නුඹට වෛර කළ කඳුළ,
බිම වැටී, රිද්දවා ගන්නට අකමැතිව,
නුඹ වෙනුවෙන් වග උත්තර බඳින
මගේ නෙත් බොඳ කළා...
නුඹට වෛර කළ කේශ නාලිකා,
නුඹ දැක ගන්නට
නොනිත් ආශාවෙන් පෙළුණු
දෙඇස, ලෙයින් පිරවුවා..
නුඹ වෙනුවෙන් නික්මන්න
අකමැති වුණු ඉකිය,
නුඹ වෙනුවෙන් හෙලුණු සුසුම
මොහොතකට ඇද සිර කළා..
නුඹේ සුවඳට වෛර කළ නාසය,
ඒ සුවඳ යළි නො එන්නට,
ඇසෙහි පිරවුණු කඳුළු ගෙන
සංවේදක වසා දැමුවා..
නුඹේ හඬ අසන්නට රිසි ව
වට පිට බලන විට හිස,
නුඹේ හඬට වෛර කළ දෙකන්
තදින් අගුළු වැටුණා..
සර්වාංගය දෙපිළකට බෙදී
නුඹ නිසා ගැටෙන විට,
අන් මත නො ඉවසූ සිත
නුඹ වෙත ම සිත් ඇති ව
නුඹ වෙන අතක යනු දැක
හදේ දොරගුළු වසා දැමුවා!
Subscribe to:
Post Comments (Atom)
ලාවට හුස්ම හිරවුනා වගේ දැනුන
ReplyDeleteඅනේ අපොයි.. ඒ මොකද ඒ??
Deleteඑක තමයි හොද නැත්තේ .ඇයි හද වැසුණේ?
ReplyDeleteසමහර විට, ආයෙත් එන්න එපා කියලා වෙන්න ඇති අක්කේ!! :)
Deleteලස්සනයි..
ReplyDeleteඒත් දිනෙල්ක අයිය කිව්ව වගේ ලාවට හුස්ම හිරකරවන ගතියකුත් දැනුණා.
බොහොම ස්තුතියි නංගෝ..
Deleteඒත් මම එහෙම කරන්න නම් හිතුවේ නෑ!!
සිතින් ලොබ කල දෙයක් නම්
ReplyDeleteඋරුම සැම විට දුකක් මය
පෙම් කෙරුව දෙයම යලි
සදයි නොනිමෙනා වෙර සිතම
අපි හැමෝම පෘතග්ජනයෝ නේ පුමා.. ඉතින් උරුම දුක තමයි!!
Deleteඅරුණැල්ලට සාදරයෙන් පිළිගන්නවා,,
සුපිරි උපමා.සුපිරි කවියක්.මෙව්වා දකින කොට ඒත් දොස්තර නෝනා ගැන දුක හිතෙනව හිතෙනවා වාගෙයි!
ReplyDeleteකට කට!!
Deleteබොහොම ස්තුතියි නංගෝ!! අනේ මේ එයා ගැන හිතකින් ලිව්ව එකක් නෙවෙයි!! :)