Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

වැස්ස නැවතත් වහින්නට විය..

Wednesday, August 24, 2011

අහසට නැගුණු
වැහි ලිහිණියෝ
කෑ ගසමින්
ඉගිලෙන්නට විය..


ගොරව ගොරවා
විදුලි  දැල් වී
මන්දාරම් අහස
පිනි දියෙන් තෙත් විය..


එහා ඉවුරෙන් 
කොකෙක් ඉගිලී
සෙවණ සොයා
එන්න තනන විට..
වැස්ස නැවතත්
වහින්නට විය..





9 comments

  1. ලස්සනයි මචෝ....
    නියමයි, තව දිගටම ලියන්න.
    දවසක හැමෝටම සෙවණ දෙන්න ඕන.

    ReplyDelete
  2. wawoooooooo niyamai macho..........digatama liyapan...............

    ReplyDelete
  3. මේක ජී.බී සේනානායකගේ නිශ්ශබ්දතාවේ ආරෙන් ලිව්වේ.. සාර්ථකත්වයක් තියෙනවා නම් ගොඩක් සතුටුයි..

    ReplyDelete
  4. කවදා හෝ දිනෙක,
    නොසිතුව මොහොතක,
    නොසිතූ විලසින්,
    සිහිල් සෙවනක් මුනගැසේවි......
    හැර යන්නට අවැසි නොවන ලෙස.....

    ReplyDelete
  5. @Sanduni
    අවැසි නොවූ කළ
    බලා හිඳින්නම්
    සදාතනික සෙනෙහස
    සින්නක්කර ම
    මා සතු වූ සෙයින් ම..

    ReplyDelete
  6. හමුවන නවාතැන
    රැඳෙයි නුඹ සදා කල්....
    එදින එලඹෙන තුරාවට
    දිවි මගෙහි සුභ ගමන්!...

    ReplyDelete
  7. නවාතැන නුඹ ම වූ කළ
    සුභ ගමන් පතන නුඹ
    සදා කල් රඳවත් නම්
    පැතුම් පොදි මා
    මිලින නොම වෙ ද.??

    ReplyDelete
  8. පියඹපුදෙන් ලිහිණියෝ
    අදෙද්දෙන් කුඹි ගුල කරා
    වටෙද්දෙන් අනගාර වැසි
    තෙමෙනතුරු සිල්රෙද්ද
    ප්‍රේම කය වස සිටින !

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading