Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

නිහඬ වීම

Saturday, December 24, 2011

ජී. බී සේනානායකගේ නිශ්ශබ්දතාවය කවි පෙළ කියවලා නැති කෙනෙක් ඉන්නවා ද කියල කවුරු හරි ඇහුවොත් ඒ විදියේ කෙනෙක් හොයා ගන්න ගොඩක් අමාරු වෙයි කියලා හිතෙනවා. ඒ තරම්ම ඒ කවිය අපි කා අතරත් ජනප්‍රියයි.. මම හිතන විදියට පලි ගැනීම පොතේ තියෙන හොඳ ම නිසඳැස ඒක.. මම නිශ්ශබ්දතාවය කියෙව්වේ සා/පෙළ කරන කාලේ..මට දෙපාරක් කියවද්දී ම ඒ කවිය පාඩම් වුණා.. දැනටත් මට හැම පදයක් ම හොඳට මතකයි.. කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් බලා ගන්න..මේ ලඟදි දවසක් මට නිකමට හිතුනා ජී බී සේනානයක මහත්මයා අද කාලේ ජීවත් වුණා නම් නිශ්ශබ්දතාවය මීට වඩා වෙනස් වෙන්න තිබුණා කියලා.. මට හිතුනා අද කාලෙට ගැලපෙන විදියට ඒ පද පේලියේ මුඛ්‍ය අර්ථය ටිකක් වෙනස් කරන්න.. ඒ රසය මේ කවියෙන් නම් ගන්න බෑ.. ඒක මම පිළි ගන්නවා.. මම මේ කළ දෙය හින්දා එතුමාගේ නිර්මාණයට හානියක් වුණා කියලා කාට හරි හිතෙනවා නම් සමා වෙන්න.. මෙන්න මට හිතුනු විදිය..






ෆෝන් එක අතේ තියන්
විට්ටමට වාරු වී
උදේ ඉඳන්
රෑ වෙනකම්
ඇය සමග
චැට් කරන්නට වීමි...
නොනවත්වා ම
ඇගේ පණිවුඩ
ලැබෙන්නට වූ කළ
තිරය දෙස බලා හුන් මම
ඇසීමට දිගු කාලයක්
පුල පුලා සිටි
කිසිවක්
ඇසීමට සිතීමි..
කෙටූ පණිවුඩය
යවන්නට සැරසෙත් ම
දුරකථනය
දෙදරන්නට විය..
කොහේදෝ සිට

පියඹා ආ
කුරුමිණියෙක්
මා වටා කැරකී
තිරයෙහි වැසුවේ ය..

ඇගේ පණිවුඩය
කියවූ මම
වෙවුලන්නට වීමි..

තිරය දෙස
යලිත් වරක් බැලූ මම
කොට්ටය මත
හිස තබා
දෑස් පියා ගතිමි..

මම
~Nj~



9 comments

  1. mama original eka kiyawala nathi unath me liyapu eka nam sirawatama ela....

    ReplyDelete
  2. Elaaaaz!!!
    original 1 fb danna.

    ReplyDelete
  3. හ්ම්ම් මරු..
    අකුරු ටික ලොකු කරන්න මල්ලි..

    ReplyDelete
  4. @KDSL @ Jeew
    ස්තුතියි!
    ඔන්න දැම්මා original එක.. ඒක බලලා තීරණය කරන්න...

    @Gihan
    ස්තුතියි යාළුවා...

    @වර්ණා
    ස්තුතියි.. මම උත්සාහ කළා.. ඒත් හරි ගියේ නෑ.. ආයෙත් බලන්නම්..

    ReplyDelete
  5. හිහී.... නියම කවි ටික..
    මුල් පද්‍යය ට හානියක් වෙලා නෑ.
    ලස්සන ට පද ටික ගලපලා තියෙනවා........... :D

    ReplyDelete
  6. එල මචං... අයිඩියා එක මරු

    ReplyDelete
  7. ඔයාගේ එකයි මුල් කවි කියෙවුව..දෙකෙන්ම එකම අරුත තියෙන්නේ..
    ජයවේව..

    ReplyDelete
  8. නිසදැස ලස්සනයි ......
    මේ නිසදැසේ තියෙන්නේ ඔයාගේ පව්ද්ගලික අද්දැකීමක්ද ?

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading