Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

සරසවියේ පෙම්වතියට 2

Saturday, July 6, 2013



තවත් යන්තම් - පාට වැටෙන්නට
වත දොවනා නුඹ , දුහුවිලි යන්නට
දෝතට පුරවා - මලකඩ කිරි ගෙන
ක්ලියෝපැට්රා නුඹ - සීසර් වෙමි මම

හෙමෙන් පිහපන් - චීත්ත අත ගෙන
එළලු කෙලවර - හොරෙන් සඟවගෙන
මැහුම් දිරා ගිය - යළි නොලිහෙන ලෙස
මලකඩ පාටින් - නුඹ වෙයි ලස්සන

ප්‍රේම යාත්‍රාව - නැංගුරම් ලන තැන
බස් තොටේ අපෙ - පුරුදු තැන වෙත
ඇවිත් හිටපන් - හැකි නම් මට පෙර
දිනා ගනිමු අපි - පෙම් මුල්ල සටන් වැද

මහපොළ දවසට - අපි පොහොසත් වන
කැන්ටිම කෙලවර - තනිවුණු මේසෙට
රුපියල් දිය කර - ප්ලේන්ටියක් ගෙන
ප්‍රේමය සමරමු - අනෙකුන් මග හැර..

හෙට ගැන සිහි කර - අපෙ උන් මග හැර
පීඩිත පන්තිය - වෙනුවෙන් හඬ දෙන
නුඹ තුරුලට ගෙන - ලොව අමතක කර
දෙතොල සිඹිමි මම - නළලත මගහැර..

ප.ලි :
මෑතක දී බ්ලොග් පල කරපු කවියක් ම ටිකක් සංස්කරණය කරන්න හිතුණා. අමතක වීමකින් නෙවෙයි, බ්ලොග් එකේ පල කළේ දයානන්ද අයියාගේ අදහසකට අනුව! මේ ගැන අදහස් දැනගන්න කැමතියි!
 :)

8 comments

  1. රුපියල් දිය කර - ප්ලේන්ටියක් ගෙන
    ප්‍රේමය සමරමු - අනෙකුන් මග හැර....
    ලස්සණ යි....

    ReplyDelete
  2. ක්ලියෝපැට්රා නුඹ-සීසර් වෙමි මම_
    එහෙම තමයි හිතන් ඉන්නෙ...හිකිස්..)))))))))))))))

    අවංකව කියනව නම් සංස්කරණය වඩාත් ලස්සනයි කියලා හිතෙනවා.

    (මට තවම මේල්ලුවක් එවන්ඩ බැරි වුණා නොවැ!!!)

    ReplyDelete
    Replies
    1. හිතන් ඉන්න විදිය හරි නෙව!! :P
      බොහොම ස්තුතියි නංගෝ. මේල්ලුවත් ඉක්මණට එවන්නෝ!!!
      ජය වේවා!!

      Delete
  3. දැන්නම් අවුලක් නෑ කවියේ රිද්මය සහ කවි බස හරියටම තියෙනවා.පෙම්මුල්ල, ප්ලේන්ටියක් වගේ වචන තරක් මෙවැනි කවියකදී ග්‍රාම්‍ය බවක් එහෙමත් නැත්නම් කර්කශ බවක් පෙන්වනවා කියලයි හිතෙනවා. ඒවැනි වචන වෙනුවට ඒ අදහසම වෙනත් ආකාරයකින් කිව හැකි නම් හරි.

    ReplyDelete
    Replies
    1. මට එතැන දී ඕනෑ කළේ අපට සමීප වචන කිහිපයක් රිංගවන්න. එයින් කර්කශ බවක් දැනේවි කියලා හිතුවේ නැහැ! කොහොම නමුත් බොහොම ස්තුතියි අයියේ!!

      ජය වේවා!!

      Delete
  4. කැම්පස් එකේ ප්‍රේමය කියන්නේ නම් තේරුමක් නැති දෙයක් කියලා මම නම් හිතන්නේ

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading