Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

දිලුම් වෙනුවෙන් අපි ජයග්‍රහණය කළ වගයි...

Wednesday, January 18, 2012


දිළුම් වෙනුවෙන් ගොඩ නැගුනු සයිබරයේ පිනෙන් පිරුණු අරමුණක අවසානය වෙත අපි ලඟා වූයෙමු.... ජෙරූශා නම් දැරියගේ කර්ණ ශංඛ බද්ධයේ සැත්කම අද ඉතා සාර්ථකව අවසන් වූ බව ඇයගේ ආදරණීය මව මීට මොහොතකට කලින් අප සමග පැවසුවාය....


එපමනක් නොව ඇයගේ දියණියගේ නෑසෙන සවනතට හඬ ලබාදීමට එකතු වූ සැමට ඇයගේ මෙන්ම පවුලේ ස්තූතිය පුද කලාය... ඒ හැමට පින් ප්‍රාර්ථනා කලාය...


සිකුරාදා වනතුරු ජෙරූශා දැරිය පේරාදෙණිය ලමා රෝහලේ හතරවන වාට්ටුවේ ඇය වෙනුවෙන් සකසා ඇති විශේෂිත කාමරයක රඳී සිටිනු ඇති... ඔබ ඒ අවටනම්, එහි ගොස් ඇයට ශක්තියක් වී පැමිනෙන්නට හැකිනම්, අප එය මහමෙරක් තරම් අගය කරමු...


වැඩි විස්තර සහ ඡායාරූප ලඟදීම බලාපොරොත්තු වෙන්න..


ඔබ හැමට පින් සිද්ධ වේවා....


ශ්‍රී ලාංකීය සයිබරය එකාවන්ව එකතුව කල මෙම සද්කාර්යය මගේය, අපේය, ඔබේය.... එම නිසා මෙම බ්ලොග් ලිපිය ඔබේ බ්ලොගයේ පල කර අපගේ ශක්තිය ලොවට කියාපෑම පිළිබඳව අපගේ කිසිදු විරුද්ධත්වයක් නැත.






1 comment

  1. හ්ම්ම් මෙවන් පින් තමයි කවදාහරි අපිට ඉතුරු වෙන්නේ

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading