Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

සඳ, නුඹ බැස යන්න...

Monday, April 22, 2013

තරු කැටවල තනි රකින්න
නෙක තරු මැද සඳක් වෙන්න
කළුවර රැය එළිය වෙන්න
රෑ අහසට නුඹ නැගෙන්න..

හිරු සඳු තරු පරදවන්න - විශ්වයට ම එළිය දෙන්න
දොළොස්මහේ පහන වෙන්න - මගේ ගෙපැලෙන් නික්ම යන්න
සංහිඳ ළඟ නතර වෙන්න
මල් පහන අරන් නිවාලන්න..

නුඹේ මතක මන්දිරයේ
එළිය දැනෙන පාළු පැලේ
අගුවක හෝ පිල්කඩයේ
බිම් අඟලක් මට සෑහේ!




10 comments

  1. " අගුවක හෝ පිල්කඩයේ
    බිම් අඟලක් මට සෑහේ!" :)

    Nice one aiya !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගියෝ! :)

      Delete
  2. කවි ටික අපූරුයි.හොද ඒකාබද්ධතාවක් තියෙන්නා වගේ පෙනෙන්නා.ඒත් ඉතින් දොස්තර නෝනා එහෙම කරන එකක් නෑ....)))))))

    ..අර දෙවෙනි පදේ විරිත කැඩිලා කියල හිතුණට එහෙම තිවුණාම අමුතු ගතියක් තියෙනවා.ඒක හින්දා ඒක වෙනස් නොවෙනව නම් මම කැමති!

    මල් පහන් කියල නේද වෙන්න ඕන.මල්පහන කිව්වම නිකම් තේරුමක් නෑ වගේ.වැවේ සංහිදේ මල්පහන කියල එකක් නෑනේ.

    ඊළගට පොඩි පස්නයක්... අගුවයි පිල්කඩයි කියන්නෙ එකක් නොවෙයිද? ඒක දන්නැති නිසයි ඇහුවේ?

    ReplyDelete
    Replies
    1. සංහිඳ කියන වචනයේ තේරුම් දෙකක් මං අහලා තියෙනවා.
      1. දෙවියන් උදෙසා ඉදි කරන මල් පැල
      2. අම්බලම

      මේ අර්ථ දෙකෙන් පළමුවෙනි අර්ථය සැලකීමෙනුයි මම ඒ විදියට යෙදුවේ. නංගා ප්‍රශ්නය මතු කළාම මටත් ටිකක් ඒ ගැන සැකයක් ඇති වුණා. ඊට පස්සේ මම ටිකක් ඒ ගැන හොයලා බලුවා. මේ ලින්ක් එකට ගිහින් බලන්නකෝ.
      http://www.sinhaladictionary.org/index.php/term/Sinhala+Explanatory+Dictionary,%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3.xhtml

      තවත් එකක්, රත්න ශ්‍රී සර් ලියපු "මිනිදෝරු කන්තෝරුවේ" ගීතයේ එක පදයක
      "තෙල් පහන වුණත් නිවා දමයි සංහිඳ පාමුල" කියලා සඳහන් වෙනවා නේ..

      අගුවයි පිලයි කියන්නේ බොහෝ දුරට එක හා සමාන වචන දෙකක්. මං දන්නා විදියට නම්, අගුව කියන්නේ ගෙදරක බිත්තියෙන් පිට, බිත්තියට ආසන්න කොටසට. ඒ කියන්නේ ගේ වටේ ඕනෑම තැනක් අගුවක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒත් පිල කියන්නේ ගෙදර ඉදිරිපස, වාඩි වෙන්න සකස් කරන තැනකට. එතකොට හැම වෙලේ ම වගේ පිල, අගුවක් වෙනවා. නමුත් හැම වෙලාවක ම අගුව, පිලක් වෙන්නේ නෑ නේද? පිල් කඩ කියලා යෙදුවේ පිල් කණ්ඩිය කියන අදහස දෙන්න. එතකොට පැටලිල්ල නැති වෙනවා මං හිතන්නේ.

      බොහොම ස්තුතියි නංගෝ අදහසට! :)

      Delete
  3. පැටලිල්ල නැති වුණා.පැහැදිලි කිරීමට ස්තූතිවන්ත වෙමි!!

    ඔය පළමු සංහිද තියෙන්නේ වැව ආශ්‍රිතවනෙ.ඒක තමයි මාත් අදහස් කළේ.මල්පහන කියන එක නුහුරුයි වගේ දැනුන නිසයි ඇහුවේ.අය්යා හිතන්න ඇත්තේ මල් සහ පහන් කියලා නේද?

    ..කොහොමටත් අපිට නිර්මාණාත්මක විදියට කවිබස පාවිච්චි කරන්න අයිතියක් තියෙනවනෙ...!!!

    ReplyDelete
    Replies
    1. මම අදහස් කළේ මල් පැලේ තියන පහන, මල් පහන කියලා.. එහෙම වචනයක් නම් නැහැ තමයි! ඒත් අලුත් වචනයක් හඳුන්වන්න උත්සාහ කළා.. තව ටිකක් ඒ ගැන හිතන්න වෙනවා කියලා දැන් හිතෙනවා!

      බොහොම ස්තුතියි නංගෝ මේ ගැන හිතන්න යොමු කෙරෙව්වට!! :)

      Delete
  4. ගොඩක් ලස්සනයි රැංගෝ...
    කවි ගැළපුම වගේම අදහසත් අපූරුයි...
    ජය...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සාජානි.. අරුණැල්ලට සාදරයෙන් පිළිගන්නවා... :)

      ජය වේවා!!

      Delete
  5. ලස්සනයි..
    ඒත් මෙහෙම හූල්ල හූල්ල ඉඳලා හරියයිද?

    ReplyDelete
    Replies
    1. අනේ අම්මියෝ.. මේක මගේ පෞද්ගලික අත්දැකීමක් නම් නෙවෙයි.. මේ දවස් වල මගේ යාලු මිත්‍රයන්ට වෙන දේවල් දකිද්දී ලියැවෙන ඒවා..
      මං නම් තාම තනිකඩයි හොඳේ අක්කෝ!! :) :P

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading