තරු කැටවල තනි රකින්න
නෙක තරු මැද සඳක් වෙන්න
කළුවර රැය එළිය වෙන්න
රෑ අහසට නුඹ නැගෙන්න..
හිරු සඳු තරු පරදවන්න - විශ්වයට ම එළිය දෙන්න
දොළොස්මහේ පහන වෙන්න - මගේ ගෙපැලෙන් නික්ම යන්න
සංහිඳ ළඟ නතර වෙන්න
මල් පහන අරන් නිවාලන්න..
නුඹේ මතක මන්දිරයේ
එළිය දැනෙන පාළු පැලේ
අගුවක හෝ පිල්කඩයේ
බිම් අඟලක් මට සෑහේ!
" අගුවක හෝ පිල්කඩයේ
ReplyDeleteබිම් අඟලක් මට සෑහේ!" :)
Nice one aiya !
බොහොම ස්තුතියි නංගියෝ! :)
Deleteකවි ටික අපූරුයි.හොද ඒකාබද්ධතාවක් තියෙන්නා වගේ පෙනෙන්නා.ඒත් ඉතින් දොස්තර නෝනා එහෙම කරන එකක් නෑ....)))))))
ReplyDelete..අර දෙවෙනි පදේ විරිත කැඩිලා කියල හිතුණට එහෙම තිවුණාම අමුතු ගතියක් තියෙනවා.ඒක හින්දා ඒක වෙනස් නොවෙනව නම් මම කැමති!
මල් පහන් කියල නේද වෙන්න ඕන.මල්පහන කිව්වම නිකම් තේරුමක් නෑ වගේ.වැවේ සංහිදේ මල්පහන කියල එකක් නෑනේ.
ඊළගට පොඩි පස්නයක්... අගුවයි පිල්කඩයි කියන්නෙ එකක් නොවෙයිද? ඒක දන්නැති නිසයි ඇහුවේ?
සංහිඳ කියන වචනයේ තේරුම් දෙකක් මං අහලා තියෙනවා.
Delete1. දෙවියන් උදෙසා ඉදි කරන මල් පැල
2. අම්බලම
මේ අර්ථ දෙකෙන් පළමුවෙනි අර්ථය සැලකීමෙනුයි මම ඒ විදියට යෙදුවේ. නංගා ප්‍රශ්නය මතු කළාම මටත් ටිකක් ඒ ගැන සැකයක් ඇති වුණා. ඊට පස්සේ මම ටිකක් ඒ ගැන හොයලා බලුවා. මේ ලින්ක් එකට ගිහින් බලන්නකෝ.
http://www.sinhaladictionary.org/index.php/term/Sinhala+Explanatory+Dictionary,%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3.xhtml
තවත් එකක්, රත්න ශ්‍රී සර් ලියපු "මිනිදෝරු කන්තෝරුවේ" ගීතයේ එක පදයක
"තෙල් පහන වුණත් නිවා දමයි සංහිඳ පාමුල" කියලා සඳහන් වෙනවා නේ..
අගුවයි පිලයි කියන්නේ බොහෝ දුරට එක හා සමාන වචන දෙකක්. මං දන්නා විදියට නම්, අගුව කියන්නේ ගෙදරක බිත්තියෙන් පිට, බිත්තියට ආසන්න කොටසට. ඒ කියන්නේ ගේ වටේ ඕනෑම තැනක් අගුවක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒත් පිල කියන්නේ ගෙදර ඉදිරිපස, වාඩි වෙන්න සකස් කරන තැනකට. එතකොට හැම වෙලේ ම වගේ පිල, අගුවක් වෙනවා. නමුත් හැම වෙලාවක ම අගුව, පිලක් වෙන්නේ නෑ නේද? පිල් කඩ කියලා යෙදුවේ පිල් කණ්ඩිය කියන අදහස දෙන්න. එතකොට පැටලිල්ල නැති වෙනවා මං හිතන්නේ.
බොහොම ස්තුතියි නංගෝ අදහසට! :)
පැටලිල්ල නැති වුණා.පැහැදිලි කිරීමට ස්තූතිවන්ත වෙමි!!
ReplyDeleteඔය පළමු සංහිද තියෙන්නේ වැව ආශ්‍රිතවනෙ.ඒක තමයි මාත් අදහස් කළේ.මල්පහන කියන එක නුහුරුයි වගේ දැනුන නිසයි ඇහුවේ.අය්යා හිතන්න ඇත්තේ මල් සහ පහන් කියලා නේද?
..කොහොමටත් අපිට නිර්මාණාත්මක විදියට කවිබස පාවිච්චි කරන්න අයිතියක් තියෙනවනෙ...!!!
මම අදහස් කළේ මල් පැලේ තියන පහන, මල් පහන කියලා.. එහෙම වචනයක් නම් නැහැ තමයි! ඒත් අලුත් වචනයක් හඳුන්වන්න උත්සාහ කළා.. තව ටිකක් ඒ ගැන හිතන්න වෙනවා කියලා දැන් හිතෙනවා!
Deleteබොහොම ස්තුතියි නංගෝ මේ ගැන හිතන්න යොමු කෙරෙව්වට!! :)
ගොඩක් ලස්සනයි රැංගෝ...
ReplyDeleteකවි ගැළපුම වගේම අදහසත් අපූරුයි...
ජය...!!!
බොහොම ස්තුතියි සාජානි.. අරුණැල්ලට සාදරයෙන් පිළිගන්නවා... :)
Deleteජය වේවා!!
ලස්සනයි..
ReplyDeleteඒත් මෙහෙම හූල්ල හූල්ල ඉඳලා හරියයිද?
අනේ අම්මියෝ.. මේක මගේ පෞද්ගලික අත්දැකීමක් නම් නෙවෙයි.. මේ දවස් වල මගේ යාලු මිත්‍රයන්ට වෙන දේවල් දකිද්දී ලියැවෙන ඒවා..
Deleteමං නම් තාම තනිකඩයි හොඳේ අක්කෝ!! :) :P