Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ආදරණීය හදවතක්

Tuesday, April 17, 2012

මේ කතාවත් හොයා ගත්තේ මූණු පොතෙන් ම තමයි. අද civil වල assignment එකක් කරන ගමන් ඒකාකාරී බවෙන් මිදෙන්න හිතාගෙන මූණු පොතේ රවුමක් ගහද්දි අහම්බෙන් වගේ අස ගැටුණු, හිත ඇදිලා ගිය පෝස්ට් එකක් මගේ බ්ලොග් එකේ දැම්මට ඒක දාපු කෙනා තරහා වෙන එකක් නෑ මම හිතන්නේ.. මේක කියෙව්වම මට දාන්න කමෙන්ට් එකක් හිතා ගන්න බැරි වුණා. කියන්න මොනවා හරි හිතෙන කෙනෙක් ඉන්නවා නම් පහළින් කමෙන්ට් එකක් දාන්න.

කැම්පස් යන කාලේ මට ලණුවයි කණුවයි වගේ ඉදපු යාළුවා තිසරු. එයත් මම නලීන් වගේම අපේ ගාළු ගැට්ටේ සාමජිකයෙක්. එච්චර ලස්සනක් නැති උනත් තිසරු හුරතල් දඟකාර කෙල්ලෙක්.

තිසරු මට ආදරේ කරනවා කියල මම දැනගෙන ඉදියත් මට එයා ගැන හොඳ යාලුවෙක්ට එහා ගිය හැගීමක් තිබුනේ නෑ.

මම කැම්පස් ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් උන නිසා වැඩිපුර මම ඉදියේ ලෙක්චර් හෝල් එකේ නෙමෙයි පිට්ටනියේ. ඒ හින්දා හැමදාම මට notes ලියලා, reading material එකතු කරල දීලා මාව exam ගොඩ දාල දුන්නේ තිසරු.

Free වෙලාවක් ආපු ගමන්ම තිසරු මාව අල්ලගෙන එදා දවසේ මට miss උන ඔක්කොම කියලා notes ටික මගේ අතට දෙනවා. එහෙම දවසක මම නිකමට තිසරුට කිව්වා "මොනවද හලෝ තමුසේ මට නෝට්ස් එකතු කර කර ඉදලාම හරි යන්නේ නෑ. අර තමුසෙගෙ පස්සෙන් එන කැප්ටන් අයියාට කැමති වෙනවකෝ, බලනවා ඌගේ තියන smart look එක" කියල. කවදාවත් නැති full serious mood එකකින් තිසරු මට කිව්වා "මම කැමති කෙනා මට කැමති නෑ වගේ හර්ෂ, ඒ හින්දා මම තීරණයක් අරගෙන ඉන්නේ" කියලා. එදා මට තිසරුගෙන් ඒ මොකක්ද අහන්න බයකුත් හිතුනා, ඒ වගේම මට ඒක දැන ගන්න උවමනාවක් නෑ කියලත් එයාට පෙන්නන්න ඕන උන. ඒ හින්දාම මම "අනේ බං ඔන්න මම නම් උඹේ මගුලට එන්නේ නෑ. ඔය ලොකු ලොකු මිනිස්සුන්ගේ මගුල් වලට අදින්න ඇදුම් ගන්න මට සල්ලිත් නෑනේ බං" කියලා කිව්වා.

මුල් කාලේ යාළුවෝ මට තිසරුගේ නම කියලා විහිළු කරත් පස්සේ මම ඉසුරි එක්ක යාළු උනාම ඒ විහිළුව එතනින් නතර වුනා. ඒත් ලණුවයි කණුවයි වගේ ඉදපු තිසරු හැමදාම මට notes ලිව්වා. මගේ research thesis එක පවා ලිව්වා, ඒත් තිසරු මගෙත් එක්ක වෙනදා වගේ රණ්ඩු වෙන්න, අපිත් එක්ක දවල්ට කන්න ආවේ නෑ. ලොකු වෙනසක් නොපෙන්නන්න හැදුවත් තිසරුගේ ලොකු වෙනසක් මම වගේම නලින්නුත් දැක්කා.

ඔහොම ඉදලා අපි කැම්පස් එකෙන් out වෙලා ගිහින් ආපු මගේ උපන්දිනේ දවසේ තිසරු මට call කරා සුභපතන්න. ඒ වෙද්දි ඉසුරිගෙයි මගේ love relationship එක breakup වෙලා තිබුනේ, තිසරු මගෙන් ''ඉක්මනට බදින්නේ නැද්ද'' ඇහුවහම මම පුරුදු විදිහටම "අනේ බං උඹලා ඉදියට වැඩක් තියනවද, අපිට හරිහමන් කෙල්ලෙක් වත් හොයලා දුන්නේ නෑ, මොකක්ද බං දැන්වත් උඹලගේ office එකෙන් මට කෙල්ලෙක් සෙට් කරලා දියන්කෝ" කිව්වා.

තිසරු ගත්ත කටටම "අනේ හර්ෂ බොරු නොකියා ඉන්න. ඔයා තාමත් ඉසුරි ගැන හිතනවා ඒකනේ තාමත් ඔයාගේ ringin tone එක වෙනස් වෙලා නැත්තේ" කිව්වා. (මමයි ඉසුරි break up උනාට පස්සේ මගේ phone එකේ ringin tone එක වුනේ දමිත්ගේ "මට හීනයක් වෙලා" සින්දුව) එදා මට තේරුනා මටත් වඩා මගේ ගැන දන්න කෙනා තිසරු නේද කියලා.

කාලයත් එක්ක මගේ හිතේ තිසරු ගැන අදහසක් ඇති උනට මොකක්දෝ අවාසනාවකට මට ඒක එයාගෙන් අහන්න පුළුවන් කමක් තිබුනේ නෑ. තිසරුට කෝල් කරන හැම සැරේම මගේ කට lock උනා.

ඔහොම ඉඳලා එක දවසක් නලීන් මට කෝල් කරලා ඇහුවා 'මචං උඹ අනිද්දට අපිත් එක්ක සෙට් වෙලා තිසරුගේ මගුල් ගෙදර යනවද නැත්නම් උඹ තනියමද එන්නේ" කියලා.
එදා මගේ ඇස් උඩ ගියා තිසරු මට එයා බඳිනවා කියලා නිකමටවත් කිව්වේ නෑ. මට invite කරෙත් නෑ. "මම කැමති කෙනා මට අකමැති නිසා තීරණයක් ගත්තා" කියපු කෙල්ල මෙන්න බඳිනවලු. ඔක්කෝම ගෑණු එකයි ඔහොම හිතපු මම තිසරුට කෝල් එකක් වත් දීලා සුභපැතුවේ නෑ තිබ්බ තරහට.

ඒත් ඊයේ අර මම කලින් කියපු තිසරුගේ පස්සෙන් ඒකාලේ ආපු කැප්ටන් අයියා අපේ office එකට ඇවිත්, අහම්බෙන් වගේ මට හම්බුනා. ඔහු අද පාදයක් අහිමි ආබාධිත රණවිරුවෙක්. අයියාගේ අතේ දිළිසි දිළිසි තියෙන මුද්ද දැකපු මට තේරුනා අයියා දැන් විවාහකයි කියලා. කොච්චට උදාර කාන්තාවක් වෙන්න ඕනද ආබාධිත රණවිරුවෙක් එක්ක විවාහ වෙන්න. එහෙම හිතපු මම ඈතින් පඩිපෙළ නැගලා එන තිසරුව දැක්කා.

මගේ ලගටම ආපු තිසරු මගෙත් එක්ක හිනා වෙන ගමන් "තුසිත ඔයාට පරණ යාළුවෙක් හම්බ වෙලා තියෙන්නේ" කියලා කැප්ටන් අයියාගේ අතින් අල්ල ගන්න ගමන් ඇහුවා.

{ මේ කතාව අපිට ලියල එවපු කෙනා එයාගේ නම සඳහන් කරන්න අකමැතියි. ඒත් එයාගේ ජීවිතය සුන්ඳර එකක් වෙන්න කියල අපි එක හිතින්ම ප්‍රාර්ථනා කරමු ! }




ගත්තේ මෙතනින්:
https://www.facebook.com/groups/ilovemyfrinedz/permalink/209841539119179/

14 comments

  1. සංවේදී කතාවක්. චිත්‍රපටයක් වගේ මැවෙන්න ලියල තියනවා.
    තිසරුගේ ආදරේ සදාකාලික වේවා කියල පතමු.

    ReplyDelete
    Replies
    1. මටත් ඒක සැහෙන්න දැනුනා.. ඒකයි බෙදා ගත්තේ!

      Delete
  2. ලස්සන කතාවක් ලැබිලා වගේ..ස්තුතියි බෙදාගත්තට..
    ආදරය ඉස්සරහ කවුරුත් කට පියාන ඉඳලා බෑ..සිතුවිලි බෙදාගන්නයි ඕන..

    ReplyDelete
    Replies
    1. ආදරය හෙළි නොකිරීම නිසා සිදු වුණු තවත් පසුතැවීමක් නම් නෙවෙයි!

      Delete
  3. ඇත්තටම සංවේදි කතාවක්..

    ReplyDelete
    Replies
    1. මටත් ගොඩක් දැනුණු කතාවක්!

      Delete
  4. ස්නෙහේ වෑහේ
    ඔය දැසේ ඇදි රටා
    ලංකර ගන්නේ මගේ.. වනු කියා
    තොල්රස දෙතොලඟ රදවා උණුහුම් සුසුමක රස විදිමින්
    ආදරෙන් තුරුළු වෙමි....!!

    (ඇතුලේ සීන් එකක්ද?)

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ.. මේ බුකියෙන් හොයා ගත්ත එකක්..

      Delete
  5. sensitive kathawak
    bt harsha waradi

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙම වැරද්දක් පේන්නේ නෑ. තිසරුගේත් වැරද්දක් නෑ..

      Delete
  6. කතාව කියව්වද්දී වෙන සීන් 1ක් මතක් උනා!:p

    ReplyDelete
  7. මගේ කතාවත් මේකට ගොඩාක් සමීපයි...

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading