Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - අවසන් කොටස

Saturday, May 26, 2012


2012 වර්ෂයේ මා විසින් ගත කරන්නට යෙදුනු වැඩි ම ජීවිතයට අවදානමක් තිබූ සතියේ පස් වන හා හය වන දින පිළිබඳව කෙරෙන සටහනයි මේ..
පෙර කොටස් නොකියවූ අයගෙන්, පහත ලින්ක් වලින් ගොස් ඒවා කියවා එන මෙන් ඉල්ලමි!

පේරාදෙණිය උද්භිදඋද්‍යානයේ දී

ඊයේ දවසේ දවල් කාලය ගෙවුණේ බොහොම සාමාන්‍ය විදිහට. කම්මැලි කම නිසා වැඩිය ඇවිද්දේ නෑ. ටිකක් හවස් වෙලා මාකස් එක පැත්තේ ගිහින් පැංචා, පන්දේ, පිසාචයා, කුබෝටා ඇතුළු පිරිස දැක බලා ගත්තා.

පළමු නාට්‍යය වුණු බර්නාඩා ගේ සිපිරි ගෙදර නාට්‍යය බලන්න ගිහින් පිනි බෑම නිසා ඇති වුණු රෝගී තත්වයෙන් ඊයේ වෙද්දීත් කුබෝටා සුවය ලබා තිබුණේ නැහැ. ඒ නිසා ආයෙත් වතාවක් ප්‍රතිකාර ලබන්න සිදු වෙලා තිබුණා. අද වෙද්දී නම් ඔහුට බොහොම දුරට සුවයි. ඒ නිසා අද නාට්‍යය බලන්න නම් ඇවිත් හිටියා!
අද දවල් පැංචා, පන්දේ සහ මම පේරාදෙණිය උද්භිත උද්‍යානය බලන්න ගියා.. බොහොම කාලෙකට පස්සෙයි ඒ පැත්තේ ගියේ. දවස පුරා ම ඇවිද්ලා අන්තිමට යකා පාලම ළඟට ආයෙත් පාරක් ගියා. අපි පාලම මත ඉන්දෙද්දී කෝච්චියක් ආවා. රේල් පාරේ පැත්තක තියෙන යකඩ පටි මතට ගිහිනුයි අපි අයින් වුණේ. වැරදිලා වත් ආපහු ගොඩට දුවන්න ගියා නම් අනිවාර්යයෙන් ම පාලමෙන් පහලට වැටෙනවා.

කල්පනී අක්කා සහ අකිලා අක්කා ආයෙත් ගාලු යන බව දැන ගන්න ලැබුණේ හවස. ඒ පිසාචයා සහ බුල් බුල් සමග. කාලෙකින් කල්පනී අක්කා හමු වුණේ නැති නිසා නාදන් එක පැත්තේ ගිහින් ටිකක් වෙලා කියව කියව ඉඳලා වලට ගියේ. එයාලාගෙන් හෙට කෝච්චි තියෙන වෙලාවල් පිළිබඳව දැන ගන්නත් පුළුවන් වුණා. කොහොම වුණත් මම අද වලට ගියේ තනියම!

ඊයේ හවස් වරුවේ නාට්‍යය බලන්න ගියේ පැංචා සහ පන්දේ සමග. පෙරේදා නාට්‍යය පසුපස ම පේළියේ ඉඳගෙන බලලා ලබපු අත්දැකීම නිසා ඊයෙත් එහෙම වෙන්න දෙන්න හිත ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා මට ඉදිරියට යන්න ඕන වුණා. නමුත් අනිත් එවුන් දෙන්නාට කම්මැලියි කියපු නිසා අපේ ගිනි කුරුල්ලා අයියා සහ ඔහුගේ ආදරණීය වෙන්ඩ භාර්යාව අක්කා හිටපු තැනට සම්ප්‍රාප්ත වුණා.අපි හිටියේ පුජ්‍ය පක්ෂය වෙනුවෙන් වෙන් කරපු පේලියට පසු පස පේළියේ. එහෙම කළේ, නාට්‍යය ආරම්භ කරන වෙලාව වෙද්දී, ඉදිරියේ ඉඩ තියෙන තැන් වලට පසුපස පේලි වල ඉන්න අයට එන්න ලැබෙන නිසා. කොහොමත් ස්වාමීන් වහන්සේලා වැඩි දෙනෙක් එතැනට වඩින්නේ නැති නිසා ඒ පේලි දෙකේ බොහොම දවසට ඉඩ තියෙනවා.

කලා පීඨය අසල ඇති පාලම

ඊයේ දවසේ මට හමු වුණු විශේෂිත ම පුද්ගලයා ගිනි කිරිල්ලි අක්කා! ඊයේ රඟ දැක්වුවේ චරන්දාස් නාට්‍යය. සෙනග වැඩි නිසා අපි ඊයෙත් කලින් වලට ගියා. ඒ හින්දා පැය දෙකක් විතර නාට්‍යය පටන් ගන්න කලින් වෙලාව තිබුණා. අපි තුන් දෙනා බොහොම වෙලා එක එක ඒවා කියව කියව හිටියා. (මගේ කියවිල්ල හින්දා ඒ දෙන්නට කතා කරන්න බැරි වුණා ද මන්දා.. එහෙම වුණා නම් සමා වෙන්න අයියේ.. හොඳේ!!)

පරාක්‍රම නිරිඇල්ල මහතාගේ, “චරන්දාස්” නාට්‍යය  කලින් නාට්‍ය වලට සාපේක්ෂව ගොඩක් හොඳයි කියන්න පුළුවන්. නමුත් සමහර තැන් වල අනවශ්‍ය විහිලු තිබුණා. (හිනා යන්නේ නැති එව්වා! කෙලින් ම කියනවා නම්, ගොන් පාට් වගේ එව්වා) නමුත් සමස්තයක් විදියට හොඳයි. කතාව නම් කලින් අහපු එකක්. සිදු වීම් පෙළ ගැස්වීම විශිෂ්ටයි! ඒ වගේ ම කරලිය නාට්‍ය කණ්ඩායමේ විශේෂතා ගොඩක් තිබුණා. එය ජාතින් කිහිපයක රංගන ශිල්පීන් ගෙන සැදුම් ලත් නාට්‍ය කණ්ඩායමක්. ඒ වගේ ම, නාට්‍යය අවසානයේ එක් එක් ශිල්පියා වේදිකාවට ඇවිත් තමන්ගේ නම සහ ගම ප්‍රකාශ කළා. එය මම මීට පෙර දැක නොතිබුණු දෙයක්. ඒ වගේ ම එය අගය කළ යුතු යයි හැඟෙනවා.

අද රඟ දැක්වුණේ, ධර්මසිරි බණ්ඩාරයන්ගේ, “ට්‍රෝජන් කාන්තාවෝ”  නාට්‍යය. කතාවට පසුබිම් වෙලා තිබුණේ ට්‍රෝයි නගරයේ විනාශ වීම. නාට්‍යය සම්භාව්‍ය ගණයේ නාට්‍යයක් කියන්න පුළුවන්. 1999 වර්ෂයේ හොඳ ම නාට්‍යයට හිමි සම්මානයත් හිමි කර ගත්තේ ඒ නාට්‍යය! මට දැනුණු විදියට නම් ඒ නාට්‍යය තරමක් එපා වෙන ගතියක් තිබුණු එකක්. කතාව බොහොම ප්‍රකට එකක්. නළු නිළියන්ගේ රංගනය නම් විශිෂ්ටයි. භාෂා භාවිතයේ වැරදි නම් බොහොමයක් තිබුණා. කථනයේ දී ව්‍යාකරණ නිවැරදි වීම අත්‍යවශ්‍ය නැහැ. ඒත් අනවශ්‍ය පරිදි විධිමත් (formal) කිරීමට යාමෙන්  වැරැද්දීම නම් පිළි ගත නොහැකියි. ‘මම එය නොකළෙමි’ කියන වාක්‍යය කථනයේ දී ‘මම එය කළේ නැහැ’ හෝ ‘මා එය කළේ නැහැ’ ලෙස යෙදීමෙන් සැලකිය යුතු වරදක් දැනෙන්නේ නැහැ. නමුත් එය ‘මා එය නොකළෙමි’ යැයි යෙදීමෙන් වැරදි ආදර්ශයක් සැපයෙනවා. මේ වරද අද නාට්‍යයේ මා වැඩි වශයෙන් දුටු දෙයක්. ඒ හැරුණු විට ඒකාකාරී බව නැති වෙන්න හාස්‍ය රසයක් යම් තරමකින් හෝ එකතු වුණා නම් වඩාත් හොඳ යැයි හිතෙනවා.

යකා පාලම මත දී කෝච්චියක පැමිණීම



මේ ටිකේ බලපු නාට්‍ය හැම එකේ ම වගේ දෝෂ මහා ගොඩක් දැකපු රත්තා නාට්‍යයකට තිර පිටපතක් ලියලා. මට ඒක කියවන්න දුන්නා. ඒත් තවම කියවන්න නම් බැරි වුණා. අනිවාර්යයෙන් ම යන්න කලින් බලන්න ඕන.

රෑට ටිකක් රස්නේ වගේ නිසා මම කාමරේ ජනේල ඇරලා නිදා ගන්නේ.පරණ අවුරුද්දට සහ අලුත් අවුරුද්දට හැරුණ ම නිකම් වත් නාන්නේ නැති රත්ගමයා අයියාට පිනි බෑමෙන් බොහෝ ගැටළු ඇති වෙන බව දැනුම් දුන්නා. ඒ හින්දා ඊයේ සහ පෙරේදා එයා එහා කාමරේ නිදා ගත්තා. අදත් ගොඩක් දුරට එහෙම වේවි!

මේ ගත වෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, අක්බාර් ශාලාවේ මම ගත කරන අවසාන රාත්‍රිය. රත්ගමයා සමග ගත කරපු සතියේ අවසාන පැය කිහිපය. ඉරිදා උදේ ගාල්ලෙන් පිට වෙලා රත්ගමයා, පිසාචයා, බුල් බුල්, මගෝඩියා සහ තවත් කෙල්ලෙක් ඇතුළු පිරිස එක්ක පේරාදෙණියට ඇවිත් මේ වෙද්දී දවස් 6ක් ගත වෙලා.

මෙහෙට ආවට පස්සේ අපේ බැචාලා හතර දෙනෙක් මුණ ගැහුණා. උන් හතර දෙනාගෙන්  දෙන්නෙක් හෙට මාත් එක්ක යන්න එකතු වෙනවා. තව ගිනි කුරුල්ලා අයියා හෙවත් ටොපියා එන බව කිව්වා.හෙට උදේ 10.30 ට පේරාදෙණියෙන් පිට වෙන දුම්රියෙන් අපි ආයෙත් ගම රට බලා යනවා.

උඩවැඩියා විශේෂයක්

රත්තා හෙවත් රයියෝ!
කැම්පස් එකටා ආපු දවසේ ඉඳන් මේ වෙනකම් සහෝදරයෙක් සහ යාලුවෙක් විදියට උඹ ගොඩක් උදවු කළා. උඹේ කාමරේ මට දීලා උඹ වෙන කාමරේකට ගියා.මම ෆන් එකට උඹට මඩ කොච්චර ගැහුවත් ගණන් නොගෙන,ඒවාට  උඹත් මාත් එක්ක ම හිනා වුණා. හෙට මම යනවා මචං. මෙච්චර කල් කරපු හැම උදව්වකට ම බොහොම  පිං! ගිහිං එන්නම්! ජය!!






විශ්ව විද්‍යාලය තුල


ලංකා පොකුණ





38 comments

  1. පරිස්සමට වරෙන් නෝටි වැඩ නොකර, ජය වේවා....

    ReplyDelete
  2. වරෙන්කො එහෙනං :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. Kubota හෙවත් GihanMay 26, 2012 at 8:36 AM

    Aith ilaga wala sathiyatath waren.dan apita wada hodata parawal ehema dannawne..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. ඔබ තුමාටත් පිං සිද්ධ වෙන්න සෑහෙන්න පාරවල් හොයා ගත්තා නේ!

      Delete
  4. ජය ජය මල්ලි...

    ReplyDelete
  5. එතකොට නංගිගෙ වැඩේ

    ReplyDelete
  6. අයියෝ සල්ලි...... උබත් එහෙනම් පෙරේ සතියක් හිටිය නේ..............................

    ReplyDelete
  7. ඇති යන්තම් කොල්ලා බේරිලා එනවා කිව්වම.මේ ඒක නෙවේ නංගිගේ ආසාවට මොකෝ වුනේ?

    ReplyDelete
    Replies
    1. ඒක හරි ගියේ නෑ නේ අයියේ! හිත ගිය තැන පොඩි පරහක් තිබුණා නේ!

      Delete
  8. අතක් පයක් කඩාගන්නෙ නැතුව සතියක් ගෙවුණා.. දැන් ඉතිං ඔය කාලෙ පිකට්, වර්ජන, අරගල, අඛණ්ඩ උපවාස එහෙම තිබුනෙ නැද්ද, එතකොට කඩපු මල්..?

    ReplyDelete
    Replies
    1. අයියෝ තිබුනේ නෑ නේ! එව්වා ඉතින් මෙහෙත් නිතර තියෙන හින්දා ගානක් නෑ!
      මල් කැඩුවේ නෑ නේ.. නිකමට කඩපු මල් ටිකත් තියලා ආවා!!

      Delete
  9. ෆොටෝස් ටික නම් ඉතින් සුපර්. අපි ගිය කාලෙ මෙහෙම ලස්සනට තිබුනෙ නෑ

    කරැමෙ තමා...

    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!! ෆෝන් එකේ කැමරාවෙන් ගත්තේ..
      ඉඩ තියෙන වෙලාවක ආයෙත් ගිහින් එන්න. පරණ මතක අලුත් වේවි!

      Delete
  10. @nj
    අර උබලගේ, නංගිගේ ඉල්ලීමට මොකද උනේ?

    ReplyDelete
  11. බොහොම හොද විස්තරයක්. මටත් මේ පෝස්ට් තුන හතර කියවපුවාම පේරාදෙනි යන්න හිතුනා. අපි ඉතිං පුංචිබොරැල්ලෙ ගොඩනැගිලි වලින් වට වෙලානෙ ඉගෙනගත්තේ. අනිත් සැරේ වල සතිය බලන්න මමත් එනවා. රත්තෝ, මටත් ඉඩක් වෙන් කොරපං..

    ReplyDelete
    Replies
    1. එල එල!! මාත් ආයෙත් යන්න හිතන් ඉන්නේ!
      අපෙත් වැඩි වෙනසක් නෑ නේ.. හපුගලත් ගොඩනැගිලි වලින් වට වෙලා නේ..

      Delete
  12. කියෙව්වෙ නැ.. ඉරිසියයි.

    ReplyDelete
    Replies
    1. දුක හිතෙනවා නේ!
      ලබන පාර යමු!!

      Delete
  13. එල එල.. උබ යහතින්ම ආපු එකම මදැ.. අර නංගී කියපු දේට මොකො උනේ??

    ReplyDelete
    Replies
    1. හිත ගිය තැන මාලිගාව හදා ගන්න බැරි වුණා නේ අයියේ!!

      Delete
  14. මේ පාරවත් දෙන්නෙක් වෙලා ආවේ නැද්ද බොල??:p
    ඉරිසියාවේ බෑ,ලබන පාර නම් අනිවා එනවා!

    ReplyDelete
  15. ඔය පිසාචයයි මේ පිසාචයයි එකෙක්මැයි...හොදේ...!!!

    ReplyDelete
  16. අනේ බං මං A/L කොරේ නැනේ මල්ලියේ මට බොලා ගැන ඉරිසියයි. -ම්බක් හින්දා ගෙම්බෙක් නොවෙන්ඩ මටත් යන්ඩ තිබ්බා විස්ස විද්දාලේ, කරැම බං. අපේ කෙල්ලවයි.හම්බෙන්ඩ ඉන්න එකාවයි කොහොම හරි අරිනවා.අනිවා.

    ReplyDelete
    Replies
    1. නොලැබුණු දේවල් ගැන දුක් වෙන්න එපා අයියේ.. විශ්ව විද්‍යාලේ යන්න ලැබෙනවා නම් හොඳයි. එහෙම වුනේ නෑ කියලා අපේ ගමන නවත්තන්න බෑ නේ. හිතේ තියෙන බලාපොරොත්තුව ඉෂ්ඨ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!!

      Delete
  17. ඊයේ කියෙව්වට අදයි කමෙන්ට් කරන්නේ.සොරි වෙන්න ඕන හොඳේ මලයෝ..

    තරහ ගන්නේ මොකටද බන් අලුත් යාලුවෝ දෙන්නෙක් එකතු වුන එකනේ ඒකෙන් වුනේ.. කොච්චර හොඳද?

    අයෙත් පාරක් සෙට් වෙලා යමු..

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ!
      වෙලාවක් ලැබුණු ගමන් යමු!

      Delete
  18. මං කවදාවත් රත්ගමයා මල්ලි ටිකට් ගන්න එනවා දැක්කේ නෑ නොවැ...... ඒ නිසා මල්ලි දකින්නත් නැතුව ඇති.

    ට්‍රෝජන් කාන්තාවෝ එක නම් සම්භාව්‍ය වැඩි කමට ගොඩ දෙනෙක්ට මෙලෝ අකුරක් තේරිලා තිබුන්නෑ ට්‍රෝජ නගරය ගිනි ගනී කියන වාක්‍යය හැර.

    ReplyDelete
  19. ඔයාගේ මාරක සතිය අද තමා කියෙව්වේ.. මරු.. නියමයි.. මටත් ආසයි පේරේ පැත්තේ ගිහින් එන්න.. :D

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading