Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

සිත, සෙසු අවයව, මම, නුඹ සහ වෛරය

Saturday, April 20, 2013

නුඹට වෛර කළ කඳුළ,
බිම වැටී, රිද්දවා ගන්නට අකමැතිව,
නුඹ වෙනුවෙන් වග උත්තර බඳින
මගේ නෙත් බොඳ කළා...

නුඹට වෛර කළ කේශ නාලිකා,
නුඹ දැක ගන්නට
නොනිත් ආශාවෙන් පෙළුණු
දෙඇස, ලෙයින් පිරවුවා..

නුඹ වෙනුවෙන් නික්මන්න
අකමැති වුණු ඉකිය,
නුඹ වෙනුවෙන් හෙලුණු සුසුම
මොහොතකට ඇද සිර කළා..

නුඹේ සුවඳට වෛර කළ නාසය,
ඒ සුවඳ යළි නො එන්නට,
ඇසෙහි පිරවුණු කඳුළු ගෙන
සංවේදක වසා දැමුවා..

නුඹේ හඬ අසන්නට රිසි ව
වට පිට බලන විට හිස,
නුඹේ හඬට වෛර කළ දෙකන්
තදින් අගුළු වැටුණා..

සර්වාංගය දෙපිළකට බෙදී
නුඹ නිසා ගැටෙන විට,
අන් මත නො ඉවසූ සිත
නුඹ වෙත ම සිත් ඇති ව
නුඹ වෙන අතක යනු දැක
හදේ දොරගුළු වසා දැමුවා!

10 comments

  1. ලාවට හුස්ම හිරවුනා වගේ දැනුන

    ReplyDelete
  2. එක තමයි හොද නැත්තේ .ඇයි හද වැසුණේ?

    ReplyDelete
    Replies
    1. සමහර විට, ආයෙත් එන්න එපා කියලා වෙන්න ඇති අක්කේ!! :)

      Delete
  3. ලස්සනයි..

    ඒත් දිනෙල්ක අයිය කිව්ව වගේ ලාවට හුස්ම හිරකරවන ගතියකුත් දැනුණා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගෝ..
      ඒත් මම එහෙම කරන්න නම් හිතුවේ නෑ!!

      Delete
  4. සිතින් ලොබ කල දෙයක් නම්
    උරුම සැම විට දුකක් මය
    පෙම් කෙරුව දෙයම යලි
    සදයි නොනිමෙනා වෙර සිතම

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම පෘතග්ජනයෝ නේ පුමා.. ඉතින් උරුම දුක තමයි!!
      අරුණැල්ලට සාදරයෙන් පිළිගන්නවා,,

      Delete
  5. සුපිරි උපමා.සුපිරි කවියක්.මෙව්වා දකින කොට ඒත් දොස්තර නෝනා ගැන දුක හිතෙනව හිතෙනවා වාගෙයි!

    ReplyDelete
    Replies
    1. කට කට!!

      බොහොම ස්තුතියි නංගෝ!! අනේ මේ එයා ගැන හිතකින් ලිව්ව එකක් නෙවෙයි!! :)

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading