Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

මිතුරු දම් බිඳුණු පසු..

Tuesday, July 2, 2013

ජීවිතය නම් කෙටියි ආ මග
යා යුතුව ඇත තව බොහෝ දුර
කටු කොහොල් මැද - ගල් ගොඩැලි වල
තවත් සිර වෙයි - අපේ ජීවිත..

තරඟයක් මැ යි අපේ ජීවිත
අරමුණක් වෙත ඇදෙන ගමනක
තියුණු වන විට අපේ තරඟය
තවත් නැති වෙයි නුඹට කාලය..

ලොවේ හසරක් දැනෙන දා සිට
ඊයේ වාගේම අදත්, තව හෙට
වැටෙන උන් දැක - නොදැක්කවුන් ලෙස
දුවමු අපි - සිතිජය දිහාවට...

එකෙක් පරදා දිනන දවසක
සව්දියට නැත අපට කාලය
උනුන් පහු කර සැතපුමක් ගිය තැන
හැරී බලමු අපි මග හැරුණු දේ ගැන...

කඳුළු රැඳවෙයි දෙනෙත් අද්දර
සොඳුරු මතක අපෙ රැඳුණු තැන්වල
සිතුම් නවතියි තවත් මොහොතක,
ඒත් තව නැත අපට කාලය!!!


14 comments

  1. kaalaya wegayen yanawaa :) aththatama api satan karanne kaalayath ekka thamayi

    ReplyDelete
    Replies
    1. ඇත්ත රෙහානි.. අපි හැමෝට ම තියෙන ප්‍රශ්නය කාලය තමයි!

      Delete
  2. කාලය නවත්තන්න පුළුවන්නම් කියලා හිතෙන වෙලාවල් නැත්තෙමත් නෑ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.. ඒක නම් ඇත්ත අයියේ!!

      Delete
  3. සමහර කාල එනව ජීවිතේ අපි පුදුමාකාර විදිහට කාර්‍යබහුල වෙන. ඒ කාලෙදි ජීවිතේ විඳින්න වෙලාව හොයාගන්න බැරි වෙනවා. පස්සෙ කාලෙකදි ඒ අතීතය ගැන හිතල දුක් වෙනවා, අපරාදෙ ජීවිතේ හොඳම කාලෙ ඔහේ ගෙවිලා ගියා කියල.
    මේ තරඟකාරී ජීවිතේ ඇතුලෙ අපිට ගොඩක් සුන්දර දේවල් මග ඇරෙනවා. ඒ බව දැන දැනම උනත් සමහර වෙලාවට වෙන විකල්පයක් නැති නිසාම ඒ තරඟ අපිට දුවන්නම සිද්ධ වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ.. බොහොම ස්තුතියි chams!! :)

      Delete
  4. දුව යනු මැන ඔබ මා පසු කරගෙන අහිතක් නො සිතන්නම්... ගිමන් හලක හිඳ වෙහෙස නිවාගෙන මම හෙමිහිට එන්නම්....

    ReplyDelete
    Replies
    1. මුළු කවිය ම පද දෙකකට ගත්තා නේ!

      බොහොම ස්තුතියි!! :)

      Delete
  5. දිලිනි අක්කා කියන්න ඕන ඔක්කොම දේ කියලා...)))))

    කොච්චර වුණත් අර ෆොටෝ එක දිහා බලලා මගෙ ඔලුව කැක්කුමයි!!!!!

    ReplyDelete
    Replies
    1. ඒක නේ.. මුළු කවිය ම පද දෙකකට අරන් නේ!

      මේ ටිකේ ගත කරපු ජීවිතේ හැටියට නම් ඒ ෆොටෝ එක දාහකින් හොඳයි!!

      ජය වේවා නංගෝ!

      Delete
  6. ලස්සන අර්තයක් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්.... :) ස්තුතියි මිත්‍රයා!!

      Delete
  7. ජීවිතය තරගයක් අපි ඒ තරඟයේ හැල්මේ දුවනවා.. දිනන දවසට තමයි සවුදිය පුරන්න වෙන්නේ එතෙක් බලා ඉමු...

    ReplyDelete
    Replies
    1. ඒත් අපි කවදාක හරි තෘප්තිමත් වෙයි ද? එහෙම දවසක් එන්නේ නෑ කියලයි මට නම් හිතෙන්නේ.. ඒ හින්දා අද දවස විඳින්න, වැඩ අතරේ අනෙක් දේවල් වෙනුවෙනුත් කාලය හොයා ගන්න තරම් අපි සුක්ෂම වෙන්න ඕන. එහෙම නොවුනොත්, තරඟය දිනලා බලද්දී අපි ආදරය කරන හැම දේ ම නැති වෙලා තියෙන්නත් පුළුවන්. එහෙම දිනන තරඟයකින් වැඩක් තියෙනවා ද?

      බොහොම ස්තුතියි අයියේ අදහසට!

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading