අද මොකක් හරි පොස්ට් එකක් දාන්න ඕන.. ඒත් මට ලියන්න දෙයක් හිතෙන්නේ නෑ. ඒ හින්දා වෙනස් විදියේ පොස්ට් එකක් දාන්න හිතුවා.මෙහෙම කියන්නම් කෝ..
මම මේ ලඟදි පොඩි දෙයක් ලිව්වා.. ඒක ලියන්න හේතු උනේ මගෙන් කෙනෙක් අහපු දෙයක්. වැඩි දෙයක් නෑ.. පේලි දෙකයි. ඒ කොහොම උනත් මම කිව්ව දේ ඒක අහපු කෙනාට තේරුණේ නෑ. මට පැහැදිලි කරන්න තරම් හිතක් ඇති උනෙත් නෑ.. ඒ හින්දා අලුත් අවුරුද්දේ මේ ගැනත් හිතන්න. ගන්න දෙයක් තියෙනවා කියලා හිතෙනවා නම් ගන්න.. තේරුම් ගන්න බෑ වගේ නම් අතෑරලා දාන්න..
පිරී තිබුනත්
දොළොස් මාසේ..
පියුම් නොපිපෙයි
ඒ ජලාශේ.
මේ මම දාන අන්තිම පොස්ට් එක.(මේ අවුරුද්දට)
අරුණැල්ල පටන් අරන් තාම අවුරුද්දක් වත් නෑ. මේ අවුරුද්ද පුරාම අපිත් එක්ක හිටපු, පොස්ට් එකක් බලලා සතුටක් විඳපු, කමෙන්ට් එකකින් හරි ඒ අදහස් දක්වපු වගේ ම රහසේ ම හැංගිලා ගිය හැමෝට ම ගොඩාක් ස්තුතියි.ඒ හැමෝම අලුත් අවුරුද්දෙත් අපිත් එක්ක ම ඉඳීවි කියලා බලාපොරොත්තු වෙනවා..
ලබන අවුරුද්දේ අපි අලුත් බලාපොරොත්තු එක්ක අලුත් විදියට හමු වෙමු.
හැමෝට ම සුභ නව වසරක් වේවා.!!
මම,
~Nj~
නින්ද නැති කල
Wednesday, December 28, 2011
අවකාශ නැති කල,
රැඳෙන්නට
දෙනෙත් කෙවෙණි අග,
Labels:
Emotional,
ආදරය,
නිසඳැස්,
සාහිත්‍යමය
Location:
Gintota, Sri Lanka
නිහඬ වීම
Saturday, December 24, 2011
ජී. බී සේනානායකගේ නිශ්ශබ්දතාවය කවි පෙළ කියවලා නැති කෙනෙක් ඉන්නවා ද කියල කවුරු හරි ඇහුවොත් ඒ විදියේ කෙනෙක් හොයා ගන්න ගොඩක් අමාරු වෙයි කියලා හිතෙනවා. ඒ තරම්ම ඒ කවිය අපි කා අතරත් ජනප්‍රියයි.. මම හිතන විදියට පලි ගැනීම පොතේ තියෙන හොඳ ම නිසඳැස ඒක.. මම නිශ්ශබ්දතාවය කියෙව්වේ සා/පෙළ කරන කාලේ..මට දෙපාරක් කියවද්දී ම ඒ කවිය පාඩම් වුණා.. දැනටත් මට හැම පදයක් ම හොඳට මතකයි.. කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් බලා ගන්න..මේ ලඟදි දවසක් මට නිකමට හිතුනා ජී බී සේනානයක මහත්මයා අද කාලේ ජීවත් වුණා නම් නිශ්ශබ්දතාවය මීට වඩා වෙනස් වෙන්න තිබුණා කියලා.. මට හිතුනා අද කාලෙට ගැලපෙන විදියට ඒ පද පේලියේ මුඛ්‍ය අර්ථය ටිකක් වෙනස් කරන්න.. ඒ රසය මේ කවියෙන් නම් ගන්න බෑ.. ඒක මම පිළි ගන්නවා.. මම මේ කළ දෙය හින්දා එතුමාගේ නිර්මාණයට හානියක් වුණා කියලා කාට හරි හිතෙනවා නම් සමා වෙන්න.. මෙන්න මට හිතුනු විදිය..
ෆෝන් එක අතේ තියන්
විට්ටමට වාරු වී
උදේ ඉඳන්
රෑ වෙනකම්
ඇය සමග
චැට් කරන්නට වීමි...
නොනවත්වා ම
ඇගේ පණිවුඩ
ලැබෙන්නට වූ කළ
තිරය දෙස බලා හුන් මම
ඇසීමට දිගු කාලයක්
පුල පුලා සිටි
කිසිවක්
ඇසීමට සිතීමි..
කෙටූ පණිවුඩය
යවන්නට සැරසෙත් ම
දුරකථනය
දෙදරන්නට විය..
කොහේදෝ සිට
පියඹා ආ
කුරුමිණියෙක්
මා වටා කැරකී
තිරයෙහි වැසුවේ ය..
ඇගේ පණිවුඩය
කියවූ මම
වෙවුලන්නට වීමි..
තිරය දෙස
යලිත් වරක් බැලූ මම
කොට්ටය මත
හිස තබා
දෑස් පියා ගතිමි..
ෆෝන් එක අතේ තියන්
විට්ටමට වාරු වී
උදේ ඉඳන්
රෑ වෙනකම්
ඇය සමග
චැට් කරන්නට වීමි...
නොනවත්වා ම
ඇගේ පණිවුඩ
ලැබෙන්නට වූ කළ
තිරය දෙස බලා හුන් මම
ඇසීමට දිගු කාලයක්
පුල පුලා සිටි
කිසිවක්
ඇසීමට සිතීමි..
කෙටූ පණිවුඩය
යවන්නට සැරසෙත් ම
දුරකථනය
දෙදරන්නට විය..
කොහේදෝ සිට
පියඹා ආ
කුරුමිණියෙක්
මා වටා කැරකී
තිරයෙහි වැසුවේ ය..
ඇගේ පණිවුඩය
කියවූ මම
වෙවුලන්නට වීමි..
තිරය දෙස
යලිත් වරක් බැලූ මම
කොට්ටය මත
හිස තබා
දෑස් පියා ගතිමි..
මම
~Nj~
Labels:
ආදරය,
නිසඳැස්,
මට හිතුනු දේවල්
ආදරෙයි නුඹට, දිවි ඇති තුරාවට
Friday, December 23, 2011
උපේක්ඛා කියලා තිබුණා නුඹට බැඳි සෙනෙහස එකේ ඉතිරි ටිකත් දාන්න කියලා.. ඒ හින්දා කලින් නොදා ඉන්න හිටියත් ආයෙත් ඒ ටික දාන්න තීරණය කළා.. මේ ටික ගැන නම් මම මුකුත් කියන්න යන්නේ නෑ.. කියවන අය ම තීරණය කරන්න..
පුංචි කාලේ අපි
අත් පොඩි අල්ලා
මතක ද දිව්වා
සෙනෙහසින්..
ඒ යුග අවසන්
වී යළි එලෙස ම
කෙළිනු නොහැකි අද
ආදරෙන්..
ආදර ගඟුලක
ගිලී මියෙන්නට
නුඹේ රුව දකිනු රිසින්
නුඹේ හඬ අසනු රිසින්
බලා හිඳිමි මම
හද පිළි ගන්වන්න තොසින්..
මම,
~Nj~
මචං, උඹට ගොඩක් ස්තුතියි.!
Tuesday, December 20, 2011
හැමදාම එක එක විදියේ පොස්ට් දාපු එකේ මට හිතුනා අද ටිකක් වෙනස් විදියේ පොස්ට් එකක් දාන්න.. මේක කතාවක් නම් නෙවෙයි.. කැමති කෙනෙක් ට කැමති නමක් කියන්න පුළුවන්..
මම කතාව මෙහෙම පටන් ගන්නම් කෝ..මම කියවන්න ඉගෙන ගත්තේ ගොඩක් පොඩි කාලේ.. මට මතකයි මම පෙර පාසල් යද්දී මට ඉංග්‍රීසි හෝඩිය ම ලියන්න පුළුවන්. ඒ වගේ ම සිංහල සැලකිය යුතු තරම් කියවන්නත් පුළුවන්.(ඒ කිව්වේ ඉතින් අකුරු ටිකක් දහිරිය දාලා ගැට ගහලා කියව ගන්න පුළුවන් කියන එක හොඳේ!)
මම පාසල් යන්න පටන් ගත්තේ 1997 අවුරුද්දේ. ඒ උනත් මම විජය පත්තරේ කියවන්න ගත්තේ 1996 අවුරුද්දේ ඉඳන්. (කියෙව්වා කියන්නේ ඉතින් අකුරු ගැට ගහ ගහ කියවනවා.. කාගේ හරි උදවු ඇතිව පැයකට වචන දහයක විතර සීග්‍රතාවෙන්..) තවමත් ඒ කාලේ ගත්ත සමහර පත්තර අපේ ගෙදර තියෙනවා.. ඒත් ඒ කාලේ ගැන ලොකු මතකයක් නම් නෑ.. ඒත් 1998 වගේ ඉඳන් කියවපු ඒවා සමහරක් මට තාම මතකයි.ඒ කාලේ විජය පත්තරේ ගිය මලිත්තා කියන කතාව දවසක් විතර තියාගෙන කියවනවා මට යන්තමින් මතකයි.
1997 අවුරුද්දේ මම මුලින් ම ඇතුලත් උණේ ගිංතොට මහා විද්‍යාලයට. ඊට පස්සේ 1998 අවුරුද්දේ 2 වසරට හපුගල මහා විද්‍යාලයට ඇතුලත් උණා.
මම මේ පොස්ට් එක ලියන්න ගත්තේ ඒ දේවල් කියන්න නෙවෙයි. ඒත් ඒ දේවල් නොකිව්වොත් මම කියන්න යන දේට අදාල පසුබිම නිර්මාණය නොවෙන්න පුළුවන්. ඒකයි.
මම 2 වසරට අලුත් පාසලකට ගියාම අලුත් මිත්‍රයෝ කණ්ඩායමක් මුණ ගැහුණා. ඒ සමහර මිතුරුකම් තාමත් එහෙමමයි.. හපුගල දී මට මුණ ගැහුණු එක්තරා මිත්‍රයෙක් හිටියා.. ඒ කාලයේ මට වගේ ම ඔහුටත් හොඳට කියවන්න පුළුවන්. ඒ උනත් මම වැඩිපුර කියෙව්වේ කතන්දර පොත්. ඒත් ඔහු එක එක විදියේ පොත් කියෙව්වා.. ඔහු ඇසුරු කරද්දී මාත් ඒ විදියේ පොත් කියවන්න පටන් ගත්තා..
අපේ අත්තම්මා ගුරුවරියක්. ඒ නිසා අපේ ගෙදර විවිධ ශ්‍රේණි වලට අදාල පෙළ පොත් සමහරක් තිබුනා. ඒ වගේ ම මගේ මිත්‍රයාගේ ගෙදරත් ඒ විදියේ පොත් තිබුනා. අපි දෙන්නා ඒවා කියවලා ඉගෙන ගත්ත දේවල් ඉස්කෝලේ ආවම බෙදා හදා ගන්නවා.. මට මතකයි අපි 4 වසරේ ඉන්දෙද්දී 7,9 වසරේ සිංහල පොත් කියවනවා.. ඒ කාලේ හරියට ඒ දේවල් නොතේරුණත් අපි සැලකිය යුතු දේවල් ප්‍රමාණයක් ඒවායින් ලබා ගත්තා. උපමා, ප්‍රස්තාව පිරුළු, ආප්තෝපදේශ ගොඩක්. ඔහු වරක් මට කිව්වා "වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නා සේ" කියන පිරුළ. එකේ තේරුම අපිට හරියට තේරුම් ගන්න බැරි වුණා. ඒත් අපි කොහොම හරි තේරුම හොයා ගත්තා.. පසු කාලයක දී මම එක්තරා සාමාන්‍ය දැනීම තරඟයකට සහභාගී උණා. ඒ තරඟයේ එක වටයක (මතක විදියට පළමු වටයේ. නැත්නම් අවසන් වටයේ)ලිඛිත කොටසේ එක ප්‍රශ්නයක් උනේ ඒ ප්‍රස්තාව පිරුළේ හිස් තැනක් සම්පුර්ණ කිරීම. මම ඒ තරඟයෙන් ජයග්‍රහණය කළා. මට ඒ ප්‍රශ්නයට පිළිතුරු ලියද්දි එක් වර ම මට මතක උනේ මගේ මිත්‍රයව.
ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා මම සිරිධම්ම විද්‍යාලයට ඇතුලත් වුණා. මගේ මිත්‍රයත් සමත් වුනත් ඔහුට වෙන හොඳ විද්‍යාලයකට යන්න තරම් ඒ ලකුණු ප්‍රමාණවත් වුනේ නෑ. කොහොම හරි ඒ කාලයේ භාෂාව කෙරෙහි ඇති වුනු ආශාව නිසා ලබා ගත හැකියාව වෙනස් නොවී දිගට ම තිබුණු නිසා ද කොහෙද මට සිංහල විෂයය සඳහා නිතර ම ඉහල ලකුණු ලැබුණා.
සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ හදාරද්දී මට ඒ මිත්‍රයා නැවතත් හමු වුණා. සමහර නොතේරුණු කොටස් අපි එකතු වෙලා සාකච්ඡා කළා. ඒ වෙද්දී මම කියවීමෙන් ටිකක් විතර ඈත් වෙලා හිටියේ. වෙනදා තරම් කියවන්න වෙලාවක් තිබුනේ නෑ විභාගය නිසා. ඒත් ඔහු ඒ තරම් ම ඒකෙන් ඈත් වෙලා තිබුනේ නෑ. මම මිත්‍රයා එක්ක ගත කරන පැය කිහිපයක කාලය තුළ ගොඩක් දේවල් දැන ගත්තා. ඒ කාලේ බ්ලොග් ගැන මම දැනගෙන හිටියේ නෑ. මම මට හිතෙන දේවල් පොතක ලියලා තිබ්බා.
පහු වෙද්දී මම බ්ලොග් එකක් ලියන්න ගත්තා. මගේ බ්ලොග් එකේ හැම පෝස්ට් එකකට ම වගේ ඔහුගේ comment එකක් අනිවාර්යයෙන් ම වැටුණා. ඒ වගේ ම ඒ comment වලින් සහ කතා බහ කරද්දී මම ලිවිය යුතු ආකාරය සහ මගේ අඩුපාඩු පිළිබඳව ගොඩක් දේවල් තේරුම් ගත්තා.. ඔහුත් ටික දවසකින් බ්ලොග් එකක් ලියන්න ගත්තා. මගේ වගේ නිතර ම ඔහුගේ බ්ලොග් එකේ පොස්ට් වැටෙන්නේ නම් නෑ.. ඒත් කාලෙකින් හරි වැටෙන පොස්ට් එකක් ගොඩක් වැදගත් එකක්. අර්ථාන්විත සහ භාෂාව මනා ලෙස හසුරවපු එකක්.
අධ්‍යාපන මට්ටමෙන් අපි දෙන්නා තැන දෙකක ඉන්න පුළුවන්.. ඒත් ගොඩක් දේවල් වල දී ඔහු මට ගුරුවරයෙක් උණා.. මම කරන නිර්මාණයක යම්කිසි සාර්ථක බවක් තියෙනවා නම් ඒ වෙනුවෙන් ඔහුගෙන් වුණු දායකත්වය ඉතාම ඉහළයි.
මම මෙච්චර වෙලා විස්තර කිව්වට මිත්‍රයාගේ නම කිව්වේ නෑ.. ඒත් මාව සහ ඔහුව දන්නා අය නම් මේ වෙනකොට නම අනුමාන කරලා ඇති.. ඔහුගේ නම නුවන්. නුවන් තාරක.මේ පෝස්ට් එක ලිව්වේ ad එකක් දාන්න නෙවෙයි.. මගේ මිත්‍රයාගෙන් ලැබුණු දේවල් අමතක කරන්න බැරි නිසා..
මචං නුවන්.. උඹට ගොඩක් ස්තුතියි.!

ආ ගිය තොරතුරු,
මට හිතුනු දේවල්
Location:
Gintota, Sri Lanka
අයදින සිඟමන්
Monday, December 19, 2011
කැළණි පාලම
යටින් ඇදිලා
බසයට රිංගා
සිඟමන් යැද්දා
ලැබුන ද මන්දා..
ලැබුන ද මන්දා..
හඬන හින්දා
උරයෙහි රන්දා
නළවන බිළිඳා
කාගේද මන්දා...
මම
~Nj~
Labels:
Emotional,
ආ ගිය තොරතුරු,
නිසඳැස්,
මට හිතුනු දේවල්,
සමාජයීය
නුඹට බැඳී සෙනෙහස
Friday, December 16, 2011
මේ ලඟදි දවසක් මගේ මිතුරෙක්ගෙන් පොඩි ආරාධනාවක් ලැබුණා ගීතයක් ලියලා දෙන්න කියලා.. පොඩි සිද්ධියකුත් කිව්වා වස්තු බීජය නැත්නම් නිමිත්ත කර ගන්න කියලා. තව එකක්.. ලියන්න ඕන උනේ duet එකක්.. තේරෙන සිංහලෙන් කියනවා නම් යුග ගීතයක්. ඔන්න ඉතින් මාත් දෙයියනේ කියලා ලියන්න ගත්තා.. ඒත් මට ඒ තේමාවට අදාලව ලියවුනේ සරල ගීයක්.. නමුත් අන්තිම කොටස ටිකක් සංකීර්ණ කරන්න උත්සාහ දරපු නිසා ද කොහෙද වැඩේ අවුල් උනා.. මම ඒ කොලේ විසි කරලා දාලා අලුතෙන් ලියන්න ගත්තත් පස්සේ හිතුනා ඒ අන්තිම කොටස වෙනම නිර්මාණයක් විදියට පොස්ට් කරා නම් හොඳයි කියලා.. මේක ටිකක් බලලා හොඳ නරක කියන්න..
නුඹයි සදහට
මගේ මිතුරිය
පහදනු හැකි වේද
අප සිත බැඳී ලෙද
උපමා රූපක
විස්තීරණ කළ
විසිතුරු වූ නෙක
කවි කමින්....
නොකියමි සෙනෙහස
මා බැඳී නුඹ වෙත
අමිල නිකැළැල්
ප්රේ මය යැයි කියා
අරුතක් සොයනෙමි
ජීවන මං පෙත
මතු ජය ලබනු නියා...
ප.ලි.: මේක ටිකක් අප්සට් වගේ තමයි.. නිකම් හිතුණට දැම්මේ.. හිනා වෙන්න නම් එපා හොඳේ...
මම
~Nj~
අසිරිය
Tuesday, December 13, 2011
ඉරා අඳුරු කඩ
නැගෙන විට හිරු
ගිලිහෙන්නට පළමු
වියලෙන්නට වන
පත් අග රැඳී
පිනි බිඳක්
විඳ ගන්නේ
යම් සේ ද
එ හිරු කිරණින් ම
විකසිත වන
කැකුළක අසිරිය
කැකුළක අසිරිය
එපරිද්දෙන් ම...
Labels:
Emotional,
නිසඳැස්,
මට හිතුනු දේවල්,
සාහිත්‍යමය
අපේ එවුන්
Sunday, December 11, 2011
එකෝමත් එක කාලෙක
හිස් අහස දිහා බලාගෙන
අවුරුද්දක් පුරාවට හුල්ලපු
අපේ කාලයේ මීටර ටිකක්..
නා නා විධ ආයිත්තම් පැළඳ
තවත් අයෙක්
අතුල්ලා නූල් ගිය
දිය වී ගිය
රෙදි පෙරෙදි හැඳ
තැන් තැන් වල
වල බැස්සහ..
විසිරී ගිය උන් රැල
එක තැනකට එක් වී
ගත විය මාසයක්
ඉන් පසු තවත් එකක්..
දැන් උන්ගේ
කතාව කඩ්ඩෙනි..
මුවග
ඩිජිටල් සිනහවකි..
කවුරු කෙසේ කීවත්
දෙසියය ම එකා මෙනි..
කට්ට කා අවසන් වූ විට
මදය හමු වන බව
උහු දනිති...
මදය හමු වන තුරු
උහු කට්ට කති..
Labels:
ආ ගිය තොරතුරු,
නිසඳැස්,
මට හිතුනු දේවල්,
සමාජයීය,
සරසවියේ අත්දැකීම්
Location:
Gintota, Sri Lanka
විසිරාගේ වැඩ - නගුලේ ඇව්ළුම් බොහොම හොදයි
Wednesday, December 7, 2011
සමා වෙලා වදාරන්න ඕන ටිකක් පමා උනාට.. මේ දවස් වල තියෙන වැඩ කන්දරාව හින්දා බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න නෙවෙයි.. නිකමට ඇවිත් යන්න වත් බැරි උණා.. ඔන්න අද ඕන එකක් උනාවේ කියලා ආවා..
අද දාන්නේ කලින් ලියලා තිබ්බ එකක්..මේ කතාව කියන ශෛලිය කලින් ට වඩා වෙනස්.. හොඳ ද නැද්ද කියලා නම් මම දන්නේ නෑ.. පෞද්ගලිකව මගේ අදහස නම් මේ ලියන විදිය ටිකක් අවුල් කියලා.. ඒත් අනිත් අයගේ අදහස් විමසන්නත් එක්ක දාන්න හිතුව..
කියවලා හිතෙන දේවල් කියලා යන්නකෝ...
තමන්ගෙ "හාට් බීට්" එක ගැනවත් හිතන්න වෙලාවක් නැති කාලෙක අනුන්ගේ "හාට්" එකක් ගැන ෆුල් සෝදිසියක් දාන්න හිතිලද කොහෙද අයිස් දියවෙන්න තරම් ඉර පායපු දවාලක විසිරා ගෙදරින් අතුරුදහන් උනා.
"ල(ර්)නර්ස්ලා" වටරවුම් ගහනවා වගේ දවසෙම ඇවිදලා ගෙදර එන්න "රිවස්" කරද්දි මගදිම කළුවර වැටුනා.අලි මදිවට කොටි කිව්ව වගේ මහා වරුසාවක් වැටෙන්න පටන් ගත්තා.
හැම අදුරු වළාවක් අතරෙම රිදී රේඛාවක් තියෙනවා කිව්වා වගේ විසිරට ළගපාත තියෙන ගොවි ගෙදරක් "ෆෝකස්" උනා.ලැබුන අවස්ථාවෙන් උපරිම ඵල නෙළාගන්න ඕන කියල හිතපු විසිරා කාන්දමක් වගේ ගොවි ගෙදර පැත්තට ඇදුනා.
කොහොම කොහොමහරි විසිරගෙ හැගීම්බර "ස්ටෝරි" එක අහන් හිටපු ගොවියා අන්තිමට විසිරට අවසර දුන්නා එදා රෑ එහේ ඉන්න.ඒත් අතපය හොදට දිගෑරගෙන ගොවි ගෙදර ඇදක් උඩට වෙලා ගොරව ගොරව නිදාගන්න පෙරුම් පුරපු විසිරට අන්තිමට උරුම වුනේ මඩු ගෙයි ලගින්න.ඒත් ලද දෙයින් සෑහීමකට පත්නොවුනොත් මහ පාරෙ නිසා විසිරා මඩු ගෙයි රෑ ගත කරන්න තීරණය කරා.
හිරිගඩු පිපෙන්න තරම් හීතල දැනෙද්දී විසිරගේ අල ගෙඩියක් තරම් මොළ ගෙඩිය "කූල්' වෙන්න පටන් ගත්තා. ගිනිමැලයක් ගහන්න ඇත්නම් කියල විසිරට හිතුනා. හතර වටේටම ඇන්ටනාව කරකවලා මාර ගේමක් දීල පොල්ලෙලි ටිකක් එකතු කරල ගිනිමැලයක් ගැහුවා.ගින්නක් නැතුව දුමක් නොනගී කිව්වට විසිරගේ ගිනිමැලේ දුම විතරයි.ආයිමත් වටයක් කැරකිලා බලද්දී විසිරට ගලවපු නගුලක කෑලි ටිකක් "මීටර්" වුණා.
"නතින් එනිතින් මොනතින්" උනත් කමක්නෑ කියල හිතල විසිරා වරකට එක බැගින් කෑලි ටික අරපිරිමැස්මෙන් ගිනිමැලයට දම දම ගිනි ඇවිළුවා.
අනුන්ගේ හොද දේ හිතේ කහටක් නැතුව අගේ කරන්න විසිරට තියෙන පුරුද්ද නිසාම විසිරා ගොවියාට කතා කරල මෙහෙම කිව්වා."අපේ නිළමේ,නිළමේගේ නගුල නම් එළකිරි "
විසිරගේ කතාවෙන් "අප්" වුන ගොවියා විසිරට මෙන්න මෙහෙම කිව්වලු "ඔව් විසිරෝ,මේ නිළමේගෙ බඩු ගැන ආයෙත් අහල .ඕකෙ ඇවුලුම් (පොලවට කාවදින ගතිය ) කිරි ගහට ඇන්න වගේ.බොරුනම් බලාපන් "
අනේ මෙහෙමත් මැට්ටෙක් කියල හිතපු විසිරා "ඔව්,ඔව් ගල් පැලෙන ඇත්ත.ඒකෙ ඇවිලීම නම් පංකාදුයි .මේ ගිනි ගොඩෙන් ඒ බව හොදට පේනව"
රවියගෙ "ඇණේට "උදේම ජීවන චක්රෙ "රීස්ටාර්ට්" කරපු ගොවියා,නගුල "සෙට්" කරන් වැඩට බහින්න හැදුවලු.ගොවියට විසිරා "ඇවිලුම හොදයි" කියලා කියපු දේ "මීටර්" වුනේ මඩුවේ එතකනුත් ඇවිලෙමින් තිබුන ගිනිගොඩ දැක්කම.
ගොවියගෙ ඇගේ හිටපු මාළු ඔක්කොම"ඩිස්කො" නටන්න පටන්ගත්තා.නටන මාළුත් එක්කම ගොවියා විසිරව හම්බවෙලා විසිරගෙ ඇගට පැනපි. "යකෝ තෝ මගේ නගුල පිච්චුවේ අම්මගේ අප්පගේ බුදලේ කියල හිතලද ?"
විසිරත් "සෙකන්ඩ්"වෙන්න ගියේ නෑ "ඇයි යකෝ උඹේ ඔළුවට ඊයේ රෑ පිනිපිනිබෑවයි.එහෙනම් අහවල් මගුලකටද ඇවිලුම හොද ද බලන්න කිව්වේ "
"ඇයි ගොනෝ! මම කිව්වේ නගුල පුච්චන්නද?නගුලේ ලී වැලේ ඇවුලුම් හොදද කියල බලන්නනෙ බූරුවෝ මම තොට කිව්වේ ? "
"හාන්න කුඹුරක් නැති තැනකදී,ගිනිගොඩක් ලගදි නගුලේ ඇවිලීම හොඳ ද බලන්නට කිව්ව් උඹද නැත්තම් මම ද ගොනා?" කියල විසිරා ආඳා වගේ ලිස්සල ගියා.

කතන්දර,
ජන කතා,
සමාජයීය
Subscribe to:
Posts (Atom)