සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
හිමිදිරියේ මීදුම් අතරින්
දේදුනු පාට පෙති අතර
සුවඳ සොයමින් සමනලයා
නෙතදර මැවුණු ලොවට පිළිපන්නේ ය..
සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
සොඳුරු සමනල මාවත
අවුරා එළුණු දැල
වළකන්නට විය කවුළුව
සොඳුරු ලොවකට මග විවර කළ
පීරී ගෑ දළවල -විෂ පිරී ඇති වග
නොදන්නා සමනල තෙම
හෙළුවේ ය පහර - තියුණු දලයට
හිසින් ඇන - ඇන..
සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
තියුණු නිය
උල් කටු පහරින්
ඉරී ගියේ ය
මටසිළුටු තටු .
ඉරුණු තටු අතරින්
පොඩි පට්ටම් වුණු - මොළ කැබලි වලින්
ගලා ආ රුධිරයෙන්
රක්තාලිප්ත විය - නෙක නෙක පාට අත්තටු...
සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
හිමිදිරියේ මීදුම් අතරින්
දේදුනු පාට පෙති අතර
සුවඳ සොයමින් සමනලයා
නෙතදර මැවුණු ලොවට පිළිපන්නේ ය..
සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
සොඳුරු සමනල මාවත
අවුරා එළුණු දැල
වළකන්නට විය කවුළුව
සොඳුරු ලොවකට මග විවර කළ
පීරී ගෑ දළවල -විෂ පිරී ඇති වග
නොදන්නා සමනල තෙම
හෙළුවේ ය පහර - තියුණු දලයට
හිසින් ඇන - ඇන..
සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
තියුණු නිය
උල් කටු පහරින්
ඉරී ගියේ ය
මටසිළුටු තටු .
ඉරුණු තටු අතරින්
පොඩි පට්ටම් වුණු - මොළ කැබලි වලින්
ගලා ආ රුධිරයෙන්
රක්තාලිප්ත විය - නෙක නෙක පාට අත්තටු...
සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.








