Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

සරසවියේ පෙම්වතියට

Tuesday, May 28, 2013



කන රිදෙන්න හෝන් ගහන
පාට පාට, ලොකු ලොකු කාර් වල
සයිලන්සර් පිහිදා ගෙන ඇවිත්
දාඩියට මුහුණේ ඇලුණු
කළු පාට - දුම් රොටු
දුඹුරු පාට - දුවිලි
සෝදා ගෙන,
පයිප්පයෙන් එන
මලකඩ වතුරෙන්,
තෙත මාත්තු කර
සායම ගිය
චීත්ත ගවුමේ
දිග ඇරුණු බෝරිච්චි අතින්,
ඉරුණු කෙලවර සඟවගෙන..

අව්වට තඹ වුණු
කිවුලට සේදුනු
කෙස් ගුලිය උණ්ඩි කර බැඳ
වරෙන් නුඹ,
හන්දියේ
අපේ ප්‍රේම යාත්‍රාව
ගාල් කරන තැනට..
වෙනදා වගේ ම
පෙම් මුල්ල අල්ල ගන්න
මට කලින් නුඹ'විත් හිටපන්
බස් නැවතුම් පොලට..

ආදරියේ..
අළු පැහැ මුහුණට
වත්සුණු මොකට ද?
රතු වුණු දෑසට
අංජන මොකටද?
පිච්ච රටා නැති වුණාට
තඹ පාට කෙස් වල,
තවමත් සුවඳයි
ඉස්සර වගේ ම..

අපි පොහොසත් වුණාම
මහපොළ ලැබෙන දාට
වරෙන් කැන්ටිමේ කෙලවර
පාළු මේසයක් ළඟට
අපේ ප්‍රේමය සමරන්න
අමෘතයට ටිකක් අඩු රස
තුනේ ප්ලේන්ටියක්
තොල ගාන්න..

අඹ ගහ යට බැංකුව උඩ
මගෙ පපුවට තුරුළු වෙලා
මුළු ලෝකෙම අමතක කර
අපිට අපි අමතක වෙන්න
නළලට නොවෙයි,
දෙතොලට හාදුවක් දෙන්න...




19 comments

  1. මේ යුගයේ සරසවි පෙම්වතුන්ගේ කල් ක්‍රියාව මැනවින් දිස් වෙන නිර්මාණයකි! අනර්ඝයි!
    ඔබට ජය!

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක ඇවිත් යන්න අමතක කරන්න එපා![dulageadawiya.blogspot.com]

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.
      ඔබේ අඩවියත්, කාලෙකින් දැකපු හොඳ බ්ලොග් එකක්.. ජය වේවා!!

      Delete
  2. Harima lassani, matath aththethaya mathak wenawa.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිත්‍රයා!! :)

      Delete
  3. අවංකවම සාර්ථක නිර්මාණයක්..මේ පදයක් පදයක් ගානෙ මේ කියන පරිසරයේ චිත්ත රූප මැවුනා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිරා!! :)
      ජය වේවා!!

      Delete
  4. යතාර්ථවත් කවිපෙළක් රස වින්දෙමි.

    පාට පාට, ලොකු ලොකු කාර් වල පේළිය
    පාට පාට, ලොකු කාර් වල හැටියට යෙදුනා නම් ගැලීම තවත් සුමට වෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. මම මේ පද ටික ලිව්වට පස්සේ ආයෙත් බැලුවේ පෝස්ට් කළාට පස්සේ!! එහෙම වුණා නම් තවත් හොඳ වෙන්න තිබුණා..
      බොහොම ස්තුතියි අයියේ!!
      ජය වේවා!

      Delete
  5. මේ කන්ටෙක්ස්ට් එකේ දී වරෙන් කියනව වචනේට මං අකමැතියි.

    ReplyDelete
    Replies
    1. වරෙන් කියන වචනය දැම්මේ එතැන දී කියවෙන අදහස වඩාත් තියුණු කරන්න.. ඒත් ඒ වෙනුවට වෙනත් වචනයක් යෙදුනා නම් සමහර විට තවත් හොඳ වෙන්න තිබුණා!! බොහොම ස්තුතියි කතන්දර!!

      Delete
  6. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... යථාර්තය නෙහ්? කවි පෙල ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්... එහෙමයි!!
      බොහොම ස්තුතියි අක්කේ!!

      Delete
  7. සරසවි ප්‍රේමය සදාකාලිකද? තාවකාලිකද? ඒ කොහොම වුනත් කවියේ ආරම්භය වෙනස් වුණා නම් හොඳයි කියල හිතෙනවා. පටන් ගැනුම පලමු පේලි තුන ටිකක් විසිරුනු ස්වභායක් තියෙන බව හැගෙනවා

    ReplyDelete
    Replies
    1. බොහොමයක් ඒවා තාවකාලිකයි!!

      මටත් එහෙම හිතෙනවා අයියේ.. ඒ පේලි දෙක වෙනස් කරන්න ඕන!!

      බොහොම ස්තුතියි!!

      Delete
  8. කාලෙකින් ආවේ,
    දැන් අවසන් වසර ද?, නැතිනම් සරසවි අවසන් ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේගොල්ලො හින්දා සරසවි අවසන් වෙනව නම් තමයි...)))))))

      Delete
    2. @නිර්මලා අක්කා
      දැන් ම කොහේ අවසන් වෙන්න ද අක්කේ.. තාම දෙවෙනි වසරේ බාගයයි ගියේ!! කාලෙකට පස්සේ හරි ආපු එක ගැන සතුටුයි!! :)

      @වර්ෂා
      හරි හරි.. අපි බලමුකෝ කියන කට්ටිය ගිය දාට, අපි හින්දා අවසන් වුණු සරසවි පටන් ගනීවි ද කියලා!

      Delete
  9. උපමා රූපක කාව්‍යාලංකාර පිරුණු කවියක් නොවැ... ලස්සනයි!

    (හැබැයි මෙව්වා ඉතින් බලෙන් ගත්තු කමෙන්ට් හරිය..))))))

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඈ!!

      ඔව් ඉතින්.. දැන් ඉතින් මෙයාලා හරි බිසී නෙව!! ඉතින් කියලා වත් කමෙන්ට් එකක් ගන්න වෙනවා නේ..

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading