Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ඔබ යමෙකුට ආදරේ කරනවාදැයි බැලීමට පියවර 12ක්

Friday, April 13, 2012

අලුත් අවුරුද්ද නිසා නිවාඩු පාඩුවේ බුකියේ සැරිසරද්දී පරණ කතාවක් දකින්න ලැබුණා. බොහෝ දෙනෙක් මේක මීට කලින් දැකලා ඇති. ඒත් නොදැකපු අයට වැදගත් වෙයි කියලා හිතුණු හින්දා බ්ලොග් එකේ දාන්න හිතුවා. බලන්න. මේ කියන දේ ඔබට කොයි තරම් සමීප ද?, කොයි තරම් දුරට වලංගු ද? කියලා.




12.ඔබ ඇය/ඔහු සමග මැදියම් රැය වන තුරුත් කතා කරන අතර පසුව නිදා ගැනීමට යහනට ගිය පසුත් ඔබ සිතන්නේ ඇය/ඔහු ගැනයි.

11.ඔබ ඇය/ඔහු සමග සිටින විට ඇවිදින්නේ ඉතා සෙමිනි.

10. ඇය/ඔහු දුරක ගිය විට ඔබට ශෝකයක් දැනේ.

09.ඇය/ඔහුගේ කටහඩ ඇසුනු විට ඔබේ මුවගට නොදැනීම සිනහවක් නැගේ.

08.ඔබ ඇය/ඔහු දෙස බලන විට අවට සිටින අනෙකුත් පුද්ගලයන් ගැන අවධානයක් ඇති නොවේ,ඔබට පෙනෙන්නේ ඇය/ඔහු පමනි.

06. ඔබට හැමවිටම සිතීමට අවශ්‍ය ඇය/ඔහු ගැන පමනි.

05. ඇය/ඔහු දෙස බලන විට නොදැනීම ඔබේ මුවට සිනහවක් නැගෙන බව ඔබට දැනේ.

04. ඇය/ඔහුව දැකීමට ඔබ ඕනෑම දෙයක් කරනු ඇත.

03. මෙය කියවන මුලු කාලය තුලම ඔබේ සිතේ යම් පුදගලයෙකු සැරි සැරීය.

02. ඔබ එම පුද්ගලයා ගැන කොපමන සිතුවාද යත් මෙහි අංක 7 නොමැති බව ඔබ දුටුවේ නැත.

01.දැන් ඔබ අංක 7 නොමතිදැයි පරීක්‍ෂා කල අතර ඔබේ මුවට සිනහවක් නැගුනි.



ගත්තේ මෙතැනින්:
 https://www.facebook.com/photo.php?fbid=388744811155421&set=a.275247329171837.82281.187160681313836&type=1&ref=nf

29 comments

  1. හි හී, නියම පරීක්ෂාව :) මට මේක මැසේජ් එකක් විදිහටත් ඇවිත් තියෙනවා.......

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  2. ට්‍රයි කොරල බලන්න ඕනා!:P

    ReplyDelete
    Replies
    1. ඔකේ අමුතුවෙන් හොයන දෙයක් නෑ නේ!!

      Delete
  3. oke podi podi adu paadu tkak thyanawa..:D

    ReplyDelete
  4. මේ විදියට වෙනස් කරොත් මොකද???

    9)ඇය ONLINE ඉන්නවා දුටු විට ඔබේ මුවගට සිනහවක් නැගේ !!!!!!!
    8)ඇය ONLINE සිටින විට, ඔබට අනිත් පුද්ගලයන් ONLINE සිටිනවා නොපෙනේ!!!!!!!!

    හිකිස් !!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අන්න ඒ විදිය නම් නියමයි.. මම හිතන්නේ වඩාත් ම ගැලපෙන විදිය එක තමයි!!

      Delete
  5. හරිනෙ! 7 නෑ කියල දැක්කෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ රාජගේ හිතත් කාගේ දෝ ළඟ නතර වෙලා.....

      Delete
  6. ඇයි මේකෙ 1 ඉදන් අංක දාන්නෙ නැතුව 12 ඉදන් දාල තියෙන් නෙ?

    ReplyDelete
    Replies
    1. ඒක කලින් වටහා ගන්නවා නම් අහු නොවී ඉන්න පුළුවන්!

      Delete
  7. මමත් 7 නෑ කියලා දැක්කේ නෑනේ.. ඒත් ප්‍රශේණේ හිත කවුරු ගැනද හිතුවේ කියලා.. :)

    ReplyDelete
    Replies
    1. අර දවසක් පොස්ට් ඔෆිස් එකේ දී හමු වුණු කෙනා ගැන වෙන්න ඇති!!

      Delete
  8. මේවා බොරු කතා කොල්ලෝ

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට සමහර අයට හරි ගිහින් නේ!!

      Delete
  9. මාත් කියන්නෙ ඕවා බොරු කතා...

    ReplyDelete
    Replies
    1. දැන් ඔයාලා දෙන්නා මට විරුද්ධව එකාබද්ධව නැගී සිටින්න ද හදන්නේ??

      Delete
  10. මමත් හත දැක්කේ නෑ නේ. ගෑනු ළමයි ටික මේ බොරු කථා කියලා මාරුව දාන්න හදන්නේ මේක කියවන කොට මතක් වෙන්නේ එක්කෙනෙක් විතරක් නෙවෙයි හින්දද දන්නේ නෑ නේද?. :P

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි රෙපා මහත්තයෝ වෙන්න යන්නේ.. මෙයාලා මාරුව දාන්න හදන්නේ!

      Delete
  11. කලින්නම් දැකල තියෙනව...හැබැයි මේ වැඩේ සීයට සීයක් සාර්ථකයි....;)

    ReplyDelete
    Replies
    1. අනිවා..මටත් ගොඩක් දුරට සාර්ථක වුණා.. ඒ වුණාට ඒක නම් හිතලුවක් විතරයි!

      Delete
  12. මේක දාල තියන විදියෙන්ම අමුත්තක් තේරුණ නිසා මම කියෙව්වෙ අංක 01 ඉදන් ඉහලට වැඩේ අහු වුණා.
    අදහස නම් පට්ට අදහසක්

    ReplyDelete
    Replies
    1. අන්න ඔබතුමාට එතන සැඟවුණු දේ අහු වුණා.. එහෙම වෙන්න ම එපැයි.. අත්දැකීම් බහුල අයෙක් නේ!

      Delete
  13. ඇත්ත නේන්නං .. හත නෑ .. මගෙ හිතේ දෙන්නෙක් මැවුනා හැබැයි ..

    ReplyDelete
    Replies
    1. මේ මේ සඳරු අයියේ.. ඔව්වා කියලා ඔන්න පවුල් පාර්ශවයෙන් බැනුම් අහන්න වුණොත් එහෙම අපිට බනින්න එපා හොඳේ!

      Delete
  14. හ්ම්ම්ම්... වෙන කෙනෙක් අපි ගැන හිතනවද කියලා බලා ගන්න ටෙස්ට් එකක් නැද්ද??? :)

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading