Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

කවුළුවෙන් එපිට වසන්තය

Sunday, June 3, 2012

කාමරය පුරා දෑස් ඔබ මොබ දුවන්නට විය..

තැන් තැන් වල
අවුස්සා දැමූ 
කඩදාසි ගොඩවල් ය...
තවත් තැනෙක
ගොඩ ගැසුණු
කිලිටි රෙදි තොගයකි..
දාස් (Daas) පොත මත
දුවිලි බැඳී ඇත..
වසා නොදැමූ ජනේලයේ
මකුළු දැල මත
කෘමී ශේෂ රැසකි..

හෙමින් සීරුවේ කවුළුව වෙතට ලං වුනෙමි..

වසන්තයේ පිපි
සුන්දර කුසුම්
තවමත් විකසිත ය..
අතුපතර විහිදූ
මැයි ගස
කොළ නොපෙනෙන තරම් ම
රතු පැහැතිය..

කවුළුවෙන් එපිට වසන්තයේ මා කොටසක් නොවන නිසා,

වසා දැමුවෙමි ජනේලය
මහා හඬින්..
පියනට හසු වුණු
මකුළුවා
යන්තමින්
අඬුවක් සොලවනු
දුටුවෙමි!!



50 comments

  1. දැන්වත් කාමරේ අස් කරගත්තොත් හොඳ නැද්ද?

    ReplyDelete
  2. ආත්මාර්තකාමී සිතුවිල්ලක්

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ වසන්තයට කැමති නැති නිසා

      Delete
    2. මම නම් වසන්තයට කැමතියි.. ඒත් තවම වසන්තය ලඟා වුනේ නැහැ නේ!!

      Delete
  3. අනේ පව් අසරණ මකුළුවා

    ReplyDelete
    Replies
    1. මකුලුවත් පව්. ඊටත් වඩා කවුළුවෙන් එපිට වසන්තයට අයිති නෑති අපිත් පව්ද මන්ද!

      Delete
    2. මිය යාමට වඩා විඳවමින් ජීවත් වීම අමාරුයි නේ..

      Delete
  4. ආපහු ඇවිත් වැඩ පටන් ගත්ත නැකත නම් අවුල් වගේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. මහා සවුත්තු නැකතක් නේ අහු වුනේ!!

      Delete
  5. අපෝ.. මකුළුවො.. මම බයම මකුළුවන්ට..ඊ.............. :(

    කාමරේ අස් කරගන්න..නැත්තම් මකුළුවො පැටව් දායි!!!

    ReplyDelete
    Replies
    1. මකුළුවෝ බිත්තර නේ අක්කේ දාන්නේ!!

      Delete
  6. පට්ට.......!!!
    මාත් මාර ආසයි මේ විදියේ ඒවාට..:)

    ReplyDelete
  7. යටි අරුත... කාට හරි ජීවිතේ පිළිවලක් කරන්න කියන ආරාධනාවක්ද?

    කොහොම උනත් මරු කවිය

    ReplyDelete
    Replies
    1. එහෙමයි වගේ නේද?? සහෘදයාට කැමති අදහසක් ගන්න නිදහස තියෙනවා!
      ස්තුතියි මී ගොඩයා!!

      Delete
  8. මකුලුවගේ චුරු පනින්න ඇති...........

    ReplyDelete
  9. කවුළුවෙන් පිටත නොව
    වසන්තය ඇත්තේ අපෙ හිත්වලය..

    දැල් බැද ජීවිතය අවුල් කරවන
    කරදරකාර මකුළුවන්ට දොස් කියනු මිස,
    ගිම්හානයට සමු නොදෙන යල් පැන ගියපු හදවත
    බිම තියා..
    ඇස් ඇර බලන් කවුළුවෙන් පිටත ලෝකය..

    ලොව ඇති තාක් සුන්දර-මිහිරි දෑ
    වසන්ත පවනට මුහුව..
    මග බලා ඇත ජීවිතය කියා දෙන්න‍ට..

    හැමදාම වසන්තය නොපිපෙනා බව ඇත්තය..
    ඒත්, ගිම්හානයකට සින්න විය යුතුද ජීවිතය..?

    ReplyDelete
    Replies
    1. පිටත ඇති වසන්තය
      අපේ හිත් වලට කැන්දා
      ගත යුතු ය..

      බැඳ ඇති දැල් කඩා දමා
      මකුළුවන් පලවා
      හැරිය යුතු ය..

      ගැටලුවකි..

      වසන්තයේ පවන සුන්දර වී නම්
      ගිම්හානයට
      සින්න නොවිය යුතු ජීවිතය
      වසන්තයට සින්න විය යුතු ද?

      Delete
  10. පවු බං අහිංසක මකුළුවා..

    ReplyDelete
    Replies
    1. හි හි!!
      ස්තුතියි අයියේ මේ පැත්තේ ආවට!!

      Delete
  11. මකුළුවොන්ට ගෙවල් හදලා දුන්නනම් පරිස්සම් කරපන් උඹම..

    ReplyDelete
    Replies
    1. මම හදලා දුන්නේ නෑ.. උන් හදාගෙන නේ!!

      Delete
  12. ඒ පව් යකෝ මකුළුවා...
    පව්කාරයා..........................

    අස්කරපන් කාමරේ... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  13. රැංගෝ මම කිය වූ ඔබේ අති විශිෂ්ඨතම කවිය මෙයයි.

    ReplyDelete
  14. කම්මැලියෙක්..මකුළු දැල් බදින කම්..ඔහොම අපිලිවෙලට ඉන්නේ..ඇහ් කිව්වත් වගේ පෙලවහක් වත් ?

    ReplyDelete
  15. මට හිතෙන්නේ බොට තනියම ඉදලා ඇතිවෙලා කියලයි. මකුලුවට පව් කියන එක තේරුමක් නෑ වගේ.ඇත්තටම උබ පව් ඌට වඩා. මොක උනත් අපූරු පද ගැලපුමක් මලේ. ජය...! ප/ලි මේ මගේ පලමු කොමෙන්‍ටුව ඔයාගේ බ්ලොග් එකේ.මෙච්චර දවසක් තැටමුවා කොමෙන්ට් දාන්න බැරිව ඔයාගේ පෝස්‍ටු වලට. අදයි අහු උනේ ලෙඩේ. පුරස්නේ තිබුනේ බ්‍රව්සරේ. පයර් පොක්ස් එකෙන් ආවම වැඩේ ගොඩ ගියා.ඉස්සරත් ආව, ඉදිරියටත් එනවා. දැන් හැබැයි අලුත් පාරකින්.

    ReplyDelete
    Replies
    1. මාත් ඉතින් නංගි බබාගේ කතාව කියවනවා! අයියා මේ පැත්තේ එන බව දැනගෙන හිටියා. කමෙන්ට් එකක් නො වැටෙනකොට මම බැලුව ඇයි කියලා!

      බොහොම ස්තුතියි අයියේ!!

      Delete
  16. කවි ලියන ඒක නවත්වලා කාමරය අස් කර ගනින් සතා සිවුපාවා ඇති..

    ReplyDelete
    Replies
    1. දයානන්ද මහතා කිවුව වගේ මම කියවපු උඹේ හොඳම කවිය මේක වගේ. හරියට පරිනත කවියෙක්ගේ කවියක් කියෙවුවා වගේ.

      Delete
    2. ස්තුතියි අයියේ! මාත් මේ කාමරය අස් කරන්න කියලා හැදුවේ!!

      Delete
  17. වසන්තයේ මදනළ

    කවුළු හිඩැසින්

    කුටියට එබේන සැටි දැක

    අඳුරු සිතිවිල්ලේන් මිදී

    දැන්වත් නැටිටපන්

    ReplyDelete
    Replies
    1. මේ නැගිට්ටා!!
      ස්තුතියි අයියේ!!

      Delete
  18. වසන්තයට නම් මන් ආදරෙයි ලස්සන නිසදෙසක්

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම වසන්තයට ආදරෙයි නේ! ස්තුතියි සහෝ!!

      Delete
  19. කියන්න ඇත්තෙ 1 වචනයකි
    "ෆට්ටයි"

    ReplyDelete
  20. වෙනසක්,නියමය් :)

    ReplyDelete
  21. මේ තරම් ලස්සන අදහසක්.........!!!!! මගෙ හිතටත් මහ අමුතු හැඟීමක් ආවා. මාත් ඒ වසන්තයට අයිති නැද්ද මන්දා. නෑ නෑ ,,, මම අයිතියි

    ReplyDelete
    Replies
    1. වසන්තය ලඟා කර ගන්නවාට වඩා එය තමන් තුළ පවත්වා ගන්න එකයි අමාරු..
      ජය!!

      Delete
  22. ඉක්මනට කාමරේ අස් කරගන්න...තව මොන ජාතියෙ සත්තු ඉන්නවද දන්නෙ නැ...
    වසන්තය තියන්නෙ අපේ හිතේ.....

    ReplyDelete
  23. http://sachiniw4u.blogspot.com/2012/05/blog-post_09.html
    එකම විදිහකට පටන් අරන්..වෙනස් විදිහට අවසන් වෙලා...:)

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading