Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

පුළුන් සහ කළු ගල්

Sunday, July 15, 2012

සැහැල්ලු ය
සුදු ය, මුදු ය
සුමුදු ය පුළුන්..


අසා උන්ගේ බස
සොයා ගියෙමි මම
පුළුන්..

රූස්ස ගසක හිස රැඳී
ගෙඩියක් පුපුරා
පාවී ආවේ ය
මහා ගොඩක්
පුළුන්..

අල්ලා ගන්නට නොහැකිව
සියුමැලි ද බලන්නට
පසුපසින් ගියෙමි පා වී යන
පුළුන්..

කපු කටින තැන
නූල් වී එතෙන
ඒ නූල් වලින්
කම්බා වියෙන
තැනට වී
අතගා බැලුවෙමි
පුළුන්..

මතුපිට නම් රළු ය
තරමක් අවශෝශී ය
හිතුවාට වඩා
දැඩි ය
පුළුන්..

එන්නට ආමි නික්මී
එක්වෙන, වියෙන
කන්දක් ව රැඳී
පුළුන්..

මග රැඳී අයෙකි
අතෙහි රැඳී කටුවකි
සියුමැලි ව හැඩගැසෙන
සුවිසල් කළුගලකි..

පුළුන් සේ සුදු නැත
පා වීමක් ද එහි නැත
සැහැල්ලුවක් නැත
නමුත්..
කැටයමකට
එය අනුගත ය..


වටහා ගත නොහී එය
සිතුවෙමි මම..
මේ තරම් සියුමැලි ද
කළු ගල්??


Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.

27 comments

  1. මේ තරම් සියුමැලිද කළු ගල් - සිතන්නටවත් බැරි නිසාද ?

    ජය !

    ReplyDelete
  2. හරිම අගෙයි පද ටික..!!

    ReplyDelete
  3. "මේ තරම් සියුමැලි ද
    කළු ගල්??" හිතට වැදුනා... :) අපි නොහිතන ගොඩක් දෙවල් හරි සියුමැලි :) පරිස්සම් කරන්න ඔනේ විදුරවක් වගේ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අක්කේ.. ඒ වගේ මැ හිතන දේවලුත් හිතනවට වඩා බොහොම සියුමැලියි!

      Delete
  4. පුලුන් වගේ හිත් තියන කලුගල් වගේ මිනිස්සුත් ඉන්නවා.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ..
      බොහොම ස්තුතියි!

      Delete
  5. සිරාවටම ලියලා...!!!
    ලස්සනයි මල්ලි.. උඹ මාර ලිවිල්ලක්නේ ලියන්නේ...
    මං හිතන හේතුව නිසාද මී දවස වල මෙච්චර ලියවෙන්නේ..? :)

    ReplyDelete
    Replies
    1. සමහර විට එහෙම වෙන්න ඇති අයියේ!!
      ස්තුතියි!!!

      Delete
  6. ලස්සන පද පේලි..

    ReplyDelete
  7. siyumali pulun wage penila apata duk denakota ralu gal siyumali wela apata udawu karanawa.eka aththa

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      මම අදහස් කළ දේ ඒ විදියට ම කොමෙන්ටුවේ යෙදිලා තියෙනවා!
      ජය වේවා!!

      Delete
  8. වාව් සුපර්..ලස්සනම ලස්සනයි....

    ReplyDelete
  9. දැක්කද වෙනස.. හැම රළු දේකම මෘදු බවක්ද ඇත. ඒ මෘදු බව වටහා ගැනිමට කාලය සහ අවකාශය අවශ්‍ය වේ.

    ලස්සනට අපූර්වත්වයෙන් යුතුව කවිය ලියල තියෙනවා. තේරාගෙන ඇති වස්තු බීජ නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ!!
      අපුර්වත්වයක් එක් කරන්න දරපු උත්සාහය සාර්ථක වීම පිලිබඳව ගොඩක් සතුටුයි!!

      Delete
  10. සුන්දරයි ඔබෙ පද ගැලපුම...

    ReplyDelete
  11. රළු දේ සුමුදු කරන්නා ද අපූරු මිනිසෙකි ඔබද ඉන් එකෙකි

    ReplyDelete
  12. හ්ම්ම්... සියුමැලි වගේ පේන කලු ගල් හිත් තියෙන අයත් ඉන්නවා.. කලු ගල් වගේ පේන පුලුන් වගේ සියුමැලි හිත් තියෙන අයත් ඉන්නවා..

    ලස්සන නිර්මාණයක්!!

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading