Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

නිදහස් අධ්‍යාපනය සහ මර්දනය අත්වින්දෙමි!

Wednesday, January 11, 2012

ඇක ටිකක් ස්ථාවර තත්වෙකට එනකම් පොස්ට් එකක් දාන්නේ නැතිව ඉන්න තීරණය කරලා හිටියේ. ඒත් අද සිද්ධ වුණු දේවල් නිසා ඒ තීරණය පැත්තකට දාලා පොස්ට් එකක් දාන්න තීරණය කළා. මම මේ කියන්න යන සිද්ධිය මම අද පෞද්ගලිකව අත්වින්ද දෙයක්.

නිදහස් අධ්‍යාපනය කියන වචනය මේ දවස් වල වැඩියෙන් කතා බහට ලක් වෙන මාතෘකාවක් බවට පත් වෙලා. ඒකට හේතුව හත් වෙනිදාට ගෙන එන්නට නියමිත අධ්‍යාපන ප්‍රමිතිකරණ පනත කියලා කාට වත් අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ කියලයි මගේ හැගීම. ඒ මාතෘකාව වෙනම ම කතා කරන්න ඕන එකක්. ඒ හින්දා මේ පෝස්ට් එකේ ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.. ඒ උනත් මගේ පෞද්ගලික මතය නම් එහෙම එකක් ඕන නෑ කියලා. ඒක ඉතින් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් සරසවි වරම් ලබපු වගේ ම පොළොවේ පය ගහලා ජීවත් වෙන හැම කෙනෙක්ගේ ම පොදු මතය නේ.

තත්වය එහෙම උනත් මේ ප්‍රශ්නෙදි දේශපාලන පක්ෂ කිසිවක් හරි හමන් විදිහකට විසඳුම් ඉදිරිපත් නොකරන නිසා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විදියට අපි තීරණය කළා මේ පිළිබඳව සමාජය දැනුවත් කරන්න. ඒ ගහ බැන ගෙන නෙවෙයි. සාමකාමී පා ගමනක් ගිහින්.

ඒ සඳහා අපේ සහෝදර පීඨ වලිනුත් සහයෝගය ලැබුණා. සැලසුම් කරලා තිබුනේ අපේ පිරිස සහ වෛද්‍ය පීඨයේ පිරිස කලේගාන හන්දියේ දී එකතු වෙලා ගාල්ලට ගිහින් ගාල්ලෙන් මාතර දක්වා ගිහින් එතන දී අපේ සෙසු පීඨ වල පිරිස සමග එකතු වෙලා සාමකාමී උද්ඝෝෂණයක් කරන්න.එහෙම හිතා ගෙන අපේ පිරිස අද දවල් හපුගල, ඉංජිනේරු පීඨ පරිශ්‍රයෙන් පිටත් වුණා.



පිරිස කලේගාන හන්දියට එද්දී ඉදිරියෙන් සිටි පොලිස් නිලධාරීන් සමුහයකට මුණ ගැහුණා. සාමකාමීව ආපු අපේ පා ගමනට ඒ නිලධාරින් බාධා කළේ කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාරයකින්. අපේ සමහර සහෝදරයන් එයින් තුවාල ලැබුවා.ඒ කොහොම වුනත් අපි පෙරලා පහර දුන්නේ නෑ.. අපේ විනය අපි පවත්වා ගත්තා. කියන්න තිබුණු දේවල් එතන දී කිව්වා.අවසානයේ පෙරලා පීඨයට පැමිණියා.



මට කියන්න ඕන උනේ ඒ සිද්ධිය නෙවෙයි. අද අපි වෙනුවෙන් අවි එසවුණේ මේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න ම කාකි ඇඳුම දා ගත්ත පිරිසකගෙන්. ඒ වගේ ම ඔවුන්ට ඒ අණ ලැබුනෙත් ඒ විධියට ම නිදහස් අධ්‍යාපනය නිසා ඒ තැනට ගිය අයෙක්ගෙන්. අපි දේශපාලනය කතා කරන්නේ නෑ. මොකද අපට කාට වත් කඩේ යන්න අවශ්‍ය නෑ.. අපි කතා කරන්නේ අපේ රටේ ඉදිරි පරපුරේ අයිතිය ගැන. ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා අපිට ලබා දීපු ඒ වරප්‍රසාදයේ පිහිටෙන් ම අද ඉහල තැන් වල වැජඹෙන අය මුල අමතක කරලා තවත් කෙනෙක් ඒ වරම ලබා ගැනීම වලක්වන කුහක අදහසට විරුද්ධව.

1983 ධවල පත්‍රිකාවට විරුද්ධ වීමේ වරදට අපේ සහෝදරයන්ව ඔළුවට පරාල ඇණ බස්සලා මරලා දැම්මත් ඒ සටන වලක්වන්න බැරි උණා.. ඒ සමාජයේ රැල්ලක් ඇති වූ නිසා. අදත් එවැනි සමාජ රැල්ලක අවශ්‍යතාව තියෙනවා. මේ වගකීම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ අතේ විතරක් තියෙන දෙයක් නෙවෙයි. රටේ සමස්ත ප්‍රජාවේ ම අතේ තියෙන දෙයක්. අපි කළේ ඒ පිළිබඳව පොඩි සිහි ගැන්වීමක් විතරයි. අද ඒ වෙනුවෙන් කිසිවෙක් නැගී නොහිටියොත් හෙට ඒ හේතුව නිසා අසාධාරණයට ලක් වන්නේ ඔබේ ආදරණීය නංගී, මල්ලි හෝ දරුවෙක් එහෙමත් නැතිනම් සමහර විට මේ සටහන කියවන ඔබ ම වෙන්නට පුළුවන්.

අද කලබලය අස්සේ මට බොහොම වැදගත් දේවල් ටිකක් අහන්න ලැබුණා. කියපු කෙනෙක් නම් මතකයක් නෑ. ඒත් ඒ අදහස් ටික එකතු කරලා ගත්තම මේ විදියේ දෙයක් කියා වුනේ.

"ඔයාලට පුළුවන් අපිට පහර දෙන්න. ඔයාලා ඒ වෙනුවෙන් පුහුණු වුණු පිරිසක්. බලන්න මුන් දිහා..මේ ඉන්නේ කැම්පස් එකේ පොඩි කොල්ලෝ කෙල්ලෝ ටිකක්.. උන්ගේ අතේ ආයුධ නෑ.. අපි සටනට නෙවෙයි ආවේ. අපි සාමකාමීව අපේ අදහස් ප්‍රකාශ කරන්න ආවේ. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතා කරන්න අපි ආවේ. ඒත් අපිට එරෙහිව අද කඳුළු ගෑස් ගැහුවා. බැටන් වලින් ගැහුවා. ආදරණීය පොලිසියේ නිලධාරී මහත්වරුන්ට අපි කියනවා. ඔයාලා අද මේ ගැහුවේ අපිට නෙවෙයි. ඔයාලගේ ම ආදරණීය දුලා පුතාලට. එයාලා වෙනුවෙන් මේ රටේ ඉගෙනීමේ අයිතිය ආරක්ෂා කරන්න ආපු අපිට.ඒත් ඔයාලා කළේ ඔයාලගේ රාජකාරිය.අපේ තරහක් නෑ."

අපිට එවෙලාවේ පෙරලා පහර දෙන්න තිබුණා. ඒ සඳහා පිරිස් බලය තිබුණා. ඒත් අපේ හැදියාව,හෘද සාක්ෂිය අපිට එහෙම කරන්න දුන්නේ නෑ. රටේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින අපිට ඒ විදියේ තුන්වෙනි පන්තියේ වැඩක් කරන්න හිත හදා ගන්න බැරි වුණා..

තවත් වැදගත් දෙයක් කියන්න අමතක වුණා. මේ ප්‍රශ්නය වෙලාවේ අපේ අයියලා අපිට දීපු සහයෝගය හරිම ප්‍රශංසනීයයි.අපි පිටත් වෙන්න කලින් ඉඳන් අපිට කිව්වා, "මල්ලි, මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනොත් අවුල්. ඒ හින්දා උඹලා හිටපල්ලා" කියලා. ඒත් අපි කවුරුවත් ඒකට කැමති වුනේ නෑ. අපේ බල කිරීම හින්ද ම යි ඔවුන් අපිව එක්කගෙන ගියේ. ඒ ගිහින් අපේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සෑහෙන්න කැප වුණා. අපේ ආදරණීය අයියලා අක්කලාට මේ වෙලාවේ ඒ වෙනුවෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා.

තවත් දෙයක්. මේ විදියේ පෝස්ට් එකක් ආයෙත් මට වත් වෙන කාට වත් ලියන්න ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා..

ප.ලි.:
මෙච්චර කියලත් සමහර උදවියට තේරුම් ගන්න බැරි දේ ගැන මම පෝස්ට් එකක් දාන්න හිතන් හිටියේ. ඒත් මට කියන්න ඕන කරන දේවල් ටික අපේ සහෝදර මොරටුව විශ්ව විද්‍යාලයේ බ්ලොග් එකේ දාලා තිබුණා.. ඒකත් කියවලා පනතට කඩේ යන අය කතා කරනවා නම් හොඳයි!
මෙන්න ලින්ක් එක: http://efsuuom.blogspot.com/2012/01/blog-post_11.html

37 comments

  1. අඩෝ මාත් හිටිය ඒ වෙලාවේ කැම්පස්1 ළඟ !
    ඒක නම් මහා ජරාම වැඩේ!
    උඹලට යන්න බස් නවත්තන්න දුන්නෙත් නෑ නේද??

    ReplyDelete
  2. හ්ම්ම් ලංකාවට කෙල වෙලා තියෙන්නේ දැන්

    ReplyDelete
  3. නඩුත්, බඩුත් හමුදුරුවන්ගෙ නෙ!

    ReplyDelete
  4. //පොළොවේ පය ගහලා ජීවත් වෙන හැම කෙනෙක්ගේ ම පොදු මතය නේ//

    කොහොමද දන්නේ ? සමීක්ෂනයක් කලාද ? උසස් පෙල සමත් . වෙලා විශ්ව විද්‍යාලෙ නොයන අයද වැඩි ගියපු ගානද ?

    මිනිස්සු තමුන්නාන්සෙල ගැන කියන්නේ මොනවද කියල දැනගන්න නම් , පාරවල් බ්ලොක් කරගෙන උද්ඝෝෂනය කරන වේලාවක පාර මැද පැය ගනන් හිර වෙච්ච බස් එකකට නැඟල බලන්න .

    ReplyDelete
  5. ඇත්ත 100% ක් එකග වෙනවා......ඒත් ඔයාලා අද හෙට ගේන පනතක් ගැන දැන් කෑගහනවා.....ඇයි ඔයාලා දන්නෙ නැද්ද SLITT ,NIBM,APPIT වගේ පුද්ගලික විශ්ව විද්‍යාල නොවන නමුත් පුද්ගලික උපාධි කඩ තියෙනවා..!!! කියන එක...
    ඉංජිනේරැ උපාධ අද හුගක් තැන්වල විකුණන්න තියෙනවා!!!!
    ඔවි සමහරක් විට ඔයාලා රැහුණෙනේ!! මෙවා හුගක් සිද්ධ වෙන්නෙ කොළඹ !!!!!!!!
    ඔයාලා අද කෑ ගහන්නේ මීට අවුරැදු ගණනාවකට කලින් ඉංජිනේරැ සහෝදරයන්ගෙන් ඇහුණෙ නැති හඩක්!!!! ඇත්තටම ඔයාලා අද කඩේ යනවා!!
    ඒ දේශපාලන පක්ෂවලට නොවෙන්න පුලුවන්!! ඒත් මෙ පාර ඔයාලා යන්නෙ වෛද්‍ය ශිෂ්‍යන්ට කඩෙ යන එකයි!!! අද වෛද්‍ය ශිෂ්‍යයන් වෙනුවෙන් අසීමාන්තිකව පෙනී ඉන්න ඔයාලා අයියේ ඔයාලගෙම විෂයධෘරා හදාරන ඉදිරිය ගැන හිතුවනමි අද ඔයාලත් එක්ක පාසල් ශිෂ්‍යෙයාත් පාරට බහී!!!!

    92 කාලකණ්ණි අවුරැද්දේ උපන් සිසුවෙක්

    ReplyDelete
  6. @බුවා
    මට ඔබ තුමා ගැන කනගාටුවක් ඇති වෙනවා.. මොකද මෙතන දී වැටිලා තියෙන කමෙන්ට් වලින් ම තත්වේ පැහැදිලි වෙනවා. කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න කලින් අපේ රටේ අධ්‍යාපනය තිබුණු තැන ගැන ටිකක් කියවලා බලන්න. සමීක්ෂණ අවශ්‍ය නෑ.. 90%කට එහා ඉන්න රටේ වැඩ කරන ජනතාව ඉන්නේ ඒ පැත්තේ.. රටේ සල්ලි වලින් පිනට කාලා ඉන්න එවුන් ටිකයි ඔබ තුමා වගේ තව දෙතුන් දෙනෙකුයි තමයි ඉතින් අනිත් පැත්තට යන්න.මෙතන තියෙන්නේ කැම්පස් යන නොයන ප්‍රශ්නේ නෙවෙයි. පාරේ යන ගමනක් ටිකක් පරක්කු වෙන එක ගැන කතා කරනවා. අපි උද්ගෝෂණ කරන්නේ අපේ යහපතට නෙවෙයි. ඔයාලා කොච්චර කෑ ගැහුවත් අපි දැන් කැම්පස් ගිහින්. මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ අද ඉස්කෝලෙට ඇතුලත් වෙන ළමයාගේ ඉඳලා උසස් පෙළ දක්වා ඉගෙන ගන්න සහ විශ්ව විද්‍යාල හෝ නොමිලේ ඉගැන්වෙන වෙනත් ආයතනයක ඉගෙන ගන්නා ශිෂ්‍යයින්ට. විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන්න අවස්තාව නොලැබුණා කියලා ඇතුලත් වුණු අයට වෛර කරලා හරි යන්නේ නෑ නේ.. මට ඇත්තට ම ඔබ තුමා ගැන දුකයි!

    ReplyDelete
  7. ඕවාගෙන් සැලෙන්න එපා සහෝ... තවමත් කඩේ යන ටික දෙනෙක් ඉන්නවා කියලා පේනවා. අර කව්ද කිව්වා වගේ වැඩිපුර භයානක දේ තමයි හොද මිනිස්සු නිශ්ශබ්දව ඉන්න එක. නරක මිනිස්සු දගලන එක නෙමෙයි. මොනවා වුනත් අන්තිමේදි හොද දේ ජයගන්නවා. කමෙන්ට් වලින් එක එකාට කඩේ යන වුන්ට එදාට දුවන්නයි වෙන්නේ. මචං, අපි හැමදාමත් උඹලා එක්ක ඉන්නවා...!!!

    ReplyDelete
  8. @92
    මල්ලි. ඔයා කතාව වැරදියට තේරුම් අරන්. මෙතන අපි කිව්වේ නෑ අපි පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි වෙලා ඉන්නේ කියලා.. අපි කියන්නේ ඒවා දානවා නම් දා ගන්න. ඒත් අපේ උපාධියේ වටිනාකම අඩු කරන්න එපා කියලා. ඒ වගේ ම අපේ උපාධිය විකුනන්න එපා කියලා. අනික SLIIT එක NIBM එක APPIT එක එක්ක අපේ මහා ලොකු ප්‍රශ්නයක් නෑ. මොකද ඒවායෙන් දෙන උපාධිය සහ අපේ උපාධිය අතරේ තරඟයක් නෑ. අපේ රටේ තාමත් අපේ උපාධියට පිළි ගැනීම වැඩියි. ඒ වගේ ම අපිට බෑ තවත් කෙනෙක් ඉගෙන ගන්න එක නවත්තන්න. ඒ පුද්ගලයාට සල්ලි තියෙනවා නම් එයා ඒවා වියදම් කරලා ඉගෙන ගත්තාවේ. අපි කියන්නේ සල්ලි බලය නිසා අපේ රටේ දක්ෂ, ඒ වගේම කැප කිරීම් ගොඩක් කරලා අපු අහිංසක දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට අසාධාරණයක් කරන්න එපා. මේ පනත හින්දා අපේ උපාධියේ අගය සමහර පෞද්ගලික විශ්ව විද්‍යාල වල උපාධියට වඩා අඩු වෙනවා. අපි එකඟ නැත්තේ මේකටයි. අපි පැහැදිලිව කියනවා මල්ලි. අපි කාට වත් කඩේ යන්නේ නෑ. අපි No PMC කිව්වේ නෑ. අපි කියන්නේ මේ පනත එපා කියලා. මේ සටනට එකතු වෙන්නේ ඉංජිනේරු ශිෂ්‍යයෝ විතරක් නෙවෙයි. අද මාතර අපේ සහෝදර පීඨය පුරාම පොලිස් භටයන් සහ විශේෂ කාර්ය බලකායෙන් යොදලා ඔවුන් මේ රැලියට එන එක නැවැත්තුවා.. ඒ අය එන්නේ කාට වත් කඩේ යන්න නෙවෙයි මල්ලි. එයාලට වැඩක් නෑ අපේ මේඩ්ඩො වෙනුවෙන් කඩේ යන්න. අපි විරුද්ධ මේ පනතට කියලා ආයෙත් අවධාරණයෙන් කියනවා!

    ReplyDelete
    Replies
    1. අච්චර ගහද්දීත් විනය පවත්වා ගැනීම ප්‍රශංසනීයය්! ඒ වුනාට ඒ පනතින් මොකක්ද අපේ ස්ටෑන්ඩර්ඩ් බහිනවා එහෙම සඳහන් වෙලා තියෙන්නේ. පනත කෙසේ වෙතත් මම කැමති නෑ. අපේ ශිෂ්‍යයෝ පාරට බහිනවට. මේ යුනි වලින් අපේ රටට කෙරෙන්නේ ලොකු සේවයක්. ඉතින් එකේ ප්‍රතිපල තියෙන්නේ එකේ උපාධිධාරීන් හොඳ වුනොත් විතරය්. ඔය මොන පනත ගෙනාවත් දැන් යුනි වලට යන ඕනෙම කෙනෙක් අවුරුදු 4 කින් එලියට ඇවිත් ඔය පනත නැති කරන්න ක්‍රියාකාරී දේශපාලනය කරන්න පුළුවන්. එක තම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා පිළිවෙත. ශිෂ්‍යයෝන්ගේ වගකීම ආණ්ඩුව කොහොමහරි නිකන් දෙන ඩිග්‍රිය හොඳට කරලා සමාජයට වැදගත් පුරවැසියෙක් බවට පත්වුනාට පස්සේ තමය් ඔය අනාගත ශිෂ්‍ය පරපුර ගැන හිතන්න ඕනේ. ශිෂ්‍යයෝන්ගේ priority එක ඒක. දැනගන්න ඕනේ ශිෂ්‍ය ප්‍රජාව කියන්නේ ඉතා සුළු කොටසක් කියල. සමාජයේ වැඩිහිටි බහුතරය හිතන්නේ ශිෂ්‍යයෝ කියන්නේ වගකීම් අඩු, යුතුකම් අඩු , තරුණ ඔධයෙන් මත වුනු පිරි සක් හැටියට.(ඒ ගොල්ලොන්ගේ මතය කොතැනවත් කියවෙන්නේ නැනේ.) වෙනත් දිළිඳු රටවල් බොහොමයකට වඩා ලංකාවේ තත්වය හොඳ ලංකාවේ දුන්න නිදහස් අද්‍යාපනය හින්ද.ඒක කවුරුත් දන්නවා. ඒ වගේම දැන් ආණ්ඩුව චන්දෙ ගන්න ඕන කපටි වැඩක් කරන කෙසේ නමුත් unp එකට වඩා ජනතාව එක්ක ඉන්න ආණ්ඩුවක්. මේ සියල්ල දත් සත්‍යය මැඩ පවත්වල නිදහස් අද්‍යාපනය කඩාකප්පල් කරලා චන්ද බලය නැති කරගෙන පරදින්න මේ ආණ්ඩුව ක්‍රියා කරය කියල මම හිතන්නෙත් නෑ. ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරය තුල jvp එකත් බලවත් විදියට ඉන්නවා ආණ්ඩුව කරන ඕන දෙයක් විරුද්ද වෙලා ශිෂ්‍යයෝ උසි ගන්නන. මේ සියලු දේම අපි දැනගන්න ඕනේ. කෙසේ නමුත් දැන් බලන්න දැන් මේ වැඩේ හින්ද කැම්පස් ගොඩක් වැහිලා. ඒවාට යන සේරම කට්ටිය අරගල කරන අයද? සමහරු ඉන්නවා අමාරුවෙන් ඉගෙන ගන්න අපහසුත තියෙන කට්ටිය. සමහරු ඉන්නවා මම හිතන විදියට හිතන. සමහරු ඉන්නවා මේ මොකටවත් සම්බන්ද වෙන්න අකමැති. මේ සේරටමත් පාඩුය්, රටටත් පාඩුය්. මොකද දැන් මේ නිසා එලියට එන උපදිධාරින් අඩු කොලිටි.ඒ වගේම කල් යන ඒවා වලින් විනාස වෙන්නේ මහජන ධනය. ඒක නිසා අනුන් නිවන් දක්කන්න කලින් තමන් ඉස්සෙල්ල නිවන් ගිහින් හිටියොත් හොඳයි!

      Delete
  9. මල්ලි උඹලා කලේගානෙදී නැවැත්තුවා..ඒ වගේම කෘෂි පීඨය මාපලානෙදී නැවැත්තුවා..පීඨ හතරක සිසුන් දහසකට වැඩි පිරිසක් අපේ වැල්ලමඩම සංකීර්ණයේ අසලදී 500ක පොලිස් හමුදා බලඇණියක් යොදලා නතර කලා.හැමදාම මෙහෙම නවත්තන්න පුළුවන් වෙයිද?..

    ජයග්‍රහණය තියෙන්නේ යන දුර අනුව නෙවෙයි මෙයින් ලැබෙන ප්‍රතිඵලය අනුවයි.ඇත්තටම මේ රටේ මිනිස්සු අසාධාරණකම් වෙද්දි කටවහන් බලන් ඉන්න හින්දා තැලෙන යකඩෙ තව තව තලන්න පාලක පිරිසක් සහ එසේ පාලක පිරිස යකඩ තලද්දි එයින් වෑහෙන යකඩ කුඩු වලින් යැපෙන විලිසංහදිය නැති පිරිසකුත් බිහිවෙලා තියෙනවා..ඒ දෙපිරිසටම පිළිතුරු දිය යුත්තේ වචනයෙන් නෙවෙයි ක්‍රියාවෙන්..උඹ පලමු වසර ශිෂ්‍යෙයෙක් වෙලත් වෙනදා හපුගල නොදැනුනු ධෛර්යසම්පන්න පෙරලියට එක්වීම ගැන අසීමිත සතුටක් අපි වැල්ලමඩම සංකීර්ණයේ උඹලට ටිකක් දුර ඉදගෙන විදිනවා. සරසවියක හුලඟවත් නොදැනුන සමහර ඇත්තෝ විචාර ලියද්දි ඇත්තටම සරසවියකට යන්න වරම් නැතිවුනත් ලංකාවේ නිදහස් අධ්‍යාපනයට ආදරය කරන එවුන් පිරිසක් එක හඬින් කෑ ගහනවා. ඒ සද්දේ වටිනවා. ඒක මෙතන වැටිලා තියන බහුතරයක් අදහස් වලින් වුනත් දකින්න පුළුවන්.

    ඒක නිසා කොතරම් බාධක තැබුවත් ගලන ගඟ පෙරටම යයි. උඹට ශක්තිය ධෛර්ය ලැබේවා ඒ ගඟට ජීවයක් එක් කරන්න..

    ReplyDelete
  10. රටේ යුධ වාතාවරණය සමයේදී රජයේ විවිධ පාර්ශව උද්ඝෝෂණ පිකටින් සහ සාමකාමී පෙලපාලි යද්දි විපක්ෂය කෑ ගැහුවා ආණ්ඩුවට කඩේ යනවා කියලා..එතකොට ඒ පිරිස කෑගහලා ධෛර්ය සම්පන්නව කිව්වා අපි කඩේ යනවා තමයි..ඒත් ආණ්ඩුවට නෙවෙයි මේ රටවෙනුවෙන් කියලා..
    ඒ වගේම අපිත් කියනවා..අපි කඩේ යනවා..ඒත් එක එක ඊනියා කණ්ඩායම්වලට නෙවෙයි..අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන්..

    ReplyDelete
  11. @Janaranga
    ස්තුතියි අයියා!

    ReplyDelete
  12. ලෝකල් යුනි තියෙනකන් ප්‍රයිවෙට් ඒව දාන වැඩේ සාර්ථක වෙන්නෙ නෑ බං. කව්ද බං A/L පාස් එකෙකුයි O/ L ෆේල් එකෙකුයි බේත් දෙද්දි O/ L ෆේල් එකා ගාවට යන්නෙ. ඒකට මුලිම්ම කරන්න ඕන ලෝකල් යුනි වල කොන්ද කඩන එක. පුලුවන් තරං මාධ්ය වලින් චාටර් කරන එක. අම්මෙකුට ළමයව ලෝකල් යුනි එකකට එවන්න බය හිතෙන තත්වෙට මානසිකත්වය හදන එක.පවතින විභාග ක්‍රමය විනාස කරන එක. බාල්දු කරන එක. ඒ ප්ලෑන් එක මේ වෙනකොට ජයටම කෙරීගෙන යනව. ඔය ගේන පනතත් බහුතරයෙන් සම්මත වෙනව. මොකො මමයි උඹයි පාර්ලිමේන්තුවෙදි ඕකට විරුද්දව චන්දෙ දෙන්න කියලයැ. දැන් මොකුත් කරන්න පරක්කු වැඩියි. වෙන දෙයක් බලාගෙන ඉමු. දැම්ම කැටේකට සල්ලි එකතු කරපන් උඹේ ළමයට උපාදියක් අරන් දෙන්න.

    ReplyDelete
    Replies
    1. මේක නේ වෙලා තියෙන්නේ.. ෆේල් එකාට උඩ rank එකක විශ්ව විද්‍යාලයකින් උපාධියක්‌ සල්ලි වලට දීලා පාස් එකාට පහල rank එකක් තියෙන එකකින් උපාධියක්‌ දෙන එකත් සමහර බුවාලට සාධාරණයි නේ..

      Delete
  13. ඔබතුමාල ගැන නම් මටත් කණගාටුයි , මොකද ඔබතුමාල කොච්චර උඩ පැන්නත් එ.සි බී ඔය වැඩේ අකුල ගන්නේ නැනි නිසා . කන්නග්ගර මහත්තය නිදහස් අධ්‍යාපනය ගේනාවේ ඒ යුගයේ අවශ්‍යතාවය අනුව .අනික ද්විතික අධ්‍යාපනය දක්වා නිදහස් අධ්‍යාපනය දිමේ සහ උසස් අධ්‍යාපනය නිකන් දීම කියන්නේ සහමුලින්ම දෙකක් . නිදහස් උසස් අධ්‍යාපනය සාර්ථකද නැද්ද කියල තේරුම් ගන්න පුලුවන් හොඳම සාධකයක් තමයි කාලයකට ඉහත ලොකේ හොඳම විශ්ව විද්‍යාල අතර තිබුනු කොලඹ විශ්ව විද්‍යාලයේ අද රැන්ක් එක බැලුවාම . කාලෙන් කාලෙට ප්‍රතිපත්ති වෙනස් විය යුතුයි.අනික මේ ගෙන්න හදන්නේ නිදහස් අධ්‍යාපනය ඉවර කරන්න පනතක් න්වෙයි පෞද්ගලික උසස් අධ්‍යාපනය නියාමනය කරන පනතක් .ඔබතුමාම කමෙන්ට් එකක කියනව ස්ලිට් , ඇපිට් එක්ක ගේමක් නැහැලු , අනික් උන් ඉගෙන ගන්න එක වලක්වන්නත් බැලු . එහෙම නම් මොන මඟුලක්ද මේ කියන්නේ .පනතෙන් කරන්නේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වල ගුණාත්මක භාවය වැඩි වෙන එක . එහෙම වැඩි වෙන එක රටට හොඳයි අනිවාර්යයෙන්ම . මොකද උපාධිදාරියා ගුණාත්මක අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නිසා .නමුත් ඔබතුමාලට ප්‍රශ්නයක් ලු . ඔබතුමාලගේ උපාධිය පහල බහිනවලු ? ඒ කොහොමද ? , ඔය ප්‍රකාශයම රටවෙනුවෙන් නෙවෙයි තමන්ගෙ ඩිග්‍රියේ ඩිමාන්ඩ් එක වෙනුවෙන් කරන එකක් කියල පැහැදිලියි . බ්ලොග් වල කමෙන්ට් වලින් ජනමතය නිරූපණය වෙන්නේ නැ කියන එක ඔබතුමාගේ උගත් බුද්ධිමත් මොලයට තේරෙන්න ඕනි . ඔය ඉන්නවාය කියන 90% පාරට බස්සන්න . එතකොට රජය පනත අකුලගනී . දැනට විශ්ව විද්‍යාල ශිෂ්‍යයා විතරනේ පාරේ ඉන්නේ . රටේ ජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගන්න කැම්පස් ළමයි පාරවල් බ්ලොක් කරගෙන පිස්සු නටන කොට ඒ ගැන කථා කරන්න අයිතියක් රටේ ජනතාවට තියනව කියලත් මතක තියා ගන්න

    ReplyDelete
  14. මෙහෙම ලිපියක් දාන්න හිතපු එක ගොඩක් හොඳයි මල්ලි...උඹල කැම්පස් එකට ඇවිත් තාම ඇකඩමික් පටන් ගත්ත විතරයි..උඹලට මුහුණ දෙන්න වුන අත්දැකීම ගැන ගොඩක් කණගාටුයි...අපි වුනත් ඔහොම දෙයක් අත්වින්දේ පළමු වතාවට..
    කොහොම උනත් ලැබුන අත්දැකීම් එක්ක උඹල හැමදෙයක්ම හරියට තේරුම ගන්න උත්සහ කරන්න..එච්චරයි ඕන..

    @බුවාගේ සිතුවිලි - ඔබ ගැන මම හරි විස්තරයක් දන්නේ නෑ..එත් විස්තර හරියට නොදැන ඔහොම දේවල් කියන්න එපා...අපි විරුද්ධ පොද්ගලික විශ්ව විද්‍යාල ඇතිකරනවට නෙවෙයි...එහෙම කියල නිකන් උපාධි කඩ රටේ හැම තැනම දාන එකටයි අපි විරුද්ධ...ඇත්තටම අපිට ඔය කර දේවලින් ප්‍රශ්නයක් නෑ..අපි තව අවුරුදු 3,4කින් උපාධිය අරන් පිට වෙලා යාවි..ඒ කාලේ අපි රැකියාවක නිරත වෙලා ඉඳීවි..එත් අපෙන් පස්සේ එන්න ඉන්න නංගිලා මල්ලිලා???? අහිංසක දුප්පත් දෙමවුපියොන්ගේ දරුවෝ?? එයාලට මොකද වෙන්නේ??

    පෞද්ගලික විශ්ව විද්‍යාල රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වඩා ප්‍රබල උනොත්, හැකියාව,බුද්ධිය යට ගිහින් මුදල් සහ බලය ඉස්මතු වෙයි..SLIIT,NIBM වගේ ආයතන ගැන එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ..මොකද ඒවා එහෙම අසාධාරණ විදියට ලක්ෂ 50ක්,60ක් අරන් උපාධි විකුණන ආයතන නෙවෙයි.අනික ඒවා රාජ්‍ය ආයතනමයි.

    අනිත් කාරණේ ඔහොම උපාධි විකුනන්න ගත්තොත් ඒවාට යන්න පුළුවන් වෙන්නේ මේ රටේ ඉතාම සුළු පිරිසකගේ දරුවොන්ට පමණයි.අනිත් අති බහුතරයක් වූ දිළිඳු හා මධ්‍යම පාන්තිකයින්ගේ දරුවොන්ට මොකද වෙන්නේ??
    අන්තිමට දෙයක් කියන්නම්..පාරවල් බ්ලොක් කරගෙන කලහකාරී විදියට හැසිරුනේ නෑ අපි..සාමකාමී පාගමනක් ගාල්ල පැත්තට යනකොට පොලිසියෙන් අතිශය අමානුෂික විදියට කඳුළු ගෑස් හා බැටන් ප්‍රහාර දුන්න එකයි වුනේ..ඊට පස්සෙයි අපේ ළමයි පාර පුරාම දුවන්න පටන් ගත්තේ බයටම..

    අපි කඩේ යනවා තමයි..එත් ඒ අපේ අම්මල තාත්තල දුක මහන්සියෙන් අපිට උගන්නල ලොකු මිනිස්සු කරන්න හෙලපු දහදිය කඳුළු වෙනුවෙන්...
    තවත් එහෙම අම්මල තාත්තලාගේ කඳුළු වෙනුවෙන්.!!!!!

    ReplyDelete
    Replies
    1. මේ ගෝත හරකුන්ට තේරුම් කරන්න බෑ අයියේ.. මුන්ට එච්චර මොලයක් තිබුණා නම් ඉතින් මේ වගේ කඩේ යාවි ද?

      Delete
  15. කියන්න ඕන දේ නියමෙටම ලියලා තියෙනවා...

    ReplyDelete
  16. ගිනි කුරුල්ලා - මුලින්ම කියන්න ඕනි මම පාරවල් බ්ලොක් කරනවා කියල අදහස් කලේ ඔබතුමාලා කරපු උද්ඝෝෂනය ගැන නෙවේ , කොලඹ නගරය තුලදී මම කිහිපවතාවක් (ජපුර කට්ටියගේ පහුගිය දවසක තිබුන එක ඇතුලුව ) අත්දැකපු විශ්ව විද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂන ගැන . ඔබ කියන රාජ්‍ය(අර්ධ රාජ්‍ය ) ආයතන දෙක විතරක් නෙවෙයි ලංකාවේ තියන 100% පෞද්ගලික ආයතනත් සාතිශය බහුතරයක් ඉන්නේ ලක්ෂ 5- 25 සිමාවේ , එයිනුත් ඔය විසි ගනණ් වල ඉන්නේ අර ඇමරිකානු ආයතනය විතරයි . ප්‍රශ්නය තියෙන්නේ ඔය අතර තියන සමහර ආයතන සැහෙන ඉහල ගුණාත්මක භාවයක් තියාගෙන ඉත්දි තවත් ඒවා තියනව කිසිම කමකට නැති . මේවා නියාමනයක් වීම අත්‍යාවශ්‍යයි . අන්න ඒකටයි පනතක් අවශ්‍ය වෙන්නේ . මේ ගැන සම්පූර්ණ ලිපියක් මම කලින් වතාවක ලියල තියනව . නැවත වතාවක් සඳන් කිරීම අනවශ්‍ය නිසා ඒ ලිපිය කියවන්නටය කියල ඉල්ලා සිටිනවා

    http://buwagesithuvili.blogspot.com/2011/12/blog-post_23.html

    ReplyDelete
  17. ලොවෙත් නෑ,,.. උබලා ඊයේ හෙන ගෙමක් දිලා නේ???? අපේ ගෙවල් පැත්ත.. මන් එනකොට තියපල්ලා ඔවට හානි නොකර..

    ReplyDelete
  18. @බුවා
    මේ පනතට අපි විරුද්ධ වෙන්න හේතු ටික මම ප.ලි. විධියට දැම්මා. ඒක බලලා වත් ප්‍රඥාව පහල නොවුනොත් ඉතින් සොරි ම තමයි.. තවත් එකක්.. අපේ ඉංජිනේරු පීඨයට තවම මහාචාර්ය වරයෙක් දෙන්න තරම් වත් සැලකිල්ලක් නොකරපු අය පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්ම ම හැම අඩු පාඩුවක් ම හදාවි නේ ද? ගුණාත්මක භාවයේ ඉටි ගෙඩිය. මේ හදන්නේ රජයේ විශ්ව විද්‍යාල වලට කෙලවලා පෞද්හලික විශ්ව විද්‍යාල ඉහලට ගන්න.. අපේ විශ්ව විද්‍යාල වල rank පහලට යවලා ඉහල rank තියෙන විද්‍යාල වලින් අපේ උපාධිය විකුනන්න.. මේ දේ දැනෙන්නේ විශ්ව විද්‍යාලයට යන්න මහන්සි වේලා වැඩ කරන තරම ගැන දන්නා කෙනෙක්ට මිසක් මහා එවුන්ගේ සල්ලි වලින් වැඩ පෙන්නන්න දඟලන එවුන්ට නෙවෙයි. තවත් එකක්. 90% කොහේ පාරට බස්සන්න ද? මේ එක විශ්ව විද්‍යාලයක පීඨ කිහිපයේ ශිෂ්‍යයන්ට එක තැනකට එකතු වෙන්න හැදුවා කියලා අම්බානක් කෙලිද්දී... මොලයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ ඔබ හිතන හැටිනේ. කොහෙද තියෙන්නේ අරමුණ ඒකය් කියල? සාක්ෂි පෙන්නන්න . මමත් මොරටුව ශිෂ්‍යයෙක් . මමත් එකේ බ්ලොග් ඒක බැලුව. එකේ කිසි වැදගත් තර්කයක් නෑ. අර උසස් අද්යාපන වියදම් ප්‍රතිශතය අර්ථකතනයත් වරදිය්. වියදම් කරන ගැන අඩු කරලා නෑ.(කරන ගැන සොච්චමක් තමයි) අපේ ආර්ථිකය වර්ධනය වෙලා තියෙන්නේ. මොරටුවේ පොස්ට් සේරම හැඟීම්බර ඒවා මොලේ ඇති තර්ක හෙන අදුය්. මමත් කියන්නේ බුවා මල්ලි වඩා මැදහත් විදියට මේක ගැන බලනවා. මේ ප්‍රශ්න සේරටම තේරෙන්නේ නෑ. ඒවා තේරෙන්න ඒ- ලෙවල් ලකුණු තිබිලත් තමන් කැමති දේ කරන්න බැරි වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. සල්ලිය් මොලෙය් දෙකම තිබිලත් සේසතම වියදම් නොකර රට ගියොත් මිසක් ලංකාවේ අද්‍යාපනය ලබන්න බැරි වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. හොඳම ලකුණු අරන් ඉංජිනේරු පිටයට ගියත් එතනදිත් අනිත් එවුන් ගත්ත හොඳ ලකුණු නිසා තමන්ට කැපිල අකමැත field එකකට වැටුන කෙනෙක් ඉන්න ඕනේ. ඒ වගේ හැමෝටම ලොකු ගැටළු තියෙනවා. ඔය මල්ලිලටය් අය්යලටි තියෙන ගැටලුව මනක්කල්පිත අනාගත ශිෂ්‍ය ප්‍රජාව ගැන තියෙන ගැටළුවක්. අනිත් කට්ටියට දැවෙන ප්‍රශ්න. ජීවිතය පිලිබඳ. career ඒක රස්සාව පිලිබඳ ප්‍රශ්න. රජයේ විශ්ව විද්‍යාල වගේම හොඳ කොලිට්ය් අද්යාපනයක් ගන්න පුළුවන් තැනක් ආණ්ඩුවෙන් පිටත තැනක් තියෙන්න ඕනේ. ඒක ලංකාවේ තියෙන්නත් ඕනේ. එකය් හැමදේටම හොඳ නෑ කියන්නේ නැතුව ගොඩක් සලකා බලන්න ඕනේ කියන්නේ.

      Delete
  19. // 90% කොහේ පාරට බස්සන්න ද? මේ එක විශ්ව විද්‍යාලයක පීඨ කිහිපයේ ශිෂ්‍යයන්ට එක තැනකට එකතු වෙන්න හැදුවා කියලා අම්බානක් කෙලිද්දී//

    තමුසෙලා පාරට බස්සවන්න ඕනිනැ , ඔය කියන විදිහට රටේ ජනතාව තමුසෙලාගෙ පැත්තෙනම් ඉන්නේ ජනතාව පාරට බහී . ජනතාව එතන නැති නිසා තමයි තමුසෙලා නටන විගඩම් දිහා බලාගෙන ඉන්නේ . රටේ 90% ජනතාව තමුසෙලත් එක්ක ඉන්නව නම් මුලු හමුදාවම ගෙනාවත් මර්දනය කරන්න බැ .ඇත්තම කතන්දරේ විශ්ව විද්‍යාල වල ඉන්න කුහකයො ටික විතරයි මේකට විරුද්ධ , උන් විතරයි පුක ඉරාගෙන කැගහන්නේ . ඒ නිසා මර්ධනය කරන එක ආණ්ඩුවට දලං .

    විශ්ව විද්‍යාල වල රැන්ක් පහල වට්ටන්න දෙයක් නැ , දැනුත් වැටිලා තියෙන්නේ . කොහොමටත් ලංකාවේ දැනට පෞද්ගලික උපාධි දෙන ආයතනවල මුල් විශ්ව විද්‍යාල වල රැන්ක් ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා වැඩියි . අනික් මිනිස්සුන් ඉගෙන ගන්න එක නවත්වන්න ඔහෙලට අයිතියකුත් නැ වගේම හැකියාවකුත් නැ . ලෝකෙන්ම පිනට උපාධි දෙන එකම රටේ උසස් අධ්‍යාපනය ක්‍රමානුකුල කරන්න හදන පනතකට උඹල ඉඩ නොදෙන එකෙන් වෙන්නේ , ලංකාව හැමදාම එක තැන පල්වෙන එක . ප්‍රයිවෙට් යුනි එපා කියන දොස්තරල , යසට පෞද්ගලික වෙදකමට යාවි , නැත්නම් රට යාවි , උඹල කොම්පැනි වලට යාවි . ඔය තියන ආයතන ඔය විදිහටම තියෙයි . ආයෝජන මණ්ඩලය යටතේ අලුතින් ආයතන එයි . ආණ්ඩුවට රජයේ විශ්ව විද්‍යාල වට්ටන්න ඕනි නම් තවත් ප්‍රතිපාදන කප්පාදු කර්යි . පනත නොගෙනාව පමණින් ආණ්ඩුව රජයේ විශ්ව විද්‍යාල සුපිරි තත්වයට ගේනවා කියල සහතිකයක් නැනේ . කොලිටි ෆ්‍රේම් වර්ක් එක නැතිවුනා කියල අලුතින් ආයතන නොදා ඉන්නෙත් නැනේ . (පහුගිය අවුරුද්දෙ විතරක් කීයක් දැම්මද කියල හොයල බලහන් ) . නොමිලේ ඉගෙන ගන්න එක උඹලගෙ දක්ෂකමට ලැබුනු තැග්ගක් , මේක ලංකාවේ ඉන්න තොපිට විතරයි ලැබෙන්නේ . ලෝකේ දියුණු රටවල්වත් නොකරන වැඩක් ලංකාවේ රජයක් කරත්දි , අනික් උන් සල්ලි දීල ඉගෙන ගන්නවට කුහක වෙන්න එපා . මොකද උන් ගෙවන බදු සල්ලිත් උබලගෙ අධ්‍යාපනයට වැය වෙනවා . මම නම් හිතන්නේ නැ ආණ්ඩුව ඔය පනත අකුල ගනියි කියල , හැබැයි කලා කියලත් උඹලට අමුතුවෙන් ලැබෙන ලබ්බක් නැ කියලත් මතක තියා ගනින්

    ReplyDelete
    Replies
    1. බුවාගේ සිතුවිලි හරියටම හරි කියල මට හිතෙනවා...දියුනු ‍වෙන ලෝකයත් එක්ක ඉදිරියට යන්නට හදන අයවත් වලක්වගෙන කුහකකම උපතින්ම දරාගෙන විශ්ව විද්‍යාලෙට ආපු සුලු පිරිසක් එකතුවෙලා කරන නාඩගමක් මේක....නිකම් අපරාදෙ මුන් තමුන්ගෙ වටිනා කාලයයි අනුන්ගේ කාලයයි දෙකම කාලා නිරපරාදෙ නාස්ති වෙනව.

      Delete
  20. නජා.. උබ හරි... බය නැතුව ඇත්ත ලියපන්.. අපි ඉන්නවා..!

    ReplyDelete
  21. @බුවා
    වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නා සේ..
    බීරි අලින්ට මොන වීණා ද??
    මේකේ වැරැද්ද ඔබ තුමා විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලැබීම. කැම්පස් එකක හුළඟක් වත් නොවැදුනු සමහර අයට ඔය විදියේ දේවල් හිතෙනවා.. ඒකට අපි කියන්නේ පව කියලා. සමහරු කියනවා ඉරිසියාව කියලත්..ඒකට කමක් නෑ.. ඔබ තුමාගේ දෙමාපියන් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි ඇති නේ.. ඒවයෙන් උපාධි කඩේකින් උපාධියක්‌ අරන් අපිට වඩා තැනකට යන්න කෝ.. සුභ පැතුම්..

    ReplyDelete
  22. ඔබතුමාල දෙන ටෝක් වලට අපි කියන්නේ කැම්පස් උෂ්නේ කියල , කැම්පස් හුලං නොවැදුනු අපි පැත්තක් ඉත්දෙන් උගත් බුද්ධිමත් සියල්ල දත් ඔබතුමාල හොඳ තැනකට යන්නකො

    ReplyDelete
  23. විජ්ජා පීටේ ඉදියට මුන්ට අජ්ජාපනේ නෑ....

    අපේ සීය කියනෙ ඔහොමයි.....:D :D

    ReplyDelete
  24. නෑ නෑ.. දැන් කැම්පස් ඉන්න එවුන් නෙවෙයි හොඳ තැන් වලට යන්නේ.. සල්ලි කාර මුදලාලිලාගේ මෝඩ පුත්තු.. කැම්පස් උෂ්නේ කියලා නම් ඒකට කියන්නේ,ඔව්.. අපිට කැම්පස් උෂ්නේ.. අපි එක හදා ගන්න තමයි අවුරුදු 13 ක් කට්ට කෑවේ. අපි සාර්ථකයි...

    ReplyDelete
  25. මම අය්යාගෙ කතාවට එකගයි.ජනරග අය්යාගෙ කතාවටත්.හුගක් හොද ලිපියක් අය්යේ

    ReplyDelete
  26. සල්ලි තිබුන පලියට රස්සාවලට ගන්නෙ නැ මහත්තයෝ , පෞද්ගලික අංශයේ රස්සාවකට යන්න නම් උපාධි කොල නෙවෙයි වැඩ පුලුවන් එකයි වැදගත් . උඹලා කියනව නම් උඹලට වඩා තැනකට ප්‍රයිවෙට් ඉගන ගන්න වුන් යනව කියලා , ඒ කියන්නේ උන් උඹලට වඩා වැඩකාරයෝ . අවුරුදු 13ක් මහන්සි වෙලා හදාගත්ත උෂ්ණේ විතරයි එහෙනම් උඹලට ඉතුරු වෙලා තියෙන්නෙ

    ReplyDelete
  27. මේ ගෙන්න හදන්නේ නිදහස් අධ්‍යාපනය ඉවර කරන්න පනතක් නොවන බව මාගේ මතයයි.පෞද්ගලික උසස් අධ්‍යාපනය නියාමනය කරන පනතක්.එකේ කොහේවත් සදහනක් නෑ නේ ඔයලාගේ උපාධියේ අගය සමහර පෞද්ගලික විශ්ව විද්‍යාල වල උපාධියට වඩා අඩු කරනවා කියලා..

    "අනික SLIIT එක NIBM එක එක්ක අපේ මහා ලොකු ප්‍රශ්නයක් නෑ. මොකද ඒවායෙන් දෙන උපාධිය සහ අපේ උපාධිය අතරේ තරඟයක් නෑ." ඒ ගැන ඔයා ටිකක් හොයලා බලලා කතා කරනවා නම් හොදයි..

    "දැන් කැම්පස් ඉන්න එවුන් නෙවෙයි හොඳ තැන් වලට යන්නේ.. සල්ලි කාර මුදලාලිලාගේ මෝඩ පුත්තු.. " එක ගැනත් මල්ලී හොයලා බැලුවොත් හොදයි..රස්සාවල් වලට ඔනේ අද උපාධි කොළයක් නොව වැඩ පුළුවන් එකෙක්ය.තමන්ගේ අනාගත පරපුර ගැන හිතන්න කලින් තමන්ව ඔය තැනට ගන්න දුක් මහන්සි වුණ අම්මලා,තාත්තලා ගැන හිතුවද?? උඹලාව ඔය විදිහට පාරවල් ගානේ රස්තියාදු කරන්නද, උද්ඝෝෂණ කරන්නද උඹලව ඔය තැනට එවුවේ..මමත් පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන කෙනෙක්.සල්ලි තියෙනවට ආවා නෙවෙයි.මම දන්නවා ඒ අපේ දෙමාපියන් දුක් මහන්සියෙන් හම්බකරන මුදල් බව.ඒ නිසාම අනිත් එවාට වඩා මේකට මුල් තැන දිලා කටයුතු කරන්න ඕන බව දන්නවා.උඹලට ඔකේ අගයක් නැත්තේ නිකන් ලැබෙන නිසා වෙන්න ඇති.මට කැම්පස් යන්න බැරි වුණා කියලා දුකකුත් නෑ,උඹලාට අවස්ථාව ලැබුණ එක ගැන තරහකුත් නෑ.නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් සරසවි වරම් ලබපු උඹලා එකෙන් උපරිම ප්‍රයොජනයක් ගනිල්ලා.එච්චරයි සහොදරියක් වශයෙන් මට කියන්න තියෙන් නේ.

    ReplyDelete
  28. Good Post Machan. Continue until the end.
    Past EFAC Pera guy

    ReplyDelete
  29. අලුත් පෝස්ට් එක බලන්න.. කියන්න බැරි වුනු දේවල් ටික කිව්වා..

    ReplyDelete
  30. මාත් pera කැම්පස් ලමයෙක්.මාත් මුල් කාලෙනම් privt cmpus වලට විරුද්ද උනා.එත් දැන්නම් හිතෙන්නෙ privt cmpus දාන්නම ඔනෙ.මේ ලන්කාවෙ ඉන්න ගොන් මී හරක්ට තේරෙන්න දාලම බලන්න ඕනෙ.එතකොට බලමුකො ඔය දැන් --ක ඉරාගෙන කෑගහපු එවුන් මොකද කියන්නෙ කියල.මට ආසයි අන්න එදාට ඔය commnt කරන එවුන් වෙන කතා කියද්දි,උන් දැන් අපිට කරනව වගෙ අපිටත් එදාට උන්ට නක්කලේට හිනා උනහැකි.මොකද එදාට අපි Degree අරන් ඉවරයිනෙ.හික් හික්
    privt cmpus වලට ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඒ අදහසත් නරක ම නෑ.. ඒත් ඉතින් එහෙම ඉන්න හිත් දෙන්නේ නෑ නේ..

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading