක් ඉන්න තමයි තියෙන්නෙ

    ReplyDelete
  20. දැකපු ගමන් හිතුනා! චයිනීස් කට්ටක්! ජරාව!

    ReplyDelete
  21. එකට ඉන්නේ පරිස්සමෙන් හරිය..

    ReplyDelete
  22. චයිනිස් උනාට එලෆොන් කට්ට

    ReplyDelete
  23. හික්ස්ස්.. නංගිගේ ඉල්ලීම ඉටුවේවා !!!

    ReplyDelete
  24. ආසාවෙන් ඉන්නව මාත් වල බහින්න මැරෙන්න කලින් දවසක!

    ReplyDelete
  25. එහෙනම් ඒ ඉල්ලීමත් ඉක්මනින් ඉටුකරගන්න ලැබේව නැත්නම් නංගිට දුක හිතෙයි නේ.

    ReplyDelete
  26. නෑනෙක් වෙනුවට මස්සිනෙක් එක්ක යන්න වෙන එකක් නෑ මයෙ හිතේ

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading